ජනාධිපතිවරණය ඉලක්ක කරගත් සන්ධානයක්! ප්‍රධාන දේශපාලන චරිත රැසක් අප්‍රසිද්ධ හමුවක...
එළැඹෙන වසර මැතිවරණ වසරක් ලෙස ප්‍රකාශයට පත්වීමත් සමග මෙතෙක් රහසිගතව කෙරෙමින් තිබුණු සන්ධාන රහස් රැසක් මතුවෙමින් පවතී.
එළැඹෙන වසර මැතිවරණ වසරක් ලෙස ප්‍රකාශයට පත්වීමත් සමග මෙතෙක් රහසිගතව කෙරෙමින් තිබුණු සන්ධාන රහස් රැසක් මතුවෙමින් පවතී.
සිරි ලංකාවේ අධිකරණය ලෝකය සලිත කරමින් ඉතිහාසයේ ...
රනිල් වික්‍රමසිංහ මීට පසු ජනාධිපතිවරණයකට කිසිසේත්ම නොඑන බව තමා හූණා කිව්වා සේ පවසන්නේ යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී අද (28 ) පවසා ඇත.
Amid opposition to celebrating Maa Veerar Naal or the birth anniversary of slain LTTE leader Velupillai Prabhakaran,
ලංකාවේ තාත්තලාගේ දුවලා අතරින් ප්‍රසිද්ධ CBKය. දුලංජලි ය. විජේවීරගේ දුවලාය. පවිත්රලා රෝහිණිලාය.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති කාලයේදී තිබූ ජනවාර්ගික අර්බුදය නියමාකාරයෙන් තේරුම් ගැනීමට තමිල්නාඩු රජය අපොහොසත් වීම හේතුවෙන්
විදේශගත ශ්‍රමිකයින්ට අඩු පොලී නිවාස ණය ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇති නමුත් එය ක්‍රියාත්මක කිරීමට භාණ්ඩාගාරයට සහ බැංකුවලට තවමත් හැකියාව ලැබී නැති බවත්, විදේශගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය ඉහළ දැමීමට ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබියදීත් එය ක්‍රියාත්මක කිරීමට රේගු දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී නැති බවත් ඇතැම් රාජ්‍ය නිලධාරනීගේ ක්‍රියාකාරකම් හේතුවෙන් විදේශගත ශ්‍රමකයින්ට ලබාදීම නියමිත සහන ලබාදීමට නොහැකි වී ඇති බවත් කම්කරු හා විදෙශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.
රජයක් වශයෙන් ගෙනයන සාධණීය වැඩසටහන් සඳහා ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ සහය නොලැබීම ඉතා කණගාටුවට කාරණයක් බවද අමාත්‍යවරයා පෙන්වා දේ.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ විදේශගත ශ්‍රමිකයන්ගේ දරුවන් හට ශ්‍රී ලංකා විදේශ නියුක්තා කාර්යාංශය හරහා ඊයේ (27) ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනට එක් වූ අවස්ථාවේදීය.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
අම්මා හෝ තාත්තා විදේශගත වුන නිසා ඒ උණුසුම නොලබන, අම්මාට තාත්තාට රට ඉදලා රැකියාව කරන එකේ දුක නැති කරමින් දක්ෂයින් විදිහට ඉදිරියට ඇවිත් පහේ ශිෂ්‍යත්වය, සාමන්‍ය පෙළ, උසස් පෙළ සමත්වෙලා ඒ දෙමාපියන්ට ගෞරවයක් එකතු කරපු පිරිසක් තමයි මේ ඉන්නේ.
