බලශක්ති භූ-දේශපාලනයේ නව හැරවුම
තෙල් ළිං වෙනුවට තාක්ෂණය ලෝකය පාලනය කරන යුගයක චීන 'ෂියැංෂාන්' සමුළුවෙන් නැගුණු ලාංකීය හඬ
මානව ඉතිහාසය පුරාම ජාත්‍යන්තර බල ව්‍යාප්තියේ දැවැන්ත වෙනස්කම් තීරණය වූයේ


තෙල් ළිං වෙනුවට තාක්ෂණය ලෝකය පාලනය කරන යුගයක චීන 'ෂියැංෂාන්' සමුළුවෙන් නැගුණු ලාංකීය හඬ
මානව ඉතිහාසය පුරාම ජාත්‍යන්තර බල ව්‍යාප්තියේ දැවැන්ත වෙනස්කම් තීරණය වූයේ
එක්ස්ප්‍රස් පර්ල් වන්දිය: 'ආර්ථික අවදානමේ' මුවාවෙන් ක්‍රියාත්මක වන රක්ෂණ සමාගම්වල ගෝලීය මාධ්‍ය මෙහෙයුම
පසුගිය සතියේ සිකුරාදා 'ඩේලි එෆ්.ටී' සහ 'ලංකාදීප' පුවත්පත් හරහා එකවර කරළියට පැමිණි
ඓතිහාසික විරුද්ධවාදිකම්වල සිට උපායමාර්ගික හවුල්කාරීත්වයක් දක්වා
මීට වසර 38කට පෙර ඉන්දීය ආරක්ෂක අමාත්‍ය කේ.සී. පාන්ත් ශ්‍රී ලංකාවට පැමිණියේ ඉන්දීය සාම සාධක හමුදාවේ (IPKF) භටයන් 70,000ක් මෙරට රැඳී සිටි, අතිශය පීඩාකාරී වටපිටාවකය. එදා එම ඉන්දීය ආක්‍රමණයට එරෙහිව ලේ වැකි කැරැල්ලක් මෙහෙයවූ පක්ෂය අද රටේ පාලන බලය හිමිකරගෙන සිටී. අද වන විට දෙපාර්ශවයම "ශිෂ්ටාචාරමය නිවුන් සහෝදරයන්" ලෙස එකිනෙකා අමතන තත්ත්වයට පත්වීම, කලාපීය බලවතා සමඟ ගැටීමට වඩා ඔවුන් සමඟ සමීපව කටයුතු කිරීමේ ඇති වැදගත්කම වත්මන් රජය මනාව වටහාගෙන ඇති බවට සාක්ෂියකි. අමාත්‍ය රාජ්නාත් සිං බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම ද මෙම ඓතිහාසික සංහිඳියාවේ සංකේතාත්මක පියවරකි.
'සාගර කලාපීය දැනුවත්භාවය' (MDA) සහ ඉන්දියාවේ සැඟවුණු න්‍යාය පත්‍රය
අමාත්‍යවරයාගේ සංචාරයේ ප්‍රධානතම අවධානය යොමු වූයේ "සාගර කලාපීය දැනුවත්භාවය" (Maritime Domain Awareness - MDA) නමැති ඒකාබද්ධ පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහිය. නිල වශයෙන් මෙය නීතිවිරෝධී මසුන් ඇල්ලීම, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා බව ප්‍රකාශ වුවද, භූ දේශපාලනික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙහි ප්‍රධානතම අරමුණ ශ්‍රී ලංකාව අවට මුහුදේ 'චීන නාවික ක්‍රියාකාරකම්' නිරීක්ෂණය කිරීම සඳහා ඉන්දියාව සිය රේඩාර් සහ ආවේක්ෂණ දැල ශ්‍රී ලංකාව තුළ තවදුරටත් පුළුල් කිරීම බවයි. බටහිර ආසියාවේ යුද උණුසුම ඉහළ යමින් පවතින මොහොතක, ඉන්දියන් සාගරය තුළ සිය බලය තහවුරු කරගැනීමට ඉන්දියාවට ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අත්‍යවශ්‍ය වේ.
නාවික බලය ප්‍රදර්ශනය කිරීම
සංචාරයට සමගාමීව ඉන්දීය නාවික හමුදාවේ දේශීයව නිපදවූ "INS Udaygiri" නැමති රහසිගත යුද නෞකාව කොළඹ වරායට පැමිණීම හුදු අහඹුවක් නොවේ. ඒ මත පැවති විශේෂ සාදයට මෙරට මැති ඇමතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වීම හරහා ඉන්දියාව සිය කලාපීය නාවික ආධිපත්‍යය සහ මෘදු බලය ශ්‍රී ලංකාව තුළ මනාව ප්‍රදර්ශනය කළේය. මෙය කලාපයේ අනෙකුත් ප්‍රතිවාදීන්ට (විශේෂයෙන් චීනයට) ලබාදෙන සියුම් අනතුරු ඇඟවීමක් ද වේ.
