පසුගිය කොටස් හා සම්බන්ධයි
සමාජ ගොඩනැංවීම්වාදය තුළ නිර්මාල්(ලා)
තර්ක බුද්ධියේ මාවත අනුගමනය කල යුතු බවේ ආරම්භය ග්‍රීක සමාජය දක්වා දිව යයි.
සොක්‍රටීස් පුද්ගලයාගේ ආත්මීයත්වය සම්බන්ධයෙන් චින්තනයේ විප්ලවයක් ආරම්භ කළ බව සැලකේ. ග්‍රීක විද්‍යාත්මක විප්ලවයේ සාමාජිකයෙකු වූ ඔහු විශ්වාස කළේ සම්ප්‍රදායෙන් සම්මත වූ පමණින් කිසිවක් පිළිගත යුතු නැති බවයි.
ඒ වෙනුවට, සොක්‍රටීස් තර්ක කළේ, පුද්ගලයන්ට ඕනෑම සත්‍ය ප්‍රකාශයක් තමන්ගේම විවේචනාත්මක තර්ක බුද්ධිය සමඟ පරීක්ෂා කිරීමට බැඳී සිටින අතර, එය එම පරීක්ෂණයෙන් සමත් වූ විට පමණක් එය පිළිගත හැකි බවයි. ඔහු ඇතන්ස් වටේ යමින් සම්ප්‍රදායිකව ඔවුන් විශේෂඥ දැනුමක් ඇතැයි කියන දේවල් ගැන මිනිසුන්ගෙන් විමසීය. ඉන් පසු ඔහු උපහාසාත්මක ලෙස මිනිසුන්ව සමච්චලයට ලක් කරන්නේ ඔවුන් එක් එක් විෂයයක් ගැන විශ්වාසයෙන් කතා කිරීම ගැනය. ඉන්පසු ඔහු ඔවුන්ගෙන් හරස් ප්‍රශ්න අසන අතර ඔවුන්ගේ තර්කයේ වැරදි ඉක්මනින් පෙන්වයි. අවසානයේදී, ඔහුගේ මැදිහත්කරුවන්ගේ කෝපයට හා නින්දාවට පත් වේ. කාරණය නම්, බොහෝ මිනිසුන් සිරිත් විරිත් සහ සම්ප්‍රදායෙන් පවසන දේ සත්‍ය ලෙස පිළිගන්නා බව පෙන්වීමයි. නමුත් මෙම අදහස් විවේචනාත්මක පරීක්‍ෂණයක් දක්වා පවතින්නේ කලාතුරකිනි.
සොක්‍රටීස්ගේ රැඩිකල් පණිවිඩය වූයේ මිනිසුන් සෑම දෙයක් ගැනම විවේචනාත්මක විය යුතු අතර කෙනෙකුගේ තර්ක බුද්ධිය තෘප්තිමත් වන පරිදි පෙන්විය හැකි දේ පමණක් පිළිගත යුතු බවයි. කෙටියෙන් කිවහොත්, එවිට හුදෙක් ඉහළින් අණ කිරීම වෙනුවට සත්‍ය යැයි සිතන දෙයට ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත ලබා දීමට අයිතිය ඇත්තේ පුද්ගලයාටය. මෙය ඇතන්ස් ඒ වනවිට සූදානම් නොවූ ප්‍රකෝපකාරී සහ රැඩිකල් අදහසක් වූ අතර එය සොක්‍රටීස්ගේ ජීවිතය අහිමි වීමට හේතු විය.
අපගේ නූතන දෘෂ්ටිකෝණයෙන්, අපගේ ජීවිත සම්බන්ධයෙන් තීරණ ගැනීමට අපට අයිතියක් තිබීම ගැන අපගෙන් බොහෝ දෙනෙක් අද සතුටු වෙති. ආත්මීය නිදහසේ මූලධර්මය ලෙස හේගල් විසින් පුළුල් ලෙස හඳුන්වන්නේ ද මෙයයි. එනම්, තමන් අභිමුඛවන හරි වැරැද්ද සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් ඔවුන්ගේ අනුමැතිය ලබා දීමට හෝ වළක්වා ගැනීමට පුද්ගලයන්ට අයිතියක් ඇත යන අදහසයි. නූතන ලෝකයේ, අපගේ පුද්ගල හෘද සාක්ෂියට පටහැනි දේ ප්‍රතික්ෂේප කිරීමට සහ විවේචනය කිරීමට අපට අයිතියක් ඇත (නමුත් සීමාවන්ට යටත්වය). පැරණි සමාජයට අදාළ නොවූ මෙම තත්වය ආත්මීය නිදහස පිළිබඳ අදහස වර්ධනය කිරීම, බොහෝ ආකාරවලින් සිරිත් විරිත් හා සම්ප්‍රදායේ ආධිපත්‍යයෙන් මිදී මානව විමුක්තිය පිළිබඳ කතාවක් ලෙසින් පැමිණේ.
නිදසුනක් වශයෙන් පුද්ගල මානව හිමිකම්, ආගමික නිදහස, කතා කිරීමේ නිදහස සහ හෘදය සාක්ෂියේ මූලධර්ම, අයිතිවාසිකම්, ඇති වූයේ මෙම අදහස වර්ධනය වීමත් සමඟය. මේවා ඇත්ත වශයෙන්ම නූතන ලෝකයේ අප නිධන් ගත කරන දේවල් වන අතර, එබැවින් සම්ප්‍රදායට එරෙහිව පුද්ගලයාගේ ජයග්‍රහණයේ ඒකපාර්ශ්වික තේජාන්විත කතාවක් ලෙස වන ඓතිහාසික ආඛ්‍යානය කියවීම පහසුය. අති මහත් බහුතරය සිටිනුයේ එම සරල සුමග ස්ථාවරය තුලය. නමුත් කාරණය එතරම් සරල නැත. නූතන අප අපගේ පුද්ගලික නිදහස උතුම් කොට සලකන අතරම, අපි ඒ සඳහා අති විශාල මිලක් ද ගෙවන්නෙමු. අප අපගේ පෞද්ගලිකත්වය කෙරෙහි අවධානය යොමු කර එය සත්‍ය සහ හරි වැරැද්ද සඳහා ප්‍රමිතිය බවට පත් කිරීමට නැඹුරු වන බැවින්, අප පරාරෝපනය සහ විෂමතාවය පිළිබඳ සුවිශේෂී නවීන ගැටලුවකට මුහුණ දී සිටින්නෙමු. නූතන මිනිසුන්ට බොහෝ විට හුදකලා බවක් දැනේ. ප්‍රජාවෙන්, රාජ්‍යයෙන් සහ වෙනත් විශාල අවස්ථාවන්ගෙන් (opportunities) වෙන් වී ඇත. තමාට සැබෑ සම්බන්ධයක් නැති මිනිසුන් විශාල පිරිසක් දිනපතා මුණගැසෙන නගරයක, දික්කසාද වීම සහ අතරමං වීම දැනීම විශේෂයෙන් සම්බන්ධතාවයට වඩා පහසුය. බොහෝ විට අපගේම සංවේදීතාවන්ට පටහැනි බව පෙනෙන විශාල ආයතන සහ සමාජ ව්‍යුහයන් සමඟ හඳුනාගැනීමේ ක්ෂණික හැඟීමක් අපට දැනීම දුෂ්කරය.
