SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ධාතූන් වහන්සේ වැඩමවීම

හෙයියන්තුඩුව, දේවමිත්ත පෙදෙසේ පිහිටි පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය (PALI AND SANSKRIT CULTURAL EXCHANGE CENTRE) තුළ පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීමේ පූජෝත්සවය නොවැම්බර් 01 වැනි දින උදෑසන පැවැත්විණි. මෙය ලොව ප්‍රථම හා එකම පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය වන Semkay Ling යි.

 

 WhatsApp Image 2025 11 01 at 15.13.11

 

 

අද (නොවැම්බර් 01) උදෑසන 6.00ට හෙයියන්තුඩුවේ ජයන්ති මාවතෙන් ගමන් ආරම්භ කරන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ රැගත් පෙරහැර, වෙස් නැටුම්, හේවිසි, කස ඇතුළු විචිත්‍රවත් අංගයන්ගෙන් සමන්විත විය.

 

ප්‍රධාන ආරාධිතයන් සහ ධාතූන් වහන්සේ භාරදීම

 

ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක, අති ගෞරවාර්හ ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ නාහිමිපාණන් වහන්සේ විසින් පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ තැන්පත් කිරීම සඳහා ලබා දුන් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ, පෙරහැරෙහි වැඩමවාගෙන පැමිණියේ ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි ලෝක පූජිත අති උතුම් ලින්ග් රින්පොචේ නාහිමිපාණන් වහන්සේ විසිනි.

 

අනතුරුව උන්වහන්සේ විසින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ සභාපති, ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා වෙත නිල වශයෙන් භාරදීම සිදු කරන ලදි.

 

WhatsApp Image 2025 11 01 at 14.27.50

 

 

අති උතුම් ලින්ග් රින්පොචේ නාහිමිපාණන් වහන්සේගේ වැඩමවීම

 

මෙම පූජෝත්සවය සඳහා ප්‍රධානත්වයෙන් වැඩම කළ අති උතුම් ලින්ග් රින්පොචේ නාහිමිපාණන් වහන්සේ, ලෝක පූජිත හිමි නමකි. උන්වහන්සේ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීම, මෙම උත්සවයේ අධ්‍යාත්මික වැදගත්කම තවදුරටත් ඉහළ නැංවීමට හේතු විය. උන්වහන්සේගේ සුරතින් සධාතුක රන් කරඬු වහන්සේ ධාතු මන්දිරයේ තැන්පත් කිරීම, ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා වෙත ධාතූන් වහන්සේ නිල වශයෙන් භාරදීම සහ දරුවන්ට පොත් පරිත්‍යාග කිරීම වැනි ප්‍රධාන කටයුතු සිදු කෙරිණි. උන්වහන්සේ බෞද්ධ සම්ප්‍රදායේ උසස් ගෞරවයකට පාත්‍ර වූ හිමි නමක් ලෙස සලකනු ලබයි.

 

WhatsApp Image 2025 11 01 at 15.13.12

 

ධාතු තැන්පත් කිරීම සහ ආගමික වතාවත්

 

WhatsApp Image 2025 11 01 at 14.39.53

 

 

අති උතුම් ලින්ග් රින්පොචේ නාහිමිපාණන් වහන්සේගේ සුරතින් සධාතුක රන් කරඬු වහන්සේ, අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරයෙහි නමස්කාර පූර්වකව තැන්පත් කිරීම සිදු විය. මෙම අවස්ථාවට ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක, අතිගෞරවාර්හ ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ නාහිමිපාණන් වහන්සේ ද සහභාගී වූහ.

 

ඉන්පසුව පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ උදෙසා පාලි සම්ප්‍රදායට අනුව හා සංස්කෘත සම්ප්‍රදායට අනුව උතුම් ආගමික වතාවත් සිදු කිරීම සහ පූජෝපහාරයන් පැවැත්වීම සිදු කෙරිණි. මෙම පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීම සඳහා මහනාහිමිවරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

 

WhatsApp Image 2025 11 01 at 14.39.52

 

 

සමගාමී පුණ්‍ය කටයුතු සහ තෑගි පිරිනැමීම්

 

 

පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීමේ පුණෝත්සවයට සමගාමීව, වෙනත් පුණ්‍ය කටයුතු කිහිපයක් ද සිදු කෙරිණි. අති උතුම් ලින්ග් රින්පොචේ නාහිමිපාණන්ගේ සුරතින් ප්‍රදේශවාසී දූ දරුවන් 100 දෙනෙකු සඳහා පොත් හා පාසල් උපකරණ ඇතුළු කට්ටලයක් බැගින් ලබා දීම සිදු කෙරුණි.

 WhatsApp Image 2025 11 01 at 15.13.13

එමෙන්ම, අති උතුම් ලින්ග් රින්පොචේ නාහිමි විසින් 'Kundun Happiness Retreat' භාවනා මධ්‍යස්ථානය උදෙසා ශෛල ප්‍රතිෂ්ඨාපනය කරන ලදි. මරණයට කැප වූ ගවයන් දෙදෙනෙකු නිදහස් කිරීම ද මෙම පුණෝත්සවයට සමගාමීව සිදු කෙරුණු තවත් පුණ්‍ය කටයුත්තකි.

 

 

අවසානයේදී, මැණික් ගලින් නිමවන ලද අති උතුම් ලින්ග් රින්පොචේ නාහිමිපාණන්ගේ ඡායාරූපයක් ද, ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා විසින් උන්වහන්සේට පිරිනමන ලදි.

 

WhatsApp Image 2025 11 01 at 14.28.59

 

 

මෙම වැඩසටහන බෞද්ධ සහෝදරත්ව පදනමෙහි සභාපති, පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා, සහ ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ප්‍රදේශ වාසීන්ගේ සහයෝගය ද ඇතිව සංවිධානය කර තිබිණි. ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.

 

 

නවතම ලිපි