ජනාධිපති අනුරගේ රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුව
ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ ආරක්ෂක අභිලාෂයන්ට තර්ජනයක් වන කිසිදු ක්‍රියාවකට ශ්‍රී ලංකාවේ භූමිය භාවිතා කිරීමට ඉඩ නොදෙන බවට ලබා දුන් පොරොන්දුව යළිත් තහවුරු කළේය (මීට පෙර 2024 දෙසැම්බර් සහ 2025 අප්‍රේල් මාසවලදී ද මෙම සහතිකය ලබා දී තිබිණි). කෙසේ වෙතත්, ජනාධිපතිවරයා ඉතා සූක්ෂම ලෙස මෙම සාකච්ඡා ශ්‍රී ලංකාවේ දේශීය දේශපාලන අවශ්‍යතා දෙසට ද යොමු කරගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම, ඉන්දියාවේ සිරගත කර සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උදර්පනය කිරීම සහ ධීවර ගැටලුව වැනි දේශීය ජන්දදායකයින්ට බලපාන ප්‍රායෝගික ප්‍රශ්න සඳහා ඉන්දීය සහාය ඉල්ලා සිටීම හරහා, ඔහු ඉන්දියාවට යටත් නොවී ජාතික අවශ්‍යතා දිනාගන්නා බවට රටට පෙන්වීමට උත්සාහ කර ඇත.
යුද රාජ්‍ය තාන්ත්‍රිකභාවය
රාජ්නාත් සිං ගේ සංචාරය තුළදී අවබෝධතා ගිවිසුම් 3ක් අත්සන් කෙරිණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ L70 ගුවන් යානා නාශක අවි නවීකරණය කිරීම සහ දෙරටේ ජාතික ශිෂ්‍ය භට බලකායන් මෙන්ම ජාතික ආරක්ෂක විද්‍යාල අතර සහයෝගීතාව වර්ධනය කිරීම ඊට ඇතුළත් විය. මෙවැනි හමුදාමය ගිවිසුම් හරහා ඉන්දියාව උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක යාන්ත්‍රණය සහ ඉන්දීය ආරක්ෂක ව්‍යුහය අතර ඇති ආයතනික බැඳීම තවදුරටත් ශක්තිමත් කර, වෙනත් විදේශීය බලපෑම්වලට ශ්‍රී ලංකා හමුදාව තුළට රිංගා ගැනීමට ඇති ඉඩකඩ අහුරා දැමීමටයි.
මැදපෙරදිග යුද අර්බුදය හේතුවෙන් ඉන්දියන් සාගරය ක්‍රමයෙන් බල අරගලයක කේන්ද්‍රස්ථානයක් වෙමින් පවතී. මෙවැනි තත්ත්වයක් තුළ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ පැමිණීම ශ්‍රී ලංකාවට සිය භූ දේශපාලනික මධ්‍යස්ථභාවය පවත්වාගෙන යාම සඳහා ඇති පීඩනය තවදුරටත් තීව්‍ර කර ඇත. ඉන්දියාවේ ආරක්ෂක අවශ්‍යතා සපුරාලන අතරම, චීනය වැනි ආර්ථික හවුල්කරුවන් අමනාප කර නොගැනීම අනුර කුමාර දිසානායක රජය හමුවේ ඇති දැවැන්තම සහ තීරණාත්මකම විදේශ ප්‍රතිපත්තිමය අභියෝගය බව මෙම සංචාරය මගින් නැවත වරක් සනාථ කර ඇත.
ආණ්ඩුවේ දේශපාලන සූදුව සහ පොහොට්ටුවේ නව ද්විත්ව රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ
සමකාලීන සංවාද වල දී ආධ්‍යාත්මිකත්වය සහ පුනර්ජන්මය පිළිබඳ විශ්වාසයට,
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්,
ස්මාර්ට් ජංගම දුරකථනයේ තිරය මත කුඩා තිතක් සේ දිස්වන කුලී රථය අප සිටින තැනට
මීට වසර හතළිහකට පමණ පෙර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දුම්බර මණ්ඩපයේ මා ගත කළ
1991 හෝ 1992 වසරේ පමණ මාතර පැවති කලා සංවාදයකදී ඩබ්ලිව් ජයසිරි විසින් පැවසූයේ
නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය හෙටයි. දිවයින පුරා විහාරස්ථාන, බෝ මළු මෙන්ම
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අමාත්‍යාංශය යනු නිදහසින් පසු ගෙවී ගිය දශක හතකට අධික කාලය තුළ
දශක හයකට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකේය සංගීත වංශකථාවේ අද්විතීය මුද්‍රාව තැබූ
වර්තමාන ශ්‍රී ලාංකීය දේශපාලන සන්දර්භය තුළ, විශේෂයෙන්ම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
මෑතකදී 'IF' (Ideas Front) යූටියුබ් නාලිකාවේ පැවති සංවාදයකදී 'සමබිම' පක්ෂයේ නායක
"අවදානම් නොගෙන අර්ථවත් වෙනසක් සිදුවිය හැකි යැයි මම විශ්වාස නොකරමි."