පැරණි සංස්කෘතියේ වැදගත්ම අංගය වූයේ එය පවුල සහ ප්‍රජාව පිළිබඳ හැඟීමක් පවත්වාගෙන යාම සහ පෝෂණය කිරීමයි. අද එම සම්බන්ධය පවතින්නේ තාර්කිකත්වය තුලය.
පැරණි සමාජයේ සෑම කෙනෙකුම තමන්ට පැවරී ඇති කාර්යභාරය දැනගෙන එය ඉටු කළ අතර, මෙය සමෘද්ධිමත් ජීවිතයකට යතුර ලෙස සැලකුනි. මිනිසුන්ට ඔවුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ ආගම සහ ඔවුන්ගේ සමාජය සමඟ ක්ෂණික හඳුනාගැනීමක් දැනුනි. මිනිසුන් තමන්ට නියම වී තිබූ ස්ථානයේ කටයුතු කළේය. නමුත් යමෙකු රේඛාවෙන් පිටව ගිය විට, පිළිවෙල කැඩී ඇති අතර එකමුතු බව තර්ජනයට ලක් වේ. නමුත් එය එසේ නොවන්නේ එවැනි සමාජයන් යනු ‘සංකේත නීතිය’ (‘symbolic law’) ක්‍රියාත්මක වූ සමාජයන් බැවිනි.
අද සමාජයේ මෙම වඩාත්ම වැදගත් ප්‍රජාව හෝ ජීවිතය පිළිබඳ හැඟීම නැති වී ගොස් ඇති අතර, අපගේ මූලික අවශ්‍යතා වන වාතය, ජලය, ආහාර වස වීම සහ දිගින් දිගටම ඒ තත්වය නවතා ගැනීමට නොහැකි වීම තුල පෙර නොවූ විරූ තත්වයක් උදා වී ඇත. අපගේ පෞද්ගලිකත්වය සඳහා අප ගෙවා ඇති ඉහලම මිල මෙයයි. තවත් බොහෝ දේ සිදුව ඇත. පැරණි සමාජයේ ආධිපත්‍ය දැරූ දෘඩ සමාජ පන්ති සහ සමාජීය වශයෙන් අධිෂ්ඨානශීලී සීමාවන් ඉවත් කිරීම “මානව සංවර්ධනයේ”වැදගත් පියවරක් සනිටුහන් කළ හොඳ දෙයක් බව බොහෝ දෙනා තර්ක කරනු ඇත. නමුත් වර්තමාන තත්වය පෙර තිබූ තත්වයට වඩා හොඳද නැද්ද යන්න ඇගයීමට ලක් කිරීම ‘විශ්ලේෂී කතිකාවේ’ කාර්ය නොවේ. මෙම සමාජ සංවර්ධනය වෙනුවෙන් විශාල පිරිවැයක් දරා ඇත. පෙර නොවූ විරූ විනාශකාරී ප්‍රශ්න ඇතිකොට ඇත. නැවත හැරවිය නොහැකි ප්‍රතිවිපාකවලට මුහුණ දී ඇත.
ඒ අනුව නූතනත්වය තුල ආත්මීයත්වය මතුවීම විමුක්තිදායක වර්ධනයක් ලෙස පිළිගැනීම සමාජ සංවර්ධන න්‍යාය තුලින් පිළිගැනීමට ලක්වීම සිදු වේ (පුනරුදයෙන් හා බුද්ධිප්‍රබෝධි ප්‍රතිසංස්කරණයෙන් පටන් ගෙන, පුද්ගලයාගේ ආත්මීයත්වයේ වටිනාකම සහ වැදගත්කම පිළිබඳ වඩ වඩාත් පිළිගැනීමක් ඇති වී තිබේ). ආගමික ඇදහිල්ල පුද්ගලයන්ට තමන් විසින්ම තීරණය කළ යුතු කරුණක් බවට වූ ලූතර්ගේ මතය හෝ පුද්ගලයන්ට විශ්වීය, දෙවියන් වහන්සේ විසින් ලබා දී ඇති “මානව හිමිකම්” හිමිවේ යන බුද්ධිප්‍රබෝධී අදහස වැනි අදහස් මෙය නිෂ්පාදනය කර ඇත.
19 වන ශතවර්ෂයේ රොමැන්ටික් ව්‍යාපාරයත් සමඟ, ප්‍රතිභාව වන්දනාව, ජීවිතය කලාව ලෙස, නිදහස් ආදරය සහ බුර්ෂුවා සාරධර්ම ප්‍රතික්ෂේප කිරීම වැනි අදහස් සමඟ පෞද්ගලිකත්වය සැමරීම වේගවත් විය. ලොව පුරා වාමාංශිකයන් ඇතුළු රැඩිකල් පිරිස් අද වන විට වඩ වඩාත් වැළඳගනිමින් සිටින පුද්ගලිකත්වය, මානව අයිතිවාසිකම්, වැනි දේ වල නිරුක්තිය ඇරඹුණේ එසේය.
මෙම අදහස්වල මූලද්‍රව්‍ය 20 වැනි සියවසේ සාන්දෘෂ්ටිකවාදී සංස්කෘතික ව්‍යාපාරය තුළ ද සොයා ගත හැකි අතර, එය තුල යම් යම් බාහිර වාස්තවික ක්ෂේත්‍රයක සත්‍යය ප්‍රතික්ෂේප කිරීමට සහ පුද්ගලයාගේ නිරපේක්ෂ ස්වයංසිද්ධ නිදහස සඳහා අවධාරනය කිරීම පිළිබඳව උත්සාහයන් ඇතැම් අවස්ථාවලදී පෙනී ගියේය. මෙම වර්ධනය 21 වන ශතවර්ෂයේ බටහිර සංස්කෘතියේ කූටප්‍රාප්තියට පත් වී ඇත. එය ස්වයං ප්‍රමෝදයේ සහ නාර්සිවාදයේ යුගයක් ලෙස සංලක්ෂිත වේ. එහිදී අප සියල්ලන්ම අපගේ පුද්ගලික අරමුණු සහ අදහස් පසුපස හඹා යන තනි තනි පරමාණු බවට පත්ව ඇති අතර අපෙන් පිටත කිසිවක් සහ කිසිවෙකුත් නොසලකා හරින තත්වයක් උදා වී ඇත. අධ්‍යතන සමාජයේ අපි අපගේ ජීවිතයේ වැඩි කාලයක් කැප කරනුයේ අන් අය වෙතින් හඳුනාගත හැකි සහ වෙන් කළ හැකි පුද්ගලික ස්වයං අනන්‍යතාවයක් පිළිබඳ යම් හැඟීමක් වර්ධනය කර ගැනීමට සහ තහවුරු කිරීමටය. මෙය සිදු කරන ආකාරවලින්, ඒ ඔස්සේ මිනිසුන් වැඩි වැඩියෙන් නිර්මාණශීලී වී ඇත. එය එන්න එන්නම වර්ධනය වී සමාජ මාධ්‍යවල තමාටම ප්‍රොෆයිලයක් සාදා නඩත්තු කොටගෙන යාම දක්වා පුද්ගලිකත්වය පිළිබඳව මෙම උමතුව අද වර්ධනය වී ඇත (ඉදිරි දියුණුව ගොඩනැගෙනුයේ ද ඊට අදාලවය). එය නූතන යුගයේ නාසීස්මවාදයේ උදාහරණයක් ලෙස බොහෝ විට සඳහන් කල හැක. එය කෙනෙකුගේ පුද්ගලික ක්‍රියාකාරකම්වල සහ පුද්ගලික ජයග්‍රහණවල වැදගත්කම අතිශයෝක්තියට නංවන අතර තමාම ගැන කීමට අවශ්‍ය ආඛ්‍යානයට නොගැලපෙන කෙනෙකුගේ අසාර්ථකත්වය හෝ අඩුපාඩු වැනි බාහිර ලෝකයේ ඕනෑම දෙයක් සුසර කිරීමට නැඹුරු වේ.
