SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්පාර්ටකස් ලිපි

 සත්තා ව 1

 

 

 

පසුගිය කොටස් හා සම්බන්ධයි.

ආශාව යනු හැම විටම අනෙකාගේ ආශාව වේ,

අලුත් සමාජ ගොඩනැංවීමක් යනු අලුත් පරාරෝපනයකි

ෆ්‍රොයිඩ් විසින් ලියන ලද “ශිෂ්ටාචාරය සහ එහි අසහනය” කෘතියේ සාකච්චා කරනුයේ බුද්ධිමය මැදිහත් වීම මගින් ගොඩනගන ලද සංස්කෘතික අසහනය පිළිබඳව නම් දැන් එම තත්වය සංස්කෘතිය තුල පමණක් නොව ‘ස්වභාවය’ තුලට ද අවතීරණ වී ඇත. ඒ ‘ස්වභාවය’ වෙතට වන බුද්ධිමය මැදිහත් වීම තුලය. මෙය අතීතයේ කිසිදා නොවූ විරූ තත්වයකි. 14 වන සියවසේ නූතන විද්‍යාව ආරම්භ වීමෙන් පසුව, කාර්මික ධනවාදය සමගින් ඇති වූ වුර්ධීන් පසු කරමින් අද පවතින තත්වයට පැමිණ ඇත. ඒ අනුව අප විසින් සපුරා ප්‍රතික්ෂේප කරනුයේ සහ එරෙහි වනුයේ සංස්කෘතිය වෙතට මෙන්ම ස්වභාවය වෙතට කරනා බුද්ධිමය (දැනුම) මැදිහත් වීමටයි.

දේශපාලන පරිකල්පනය තුළ වඩාත් රැඩිකල් මැදිහත්වීමක අවශ්‍යතාවය තහවුරු වන්නේ මෙම රේඛා ඔස්සේය. විවිධ බහුලතත්වයන්ගෙන් ගහන ධනවාදය සමඟ ගැටුමකට ආචාරධර්ම-දේශපාලන පරිකල්පනයේ පරිවර්තනයක් ද අවශ්‍ය වේ. එය තවදුරටත් පවතින දේශපාලන සමුද්දේශ රාමුව (විවිධ ආයතනික සහ සංස්ථාපිත “ආචාර ධර්ම කමිටු”) තුළ ආචාරධර්ම මාර්ගෝපදේශ වර්ධනය කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නොව ආචාරධර්ම දේශපාලනීකරණය කිරීම වර්ධනය කිරීමය (යථහි ආචාර ධර්ම). මෙහි ආරම්භක ලක්ෂ්‍යය ආත්මයේ කොන්දේසි විරහිත ස්වාධීනත්වය පිළිබඳ ආස්ථානයකි (කිසිඳු ආකාරයක ආධිපත්‍යකට භාජනය නොවිය යුතු බව). එය පිළිගන්නා මනුෂ්‍යයන් වශයෙන් අප අවසානයේ වගකීම දරන්නේ අපගේ ක්‍රියාවන්ට සහ ධනේශ්වර ක්‍රමයම ගොඩ නැගීම දක්වා සහ ලෝකය තුළ සිටීම සඳහා වන බව පිළිගත යුතුය. එසේම පවතින සමාජ ප්‍රතිමානයන්ගේ සරල සම්මතයන් සෑදීම, ශක්තිමත් කිරීම හෝ පිරිපහදු කිරීම වැනි ආචාර ධර්මවලින් බැහැරව යථෙහි ආචාර ධර්ම සම්මතය බිඳීම හරහා මතුවීමට නැඹුරු වෙනවා සේම නව දිශාවන් සොයා ගැනීම තුල, නිර්වචනය අනුව, ක්ෂිතිමය සහගත වෙනස්කම් වෙලාගත හැකි වනු ඇත. එනම්, අව්‍යාජ ආචාර ධාර්මික අභියෝගය තුල යථයි. එවැනි දේශපාලන ක්‍රියාකාරීත්වයකදී සෑම ක්‍රියාවක්ම අසාර්ථක වීමක් ලෙස දැනටමත් සලකුණු කරන, අසම්පූර්ණ වැනි ආකාරයෙන් අසමසම ක්ෂිතිජයක් ලෙස යථෙහි ආචාර ධර්ම සරලව අශඛ්‍ය බවට (හෝ අසීමිත අනේකත්වය) ජයගත නොහැකි ක්ෂිතිජයක් ලෙසට කල් නොදමන්නේ දැනටමත් සෑම ක්‍රියාවක්ම අසාර්ථක, අසම්පූර්ණ යනාදී ලෙස සලකුණු කරමිනි. ඒ වෙනුවට, එවැනි ආචාරධර්ම සම්පූර්ණයෙන්ම ආපාතිකත්වය පිළිගන්නා නමුත් එය කෙසේ වෙතත් සම්මත ආස්ථානයන්ගෙන් බිඳී යාමේ අර්ථයෙන් කළ නොහැකි (අශඛ්‍යතාව) දේ අවදානමට ලක් කිරීමට සූදානම් වේ. එය දේශපාලන අභිප්‍රේරණයක් පමණක් නොව දේශපාලනයෙන්ම ශක්තිය ලබා ගන්නා ආචාරධර්මයක් යැයි කිව හැකිය.

 

යථ (හෝ යථමය ආචාර ධර්ම) පිළිබඳ ආචාර ධර්ම යන්නෙන් අදහස් කරන්නේ අපගේ තීරණ (තීරණ ගැනීමට හැකි බව හෝ නොහැකි බව) සහ ක්‍රියාවන් (ක්‍රියා කිරීමට හැකි බව හෝ නොහැකි බව) අනුමත කරන ඕනෑම ආකාරයක සංකේතාත්මක අනෙකෙක් මත අපට විශ්වාසය තැබිය නොහැකි බවයි. එනම්, උදාහරණ ලෙස, විද්යාඥයින්ගේ විශේෂඥ දැනුම, කොටස් වෙළඳපොලේ “උදාසීන” මූල්‍ය දත්ත, නව ලෝක අනුපිළිවෙලෙහි ආර්ථික හා හමුදා සභා, දේශපාලන නිවැරදිභාවය පිළිබඳ විවිධ (විධිමත් සහ අවිධිමත්) විනිශ්චය මණ්ඩල, හෝ දෙවියන්ගේ, ස්වභාවධර්මයේ හෝ වෙළඳපොලේ කිසියම් අද්භූත නීති වැනි දෑය. ඒ අනුව විමුක්ති දේශපාලනය සඳහා ආචාරධාර්මික හඳුනාගැනීම පිළිබඳව රැඩිකල් සංස්කෘතියක් අවශ්‍යව ඇත. ඒ තුල සටන්කාමීත්වයේ විකල්ප ආකාරයන් සියල්ලට ප්‍රථම “ඔවුන්ම” සමඟම සටන් වැදිය යුතුවම ඇත. එනම්, ඔවුන් කිසිදු බාහිර/උසස් අධිකාරියක් මත විශ්වාසය නොතැබීම යන මූලික සදාචාරාත්මක අර්ථයෙන් සටන්කාමී විය යුතුම අතර, කළ නොහැකි දේ අවදානම ගැනීම සඳහා ධෛර්යමත් කරන දේශපාලන පරිකල්පනීයත්වයක් වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. දේශපාලන පරිකල්පනීයත්වයක් අවශ්‍ය වන්නේ සමාජ ගොඩනැංවීම්වාදයක් සඳහා නොව අධිකාරීත්වයට එරෙහි වීමේ විමුක්ති දේශපාලන ක්‍රියාව වෙනුවෙනි. ඒ පරරෝපනයෙන් අත්මිදීම සඳහාය.