ළමුන්ට අම්මා තාත්තා දෙන්නාම අවශ්‍යයි ඒත් ඔබට ඒ අවස්තාව ලැබිලා නැහැ. ඔබේ ආර්ථීකය, ඔබට පහසුකම් දෙන්න ඔවුන් තම ජීවිතය කැපකළා. දෙමාපියන්ට තමන්ගේ දරුවන්ගෙන් වෙන්වෙලා කටයුතු කරන එක ඉතාම අපහසු දෙයක්. ඒ නිසාමයි අපි ගුවන්තොටුපොලේදී කදුළු සලනවා දකින්නේ.
ඒ නිසාමයි ඔබේ දෙමාපියන් කරන දේට ගරුත්වය දක්වන්නත් ඔබව ශක්තිමත් කරන්නත් මේ දේවල් කරන්නේ. විදේශ ගත ශ්‍රමකියන් අපිට ඉතාම වැදගත්. රටක් විදිහට විදේශගත ශ්‍රමිකයින්ගේ වටිනාකම වැඩියෙන්ම දැනුණේ මේ අවස්තාවේදියි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේච්චර කාලයක් විදේශගත ශ්‍රමකයින්ට වටිනාකම දුන්නා. ඒත් රටේ බොහෝ අයට විදේශගත ශ්‍රමකියන්ගේ වටිනාකම තේරුනේ නැහැ. ඒ වටිනාකමට ප්‍රති උපකාර කරන්න විවිධ යෝජනා ක්‍රියාත්මක කරන්න යද්දි අපිට සහයෝගය වෙනුවට ලැබුනේ බාදා කිරීම් විතරමයි.
ඒත් මේ අවුරුදු එකහාමාර ඇතුලත ඔබේ අම්මලා තාත්තලා පෙන්නුවා ඔවුන් තමයි මේ රට මේ වෙලාවේ ගොඩ නගපු විරුවන් කියන කාරණය.
ඒ වගේම මීට අවුරුදු එකහාමාරකට ඉස්සෙල්ලා අපේ රටට තෙල්, ගෑස්, විදුලිය, බෙහෙත් නැති වුනා. පොලිම් වල ජනතාව මැරුණා, වාහන වල තෙල් තියෙන කෙනාට පාරවල් වලදී ගැහුවා. ඇත්තටම අපේ මනුස්සකම් නැතිවෙන තැනට රට පත්වුනා.
පහුගිය කාලයේදී බෙහෙත් නැතිව රෝහල්වල මරුණ සංඛ්‍යාව කවුරුවත් දන්නේ නැහැ. අපි රටක් විදිහට ආර්ථිකව වැටුනා. ගත්ත තීන්දු, කරපු වැරදි වැඩ සියල්ලම මේකට හේතු වුනා. ඡන්දය වෙනුවෙන් ආදායම් උත්පාදනය කරන්න තිබුණ බදු කප්පාදු කරලා දැම්මා.
දෙන්න බැරි දේවල් දෙනවා කියලා යෝජනා කළා. මේ දේවල් එක ආණ්ඩුවක් විතරක් නෙමෙයි හැමදාම බිහිවුණ ආණ්ඩුක්ම මිනිස්සුන්ට මොනවා හරි දීලා ඡන්දය ගන්න බලාපොරොත්තුවෙන්ම කටයුතු කළා. එහෙම කරලා සහනාධාර ක්‍රමයකට රට පුරුදු කළා අපි රටක් විදිහට වැටුනා. ඒ වගේම අනිත් පැත්තෙන් අපි අර්බුද ගණනාවකට මුහුණ දුන්නා.
71 කැරැල්ල, 88/89 කැරැල්ල, ඒවගේම 1956 ඉදන්ම ජතාවාදී කෝලහාල වලට මේ රට මුහුණ දුන්නා. මේ හැමදෙයක්ම අපි රටක් විදිහට ආපස්සට ගෙන ගියා. හැමතැනකදිම මේවා දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි කළා.
1956දී සිංහල රාජ්‍ය භාෂාව කරන්නේ ඡන්දය වෙනුවෙනුයි. ඡන්දය ගන්නයි අපිව ජාතීන් විදිහට බෙදුවේ. මේවායින් වුනේ රටේ ආර්ථිකය විනාශ වුන එකයි රටේ හිටිය උගත් පිරිස රට අතහැර යාමයි.