මේ සියල්ල තුළ අපට පෙනෙන්නේ සමහර විට අන් අයට වඩා වෙනස් වූ ප්‍රබන්ධමය පෞරුෂයක් අප වෙනුවෙන් නිර්මාණය කිරීමට දරන මංමුලා සහගත උත්සාහයන් ඕනෑම ආකාරයක “සත්‍ය කරුණු” වලින් ස්වාධීනව, මිනිසුන්ට තමන්ට අවශ්‍ය පරිදි පැවසිය හැකි පරිකල්පනීය අඛ්‍යානයන් තුල දිගහැරේ. අද අප පුද්ගලයන් වශයෙන් අප කෙරෙහි අවධානය යොමු කිරීමේ දී අපගේ ජීවිතයේ සෑම අංශයක්ම පාහේ ඇතුළත් වේ. එනම් අපගේ ශරීර, ඇඳුම් පැළඳුම්, අපගේ දැනුම සහ ඒ තුලින් වන තරාතිරම්, පුද්ගලික දේපළ, අපගේ රුචිකත්වයන් සහ රුචි අරුචිකම් වැනි දේවල්ය. සෑම තරාතිරමකම, පුද්ගලයෙකු තුල තමාගේ අද්විතීය ගුණාංග ප්‍රකාශ කරන යමක් සොයා ගැනීමට ආශාවක් ඇත. දැන්වීම්කරුවන් සහ අලෙවිකරුවන් දිගු කලක් තිස්සේ මෙම තර්කයට අනුගත වී ඇති අතර එය නිරන්තරයෙන් සූරාකයි. පරස්පර විරෝධි ලෙස, ඔවුන් අපට ඒත්තු ගැන්වීමට සමත් වන්නේ අපි ඔවුන්ගේ නිෂ්පාදනය මිල දී ගන්නේ නම්, ඒ තුලින් අපි අපගේ අද්විතීය පෞද්ගලිකත්වය ප්‍රකාශ කල හැකි බවය. ඉලක්කය වන්නේ බාහිර ලෝකයට බාහිර සංඥාවක් ලෙස ක්‍රියා කල හැකි විශේෂ දෙයක් සොයා ගැනීමයි. නමුත් ඉතා ඉක්මනින් අනෙක් පුද්ගලයින් ද එම දේවල් වෙත ආකර්ෂණය වනු ඇති බැවින් මෙම සංඥාවන් තාවකාලික වන අතර, පෞද්ගලිකත්වයේ ප්‍රකාශනයක් ලෙස මුලින් දිස් වූ දේ පසුව ක්‍රමයෙන් හරියටම ප්‍රතිවිරුද්ධ දෙයට පරිවර්තනය වේ. ඉන් පසු එය යමෙකු හුදෙක් සමූහයා අනුගමනය කරන බවට ලකුණකි. එබැවින් විශේෂයෙන්ම යෞවනයන්ගේ රුචිකත්වයන් සහ හඳුනාගැනීමේ ලක්ෂ වල ඉක්මන් වෙනස්කම් තුලින් තිබෙන නිෂ්පාදනයේම නව මොඩලයන් සහ නව නිෂ්පාදන වෙළඳපොළට පැමිණීම අනීවාර්ය විය යුතුය. ඒ අනුව යමෙක් නව සහ අද්විතීය දෙයක් සඳහා නිරන්තර අවධානයෙන් සිටිය යුතු අතර, එය සීමිත කාලයක් සඳහා පමණක් වටිනාකමක් ඇත. ප්‍රවණතාවක් තීරණාත්මක සීමාවකට ළඟා වී ඉතා ජනප්‍රිය වූ විට, එය එහි ක්‍රියාකාරිත්වයට සේවය කිරීම නවත්වන අතර, එය ප්‍රතිස්ථාපනය කිරීමට අලුත් දෙයක් සොයා ගත යුතුය. පුද්ගලයෙකු ලෙස තමාව තහවුරු කර ගැනීමට ඇති බලාපොරොත්තු සුන්වීම යනු නූතන ලෝකයේ පෞද්ගලිකත්වයේ සහ ආත්මීයත්වයේ මූලධර්මයේ වැදගත්කම විදහා දැක්වීමක් බවට පත් වේ.
එනම් මේ යුගයේ මිනිසුන් තුලින් ආණ්ඩු විරෝධය පැමිණෙන්නේ එම ස්ථානයෙන් පමණි (දැවැන්ත උද්ඝෝෂණ කැරලි කෝලහාල පවා ඇතිවන්නේ). මෙය සමහර විට දේශපාලනයේ වඩාත් කැපී පෙනෙන දෙය විය හැකිය (ගෝල්ෆේස් අරගලයට තුඩු දුන්නේ මෙම තත්වයයි).
මේ තත්වය මත ප්‍රධාන මාවත් දෙකක් විවර විය. ඒ “වාස්තවික යථාර්තය” පවතී යන්න පිළිගනිමින් ලෝකය සංජානනය කරමින් සත්‍ය කරා ලඟා විය හැකිය යන්න සහ යථාර්තය යනු සංකේතීය ගොඩනැංවීමක්ලෙස පිළිගැනීම තුලින් වන එළඹුමයි.