ලැකාන් විසින් සෑම සමාජ ගොඩනැගීමකම පරාරෝපණ මානය ඉස්මතු කරයි. ලකාන්ට අනුව අලුත් සමාජ ගොඩනැංවීමක් යනු අලුත් පරාරෝපනයකි. ආශාව යනු හැම විටම අනෙකාගේ ආශාව වේ. එවිට සමාජ ගොඩනැංවීම (ගොඩනැංවීම්වාදය) පිලිගන්නෙහි නම් අපේ අශාවල් මේ ආකාරයම බව ද භාරගත යුතුයි.

 

නමුත් නිර්මල්ගේ හෝ වාමාංශයේ දේශපාලන ස්ථාවරය වන්නේ අශඛ්‍යතාව අවධානමට ලක් කිරීම නොව අශඛ්‍යතාව ජය ගැනීමේ මාවතයි. එය හොඳින්ම වටහා ගත හැක්කේ ඔහු පහත සබැඳියාවේ ඇති රූපවාහිනී සංවාදය තුල ප්‍රකාශ කොට සිටිනා ‘සුසමාදර්ශී මාරුව’ (‘paradigm shift’) පිලිබඳව අදහසිනි.

 

අර්නස්ටෝ ලැක්ලාව් ඔහුගේ කතිකාව සහ කතිකාව විශ්ලේෂණය පිළිබඳ න්‍යාය තුලින් ප්‍රකාශ කොට සිටියේ අර්ථයේ අර්බුදයක් පවතින විට සහ ප්‍රමුඛ කතිකාවට තවදුරටත් සමාජ යථාර්ථය ගණනය කල නොහැකි වූ විට සමාජය තුළ ‘සුසමාදර්ශය මාරුවීම්’ සිදු වන බවයි. මෙම සන්දර්භය තුළ, යථාර්ථය පිළිබඳ වෙනස් අර්ථකථනයක් ලබා දෙන සහ සමාජ හඳුනා ගැනීම සඳහා නව පදනමක් සපයන නව කතිකාවන් මතු වේ. ලැක්ලාව්ට අනුව, ‘සුසමාදර්ශී මාරුව’ යනු හුදෙක් එක් අදහස් මාලාවක් තවත් එකක් මගින් ප්‍රතිස්ථාපනය කිරීමේ කාරණයක් නොව, සමාජය තේරුම් ගන්නා ආකාරයෙන් වඩාත් මූලික පරිවර්තනයකි. ඔහුට අනුව මේ සඳහා සමාජ සම්බන්ධතා ප්‍රතිසංවිධානය කිරීම සහ දේශපාලන හා සමාජ සංවිධානයේ නව ආකෘති නිර්මාණය කිරීම අවශ්‍ය වේ.

 

නව කතිකාවන් සහ සමාජ අනන්‍යතා මතුවීම සමාජය කෙරෙහි තම ආධිපත්‍යය පවත්වා ගැනීමට උත්සාහ කරන අධිපති දෘෂ්ටිවාදයට එරෙහි ප්‍රතිරෝධයක් ලෙස දැකිය හැකි බව ලැක්ලාව් තර්ක කළේය. ලැක්ලාව් ගේ න්‍යායික ස්ථාවරය කෙසේ වෙතත් ඔහුගේ ඉදිරිපත් කිරීම් වලින් ගම්‍යය වන්නේ සහ ඒවා භාරගෙන ඇති පිරිස් පිළිගෙන ඇත්තේ විකල්ප කතිකාවන් සහ අනන්‍යතා නිර්මාණය කිරීමෙන්, ආන්තික කන්ඩායම්වලට අධිපති පිළිවෙළට අභියෝග කළ හැකි අතර වඩාත් සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට කටයුතු කළ හැකිය යන්නය. සමස්තයක් වශයෙන්, ‘සුසමාදර්ශී මාරුව’ පිළිබඳ ලැක්ලාව් ගේ කාර්යය සමාජ යථාර්ථය පිළිබඳ අපගේ අවබෝධය හැඩගැස්වීමේදී කතිකාවේ සහ භාෂාවේ වැදගත්කම සහ අධිපති බල සම්බන්ධතාවලට අභියෝග කිරීම සහ පරිවර්තනය කිරීම සඳහා අඛණ්ඩ විවේචනාත්මක පරාවර්තනය සහ විශ්ලේෂණයේ අවශ්‍යතාවය අවධාරණය කරයි.

නිර්මාල් තේරුම්ගත යුත්තේ අපගේ ස්ථාවරයට ‘කතිකා විශ්ලේෂණය’ අදාලම නැති බවය. ඉන් වෙනස්ව අපගේ ස්ථාවරය ‘නිර්ධනයා’ (‘Proletariat’) සහ දෘෂ්ටිවාදය විචාරයයි. මෙහිදී ‘නිර්ධනයා’ යනු පැරණි අර්ථයෙන් ‘නිර්ධනයා’ නොවේ. අපගේ අවධාරණය වන්නේ නව නිර්ධනීකරණයක් අවශ්‍ය බවයි.

 

කතිකා විශ්ලේෂණයේ ගිලී සිටින්නේ අනන්‍යතා සහිත ජන සමූහයන් (multitude) සංවිධානය කරනා අනන්‍යතා දේශපාලනය පිළිබඳව විශ්වාසයකින් පසු වන පශ්චාත් මාක්ස්වාදීන් සහ න්‍යායිකව පශ්චාත් මාක්ස්වාදී නොවූවද ව්‍යවහාරිකව එම ස්ථාවරයේ පිහිටා සිටිනා අනෙකුත් වාම පක්ෂ, කොටස්, කණ්ඩායම් සහ පුද්ගලයින්ය. කතිකා විශ්ලේෂණය ගොඩනැගී ඇත්තේම ලකාන්ගේ සිතීම ඩෙරීඩා, ඩිලුස් සහ ෆූකෝ සමග එකතු කොට ආකෘති ගත කිරීමෙනි. පශ්චාත් ව්‍යුහවාදයේ පදනම එයයි. ස්ලාවෝ ශිෂැක්ගේ ආරම්භයට පදනම වැටෙන්නේද ඒ හරහා වුවද පසුව ඔහු ඉතා රැඩිකල් ලෙස එම පදනමින් ඉවත් වේ. සත්තකින්ම කතිකා විශ්ලේෂණය විසින් සංවර්ධනය කොට ඇත්තේ රැඩිකල් අනුභූතිවාදයකි.

 

ලක්ලාව් මෙසේ පවසයි:  “‘සුසමාදර්ශ මාරුව’ යන සංකල්පය යෝජනා කරන්නේ හුදු අදහස්වල වෙනසක් නොව, නමුත් අප ලෝකය සහ එහි අපගේ ස්ථානය තේරුම් ගන්නා ආකාරයෙහි වඩාත් රැඩිකල් රූපාන්තරණයකි.”