පස්සේ පිටරවලින් ණය අරගෙන කරන්න ඕනේ නැති ව්‍යාපෘති කරලා ණය ගෙවීමේ බර ජනතාවට දීලා හැම මනුස්සයාම අමාරුවේ වැටෙන තැනට පත්වුනා. කොරෝනා පැමිණිමත් එක්ක තත්ත්වය දරුණු වුනා. පස්සේ මේ සියල්ලම නිසා අපි දරුණු ආර්ථික කඩා වැටීමකට පත්වුනා.
අපේ ඩොලර් සංචිත ඩොලර් මිලියන 100ටත් වඩා අඩු වුනා. ඒ නිසා රටට තෙල් නැවක්වත් ගේන්න බැරි වුනා. තෙල් නැවකට ඩොලර් මිලියන 50ක් ගෙවා ගන්න බැරිව තෙල් නැව් වරාය අසල තිබ්බා.
මේ වෙලාවේ රට ගොඩ නගන්න එන්න කියලා හැමෝටම කිව්වා. ඒත් කවුරුවත් මේ වගකීම භාරගන්න කැමති වුනනේ නැහැ. ඒත් අවසානයේද අපිට මේ වැඩපිළිවෙල හදාගන්න හැකියාව ලැබුනා. ඒ සඳහා අපිට වැඩිම ශක්තිය ලැබුනේ විදේශගත ශ්‍රමිකයන්ගෙන්.
අපි රාජ්‍ය මුදල් වියදම් කරන්නේ නැතිව, ස්වෙච්ඡාවෙන් දැන්වීම් හදලා බෙහෙත් ටික ගේන්න, තෙල් ටික ගෙන්න, ලයිට් එක දාන්න සල්ලි එවන්න කියලා ආයාචනා කළා. ඒකට අපි පුද්ගලික මුදලුයි වැය කළේ. ඒ වගේම අපි ඔබේ දෙමාපියන්ගෙන් ඉල්ලුවා දේශපාලනික ඔබව රටවට්ටන්න උත්සහකරන අය සල්ලි එවන්න එපා කිව්වාට ඔබ සල්ලි එවන්න කියලා. අපි ඔවුන්ට කිව්වා අපේ රටේ අම්මලාට තාත්තලාට බෙහෙත් ටික ගන්න ඔවුන්ගේ මුදල් අවශ්‍යයයි කියලා.
ඒ ඉල්ලීමට ඇහුම්කන් දුන්න ඔබේ අම්මලා තාත්තලා හොර පාරෙන් උණ්ඩියල් ක්‍රමයට සල්ලි එවපු එක නතර කරලා නැවතත් හරි පාරෙන් සල්ලි එවන්න කටයුතු කළා. ඒ අනුව අද වෙනකොට ඩොලර් බිලියන 7.5ක මුදලක් ඔබේ අම්මලා තාත්තලා එවලා තියෙනවා.
ඒ සල්ලි එව්වාම ඒවාත් රාජපක්ෂලා හොරකම් කරයි කියලා කිව්වා. අපි ඒවා පැහැදිලි කරන්න සෑහෙන්න මහන්සි වුනා. ඒ එවපු මුදල් සියල්ලම අපි ඉතාම පරිස්සමට පාවිච්චි කළා.
කිසිම වෙලාවක ඒ මුදල් රටේ සහනාධාර දේනනවත් කිසිම අනවශ්‍ය දෙයකට යොදා ගත්තේ නැහැ. රටට අත්‍යාවශ්‍ය වුන තෙල් ටික, ගෑස් ටික ගේනන විතරක් අපි ඒ මුදල් යොදාගත්තා. ඔබේ දෙමාපියන්ට අදාල ඒ විශ්වාසය දුන්නා. ඔබේ දෙමාපියන් එවපු සල්ලි වෙලින් තමයි බෙහෙත් ටික ගෑස් තෙල් ගේන්න හැකියාව ලැබිලා තියෙන්නේ.