ලැකාන්ට අනුව යථාර්ථය යනු ස්ථාවර හෝ වාස්තවිකත්වයක් නොවේ. එය ලෝකය සමඟ අපගේ අන්තර්ක්‍රියා තුළින් නිරන්තරයෙන් ගොඩනැගෙමින් ප්‍රතිනිර්මාණය වන දෙයකි. යථාර්ථය පිළිබඳ අපගේ අවබෝධය බාහිර සත්‍යයක සෘජු පිළිබිඹුවක් නොව, සංකේත රටාවෙහි සහ එය තුළ අපගේ ස්ථානයේ නිෂ්පාදනයකි.
‘වාස්තවික යථාර්තය’ පවතී යන්න සහ එය සංජානනය කල හැකිය යන ස්ථාවරය පිළිගන්නේ නම් එය තුලින් ‘වාස්තවික සත්‍ය’ සංජානනය කිරීම සඳහා මාවත වන්නේ විද්‍යාත්මක විධික්‍රමයයි. ඒ අනුව විද්‍යාවෙන් පවසන දේ පිළිගත යුතු සේම ඒ වෙත අප කීකරු විය යුතුය යන්න එහි සරල අර්ථයයි. වර්තමාන ලෝකය ගමන් කරමින් සිටිනුයේ ඒ තුලිනි. එනම් සම්ප්‍රදාය ප්‍රශ්න කිරීම වෙතින් ගොඩනැගී ඇත්තේ නව ආකාරයක ප්‍රශ්න කල නොහැකි අධිකරීත්වයකි. මේ අකාරයේ හොඳම රාජ්‍ය කාලය වූයේ සෝවියට් පාලන සමයයි. නමුත් ලිබරල්වාදය ක්‍රියාත්මක වන්නේ එවැනි දෘඩ ආකෘතියක නොවුන ද ඒ කෙසේ වෙතත් අවසාන ක්‍රියාකාරීත්වය පවතින්නේ ද එම අකාරයෙන්මය.
එසේම යථාර්තය සම්බන්ධයෙන් ඉහත පළමු එළඹුම පිළිගන්නේ නම් වාස්තවික සත්‍ය “සොයාගත හැකි” විශිෂ්ට, සුවිශේෂී, දක්ෂ, මිනිසුන් සිටින බව ද, ඔවුන් මත, එනම් එවැන්නන්ගේ අධිකාරීත්ව දූරවලියක් මත සියල්ල තීරණය වීම ද භාරගත යුතු වේ. සාමාන්‍ය මිනිසුන්ට ඇතුල් විය නොහැකි, ඇකඩමික අධ්‍යාපනයේ ඉහළතම විශිෂ්ට දක්ෂයින් හට පමණක් ඇතුල් විය හැකි, ඉහළතම විද්‍යා ආයතන තුලින් තහවරු කරන, විශේෂඥයින් වෙතින් මූලාරම්භ වන, සාමාන්‍ය මිනිසුන්ට ඓන්ද්‍රීය නොවන, විද්‍යාත්මක දැනුම විසින් සියල්ල තීරණය කරනු ලබන සමාජයකි.
විද්‍යාඥ ප්‍රජාවන් සැලකුව ද ඒ ඒ ප්‍රජාවන් තුල විද්‍යාඥයින් තනි තනිව සැලකුව ද ඒ අය පිලිගැනෙනුයේ අනෙකුත් සාමාන්‍ය මිනිසුනට නොමැති සහ ලඟාවිය නොහැකි සුවිශේෂී දක්ෂතා සහිත අතිශය වරප්‍රසාධී පුද්ගලයින් ලෙසය. මිනිසුන් අතරින් විශිෂ්ටයින් තෝරාගෙන එම විශිෂ්ටයින් තුල ඇති දක්ෂතාවය සොයාගෙන, ඔප දමා, විකසිත කරනා ව්‍යුහාත්මක දූරාවලිගත ආයතන පද්ධතිය අධ්‍යාපනය යනුවෙන් හඳුන්වයි. ඔවුනට විද්‍යාඥයින් බවට පත්ව ලෝකය පිළිබඳව තීන්දු තීරණ ගැනීමේ හැකියාව ඇත්තේ සහ එම තීන්දු තීරණ, එනම් ඔවුන් වෙතින් පැමිණෙන, කොටින්ම සමස්ත මිනිස් ජීවිතය සහ පොදුවේ මුළු ලෝකයම සකස් විය යුතු ආකාරය පැමිණෙන්නේ එම විශිෂ්ටයින් තුලිනි. ඔවුන් හට සුවිශේෂී අනන්‍යතාවයක් (ඇඳුම් වැනි දෑ ද) ඇති අතර, එම අනන්‍යතාවයට හිමි ගරුත්වය, පිළිගැනීම, වරප්‍රසාද, සම්භාවනාවට පාත්‍රවීම, සම්භාව්‍යත්වය ඇතුළු සියල්ල සමගින් ඉතා හොඳ ආර්ථික පන්තිමය තත්වයක් ද හිමි වේ. ඔවුන් වෙතින් පැමිණෙන තීන්දු තීරණ සහ ලෝකය සකස්විය යුතු ආකාරය සමස්ත සමාජයම පිළිගන්නේ ඔවුන් සුවිශේෂී දක්ෂයින්, විශිටයින් ලෙස පිළිගන්නා බැවිනි. ආර්ථික පන්තිමයත්වය පිටු දැක තිබුන ද බුද්ධිප්‍රබෝධි සෝවියට් පාලනය සාධාරණීකරණය කෙරුනේ ඉහතින් විස්තර කල තත්වය තුලය.
නමුත් අපගේ එළඹුම කිසිසේත්ම එවැනි සමාජයක් වෙනුවෙන් නොවන අතර අපගේ දැඩි විරෝධය පවතින්නේම එවැනි අධිකාරීත්වයක් පැවතීමටමය. ඒ අනුව වාස්තවික යථාර්ථයේ පැවැත්ම පිළිගැනීම පිළිබඳව ඉහත පළමු එළඹුම ප්‍රතික්ෂේප කරන්නේ නම් අපට ඉතිරි වන්නේ මනෝවිශ්ලේෂණය තුලින් වන ප්‍රවේශයයි.
මනෝවිශ්ලේෂණය තුල අශක්‍යතා (impossible) හතරක් දක්වා ඇත.
ආණ්ඩුකරණය (governing), අධ්‍යාපනය (education), සහ මනෝවිශ්ලේෂණය (psychoanalysis) යන ෆ්‍රොයිඩ්ගේ අශක්‍යතා (impossibility) ආස්ථානයන් තුනට අමතරව ලකාන් විසින් හතරවැන්න ලෙස එකතු කරනුයේ විද්‍යාවයි (science).
ලකාන් විසින් අවධාරණය කරනා මෙම අශක්‍යතා හතර ප්‍රතික්ෂේප කරන්නේ නම් ‘වාස්තවික යථාර්ථයේ’ පැවැත්ම පිළිගත යුතුව ඇත. එයම වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම්, ‘වාස්තවික යථාර්තය’ සහ ඒ තුලින් වන ‘වාස්තවික සත්‍ය’ ප්‍රතික්ෂේප කරන්නේ නම් ආණ්ඩුකරණය, අධ්‍යාපනය, මනොවිශ්ලේෂණය සහ විද්‍යාව අශක්‍යතා බවට පත් වේ.