 

කතිකා විශ්ලේෂණය ප්‍රතික්ෂේප කරනා අප හිටගන්නේ දෘෂ්ටිවාදය විචාරයේය (ideology critique). දෘෂ්ටිවාදය විචාරයේ පර්යාලෝකනය කතිකා විශ්ලේෂණයක් වෙතින් සම්පූර්ණයෙන්ම වෙනස් වන්නේ දෘෂ්ටිවාදය විචාරයට අනුව සමාජ යථාර්තය යනු තරඟකාරී කතිකාවන්ගේ සංකීර්ණ ක්‍රීඩාවක් නොවන බැවිනි. නමුත් ඊට ප්‍රතිපක්ෂව දෘෂ්ටිවාදය විචාරය යන්න එක් පුළුල් රාමුවක් මත පදනම් වූවකි. සත්තකින්ම විකල්ප සහ තරඟකාරී පර්යාලෝකනයන් පවතින්නේ මහා වැදගත් සෙයියාවන්ගෙනි (කකුල් පිට කකුල් දමාගෙන අත් කරකවමින් මහා බැරෑරුම් ලෙස පෙන්වා දීමට උත්සාහ කරන්නේ කතිකා විශ්ලේෂණය තුල විකල්ප සහ සමාජය වෙනස් කිරීම සඳහා අවශ්‍ය පර්යාලෝකනයයයි). නමුත් දෘෂ්ටිවාදය විචාරය තුල සමස්ත වශයෙන් ව්‍යුහාත්මක පර්යාලෝකන අවධාරණය පවතින්නේ එකක් මත (දෘෂ්ටිවාදය) පමණි.

 

දෘෂ්ටිවාදය විචාරය තුල විකල්ප හෝ එකිනෙකින් තරඟකාරී පර්යාලෝකනයන් ඉදිරිපත්වන්නේ නැත. නමුත් සමාජය තුල අනන්‍යතා නඩත්තු කිරීම සඳහා වන තත්වයක් වී ඇති වත්මන් වාම දේශපාලනයේ නියැලෙන්නන්ට හොඳින්ම ගැලපෙන්නේ විකල්ප සහ පර්යාලෝකනයන් ඉදිරිපත් කල හැකි කතිකා විශ්ලේෂණය පදනම් කොට ගත් අනන්‍යතා දේශපාලනයයි (identity politics). මේ සඳහා න්‍යායික ප්‍රවේශය ලබාගෙන ඇති ප්‍රමුඛයින් වන්නේ පශ්චාත් මාක්ස්වාදීන්ය. නමුත් ලකානියානු මනොවිශ්ලේෂණය ගැන කතා කරනා අය ද සැබවින්ම සිටගෙන සිටිනුයේ මෙම කතිකා විශ්ලේෂණය තුලම වීම ලකානියානු සිතීම පිළිබඳව ඔවුනගේ අවබෝධය පෙන්නුම් කරයි.

 

paradigm shift

‘paradigm shift’ (‘සුසමාදර්ශ මාරුව’) යන සංකල්පය පැමිණෙන්නේ තෝමස් සැමුවෙල් කූන් වෙතිනි. ලැක්ලාව් පසුව එය දේශපාලනය සඳහා කතිකා විශ්ලේෂණය තුලින් භාවිතයට ගන්නා ලදී.

තෝමස් කුන් තර්ක කොට සිටියේ විද්‍යාව සත්‍යය කරා ක්‍රමයෙන් පරිණාමය නොවන බවයි (එතෙක් පැවති අදහස වූයේ විද්‍යාව සත්‍යය කරා පරිණාමය වෙමින් පවතින බවය).

කූන්ට අනුව, වර්තමාන න්‍යායන්ට යම් සංසිද්ධියක් පැහැදිලි කළ නොහැකි වූ විට සහ යමෙක් නව න්‍යායක් යෝජනා කරන විට විද්‍යාවට ‘සුසමාදර්ශ මාරුවකට’ යාමට පෙර නියතව පවතින සුසමාදර්ශයක් පවතී.

ඒ අනුව විද්‍යාත්මක විප්ලවයක් සිදු වන්නේ: (i) නව සුසමාදර්ශය වඩාත් හොඳින් නිරීක්ෂණ පැහැදිලි කරන අතර, “වාස්තවික, බාහිර යථාර්ථයට” (විද්‍යාව විසින් නිර්මාණය කරගන්නා ‘වාස්තවික යථාර්තය’) සමීප වන ආකෘතියක් ඉදිරිපත් කරයි සහ (ii) නව සුසමාදර්ශය පැරණි සුසමාදර්ශය සමඟ නොගැලපේ.

උදාහරණයක් ලෙස, ලැමාර්කියන් පරිණාමය “ස්වභාවික වරණය” මගින් ඩාවින්ගේ පරිණාමවාදය සමඟ ප්‍රතිස්ථාපනය විය.

තෝමස් කුන්ගේ  ‘සුසමාදර්ශ මාරුව’ අප ලෝකය අවබෝධ කර ගන්නා සහ අර්ථකථනය කරන ආකාරයෙහි ප්‍රධාන වෙනස්කම් හරහා විද්‍යාව ඉදිරියට යන ආකාරය විස්තර කරයි. කූන්ට අනුව, විද්‍යාත්මක ප්‍රගතිය සිදුවන්නේ රේඛීය හෝ අඛණ්ඩ ආකාරයකින් නොව, විප්ලව මාලාවක් හෝ සුසමාදර්ශීය මාරුවීම් මගිනි.

කූන් තර්ක කළේ විද්‍යාත්මක ක්ෂේත්‍රයක මූලික උපකල්පන, සංකල්ප, ක්‍රම සහ ප්‍රමිතීන් නිර්වචනය කරන විශේෂිත රාමුවක් හෝ සුසමාදර්ශයක් තුළ විද්‍යාත්මක පර්යේෂණ සිදු කරන බවයි. මෙම සුසමාදර්ශය විද්‍යාඥයින්ට තම පර්යේෂණ කිරීමට, අනාවැකි පළ කිරීමට සහ ඒවායේ ප්‍රතිඵල අර්ථ නිරූපණය කිරීමට රාමුවක් සපයයි. න්‍යාය-ස්වාධීන කරුණු සමුච්චය කිරීමෙන් විද්‍යාව රේඛීයව ප්‍රගතිය කරා ගෙනයනවාය යන විද්‍යාවේ “සංවර්ධනය-සමුච්චය” වෙතට තෝමස් කුන් පහර දෙයි. කූන් විද්‍යාවේ ඉතිහාසය දෙස බලමින් තර්ක කළේ විද්‍යාව හුදෙක් මධ්‍යස්ථ නිරීක්ෂණ මත පදනම් වූ අදියර වලින් දියුණු නොවන බවයි. කූන් සඳහා, විද්‍යාවේ ඉතිහාසය විද්‍යාත්මක දෘෂ්ටියේ විප්ලවයන් මගින් සංලක්ෂිත වේ. විද්‍යාඥයින්ට ලෝක දැක්මක් හෝ “පරමයන්” ඇත. සුසමාදර්ශයක් යනු විශ්වීය වශයෙන් හඳුනාගත හැකි විද්‍යාත්මක ජයග්‍රහණයක් වන අතර, එය යම් කාලයක් සඳහා, විද්‍යා වෘත්තිකයන්ට, විද්යාඥ ප්‍රජාවකට ආදර්ශ ගැටලු සහ විසඳුම් සපයයි. සුසමාදර්ශයක් යනු විද්යාඥ ප්‍රජාවේ සාමාජිකයන් වැඩ කරන උපකල්පන, ප්‍රධානයන් සහ ක්‍රමවල මූලික රාමුවකි.