විදේශගත ශ්‍රමකයින් තමයි වැඩියෙන්ම විදේශ විනිමය එවන්නේ. ඒ වගේම ඒ සල්ලි අයෙත් පිටට යන්නේ නැහැ. ඇගළුම් වලදී විදේශ විනිමය ආවාට අමුද්‍රව්‍ය ගෙන එන්න විදේශ විනිමය වැය වෙනවා. සංචාරක ක්ෂේත්‍රයටත් අවශ්‍ය උපකරණ ගේන්න අපිට විදේශ විනිමය වැයවෙනවා. ඒ නිසා ඔබේ දෙමාපියන් තමයි මේ රටට මේ තැනට ගෙන එන්න, රට යලි නැගී සිටින තත්ත්වයට ගෙන එන්න මූලික හයිය දුන්නේ.
ඇත්තමට අපි සමහර නිලධාරින් එක්ක රණ්ඩු කරගනිමින් විදේශගත ශ්‍රමිකයින්ට සහන සලසවන්න කටයුතු කළා. නිවාස ණය ලබාගන්න අවශ්‍ය කරන අයට ඒ සඳහා ණය යෝජනා ක්‍රමයකට අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. හැබැයි තවමත් ඒක ක්‍රියාත්මක කරගන්න බැරිවුනා.
මේ නිවාස ණය දෙන එක අපි බැංකු වලට යෝජනා කරලා මහ බැංකුව එක්ක සාකච්ඡා කරලා, කැබිනට් මණ්ඩලයේ අනුමැති අරගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බිලියන පහකුත් යොදගෙන අඩු පොලියට ණය ලබා දෙන්න අපි කටයුතු ලෑස්ති කළා.
ඒත් තාමත් මහා භාණ්ඩාගාරයටයි, මහ බැංකුවටයි, බැංකු ටිකටයි, අපේ ශ්‍රමිකයින්ට අඩු පොලියට ණය දෙන්න බැරි වුනා. හැබැයි මේ ශ්‍රමිකයන්ගේ සල්ලි ටික දාගන්න නම් හැම බැංකුවක්ම උනන්දුවෙනවා. ඒත් ශ්‍රමිකයින්ට ණය දෙන්න කිසිම උනන්දුවක් නැහැ. මම මේ තීරණය අරගෙන ඒකට කැබිනට් අනුමැති ලැබිලා අවුරුද්දකට වැඩි කාලයක් ගතවෙලා තියෙනවා.
ඒ වගේම විදේශගත ශ්‍රමිකයින් එව්ව සල්ලි ගානට ඔවුන් ගුවන්තොටුපොලෙන් එනකොට ඔවුන්ට වැඩි තීරුබදු සහනයක් ලබා දෙන්නටත් අපි කටයුතු කළා. ඒකට කැබිනට් මණ්ඩලය ඔස්සේ ජනාධිපතිතුමා අනුමැතියත් ලබාදුන්නා.
මේ අනුමැති ලැබිලා අවුරුද්දකටත් වැඩි කාලයක් ගතවෙලා තියෙනවා. හැබැයි රේගුවේ කට්ටියට තාමත් බැරිවුනා ලංකාවට එව්ව සල්ලි ටික හරියට බලලා, ඒ වැඩි තීරු බදු සහනය බලා දෙන්න. මේ බදු සහය ලබා දීමට අදාලව ජනාධිපතිතුමා ගැසට් එකකුත් නිකුත් කරලයි තියෙන්නේ.