නැවතත් එය ඩාවින්වාදයට මෙසේ සම්බන්ධ කල හැකිය. එනම්, එකී දූරවලිය පිළිගැනීම යනු ඩාවින්වාදය ද පිළිගැනීමයි. ඩාවින්ට අනුව උසස් ජාතීන් පවා පවතී (ඉංග්‍රීසීන් යනු උසස් ජාතියක් ලෙස ඩාවින් විසින් පිළිගන්න ලදී). ඩාවින්වාදය පිළිගන්නා කිසිවෙකුට වෙනත් ජාතියක් විසින් තවත් ජාතියක් යටත් කොට ගැනීම, වහල්භාවය වැනි දෑ ප්‍රශ්න කල නොහැකිය. ඇකඩමික දූරවලිය සහ බුද්ධිමය සංවාදය තුලින් වන සමාජ ගොඩනැංවීම්වාදය නිර්මාල්ලා විසින් පිළිගැනීම යනු එක් අතකින් ඩාවින්වාදය විසින් ලබා දෙන අර්ථකථනය පිළිගැනීමයි.
ස්වාභාවික විද්‍යාවන්ට කිව හැක්කේ, “ස්වභාවයම” (nature) ඓතිහාසික ප්‍රවර්ගයක් වන බව සහ, “ස්වභාවය” ලෙස සැලකෙන දේ පිළිබඳ අපගේ මූලික අවබෝධය මහා ඓතිහාසික බිඳවැටීම් (ස්වාභාවික විපත්, වසංගත, වැනි දෑ) සමඟ වෙනස් වන බවය. නිරපේක්ෂතාවාදී දහහත්වන සියවසේදී, “ස්වභාවය” විශේෂ සහ උප විශේෂවල ධූරාවලි පද්ධතියක් ලෙස විද්‍යාමාන විය. ගතික දහනවවන සියවසේ, ධනේශ්වර තරඟය මගින් සංලක්ෂිත, උන්නතිය (ඩාවින් ඔහුගේ න්‍යාය ඉදිරිපත් කළේ මැල්තුස්ගේ සූක්ෂ්ම දැක්ම “ස්වභාවය” මතට මාරු කිරීමෙනි) සඳහා පරිණාමීය අරගලයේ අඩවිය “ස්වභාවය” ලෙස පෙනී යයි. විසිවන සියවසේදී, “ස්වභාවය” රීතියක් ලෙස ‘පද්ධති න්‍යායේ’ කාච හරහා අවබෝධ විය. මෑත දශකවල ස්වභාවික ක්‍රියාවලීන් පිළිබඳව කතිකාව ස්වයංක්‍රීය කාව්‍යමය, ස්වයං-සංවිධාන ගතිකත්වය වෙත මාරුවීම සහ මධ්‍යගත සුබසාධන රාජ්‍යයේ පරිහානියෙන් පසු ධනේශ්වර ගතිකයේ නව ආකාර කරා ගමන් කිරීම අතර සමාන්තරයක් ඇඳීම දැනටමත් සිදු වෙමින් පවතින සාමාන්‍ය දෙයකි (කාව්‍යාලංකාරමය පරිසරවාදය යුගයේ දෘෂ්ටිවාදයේ ප්‍රධාන දහරාවක් වී ඇත්තේ එබැවිනි).
කෙසේ වෙතත්, මූලික ඓතිහාසික වෙනස්කම් තුල “ස්වභාවය” එයම විසින්ම ද වෙනස් වන බවට, “ස්වභාවය” පිළිබඳ සංකල්පය එවැනි ඓතිහාසික මැදිහත්වීම් වලින් නිගමනය කිරීම දුරස්ථ හා ඉරණම් සහගත පියවරක් වනු ඇත. අයින්ස්ටයින්ගේ ප්‍රවාදය විසින් නිව්ටන්ගේ ප්‍රවාදය විතැන්කල විට එය විසින් එහි සංජානන වස්තුව තුළ සමාකාර වෙනසක් පිළිබිඹු කරන බව හෝ ලියාපදිංචි කල බවක් කිසිවෙකුත් කියා සිටියේ නැත. “ස්වභාවයට” අදාලව අයින්ස්ටයින් විසින් සිදු කරන ලද්දේ “ස්වභාවය” පිළිබඳ කටයුතු වලදී වඩාත් ගැලපෙන ගැඹුරු සහ ප්‍රමාණවත් විද්‍යාත්මක න්‍යායක් ඉදිරිපත් කිරීමයි. ක්වොන්ටම් භෞතික විද්‍යාවේ නැගීමත් සමග “ස්වභාවය” සත්භාවාත්මකව අවිනිශ්චිත වූයේ නැත. “අවිනිශ්චිතතාවය පිළිබඳව මූලධර්මය” පැමිණීමෙන් අදහස් වන්නේ එය සැමවිටම එසේ වූ බවයි. මෙම විද්‍යාත්මක “සොයාගැනීම්” (සැබවින්ම නිර්මාණය කිරීම්) කෙතරම් ප්‍රබල ලෙස “ඓතිහාසිකව මැදිහත් වී” තිබුණ ද, ඒවා ඓතිහාසික ක්‍රියාවලියට පරිබාහිර යම් යථාර්ථයක් වෙත යොමු වෙයි. යම් විද්‍යාත්මක න්‍යායක් සඳහා “සොයාගැනීමේ” කොන්දේසි සහ එහි වලංගුභාවයේ කොන්දේසි අතර හොඳින් දන්නා වෙනස මෙහි යෙදීම ඉතා පහසුය (ඩාවින්ගේ “සොයාගැනීම” සඳහා ධනේශ්වර තරඟය අත්‍යවශ්‍ය ඓතිහාසික කොන්දේසියක් වුව ද, එයින් අදහස් වන්නේ පරිණාමවාදයේ සත්‍ය-වටිනාකම ද කොන්දේසි සහිත බවට පත්වීම අනුභූතිඋත්තර දාර්ශනිකයින් (transcendental philosophers) හට අදාළ නොමැති බවයි (නිර්මාල් වැනි අය ක්වින්ටින් මෙයසු වැනි දාර්ශනිකයින් පසුපස යන්නේ එබැවිනි). විද්‍යාත්මක සිද්ධාන්තයක සත්භාවාත්මක ප්‍රකාශයන් වඩාත් ප්‍රබල වන අතර, අවසානයේ දී ඒවායේ ඓතිහාසික හෝ අනුභූතිඋත්තර සාපේක්ෂතාකරණය සමඟ ඒවා නොගැලපේ.