කූන්ට අනුව නූතන විද්‍යාව ආරම්භයේ සිට මේ දක්වා ගතහොත් සාමාන්‍ය කාල වකවානු, එනම් විද්‍යාව නිශ්චලව ගලා යන කාල-වකවානු සහ මහත් කැලඹුම් සහිත විප්ලවීය වකවානු යනුවෙන් පැහැදිලි කාල-වකවානු දෙකක් හඳුනාගත හැකිය. ඔහුට අනුව මෙය එකතරා රටාවකි. එම දීර්ග නිශ්චලව ගලා යන කාල පරාසයන් තුල කටයුතු සිදු වීම සාමාන්‍ය විද්‍යාව (normal science) ලෙස ද යම් විශේෂිත, අර්බුධකාරී කාලවකවානු වලදී සිදුවන විශාල කැළඹීම් සහගත සිදුවීම් විප්ලවීය විද්‍යාව (revolutionary science) ලෙසත් කූන් විසින් හැඳින්වීය.

කූන්ගේ ස්ථාවරයට අනුව නූතන විද්‍යාවේ ඕනෑම ක්ෂේස්ත්‍රයක පදනම් ප්‍රවාදයක් හෝ කිහිපයක් හඳුනාගත හැකිය. එම පදනම් ප්‍රවාද වල පසුබිමෙහි නොයෙකුත් විවිධ උපකල්පනයන් සහ එම ප්‍රවාද හෝ ප්‍රවාදයක් ඇසුරෙන් ලෝකය දකින ආකාරය, එනම් (ලෝක දැක්ම) අන්තර්ගතව පවතී. මෙම පදනම් ප්‍රවාදය හෝ ප්‍රවාද පසුබිමෙහි ඇති උපකල්පන, දෘෂ්ටිය, ඇතුළු නොයෙක් දේ වලින් සමන්විත සමස්තය ‘සුසමාදර්ශය’ (‘paradigm’) ලෙස සරල අර්ථයෙන් සැලකිය හැකිය.

එය විද්‍යාඥයින්ට සිතිය යුතු සහ හැසිරිය යුතු ආකාරය පවසන සම්මතයන් සමූහයක් වන අතර විද්‍යාවේ ප්‍රතිවාදී චින්තන ගුරුකුල ඇතත්, සියලුම විද්‍යාඥයින් විවේචනාත්මකව පිළිගන්නා එකම සුසමාදර්ශයක් එකලට පවතී. විෂමතා මතුවන තුරු විද්‍යාඥයන් අධිපති සුසමාදර්ශය පිළිගනිමින් කටයුතු කරගෙන යයි. එය ලෝක දැක්මක් ද වේ.

සුසමාදර්ශය මෙකී සමස්තය ‘විද්යාඥ ප්‍රජාවකගේ’ (‘scientific community’) ශාස්ත්‍රීය ගමනේදී අනුගමනය කල යුතු රාමුගත විනය න්‍යායක් හෙවත් නොබිඳිය යුතු රීතී ප්‍රතිපදාවක් ලෙස එක් ආකාරයකට යොදා ගැනේ. පදනම් ප්‍රවාදයක් හෝ ප්‍රවාද කිහිපයක් සහ පසුබිම් උපකල්පන ලෝක දෘෂ්ටිය වැනි දේවලින් සමන්විත සමස්තයක් විද්යාඥ ප්‍රජාවගේ නොබිඳිය යුතු, උල්ලංඝනය නොකළ යුතු නීති ප්‍රතිපදාවක් ලෙස ක්‍රියාත්මක වන විට එම සමස්තයට සුසමාදර්ශයක් යයි කිව හැකිය.

 

ඒ අනුව “සාමාන්ය විද්‍යාව” (වඩාත් පොදු වන අතර විද්‍යාව සාමාන්‍යයෙන් ස්ථාවර වේ) අදාළ විනය තුළ නීත්‍යානුකූල වැඩ සඳහා අඩිතාලම දමන සුසමාදර්ශයක් ස්ථාපිත කර ඇත. එවිට විද්‍යාත්මක කාර්යය සමන්විත වන්නේ පැමිණෙන ප්‍රහේලිකා විසඳීමේදී සුසමාදර්ශය ප්‍රකාශ කිරීමෙනි. සුසමාදර්ශයක් යනු පර්යේෂණ සඳහා සාම්ප්‍රදායික පදනමක් වන අතර එය පූර්වාදර්ශයක් සපයයි. විසඳුම් වලට ප්‍රතිරෝධය දක්වන ප්‍රහේලිකා විෂමතා ලෙස සැලකේ. මෙම විෂමතා කාලයත් සමඟ පැහැදිලි කළ හැකි බව විද්‍යාඥයින් විශ්වාස කරන බැවින් විෂමතා ඉවසා දරා සිටින අතර න්‍යාය ප්‍රතික්ෂේප කිරීමට ඒවා හේතු නොවේ. විද්‍යාඥයන් ඔවුන්ගේ කාලයෙන් වැඩි කාලයක් ගත කරන්නේ ආදර්ශ චන්ක්‍රමණ පියවරේ, මතුවී ඇති විෂමතා සමඟ සටන් කරමිනි. ඔවුන් මෙය දැන හෝ නොදැන හෝ එය පිළිගන්නවා විය හැකිය. සාමාන්‍ය විද්‍යාවට විවේචනාත්මක නොවීම අවශ්‍ය වේ. සියලුම විද්‍යාඥයින් න්‍යායක් විවේචනය කර එය අසත්‍ය කිරීමට කාලය ගත කළේ නම්, කිසිදා සවිස්තරාත්මක කාර්යයක් සිදු නොවනු ඇත.

 

තවදුරටත් ඒ තත්වය විස්තර කරන්නේ නම්, මෙම සුසමාදර්ශය මගින් ලෝකය (හෝ විශ්වය) සමන්විත වන්නේ කිනම් දේ වලින් ද, ඒවා එකිනෙක සමගත් මිනිසාගේ පංචේන්ද්‍රියන් සමගත් අන්තර්ක්‍රියා කරන්නේ කෙසේ ද, මේවා පිළිබඳව අර්ථාන්විතව නැගිය හැකි ප්‍රශ්න මොනවා ද අදාළ ප්‍රවාදයට සාක්ෂි වශයෙන් සැලකිය හැක්කේ කුමන දේ ද, අදාළ විද්‍යා ක්ෂේස්ත්රයට කේන්ද්‍රීය වන ප්‍රශ්න මොනවා ද, එවැනි ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් සැලකිය හැක්කේ මොනවා ද, සැලසුම් කල යුතු පරීක්ෂණ මොනවා ද, අදාළ විද්‍යා ක්ෂේස්ත්‍රයේ ප්‍රපංච සඳහා දිය හැකි පැහැදිලි කිරීම් කවරේ ද, යන ප්‍රශ්න වලට ලබා දෙන පිළිතුරු සමුදාය සුසමාදර්ශයක් විසින් තීරණය කරනු ලබයි.