අපි දේශපාලඥයින් විදිහට කැබිනට් මණ්ඩලය තීන්දු අරගෙන, අපේ අමාත්‍යංශ නිලධාරීන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ඊට අවශ්‍ය සියලුම කටයුතු කරලා ඉවරයි. අපිට පුළුවන් දේවල් සියල්ලම අපි කළා.
අපි ගුවන් තොටුපොලේ හෝප් ගේට් එක ආරම්භ කලා. අද විදේශගත වෙන ශ්‍රමිකයින්ට අවශ්‍ය සහන සලසන්න වෙනම කණ්ඩායමක් එහි ඉන්නවා.
අපි ඒ අයට නිසි ගෞරවය ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. විදේශගත වෙනකොට ඒ අයට මූලික වශයෙන් මුදල් නැහැ. ඒ නිසාම විශේෂයෙන්ම ගෘහ සේවයට, ගෘහ පාලිකාවන් විදිහට විදේශගත වන අයට වවුචරයක් ලබාදෙන්න ගිය සතියේ සිට ආරම්භ කළා.
මේ අය යලිත් රටට ආවාම ජීවත් වෙන්න හැකිවෙන විදිහේ ස්ව්‍යං රැකියා ඇති කරන්නත් අපි කටයුතු කළා. ඒ වගේ තවත් වැඩ රාශියක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සුබසාධන වැඩකටයුතු රැසක් කළා. ශ්‍රමිකයන්ගේ දෙමාපියන්ටත් වෛද්‍ය සායන පත්වන්නත් අපි පියවර ගත්තා.
ඒත් රජයක් විදිහට අපි කණගාටුවෙනවා අපි කරන මේ වැඩසටහන් කරන්න අපිට ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගෙන් සහයක් නොලැබීම ගැන.
ඒ වගේම විදේශ ගත ශ්‍රමිකයින්ට ඔවුන් ඩොලර් එව්ව ප්‍රමාණයට වාහන ආනයනය කරන්න බලපත්‍ර ක්‍රමයක් හදුන්වා දුන්නා. බලපත්‍රයක් විතරයි දුන්නේ. කිසිම ආකාරයක තීරුබදු සහනයක් දුන්නේ නැහැ. ඒක එවපු සල්ලි වලට වාහනයක් ආනයන කරන්න දුන්න චාන්ස් එක්ක විතරයි.
ඒක ක්‍රියාත්මක කිරීම හින්දා විතරක් ඩොලර් මිලියන 100ක් පමණ මුදල් ලැබිලා තියෙනවා කියලා අපි ගණන් බලලා තියෙනවා. ආපු වාහන 129කින් රුපියල් බිලියන 1.1ක් බදු අයකරලා තියෙනවා. හැබැයි අපේ භාණ්ඩාගාරයේ සමහර මහත්වරුන්ට ලංකාවට මේච්චර ඩොලර් එවන ව්‍යාපෘති පේන්න බැහැ. ඒවා ක්‍රියාත්මක කරන්න බොහොම කම්මැලී.
ඒ අය කියනවා දැන් ලංකාවට ඩොලර් ඇතිලු. එහෙනම් ඉතින් හෙට අනිද්දා ඉදලා මේ විදේශ ගත ශ්‍රමිකයන්ට ඩොලර් ආයේ එවන්න එපා කියලා කිව්වා නම් හරි. මොකද ඔය කියන විදිහට භාණ්ඩාගාරයේ ඩොලර් ඇතිලුනේ. හැබැයි මට කියන්න තියෙන්නේ මේ අය කියන කතා අහන්න එපා.
මේ අයත් අර ඩොලර් එවන්න එපා කියලා කියපු මේ රට නැවතත් විශම චක්‍රයට දාන්න අර අදින අයගේ පිල්ලියි. ඒ නිසයි තැන තැන ඇවිත් ඒ වගේ කතා කියන්නේ. අපි කොයිම ආකාරයකින්වත් මේ වැඩපිළිවෙල නතර කරන්නේ නැහැ.