ඒ අනුව ඉතිහාසය යනු අතීතය නොවේ. ඉතිහාසය ගොඩනැගෙනුයේ මැදිහත්වීමෙනි. එසේ මැදිහත් වී ගොඩනගන ඉතිහාසය අනාගත සමාජය ගොඩනැංවීම සඳහා පදනමක් කොට ගැනියයුතු බව නිර්මාල් මෙන්ම සියලු වාමාංශික සහ දක්ෂිණාංශික බුද්ධිමතුන් පිළිගන්නා ප්‍රධාන කාරණයයි (බුද්ධිමය සංවාදය අවශ්‍ය වන්නේ ඒ සඳහාය). ධනවාදය සාධාරණීකරණය කරන්නන් පරිනාමවාදය මත පදනම් වන්නේ ද එබැවිනි.
සතෙකුගෙන් මිනිසා දක්වා අඛණ්ඩ පරිණාමයේ ක්‍රියාවලියක් සහ මානව පරිණාමය තුළ කැපී පෙනෙන අවධීන් ප්‍රකාශකරන කෘතියක්, එනම්, ප්‍රගතියේ ආකාරයක් ගන්නා තාවකාලික අනුපිළිවෙලක්, වඩාත් ප්‍රාථමික ස්වරූපවල සිට වඩාත් උතුම් ස්වරූප දක්වා විහිදෙන ධුරාවලියක්: පහත් සතුන්, උසස් සතුන්, “ම්ලේච්ඡ”, “ශිෂ්ට” මිනිසා…ලෙස ඩාවින් විසින් “පහත්” මානව වර්ග සහ “උසස්” ජාතීන්, අතර වෙනස හඳුනා ගත්තේය. ඉතා උසස්තම උසස් ජාතීන් පවා (ඉංග්‍රීසීන් වැනි) පවතින බව ඔහු පැවසීය.
මෙහිදී නැවතත් අවධාරණය කල යුත්තේ මනෝවිශ්ලේෂණයේ තීරණාත්මකභාවයයි. මනෝවිශ්ලේෂණයට නොසලකා හැරිය නොහැකිය දෙය නම් එය සහ විද්‍යාව අතර ඇති සම්බන්ධයි (ලකාන් විසින් මනෝවිශ්ලේෂණය පිහිටුවන්නේම විද්‍යාවට එරෙහිවය). මනෝවිශ්ලේෂණය සහ විද්‍යාව අතර සම්බන්ධය ලැකාන් නිතරම ප්‍රශ්න කළ අතර, ඔහු ‘අවිඥානයේ ආත්මය’ නවීන (ගැලීලියානු) විද්‍යාවේ ආත්මය බව පවා ප්‍රකාශ කළේය (“the subject of the unconscious is the subject of modern (Galilean) science”). විද්‍යාවේ මෑත කාලීන වර්ධනයන් සමඟ විද්‍යාව සහ මනෝවිශ්ලේෂණය අතර සම්බන්ධය අලුතින් ප්‍රශ්න කල යුතුව ඇත. සමානකම් (නැතහොත් අසමානතා) පෙන්වාදීම ප්‍රමාණවත් නොවන්නේ එබැවිනි.
ස්නායු විද්‍යාව (Neuroscience) පදනම් වී ඇත්තේ එය කලාතුරකින් ප්‍රශ්න කරන හෝ කිසිවක් දැන ගැනීමට අවශ්‍ය නොවන පූර්ව අභ්‍යුපගමනයන් සමූහයක් මතය. එසේ වීම විසින් ස්නායු විද්‍යාවේ විශ්මය ජනක ප්‍රථිපල මුදුන්පමුණුවා ගැනීම හෝ විශාල ඉදිරියට යාම් වළකන්නේ නැත. එවැනි තත්වයක් තුල (ඊලන් මස්ක්ගේ ව්‍යාපෘතීන් මේ සඳහා හොඳම උදාහරණයන්ය) මිනිසුන් වෙතට සිදු කරන ශුද්ධ වශයෙන්වන විද්‍යාත්මක ප්‍රවේශයන් තුල වඩ වඩාත් අතුරුදහන් වී යන අපගේ අත්‍යවශ්‍ය මානුෂීයතත්වයේ ආරක්ෂකයා ලෙස මනෝවිශ්ලේෂණය සැලකිය හැකිය. එනම්, එය ගණනය කිරීම්, මොළ පරිලෝකන සහ විද්‍යාත්මක සූත්‍රවලින් ගැලවී යන දෙයෙහි ආරක්ෂකයා සහ භාරකරු ලෙස සැලකේ. මෙය අනෙක් අතට මිනිසුන් වශයෙන් අපව එකිනෙකා ඇද බැඳ තබාගන්නා සිත්ගන්නා සුළු කරන අභිරහස (mystery) විද්‍යාව විසින් මකා දමනු ඇතැයි හෝ දුරු කරනු ඇතැයි යන සාම්ප්‍රදායික භීතියකි. යමෙකු විසින් මෙහි පර්යාලෝකය ආපසු හැරවිය යුතුව ඇත. එනම් ගැටලුව හුදෙක් එහි පාරාන්ධතාවය වියැකීයාම නොව, නමුත් අනෙක් අතට එහි දැවැන්ත නිර්මාණය වෙනත් තැනක වීමයි.
එබැවින් බොහෝ විද්‍යාඥයින් ඔවුන්ගේ තාර්කිකත්වයට (rationality) සම්බන්ධ වැඩ සඳහා වන්දි ගෙවීමට මෙන් ඔවුන්ගේ “නිදහස්” කාලය තුළ පෙනී සිටින සහ ප්‍රායෝගිකව කරන මෝඩ, වැඩකට නැති වාදයන්ගේ අඩුවක් නොමැත. ඒවා ජන මාධ්‍ය, අන්තර්ජාලය, අධ්‍යාපන ආයතන ඔස්සේ හාත්පස විහිද යයි.
මේ තත්වය තුල අවිඥානය යන්න අතුරුදහන් වීම වෙතින් දුරස්ථ වේ. එය මහා පරිමාණයෙන් නිපදවනු ලැබෙන අතර, නමුත් එය නව ස්වරූපයන් ගනී. මනෝවිශ්ලේෂණය විසින් තර්ක-බුද්ධිය (reason) සහ තාර්කිකත්වය හැරුණු විට සැලකිල්ලට ගත යුතු වෙනත් මානයන් ද අප සතුව ඇති බව එය ප්‍රකාශ නොකරයි. එහි මූලික හා වඩාත්ම විප්ලවවාදී ප්‍රකාශය වූයේ තර්ක-බුද්ධියම ව්‍යුහගත වී ඇත්තේ “අතාර්කික” (“irrational”) මධ්‍යක් වටාය යන්නයි. තර්ක-බුද්ධියේ හදවතෙහිම “අතාර්කික” යමක් ඇති බව විසින් එය තර්ක බුද්ධියේ යම් හීනතාවයක් ඇතිනොකරයි.