 

නූතන විද්‍යාවේ නිසංසලව අර්බුධයක් නොමැතිව ගලා යන කාල වකවානු ඉතා දීර්ග වන අතර එවැනි සාමාන්‍ය විද්‍යාව ක්‍රියාත්මක වන කාල වකවානු බහුලය. මේ සාමාන්‍ය විද්‍යා වකවානු වලදී සිදුවන්නේ අදාළ ක්ෂේස්ත්‍ර වල විද්යාඥ ප්‍රජාව අතර සම්මත වී ඇති සුසමාදර්ශය මත පදනම්ව පර්යේෂණ සහ අනෙකුත් ශාස්ත්‍රීය කටයුතු කරගෙන යාමයි. මේ කාල වලදී සුසමාදර්ශය කිසිම ලෙසකින් ප්‍රශ්න නොකෙරෙන අතර කිසිඳු සැකයකට හෝ භාජනය නොවේ. එහෙත් මෙලෙස කට යුතු සිදුවන අතර තුර සුසමාදර්ශය මත පදනම්ව කෙරෙන පරීක්ෂණ වලින් ලැබෙන අනාවැකි අසාර්ථක වන අවස්ථා සහ අදාළ ක්ෂේස්ත්‍රයේ යම් ප්‍රපංච පැහැදිලි කිරීමට නොහැකි අවස්ථා ඉඳ හිට හමු වේ. මෙසේ සම්මත සුසමාදර්ශයක් සමග නොපෑහෙන අවස්ථා විද්‍යාඥ ප්‍රජාව අතර ප්‍රභල කම්පන ඇති කිරීමට සමත්වන්නේ නම් විද්‍යාඥ ප්‍රජාව අතර එම සුසමාදර්ශය පිළිබඳව විශ්වාසය පලුදු වීමට පටන් ගනී. මේ අතර වෙනත් විකල්ප ප්‍රවාද අර්බුධයට තුඩු දී ඇති සුසමාදර්ෂයට පදනම් ව ඇති ප්‍රවාදයට අභියෝග කිරීම ද සිදු වෙයි.

 

අර්බුදය තුල සුසමාදර්ශ මාරුව සිදු වන්නේ මෙහිදීය. විෂමතා බරපතල වන අතර, විෂමතාවන් සුසමාදර්ශයේ මූලික උපකල්පනවලට පටහැනි වීම සහ ඒවා ඉවත් කිරීමට උත්සාහ කිරීම අඛණ්ඩව අසාර්ථක වුවහොත් අර්බුදයක් වර්ධනය වේ. මෙම තත්වයන් යටතේ, සුසමාදර්ශය යෙදීමේ නීති ලිහිල් වේ. ඒ අනුව පවතින සුසමාදර්ශයට අභියෝග කරන අදහස් වර්ධනය වේ. අර්බුදයකදී, තරඟකාරී න්‍යායන් කිහිපයක් ඇති ‘අසාමාන්‍ය විද්‍යාව’ ඉස්මතුවේ. විෂමතා විසඳිය හැකි නම්, අර්බුදය අවසන් වී, ‘සාමාන්ය විද්යාව’ නැවත ආරම්භ වේ. එසේ නොවේ නම්, සුසමාදර්ශය වෙනස් කිරීම ඇතුළත් විද්‍යාත්මක විප්ලවයක් ඇතිවීමට නියමිතය.

එක්තරා අවස්ථාවකදී පවතින සුසමාදර්ශය ප්‍රතික්ෂේප කොට විකල්ප සුසමාදර්ශයක් පිළිගැනීමට විද්‍යාඥ ප්‍රජාව විසින් තීරණය කරනු ලබයි. මෙවන් අවස්ථාවක් විද්‍යාවේ විප්ලවයක් ලෙස තෝමස් කූන් විසින් හැඳින්වීය.

 

“සාමාන්‍ය විද්‍යාව, බොහෝ විද්‍යාඥයින් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ මුළු කාලයම පාහේ ගත කරන ක්‍රියාකාරකම්, ලෝකය කෙබඳුදැයි විද්‍යාඥ ප්‍රජාව දන්නා උපකල්පන මත පුරෝකථනය කර ඇත. ව්‍යාපෘතියේ සාර්ථකත්වයෙන් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ, අවශ්‍ය නම්, සැලකිය යුතු පිරිවැයකින් එම උපකල්පනය ආරක්ෂා කිරීමට විද්‍යාඥ ප්‍රජාව දක්වන කැමැත්ත මගිනි. නිදසුනක් වශයෙන්, සාමාන්‍ය විද්‍යාව, බොහෝ විට මූලික නව්‍යතා යටපත් කරයි, මන්ද ඒවා එහි මූලික කැපවීම් අවශ්‍යයෙන්ම කඩාකප්පල් කරන බැවිනි”.

විප්ලවය අවසානයේදී, නව සුසමාදර්ශයක් ස්ථාපිත වනු ඇත, නමුත් එසේ වන්නේ තර්කානුකූලව බලගතු සාධාරණීකරණයක් නිසා නොවේ. සුසමාදර්ශයක් තෝරා ගැනීමට හේතු තීරණය වන්නේ ඊගෝ (ego) සම්බන්ධතා තුල සහ සමාජ සාධක මත වේ (මේ තත්වය පැහැදිලි කල හැක්කේ මනොවිශ්ලේෂණනි). නව සුසමාදර්ශය නිරීක්ෂණ වඩාත් හොඳින් පැහැදිලි කරන අතර නූතන විද්‍යාවේ “වාස්තවික, බාහිර යථාර්ථයට” සමීප වන ආකෘතියක් ඉදිරිපත් කරයි.

 

සුසමාදර්ෂයන් වෙනස් වීම සඳහා නිදසුන් ලෙස සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳව ටොලමිගේ සුසමාදර්ශය විතැන් වී කොපර්නිකස්ගේ සුසමාදර්ශය පිළිගැනීම, ලැමාර්කියන් පරිණාමය “ස්වභාවික වරණය” මගින් ඩාවින්ගේ පරිණාමවාදය සමඟ ප්‍රතිස්ථාපනය, භෞතික විද්‍යා ක්ෂේස්ත්රයේ නිව්ටෝනියානු සුසමාදර්ශය විතැන් වී අයින්ස්ටයිනියානු සුසමාදර්ශය පිළිගැනීමට ලක්වීම වැනි අවස්ථා හැඳින්විය හැකිය. ඒවා විප්ලවීය අවස්ථාවන්ය.