අපි ඩොලර් අවශ්‍යයි. ඩොලර් තියෙනවා නම් අපිට ණය ගෙවන්න පුළුවන් නේ. ඩොලර් තියෙනවා නම් ආනයන සීමා සියල්ල ඉවත් කරන්න පුළුවන්නේ. ඒවා නොතේරෙන අය තමයි මහා භාණ්ඩාගාරය ඇතුලෙත් ඉන්නේ කියන කාරණය අපි මතක් කරන්න කැමතියි.
ජනාධිපතිතුමාත් මේ ආණ්ඩුවත් විදේශගත ශ්‍රමිකයින්ව ශක්තිමත් කරන්න උපරිමයෙන් කැපවී කටයුතු කරනවා.
සමහරුන්ට මේ ඩොලර් එවීම ගැනවත් මේ කිසිම දෙයක් ගැන ගාණක් නෑ. මොකද ඒ අයට දෙපාර්තමේන්තුවෙන් වැටුප ලැබෙනවා. ඒ වගේම ඒ අයගේ වාහනය තියෙනවා. ඒ නිසා ජනතාව කොච්චර දුක් වින්දත් මේ අයට ගාණක් නැහැ.
@මාධ්‍ය ඒකකය
ක්‍රිකට් යනු ආර්ථික අර්බුදයටත් වඩා රට කළඔන්නක් නිසා විසඳුම කඩිනම්වීමේ වැදගත්කම.....!
බටහිර ජාතීන් ඇමරිකාවට සැපත් වෙනකොට සින්කෝනා (Cinchona) ගහට පේරූ ඇතුලු මධ්‍යම ඇමරිකානු කළාපයේ ජනතාව කීවේ "උණ ගස" කියලාය.
කෝප් කමිටුවේ සභාපති වරයෙකු අතින් ලිංගික බලපෑම්වලට ලක් වූ බව කියන පාර්ලිමේන්තු නිලධාරිනිය
විපක්ෂයට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය ආණ්ඩුව සමඟ එක්වීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.
ලෝක ක්‍රිකට් කුසලාන අවසන් මහ තරගයෙන් ඉන්දියාව ලද අමිහිරි පරාජය පසුපස අගමැති නරේන්ද්‍ර මෝදිගේ දේශපාලන ගමනේ සෙවණැලිද ඇදෙමින් තිබේ.
(කාටූන් චිත්‍රය -දිවයින)
2024 වසරේදී රටේ ජනතාවට මේ වසරට වඩා රුපියල් කෝටි 88100ක (බිලියන 881) වක්‍ර බදු සහ රුපියල් කෝටි 34,200ක (බිලියන 342) ඍජු බදු ගෙවීමට සිදුවන බව
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ බහු පුරවැසිභාවය සම්බන්ධයෙන් නඩුවක්,ඇයට එරෙහිව ගොනු කෙරුණේ, නවත ම ව්‍යවස්ථා සංශෝධනය අනුව, වෙනත් රටක පුරවැසිභාවය ඇති ලාංකිකයෙකුට, ජනපති හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෙබවීමට ඉඩකඩ ඇහිරීම හේතුවෙනි.
රටේ නීතිය ක්‍රියාත්මක කිරීම අවිනිශ්චිත තත්ත්වයකට පත් කරමින් සහ ඉහළ යන අපරාධ අනුපාතිකය විසඳීමට රජයට ඇති හැකියාව පිළිබඳ කනස්සල්ල මතු කරමින් නව පොලිස්පතිවරයෙකු (IGP) පත් කිරීමේ දීර්ඝ කාලීන කතාව තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබේ.
ලබන වසරේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම් පැවැත්වීම පිළිබඳ අවිනිශ්චිතභාවය පිළිබඳ සමපේක්ෂනයට තිත තබමින්,
A Parliamentary Select Committee will be appointed to probe the delays by the Constitutional Council in approving names to high posts in Sri Lanka,