SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

මුළු මහත් ලෝකයේ ම මිලියනාධික සැදැහැවතුන්ගේ නොමද ගෞරවාදරයට පාත්‍ර වූ, ලෝක පූජිත අතිඋතුම්

ලින්ග් රින්පොචේ මාහිමිපාණන් වහන්සේ ඊයේ, එනම් නොවැම්බර් 02 වෙනි ඉරිදා ඓතිහාසික වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයට වැඩම කරවූයේ, සකල ලෝකවාසී බෞද්ධ ප්‍රජාව වෙත උන්වහන්සේ සිදුකළ උත්තරීතර සේවය අගය කිරීමේ මාහැඟි අවස්‍ථාව උදෙසා ය.

 

 WhatsApp Image 2025 11 03 at 05.58.16

 

 

ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලොවක් අභිමුව ප්‍රදර්ශනය කරන වෙස් නැටුම්, භේරී හේවිසි වාදන සහ සාම්ප්‍රදායික නර්තනාංග රැසක් ඇතුළු සංස්කෘතික අංගයන්ගෙන් සුසැඳි දර්ශනීය පෙරහැර මධ්‍යයේ අතිඋතුම් ලින්ග් රිම්පොචේ මාහිමිපාණන් වහන්සේ විහාර පරිශ්‍රයට වැඩම කරවන ලදුව, ශ්‍රී ලංකා අමරපුර නිකායේ ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහනායක ධූරීන, අතිගෞරවාර්හ ආචාර්ය වස්කඩුවේ මහින්දවංශාභිධාන මහනාහිමියන් වහන්සේ විසින් අතිඋතුම් ලින්ග් රින්පොචේ මාහිමියන් සසුන්ලැදි ගෞරවාදරයෙන් පිළිගන්නා ලද සේක.

 

මෙම අවස්ථාවට අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි නියෝජ්‍ය මහලේකම්, පාලි සහ සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයෙහි නිර්මාතෘ සහ සභාපතී ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා ද සම්බන්ධ වූවේය.

 WhatsApp Image 2025 11 03 at 05.58.451

 

අතිඋතුම් ලින්ග් රින්පෝචේ හිමියන් යනු මෙරට වැසියන් කෙරෙහි නිතැතින් ම කරුණාපූර්වක සිතැති, එමෙන්ම මෙරට බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් මාහැඟි ත්‍යාගයක් ද ලබා දුන් විදේශික භික්ෂූන් වහන්සේ නමකි. අදටත් ලොව බිහිවූ ශ්‍රේෂ්ඨතම අධිරාජයා බවට විද්වතුන් පිළිගන්නා, භාරතයේ විසූ ධර්මාශෝක අධිරජුන් විසින් බෞද්ධ ලෝකයට කළ අපරිමිත සේවය මතු මතු සිහිකරණු පිණිස භාරතයේ ඉදිකෙරුණු සුවිශේෂී ශාසනික කලා නිර්මාණයක් වන අශෝක ස්ථම්භය යනු මුළු ලොවෙහි ම අවධානය දිනාගත් බොදු උරුමයකි.

 

භාරතය පුරා විවිධ සිද්ධස්ථාන සහ විශේෂ පරිශ්‍රයන්හි අශෝක ස්ථම්භ දැකගැනීමට ලැබුණ ද ශ්‍රී ලංකාවේ දී අතිශය ප්‍රථම වරට ඉදිකළ අශෝක ස්ථම්භය පසුගිය දිනෙක ඓතිහාසික වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති රජමහා විහාරයේදී උත්සවශ්‍රීයෙන් විවෘත කෙරුණේ භාරතයත්, බෞද්ධ උරුමයත් සහ ජාත්‍යන්තරීය ශාසනික සබඳතා සහ ලාංකේය බෞද්ධ ප්‍රජාව අතර ඇති සබඳතා කෙරෙහි අපේ කෘතඥතාවය ලොවක් අභිමුව ප්‍රදර්ශනය කරමින් ය.

 

 

WhatsApp Image 2025 11 03 at 05.58.44

 

 

මේ සඳහා වූ නිර්ලෝභී පූර්ණ අනුග්‍රහය දැරුවේ අති උතුම් ලින්ග් රින්පොචේ මාහිමිපාණන් වහන්සේ විසින් වන නමුදු අශෝක ස්ථම්භය විවෘත කෙරුණු දින පැවැත්වුණ පුණ්‍යෝත්සවය සඳහා උන්වහන්සේට වැඩම කළ නොහැකි වූවේ එදවස උන්වහන්සේ හට තිබූ අතිශය කාර්‍යබහුල තත්වය මත ය.

 

එනමුත් සිය දෙවන ශ්‍රී ලංකා සංචාරය සඳහා මේ දිනවල අප රටට වැඩමවා වදාළ උන්වහන්සේ අද දින වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයට වැඩම කොට, සුවහසක් සැදැහැවතුන්ගේ නමස්කාරයන් මධ්‍යයේ ස්ථම්භයෙහි පූජානුග්‍රාහක සමරු ඵලකය නිරාවරණය කරන ලද සේක.

 

WhatsApp Image 2025 11 03 at 05.58.162 

 

ඉනික්බිතිව උන්වහන්සේ සධාතුක මන්දිරය වෙත වැඩම කොට, එතුළ වැඩමවා සිටින උත්තුංග කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගත්හ. එමෙන්ම එම අවස්‍ථාවේ දී සකල ලෝකවාසී සියලු සත්වයන් උදෙසා උන්වහන්සේ සෙත් පැතූ අතර, ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා වහන්සේ හට පරමායුෂ ප්‍රාර්ථනා කිරීම ද සිදු කළ සේක.

 

අනතුරුව අතිගෞරවාර්හ ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහනායක හිමිපාණන් වහන්සේ විසින් ලෝක පූජිත, අතිඋතුම් ලින්ග් රින්පොචේ මාහිමියන් වහන්සේ වෙත "ලෝකාර්ථචාර්ය ධර්ම විභූෂණ" නමින් ශාසනෝනතිකාමී අභිනන්දනප්‍රකාර ගෞරව නාමයක් ප්‍රදානය කළ සේක. එම උදාරතර අවස්‍ථාව, දශකාධික කාලයක් මුළුල්ලේ අතිඋතුම් ලින්ග් රින්පොචේ මාහිමියන් සමස්ත ලෝක සත්වයාගේ හිතසුව පිණිස සිදුකල අපරිමිත මෙහෙවරට කෘතගුණ සැලකීමක් වශයෙන් හැඳින්විය හැකි ය.

 

අනතුරුව අතිගෞරවාර්හ ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහනායක හිමියන් විසින් උන්වහන්සේට සෙත් පැතූ අතර, අවසාන වශයෙන් අතිඋතුම් ලින්ග් රින්පොචේ මාහිමියන් විසින් ද රැස්ව සිටි සියලු දෙනා විෂයෙහි ආශිර්වාදාත්මක ශුභාශිංසක පිළිගන්වන ලද සේක.

 WhatsApp Image 2025 11 03 at 05.58.17WhatsApp Image 2025 11 03 at 05.58.45WhatsApp Image 2025 11 03 at 05.58.161

@බෞද්ධ සහෝදරත්ව පදනම

නවතම ලිපි