අප යනු මොළයේ ස්කෑන් පරීක්ෂණයකින් හෙළි කරන දෙයට වඩා වැඩි දෙයක් නොව, ඊට වඩා අඩු දෙයකි. මොළය ස්කෑන් කිරීම අර්ථවත් විය යුතුව (අවම වශයෙන් විභව්‍ය ලෙසින්) ඇත්තේ අපගේ පෞද්ගලිකත්වය මතට සම්පූර්ණයෙන්ම සිතියම්ගත කළ හැකි පරිදිය. නමුත් ඒවා එසේ නොවේ නම්? අපව (අවිඥානික) ආත්මයන් බවට පත් කරන්නේ සමහර විට මොළයේ ස්කෑන් කිරීමේදී නොපෙන්වන දෙයක් නොව, මොළයේ ස්කෑන් කිරීමේදී පමණක් පෙන්වන සහ වෙනත් කිසිවක් මත සිතියම්ගත කළ නොහැකි දෙයක් විය හැකිය.
හේගල් විසින් ප්‍රතීක ප්‍රවර්ගයන් මගින් හඳුන්වනු ලබන සාමාන්‍ය සම්බන්ධතාවල එවැනි ප්‍රකාශන ඉතා කුතුහලයෙන් පිරි පන්තියක් සාදයි. නිදසුනක් වශයෙන්, එක් මිනිසෙක් රජ වන්නේ ඔහුට යටත්වැසියන් සම්බන්ධයෙන් අනෙක් මිනිසුන් සිටින නිසා පමණි. ඊට පටහැනිව, ඔවුන් සිතන්නේ ඔහු රජ නිසා ඔවුන් යටත්වැසියන් බවයි. රජෙකු වීම’ යනු ‘රජෙකු’ සහ ඔහුගේ ‘ යටත්වැසියන්’ අතර සමාජ සම්බන්ධතා ජාලයේ බලපෑමකි.
නමුත්, එසේම මෙම සමාජ බන්ධනයට සහභාගිවන්නන් වෙතට වන අර්චනිකව වැරදි ලෙස හඳුනා ගැනීම මෙහි පෙනෙන්නට තිබෙන අතර සම්බන්ධතාවය අවශ්‍යයෙන්ම ප්‍රතිලෝම ස්වරූපයෙන් දිස් වේ: ඔවුන් රජුට රාජකීය සැලකිලි ලබා දෙන යටත්වැසියන් යැයි සිතන්නේ රජු යනු තමන් තුලම සුවිශේෂතාවයක් හේතුවෙන් රජෙකු වී ඇති නිසාත් (king is already in himself), ඔහුගේ යටත්වැසියන් සමඟ ඇති සම්බන්ධයට පිටින්, රජෙකු බවත්ය. ‘රජෙකු වීම’ යන්න නීර්ණය වීම රජු නමැති පුද්ගලයාගේ ‘ස්වාභාවික’ දේපලක් සේය. තමා රජෙකු යැයි විශ්වාස කරන පිස්සෙකුට තමන් රජෙකු යැයි විශ්වාස කරන රජෙකුට (එනම්, ‘රජ’ ජනවරම සමඟ වහාම හඳුනාගැනීම තුල) වඩා පිස්සු නැති බව යන සුප්‍රසිද්ධ ලැකානියානු සහතිකය මෙහිදී සිහිපත් කල හැකිය.
මේ අනුව අපට මෙහි ඇත්තේ අර්චනවාදයේ ආකාර දෙකක් අතර සමාන්තරයක් වන අතර, තීරණාත්මක ප්‍රශ්නය ඇත්තේ මෙම මට්ටම් දෙක අතර ඇති නිශ්චිත සම්බන්ධය සම්බන්ධයෙනි. මෙම සම්බන්ධතාවය කිසිසේත් සරල සමජාතීයයක් නොවේ. එනම් වෙළඳපල සඳහා නිෂ්පාදනය ප්‍රමුඛවන සමාජවල – එනම් අත්‍යන්තයෙන්ම, ධනේශ්වර සමාජවල – එය වෙළඳ භාණ්ඩ සමඟ මෙන් සම්බන්ධය මිනිසා සමඟය යන්න කිව නොහැකිය. හරියටම එහි ප්‍රතිපක්ෂය සත්‍ය වේ.
ධනේශ්වර සමාජවල වෙළඳ භාණ්ඩ අර්චනවාදය සිදුවන නමුත් ධනවාදය තුළ මිනිසුන් අතර සම්බන්ධතා පෙනීයන්නේ නියත වශයෙන්ම, ස්ථිර ලෙසම අර්චනීකරණය වී නොමැති බවයි. අපට මෙහි ඇත්තේ ‘නිදහස්’ මිනිසුන් අතර සබඳතාය, සෑම කෙනෙකුම ඔහුගේ හෝ ඇයගේ නිසි ආත්මාර්ථකාමී (egoistic) අවශ්‍යතා අනුගමනය කරමින් ඔවුන්ගේ අන්තර් සම්බන්ධතාවල ප්‍රමුඛ හා තීරණය කරන ආකාරය වන්නේ ආධිපත්‍යය සහ වහල්භාවය නොව නීතිය ඉදිරියේ සමාන නිදහස් මිනිසුන් අතර ගිවිසුමකිනි. එහි ආදර්ශය වන්නේ වෙළඳපල හුවමාරුවයි. එනම්, මෙහිදී ආත්මීයත්වයන් දෙකක් මුණගැසෙන අතර, ඔවුන්ගේ සම්බන්ධය ස්වාමියාගේ ගෞරවයෙන්, ස්වාමියාගේ අනුග්‍රහයෙන් සහ ඔහුගේ යටත්වැසියන් කෙරෙහි දක්වන සැලකිල්ලෙන් තොරය. ඔවුන් මුණගැසෙන්නේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඔවුන්ගේ ආත්මාර්ථකාමී (egoistic) උනන්දුව විසින් මුළුමනින්ම තීරණය කරන පුද්ගලයින් දෙදෙනෙකු ලෙසය. ඔවුන් සෑම කෙනෙකුම හොඳ උපයෝගිතාකරුවෙකු ලෙස ක්‍රියාත්මකව ඉදිරියට යයි. අනෙක් පුද්ගලයා ඔහුට සියලු ගූඩ නිලංකාර රැස් මඩල සම්පූර්ණයෙන්ම ලබා දී ඇත. ඔහු තම සහකරු තුළ දකින්නේ ඔහුගේ උනන්දුව අනුගමනය කරන තවත් ආත්මීයත්වයක් ලෙස වන අතර ඔහුගේ අවශ්‍යතාවලින් සමහරක් තෘප්තිමත් කළ හැකි දෙයක් – වෙළඳ භාණ්ඩයක් – ඔහු සතු වන තාක් දුරට පමණක් ඔහු උනන්දු වෙයි.