තෝමස් කූන් විසින් සිදු කල තීරණාත්මකම ප්‍රකාශය වූයේ විද්‍යාවේ සිදුවන විප්ලවයකදී එක් සුසමාදර්ශයක් විතැන් වීම, එනම් සුසමාදර්ශී වෙනසක් සිදු වීම තුල නව සුසමාදර්ශය සහ පැරණි සුසමාදර්ශය අතර කිසිඳු සම්බන්ධයක් නැතැයි ප්‍රකාශ කිරීමයි. එනම්, විවිධ සුසමාදර්ශයන් අසමසම ලෙස සලකනු ලැබෙන අතර නව සුසමාදර්ශය පැරණි සුසමාදර්ශයේ නීති මගින් ඔප්පු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නොහැකි අතර, අනෙක් අතට. විවිධ සුසමාදර්ශ ශ්‍රේණිගත කිරීම සඳහා ස්වභාවික මිනුමක් හෝ පරිමාණයක් නොමැත. මෙය ඉතාමත්ම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් විය. ඒ සඳහා කූන් විසින් ඉදිරිපත් කල සංකල්පය වූයේ අසම්මේයතාවය (incommensurability) නමැති සංකල්පයයි. එනම් විද්‍යාවේ විප්ලවයකදී සිදුවන සුසමාදර්ශී වෙනසකදී පිළිගැනීමට ලක්වන නව සුසමාදර්ශය සහ පැරණි සුසමාදර්ශය එකිනෙකට අසම්මේය (incommensurable) වේ. ප්‍රවාද දෙකෙන් එක් ප්‍රවාදයක් මගින් ඉදිරිපත් කරන දෑ අනෙක් ප්‍රවාදයේ අඩංගු සංකල්ප වලින් ප්‍රකාශ කල, පැහැදිලි කල නොහැකි නම් එම ප්‍රවාද දෙක අසම්මේය වේ. තවත් ආකාරයකට එය ප්‍රකාශ කරන්නේ නම් අසම්මේය ප්‍රවාද දෙකක් එකම මිනුම් දණ්ඩකින් සන්දන්දනය කල නොහැකිය. විද්‍යාවේ සිදු වන මෙම විප්ලව හෙවත් සුසමාදර්ශී මාරුව පැහැදිලි කිරීම සඳහා තෝමස් කූන් විසින් ඉතා සරල සහ විනිවිධ යන උපමාවක් ගෙනහැර දැක්වීය. එහිදී කූන් විසින් ප්‍රකාශ කරන ලද්දේ එම තත්වය (සුසමාදර්ශී මාරුව) අදාළ විද්යාඥ  ප්‍රජාව වෙනත් ආගමක් වැළඳ ගැනීමට සමාන තත්වයක් බවය. ඔහුට අනුව එතෙක් පැවති සුසමාදර්ශය, එනම් ප්‍රතික්ෂේප වූ  සුසමාදර්ශය සමග ගොඩනැගුන දැනුම් සම්භාරය එම සුසමාදර්ෂයට සාපේක්ෂව වලංගු සහ සංගත වේ. එනම් එය එක්තරා අකාරයකට ලෝකය දෙස බැලීමකි. එනම්, ලෝක දැක්මකි. නව සුසමාදර්ශය මත පදනම්ව ගොඩ නැගුන නව දැනුම් සම්භාරය නව සුසමාදර්ෂයට සාපේක්ෂව වලංගු සහගත වේ. එය තවත් ලෝක දැක්මකි. ඒ අනුව කූන් පවසා සිටියේ නූතන විද්‍යාවේ යම් වකවානුවකදී යම් ක්ෂේස්ත්‍රයකට අදාළ දැනුම් සම්භාරය එම වකවානුවේ සුසමාදර්ෂයට සාපේක්ෂ බවය. මේ හේතුවෙන් නූතන විද්‍යාඥයින් හා නූතන විද්‍යාව මත පදනම් වූ දාර්ශනිකයින් දැඩි ලෙස කූන් විවේචනය කරන ලදී.

තා රා වා

කූන්, විට්ගන්ස්ටයින් විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද තාරා-හාවා දෘශ්‍ය මිත්‍යාව භාවිතා කළේ, සුසමාදර්ශීය වෙනසක් මගින් කෙනෙකුට එකම කරුණ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකින් දැකීමට හැකි වන ආකාරය නිරූපණය කිරීමටය. කූන් සංජානනීය වෙනසක් අත්විඳ ඇත. කරුණු එක සමාන වුවත් ඔහු ඒවා දෙස බලා සිටියේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකටය. Kuhn මෙය ගෙස්ටාල්ට් රූපයක් (Gestalt image) සමඟ සිදුවන සංජානනයේ මාරුව හා සසඳයි. උදාහරණයක් ලෙස, මෙම සම්භාව්‍ය රූපයේ, ඔබට හාවෙකු සහ තාරාවෙකු අතර මාරුවීම කළ හැකි නමුත් ඔබට දෙකම එකවර තබා ගත නොහැක. ඔබේ සාවදානභාවය එක් සංජානනීය මාදිලියක සිට තවත් සංජානනීය මාදිලියකට මාරු වේ. සුසමාදර්ශී වෙනසකට භාජනය වීම යනු මෙයයි – සමස්ත ලෝකය සහ එහි ඇති සියලු කරුණු සම්පූර්ණයෙන්ම නව සහ වෙනස් පැතිකඩක් ගනී.

 

තෝමස් කූන් විසින් විද්‍යාවට අදාලව පැහැදිලිව පෙන්වා දී ඇති කාරණය වන්නේ විද්‍යාව ඉදිරියට ගමන් කරනුයේ සුසමාදර්ශී මාරුවීම් තුලින්ය යන්නයි. එසේම සමාජ-දේශපාලන ක්ෂේස්ත්‍රයේදී (විද්‍යාව මින් වෙන්කළ නොහැකිය) අපට පැවසිය හැක්කේ ධනවාදය ඉදිරියට ගමන් කරවනුයේ සුසමාදර්ශී මාරුවීම් තුලින්ය යන්නයි. මෙසේ සමාජ සුසමාදර්ෂයන් විතැන් කිරීම සිදුකරනුයේ සිවිල් සමාජය විසිනි (විද්‍යාවේ සීමාව තුල විද්යාඥ ප්‍රජාව සේම). නිර්මාල් යනු එම සිවිල් ප්‍රජාවේ නියෝජිතයෙකි. එබැවින් අප සුසමාදර්ශී මාරුවීම් වෙනුවෙන් ක්‍රියා නොකරනවා මෙන්ම ඒ වෙනුවෙන් පෙනීසිටීම ද සිදුනොකරයි.  

 

විද්‍යාවේ දර්ශනය තුල එතෙක් පිළිගැනීමට ලක්ව තිබූ කාල් පොපර්ගේ ‘අසත්‍යක්ෂණය’ (‘falsification’) ප්‍රතික්ෂේප කරමින් තෝමස් කූන් විසින් විද්‍යාවට අදාලව පැහැදිලිව පෙන්වා දී ඇත්තේ විද්‍යාව ඉදිරියට ගමන් කරනුයේ ‘සුසමාදර්ශී මාරුවීම්’ තුලින්ය යන්නයි. එසේම සමාජ-දේශපාලන ක්ෂේස්ත්‍රයේදී (විද්‍යාව මින් වෙන්කළ නොහැකිය) අපට පැවසිය හැක්කේ ධනවාදය ඉදිරියට ගමන් කරවනුයේ සුසමාදර්ශී මාරුවීම් තුලින්ය යන්නයි. මෙසේ සමාජ සුසමාදර්ෂයන් විතැන් කිරීම සිදුකරනුයේ සිවිල් සමාජය විසිනි (විද්‍යාවේ සීමාව තුල විද්යාඥ ප්‍රජාව සේම). සිවිල් සමාජයේ ප්‍රමුඛතම ප්‍රජාව වන්නේ ද විද්යාඥ ප්‍රජාවයි. එබැවින් අප සුසමාදර්ශී මාරුවීම් වෙනුවෙන් ක්‍රියා නොකරනවා මෙන්ම ඒ වෙනුවෙන් පෙනීසිටීම ද සිදුනොකරයි. විමුක්ති දේශපාලනය ක්‍රියාකළ යුත්තේ සුසමාදර්ශී වෙනසක් වෙනුවෙන් නොවේ.

