නුගේගොඩ එළැඹෙන නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත විපක්ෂයේ ඒකාබද්ධ රැලිය ගැන
ආරංචි වෙනකොට හිතේ චිත්‍ර දෙකක් ඇඳෙනවා.
පළමුවැන්න 'මහජන හඬ' කියලා ලොකු සද්දයක් දාන්න හැදුවත්, මේක තවත් 'විපක්ෂයේ අනාථ රැලියක්' වෙයිද?
දෙවැනි එක රජයේ 'ප්‍රජාතන්ත්‍ර විරෝධී' කියන ක්‍රියාවලට විරුද්ධව එකතු වෙන්න හදපු මේ උත්සාහය, මුලදීම 'විපක්ෂයේ අභ්‍යන්තර ආරවුල්වල' කැඩපතක් වුණාද?
මේ සියල්ලටම හේතුව සරලයි. අගෝස්තු මාසේ රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත්ත වෙලාවේ කෑ ගැහුවට, ඒ උණුසුම දැන් ඉවරයි. ඒ නිසාම මේ 'ඒකාබද්ධ' රැලිය ප්‍රකාශයට පත් කළ මාධ්‍ය හමුවට සමගි ජන බලවේගයේ (SJB) නියෝජිතයෙක් නැති එක කාටත් පේන්න තිබුණු ලොකුම අඩුව.
SJB නිහඬ වූ හැටි
ඇත්තටම වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇප පිට එළියට ගත්ත දවස්වල SJB නායකත්වය සහිතව පොදු පෙරමුණක් ගැන කතාබහ තිබුණා තමයි. ඒත් හරිහැටි සාකච්ඡා ගියේ නෑ. මේකට හේතුව පක්ෂ අභ්‍යන්තරයේ තිබුණු මත දෙකක්.
එක මතයක් තමයි සහභාගී විය යුතුයි කියන එක. රටේ ප්‍රධාන විපක්ෂය හැටියට කොහොම හරි මේ රැලියට ගිහින් රජයට විරෝධය පෙන්විය යුතුයි.
අනෙක තමයි නොගොස් සිටිය යුතුයි කියන එක. SJB හි මූලික මතවාදයට සම්පූර්ණයෙන්ම විරුද්ධ පක්ෂත් එක්ක එකම වේදිකාවක ඉඳගෙන කෑ ගහන එකෙන්, තමන්ගේ මූලික ආධාරකරුවන් ඈත් වෙනවා.
අන්තිමේදී දිනුවේ දෙවැනි කණ්ඩායම. "අපිට අපේ අනන්‍යතාවය පවත්වාගෙන යාමට සිදුව තිබෙනවා. අපේ දේශපාලන මතවාද වෙනස්" යැයි එස්.එම්. මරික්කාර් මන්ත්‍රීතුමා කියනවා. ඒ කියන්නේ, මේක 'දේශපාලනිකව නොගැළපෙන' සන්ධානයක් කියන එකයි.
විමල්ගේ 'කොන්දේසි' හා මදුරගේ 'ප්‍රශ්න'
රැලියෙන් පිට ගියේ SJB විතරක් නෙවෙයි. දිලිත් ජයවීර ගේ සර්වජන බලය සහ විමල් වීරවංශ ගේ ජාතික නිදහස් පෙරමුණ (NFF) ද නොඑන බවට ඉඟි පළ කළා.
මේ අතරින් විමල් වීරවංශ නම් පැහැදිලි කොන්දේසි දැම්මා. IMF වැඩසටහනට විකල්පයක්, සමලිංගික අයිතිවාසිකම් ප්‍රවර්ධනයට විරුද්ධ වීම, සහ 'යුද විරුවන් දඩයම් කිරීම' නැවැත්වීම වැනි 'ප්‍රධාන කරුණු' ගැන එකඟතාවක් නැතිව එකම වේදිකාවට නැගලා වැඩක් නැහැලු. ඒක ඇත්ත. රටේ ප්‍රධාන ප්‍රශ්න ගැන මතයක් නැතිව, එකතු වුණා කියලා වැඩක් නෑනේ.
ඒ වගේම සර්වජන බලයේ මදුර විතානගේ අහන ප්‍රශ්නය ඊටත් වඩා සැරයි. එයා කියන්නේ මේ සන්ධානයේ සාකච්ඡා කරන හැම දෙයක්ම ආපහු රජයට දෙන පිරිස් මේ පක්ෂ ඇතුළේ ඉන්නවා කියලයි. ඒ කියන්නේ මේ සන්ධානය පිටුපස ඉන්නේ රජයේම 'බළල් අතක්'ද කියන සැකයක් මතු වෙනවා.
හැබෑට ඒ කව්රු වෙන්න ඇද්ද? එයාට එහෙම දෙන්න වෙලා තියෙන්නෙ මොකක් හරි බ්ලැක් මේල් වීමක් නිසාද?
මහජන හඬට ජනකායක් එයිද?
කොහොම වුණත්, මහජන සන්ධානයේ නායක අනුර ප්‍රියදර්ශන යාපා නම් කියන්නේ, මේක 'ඒකාබද්ධ විපක්ෂයක්' පිහිටුවන්න කරන දෙයක් නෙවෙයිලු. රජයේ අසාධාරණ තීරණවලට එරෙහිව පොදු කාරණාවක් සඳහා විපක්ෂ පක්ෂ එක් කිරීම විතරයිලු අරමුණ. මැතිවරණයක් ආවම එයාලා වෙන වෙනම යාවිලු.
ඒත් ඇත්ත ප්‍රශ්නය මෙන්න මේකයි.
රටේ ප්‍රධාන විපක්ෂය වන SJB නැතිව, විමල් වීරවංශලා සහ දිලිත් ජයවීරලා වගේ පිරිස් එන්නෙත් නැතිව, මේ නුගේගොඩ රැළියට ලොකු සෙනඟක් ගෙන්නගන්න සංවිධායකයන්ට පුළුවන් වෙයිද?
විශාල සෙනඟක් ආවොත්, ප්‍රධාන පක්ෂ නැතිව වුණත් රජයට විරුද්ධව බලයක් පෙන්වන්න පුළුවන් බව ඔප්පු වෙනවා. එහෙම නොවුණොත්, මේ විපක්ෂයේ නො-එකඟතාව නිසා, මේ උත්සාහයත් අසාර්ථක වෙලා, රජයට 'හොඳ පාඩමක්' උගන්වන්න විතරක් ඉතිරි වෙයි!
ආණ්ඩුවත් ආණ්ඩුවේ..විපක්ෂයත් ආණ්ඩුවේ.