අර්චනවාදයේ ආකාර දෙක මේ අනුව නොගැලපේ. වෙළඳ භාණ්ඩ අර්චනවාදය රජ කරන සමාජවල, ‘මිනිසුන් අතර සබඳතා’ මුලුමනින්ම අර්චනකරනීය වන අතර, ‘මිනිසුන් අතර සබඳතා’ තුළ අර්චනවාදය පවතින සමාජවල, එනම් පූර්ව ධනේශ්වර සමාජවල පාරිභෝගික භාණ්ඩ අර්චනවාදය ඒ වන විට නොපවතින අතර ඒවායේ ප්‍රමුඛ වූයේ වෙළඳපල සඳහා නිෂ්පාදනයක් නොව ‘ස්වාභාවික’ නිෂ්පාදනයක් වූ බැවිනි.
මිනිසුන් අතර සබඳතාවන්හි මෙම අර්චනවාදය එහි නියම නාමයෙන් හැඳින්විය යුතුය. එනම් මාක්ස් පෙන්වා දෙන පරිදි මෙහි පැවතුනේ ‘ආධිපත්‍යය සහ වහල්භාවයේ සම්බන්ධතා’ – එනම්, හරියටම හෙගලියානු අර්ථයෙන් ස්වාමිත්වයේ සහ බන්ධනය අතර සම්බන්ධතාවයයි. එසේම එය ධනවාදය තුල ස්වාමියාගේ අපක්‍රමණය විස්ථාපනයක් පමණක් වූවාක් මෙනි. ‘මිනිසුන් අතර සබඳතා’ තුළ අර්චනහරණය ගෙවා දැමුවේ ‘දේවල් අතර සම්බන්ධතා’ තුළ අර්චනවාදය එනම්, වෙළඳ භාණ්ඩ අර්චනවාදයෙන් ප්‍රතිස්ථාපනය වීමෙනි. අර්චනවාදයේ ස්ථානය අන්තර්-ආත්මීය සම්බන්ධතාවලින් ‘දේවල් අතර’ (මීට දැනුම ද අයත් වේ. එනම් යම් යම් දැනුම් පද්ධතීන් සතු ආයතනික අනුක්‍රමිකතාවයන් සහ ඒ දැනුම දරන්නන්ගේ ධූරාවලිගත අනුක්‍රමික සබඳතා ලෙසය) සබඳතා වෙත මාරු වී ඇත. එනම්, නිෂ්පාදනයේ තීරණාත්මක සමාජ සම්බන්ධතා, ආධිපත්‍යයේ සහ වහල්භාවයේ (ස්වාමීන්‍ගේ සහ ඔහුගේ දාසයන්ගේ සහ යනාදී) අන්තර් පුද්ගල සම්බන්ධතා ස්වරූපයෙන් එකෙනෙහි විනිවිද නොපෙනේ. ඔවුන් විසින්ම ඔවුන්ගේම වෙස් මාරුකරගන්නේ, මාක්ස්ගේ නිවැරදි සූත්‍රය භාවිතා කල හැකි පරිදි, දේවල් අතර සමාජ සම්න්බන්ධතා වල අකාරය යටතේ, ශ්‍රමයේ නිෂ්පාදනයන් අතරය. මාක්ස් වැඩවසම්වාදයේ සිට ධනවාදය දක්වා ගමන් කිරීම පිළිසිඳ ගත් ආකාරය තුළ රෝග ලක්ෂණය සොයා ගැනීම යමෙකු විමසිය යුත්තේ මෙලෙසය.
බුර්ෂුවා සමාජය පිහිටුවීමත් සමඟ ආධිපත්‍යයේ ස්වරූපය සහ වහල්භාවයේ සබඳතා ආකෘතිය මර්දනය කරනු ලැබේ. එනම්, විධිමත් ලෙස, පෙනෙන පරිදි අප සැලකිලිමත් වන්නේ නිදහස් ආත්මීයත්වයන් වල අන්තර් පුද්ගල සම්බන්ධතා වල සියලු අර්චනවාදයන් විසර්ජනය වී තිබීම පිලිබදව බවයි. මර්දනය කරන ලද සත්‍යය – ආධිපත්‍යය සහ වහල්භාවයේ නොනැසී පැවතීම – සමානාත්මතාවය, නිදහස යනාදී දෘෂ්ටිවාදාත්මක පෙනුම විසින් මුලාකරන රෝග ලක්ෂණයක් තුළ මතු වේ. මෙම රෝග ලක්ෂණය, සමාජ සම්බන්ධතා පිළිබඳ සත්‍යය මතුවීමේ ලක්ෂ්‍යය, හරියටම වැඩවසම් සමාජයට වෙනස්ව ‘දේවල් අතර සමාජ සම්බන්ධතා’ වේ. මාක්ස් ප්‍රාග්ධනය පළමු වෙළුමේ මෙසේ පවසයි. “මේ සමාජයේ විවිධ පන්ති වල පුද්ගලයන් විසින්ම රඟ දක්වන කොටස් ගැන අප කුමක් සිතුවද, ඔවුන්ගේ ශ්‍රමය ක්‍රියාත්මක වීමේදී පුද්ගලයන් අතර ඇති සමාජ සම්බන්ධතා සෑම අවස්ථාවකදීම ඔවුන්ගේම අන්‍යෝන්‍ය පුද්ගල සබඳතා ලෙස පෙනෙන අතර දේවල් අතර සමාජ සම්බන්ධතා වල අකාරය යටතේ, ශ්‍රමයේ නිෂ්පාදනයන් අතර වෙස්වලා නොගනී.”
සියලුම අවස්තාවන්හිදී ඔවුන්ගේම අන්‍යෝන්‍ය සබඳතා ලෙස පෙනී සිටිනවා වෙනුවට, පුද්ගලයන් අතර සමාජ සබඳතා දේවල් අතර සමාජ සම්බන්ධතාවල හැඩය යටතේ වෙස්වළාගෙන ඇත. මෙහිදී අපට ධනවාදයට හරියටම ගැලපෙන ‘අපවර්තනය වීමේ හිස්ටීරියාව’ පිළිබඳ හිස්ටෙරික රෝග ලක්ෂණය පිළිබඳ නිශ්චිත අර්ථ දැක්වීමක් තිබේ. වෙළඳ භාණ්ඩ අර්චනවාදයේ දයලෙක්තිකය යල්පැන ඇතැයි ඉවතලන බහුතරයකට වඩා සහ ඔහුගේ සමකාලීන විවේචකයින් බහුතරයකට වඩා මෙහිදී මාක්ස් කඩාකප්පල්කාරීය. එනම් මෙම දයලෙක්තිකයට තවමත් ඊනියා ‘සර්වාධිකාරීවාදය’ යන සංසිද්ධිය ග්‍රහණය කර ගැනීමට අපට උපකාර කළ හැකිය.
(මීළඟට 08 කොටස)
උපුටාගැනීම - spartacus.lk
ලිපියේ පෙර කොටස්වල සබැඳියාවන්:
https://slleader.lk/social/8074-01
https://slleader.lk/social/8076-02
https://slleader.lk/social/8078-03
https://slleader.lk/social/8085-04