නිර්මාල්ට මෙහිදී පැවසීමට කාරනාවක් ඉතුරු වේ (නිර්මාල්ට පමණක් නොව සියලු බුද්ධි-බරවාවාදීන්ට). ඒ ගෝල්ෆේස් ආතල්ගම අරගලට යනු ජනතා නැගිටීමක් බවත්, සුසමාදර්ශි මාරුව සිදු වූයේ ජනතා නැගිටීම තුලින් බවත්ය. එය එසේ නම් සුසමාදර්ශී මාරුව යන්න ඒ සඳහා භාවිතා කල නොහැකිය (නමුත් එය එසේ නොවේ). මන්ද කූන් විසින් පැහැදිලිව පෙන්වා දී ඇති පරිදි සුසමාදර්ශය යන්න අර්ථවත් වන්නේ, ‘වාස්තවික යථාර්තය’ පිළිගැනීම, සුසමාදර්ශයක් සතුව විශේෂිත මූලික උපකල්පන, සංකල්ප, ක්‍රම සහ ප්‍රමිතීන් නිර්වචනය කරන විශේෂිත රාමුවක් ඇති බව, ඒ අනුව විද්‍යාවේ නිරීක්ෂණ යනු හුදෙක් මධ්‍යස්ථ නිරීක්ෂණ නොවන බවත්, ඒ අනුව විද්‍යාඥයින් හට ලෝක දැක්මක් හෝ “පරමයන්” ඇති බවත්, එය යම් කාලයක් සඳහා, විද්‍යා වෘත්තිකයන්ට, විද්යාඥ ප්‍රජාවකට ආදර්ශ ගැටලු සහ විසඳුම් සපයන බවත්, එබැවින් සුසමාදර්ශය යනු විද්‍යාඥයින්ට සිතිය යුතු සහ හැසිරිය යුතු ආකාරය පවසන සම්මතයන් සමූහයක් වන අතර විද්‍යාවේ ප්‍රතිවාදී චින්තන ගුරුකුල ඇතත්, සියලුම විද්‍යාඥයින් විවේචනාත්මකව පිළිගන්නා එකම සුසමාදර්ශයක් එකලට පවතින බවත්, සුසමාදර්ශය මෙකී සමස්තය විද්යාඥ ප්‍රජාවකගේ (scientific community) ශාස්ත්‍රීය ගමනේදී අනුගමනය කල යුතු රාමුගත විනය න්‍යායක් හෙවත් නොබිඳිය යුතු රීතී ප්‍රතිපදාවක් ලෙස එක් ආකාරයකට යොදා ගන්නා බවත්, පදනම් ප්‍රවාදයක් හෝ ප්‍රවාද කිහිපයක් සහ පසුබිම් උපකල්පන ලෝක දෘෂ්ටිය වැනි දේවලින් සමන්විත සමස්තයක් විද්යාඥ ප්‍රජාවගේ නොබිඳිය යුතු, උල්ලංඝනය නොකළ යුතු, නීති ප්‍රතිපදාවක් ලෙස ක්‍රියාත්මක වන විට එම සමස්තයට සුසමාදර්ශයක් යයි කිව හැකි බවත්ය. එසේම විද්‍යා ක්ෂේස්ත්‍රයේ ප්‍රපංච සඳහා දිය හැකි පැහැදිලි කිරීම් කවරේ ද, යන ප්‍රශ්න වලට ලබා දෙන පිළිතුරු සමුදාය සුසමාදර්ශයක් විසින් තීරණය කරනු ලබයි.

ඒ අනුව පැවසිය හැක්කේ සුසමාදර්ශයක් නිර්මාණය වන්නේ සාමාන්‍ය මිනිසුන් අතරින් නොවන බවයි. එනම් සුසමාදර්ශය යන්න පැහැදිලිවම අයත් වන්නේ සමාජයට ඉහලින් සිටිනා සිවිල් ප්‍රජාවකටය. එය ඔවුන්ගේ කටයුතු වලට අදාළ තත්වයක් මිස (ඉහතින් විස්තර කොට ඇත) සාමාන්‍ය මිනිසුන්ට අදාළ වන හෝ ප්‍රවේශ විය හැකි තත්වයක් ද නොවේ (විද්යාඥ ප්‍රජාවේ සාමාජිකයෙකු විය හැක්කේ එසේ නොමැති නම් සිවිල් සමාජයට ප්‍රවේශය ලබා ගත හැක්කේ විශිෂ්ට දක්ෂයින් හට පමණි). ඒ අනුව සිදු වන්නේ විද්යාඥ ප්‍රජාව ඇතුළු සිවිල් සමාජය විසින් සිදු කරනුයේ ඔවුන්ට අදාළ “ලෝක දැක්ම” ඇතුළු ලෝකය සකස් විය යුතු ආකාරය, මිනිසුන්ට අදාළ සියලු දේ, ගහ-කොළ සතා සිවුපාවා ඇතුළු සකල විධ ක්ෂේස්ත්‍රයන් සියල්ල වටකරන කතිකාව සමාජ ගත කිරීමයි [“විශ්ව විද්‍යාල කතිකාව”… ලකාන්ට අනුව ‘ධනවාදී කතිකාව’ (‘Capitalist Discourse’) යනු ‘ස්වාමි කතිකාව’ (‘Discourse of the Master’) සහ ‘විශ්ව විද්‍යාල කතිකාවේ’ (‘Discourse of the University‘) විපරීත සම්භෝගයේ ප්‍රතිපලයයි]. මෙය සිදුවන්නේ “දෘෂ්ටිවාදී රාජ්ය උපකරණ” (Ideological State Apparatuses) හරහාය. දෘෂ්ටිවාදී රාජ්ය උපකරණ රාජ්‍යයක් තුල මෙන්ම රාජ්‍යයන් අතර ලෙස ද ව්‍යාප්ත වී ඇත. ඒ අනුව ගෝල්ෆේස් අරගලයට සහභාගී වූ ජනයා යනු ‘ධනවාදී කතිකාව’ හොඳින්ම දරාගෙන සිටි ලංකාව තුල පිරිස වන අතර ඒ තුලින් ඔවුන් ඉල්ලා සිටියේ ධනවාදයට අදාළ ඊළඟ වෙනසයි (system change). නිර්මාල්ලා විසින් ගෝල්ෆේස් විශ්ව විද්‍යාලය පිහිටුවා, පුස්තකාලයක් ද දමා එහි ධර්ම සජ්ජායානාවන් පවත්වනුයේ ඔවුන්ට අවශ්‍ය, ඔවුන්ගේ ලෝක දැක්මට අදාළ ලෙස, ඔවුන් කැමති “system change” එකක් වෙනුවෙනි. නමුත් එය සිගිති සෙල්ලම් ගෙයක් පමණක් බවට පත්විය. සැණකෙළි භූමියක් වූ එහි දිනපතා විශේෂ සංදර්ශන පැවැත්වුන අතර ඒවා විසින් ආතල්ගම වර්ණවත් කරන ලදී. අප එකල ද ඊට අදාළ අපගේ විශ්ලේෂණය සිදුකරන ලදී.

මේ ඊට අදාළ සබැඳියයි:

http://www.spartacus.lk/%e0%b6%ba%e0%b7%9d%e0%b6%b0%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a%e0%b6%ba/2022/

 

සුසමාදර්ශී මාරුව සඳහා වන නිර්මාල්ගේ ප්‍රවේශය මූලික වශයෙන්ම සිදු වන්නේ ඉතිහාසය පදනම් කොට ගනිමිනි. ඒ අර්ථයෙන් නිර්මල් පමණක් නොව සමස්ත ලෝකයම පදනම් වී ඇත්තේ ඩාවිනියානු පරිනාමවාදය මතය (නිර්මාල් විසින් ඔහුට එල්ල කරන මෙම විවේචනය එකහෙලා ප්‍රතික්ෂේප කරනු නොඅනුමානය). “වාර්ගික සත්තාව” (species–being)  අත්පත් කොටගැනීම නමැති යථමය දේශපාලන ස්ථාවරයක් දැරූ මාක්ස්වාදය පවා ඊට යටවිය. මාක්ස් හට ඉතිහාසය පිළිබඳව ග්‍රස්තියෙන් ගැලවීමට නොහැකිවීම සමස්ත වාමාංශික දේශපාලනයේ ඉරණම තීන්දු වීමට බලපෑවේය.

 

බොහෝ දෙනෙකුගේ පිළිගැනීම වන්නේ චාල්ස් ඩාවින් විසින් මානව පරිනාමයේ ඉතිහාසය විද්‍යාත්මකව ඉදිරිපත්කොට ඇති බවයි.

බොහෝ දෙනෙකුගේ පිළිගැනීම වන්නේ චාල්ස් ඩාවින්ගේ පරිනාමවාදය මගින් එතෙක් පැවති මැවුම්වාදය ප්‍රතික්ෂේප වූ බවය (එනම් එක් දෘෂ්ටිවාදයක් ප්‍රතික්ෂේප වී වෙනත් දෘෂ්ටිවාදයක් එම ස්ථානය හිමිකොටගෙන ඇත). එසේ පිළිගන්නා අයට අනුව එය ප්‍රගතිශීලීත්වයකි. ඩාවින්වාදය, සහ එහිම රූපකයක් වන “ඓතිහාසික භෞතිකවාදය” නොපිලිනොගන්නේ යයි පවසන අය සැබවින්ම සිටිනුයේ පරිණාමවාදී ස්ථාවටයේම බව ඔවුන්ට නොවැටහේ. නිර්මාල් ද එවැන්නෙකි. එම තත්වය මෙසේ පැහැදිලි කල හැකිය.

ආත්මීයත්වය පිළිබඳව නූතන දර්ශනයේ මූලික විරුද්ධාභාසය වන්නේ අනුභූතික මිනිසාගේ නින්දාසහගතභාවය සහ ලෝකෝත්තර ආත්මයේ උත්කෘෂ්ටභාවයයි. ෆොයාබාක් පිළිබඳව මාක්ස්ගේ හතරවන තිසීසය මෙහිදී මතක් කල යුතුමය.

“ආගමික ස්වයං පරාරෝපනය යන කාරණය වෙතින් ෆොයාබාක් ආරම්භ කරන්නේ, ලෝකයේ ද්විකරණය අගමිකයක් තුලටය. එනම් සංකල්පිත ලෝකය සහ සැබෑ ලෝකය ලෙසය. ඔහුගේ කටයුත්ත අන්තර්ගත කරගන්නේ (සමන්විත වන්නේ) ආගමික ලෝකය එහි ලෞකික පදනම තුලට දිය කර හැරීම තුලය. මෙම කාර්ය සම්පුර්ණ කිරීමෙන් පසු ඔහු නොදකිනා කාරණය නම් ප්‍රධාන දෙය තවමත් ඉටු කිරීම සඳහා ඉතිරිව පවතින බවය.  එම කාරණය සඳහා, ලෞකික පදනමම එයින්ම වෙන්කරනුයේ සහ එයම ස්ථාපිතකරනුයේ අවිනිශ්චිතභාවයන් තුල කොටස්කරණය සහ ස්වයං-ප්‍රතිවිරෝධිභාවය මගින් පමණක් හරියටම පැහැදිලි කරන ස්වාධීන ක්ෂේස්ත්‍රයක් ලෙසය. එබැවින් පසු කී දෙයම පළමුව එහි ප්‍රතිවිරෝධය තුල තේරුම් ගත යුතු අතර පසුව ප්‍රතිවිරෝධය බහිශ්කරණය කිරීම මගින් ව්‍යවහාරය තුල විප්ලවීකරනීය විය යුතුය. මේ අනුව, උදාහරණයක් ලෙස මෙසේ වරක්වත් ශුද්ධවූ පවුලේ රහස සැබෑවට පවතින පවුල (ලෞකික පවුල) වන බව සොයා ගැනී ඇති විට ලෞකික පවුල න්‍යායාය තුල එයම විවේචනයට ලක් විය යුතුම වන අතර විප්ලවීයකරණයට ලක්විය යුතුම වන්නේ ව්‍යවහාරය තුලයි.”

 

සැබෑවට පවතින ලෞකික පවුල, එසේ නොමැති නම් අනුභූතික පවුල් සැම විටම අශුද්ධ, නරක, පාපතර වන අතර ශුද්ධ වූ පවුල ආගම තුල පවතින්නේ එම සැබෑවට පවතින පවුල නිසාය යන්න ෆොයාබාක්ට අදාළ නොවේ. එබැවින් සැමවිටම ලෝකෝත්තර ආත්මයේ උත්කෘෂ්ටභාවය අවධාරණය කෙරෙයි (ආගම රාජ්‍යය වෙතින් වෙනකොට ලෞකිකකරණයට ලක් කල යුතු බව පවසන්නන් තේරුම් නොගන්නේ ද මෙම කාරණයයි). ශුද්ධ වූ පවුල ප්‍රභන්දනය වන්නේ සැබෑවට පවතින ලෞකික පවුල නිසාය. එනම් ලෞකික පවුලේ ඇති  අශුද්ධ, නරක, පාපතරකම් සියල්ල ඉවත් කොට ශුද්ධ වූ පවුල ඊට අනුරූපව ගොඩනගා ඇත.

 

(මීළඟ 06 කොටස)

පෙර කොටස්වල සබැඳියාවන්  

https://slleader.lk/social/8074-01

https://slleader.lk/social/8076-02

https://slleader.lk/social/8078-03

https://slleader.lk/social/8085-04

 

උපුටාගැනීම - @ spartacus.lk