SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් අද (08) සමගි ජන සන්ධාන මාධ්‍ය හමුවක් අමතමින්  

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව ගැන කියා සිටියේ, ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට ආණ්ඩුවට හැකියාවක් නැත්තේ ඔවුන්ට ඊට නිසි දැනුමක් නොමැති නිසා බවය.

 

 

 

“පහුගිය ආණ්ඩුව කාලේ තෙල් මිල වැඩි කරලා, වතුර බිල කරන්ට් බිල වැඩි කරලා, ජීවන බරින්  වැඩි වුණු එක තමයි, ජනතාවගේ කේන්තිය, වෛරය වැඩි වෙන්න හේතු වුණේ. ‍

 

අනුර කුමාර ජනාධිපතිවරයා ජනාධිපති වුණේ මේ ජනතාවගේ පීඩනය පිට කිරීම සඳහා වූ වැඩපිළිවෙලක් පෙන්නලා. එතකොට කරන්ට් බිල අඩු කරනවා කිව්වා , වතුර බිල අඩු කරනවා කිව්වා,  බදු බර අඩු කරනවා කිව්වා. අධ්‍යාපනයෙන් සෞඛ්‍යයෙන්, ආහාර පාන වලින් බදු අයින් කරනවා කිව්වා. තෙල් වලින් ගසා කන එක අයින් කරහම, මහ භාණ්ඩාගාරයට තෙල් ලීටරයකින් ලබාදෙන රුපියල් පනහ අයින් කලහම, වහාම ඒ සහන ලබා දෙනවා කියලා. නමුත් දැන් සති හයක් ගියාට පස්සෙත් ඔවුන් කියන්නේ පාර්ලිමේන්තු බලයක් අවශ්‍යයි කියලා.

 

නමුත්  ඇත්ත වශයෙන්ම බදු අඩු කිරීම හෝ තෙල් වලට සහන ලබාදීම සදහා  හෝ  පාර්ලිමේන්තුවක බලයක් අවශ්‍යතාවයක් නැහැ. පාර්ලිමේන්තුව අවශ්‍ය වෙන්නේ පනත් සම්මත කර ගැනීම සඳහා පමණයි. ඒ නිසා කළ හැකි දේවල් කළ යුතු දේවල් නොකර, ඒ සඳහා පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය යැයි පැවසීම පට්ටපල් බොරුවක්.

 

 

එතකොට රේගු බදු වැඩි කරන්නේ කොහොමද ආහාරපානවලට? 

පහුගිය දවස්වල රේගු බදු වැඩි කලේ පාර්ලිමේන්තු බලයක් තිබිලද ?

මේකෙන් පැහැදිලිව පේන්නේ නොහැකියාව තමයි ඔප්පු කරන්නේ. කරන්න දන්නේ නැති බව දැනුම නැති බව තමයි ඔප්පු කරන්නේ.

 

 

ඒ නිසා අපි ආණ්ඩුවට වහාම තෙල් මිල අඩු කරන්න කියලා කියන්න කැමතියි. පහුගිය කාලේ වහා දියව් වහා දියව් කිය කිය හැමදේම උණු උණුවෙන් ඉල්ලපු කට්ටිය දැන් මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලනවා. ඒ අතරතුරේ ඇවිල්ල  ඒ දවස්වල කියපු දේවල් දැන් නැහැ කියනවා.මේ වගේ බොරු කියලා සංදර්ශන පවත්වලා ආණ්ඩු ගෙනියන්න බැහැ.   මොකද ආණ්ඩුව ඔවුන්ට පොරොන්දු දුන්නේ මේ පීඩනය පිට කරවීමට හා ඔවුන්ට මිරිකලා ඉන්න පීඩනයෙන් එළියට එන්න පුළුවන් කියලා බලාපොරොත්තු ලබා දුන්නා.

 

ආයෝජන වගේ දේවල් ගේන්න, නිෂ්පාදන වැඩි කරන්න, අපනයනය වැඩි කරන්න යම් කාලයක් දෙන්න ඕන. නමුත් තෙල් මිල අඩු කිරීම බඩු මිල අඩු කිරීම, බිල් අඩු කිරීම වහා කළ හැකියි. උදාහරණයක් විදිහට විදුලි  බල මණ්ඩලය රුපියල්  මිලියන 65000කට අධික ලාභයක් ලබනවා.  ඒ ලාභය පාවිච්චි කරලා ඒකක  බින්දුවේ ඉඳලා 60 දක්වා ඇයි අඩු කරන්න බැරි කියලා. ඉතුරු බල මණ්ඩලයේ පනත අනුවම තියෙනවා විදුලි බල මණ්ඩලය කියන්නේ ලාභ ලැබිය යුතු ආයතනයක් නොවෙයි, නිෂ්පාදන පිරිවැය කළමනාකරණය කළ යුතු ආයතනයක් කියලා. 

 

 

ඒ වගේම උපයන විට ආදායම් බද්දෙන්, රුපියල් බිලියන 100 යි බලාපොරොත්තු උනේ. පහුගිය වසරේ දළ වශයෙන් රුපියල් බිලියන 145ක් එකතු කලා. මේ අවුරුද්දේ පුරෝකථනය කරලා තියෙනවා රුපියල් බිලියන 200ක් එන්න. එයින් කොටසක් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ payee tax එක අඩු කරන්න පාවිච්චි නොකරන්නේ ඇයි?

 

ඒ වගේම රනිල් මහත්මයා වැඩි කරපු දැඩි බදු ප්‍රතිපත්තියත් එක්ක , අපේක්ෂිත බදු  ආදායම වැඩිවෙලා තියනවා. මේකෙන් සහන ලබාදෙන්න කළමනාකරණය කිරීමේ හැකියාවක් තියෙනවද? දැන් ආණ්ඩුව අපිට කියන්නේ  නැවත පාර්ලිමේන්තු බලයක් ඕන කියලා  . වැඩ කරන්න දන්නැතිකම හින්දා තනිකර බොරුවක් කරන්නේ.  අපිට සැකයක් තියෙනවා මේ පාර්ලිමේන්තු ඡන්දයෙන් පස්සේ ප්‍රාදේශීය සභා ඡන්දයක් ආවොත් එහෙම ගමේ යටිතල පහසුකම් ටික සංවර්ධනය කරන්න විදිහක් නැහැ ප්‍රාදේශීය සභාවේ බලයත් ඕන කියලා මේ වගේ ඡන්දයෙන් ඡන්දයට කල් මරමින් බලාපොරොත්තු සුන්කරමින් යන ගමනක් ද යන්නේ කියන සැකය තියෙනවා.

 

 

මේ ආණ්ඩුව එන්න පැහැදිලිව පාර කපපු තව දෙයක් තමයි වෘත්තීය සමිති සහ සමාජ මාධ්‍ය. දැන් මේ වෙද්දි වෘත්තීය සමිති පාලනය කරන්න සමාජ මාධ්‍ය පාලනය කරන්න අදහසක් පෙන්නනවා අපිට, අපි පැහැදිලිව කියන්න කැමතියි අනවශ්‍ය වෘත්තීය සමිති අනවශ්‍ය අරගල අනවශ්‍යයි වගේම, හැබැයි සාධාරණ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා පැවතෙන වෘත්තීය සමිති වලට අවස්ථාව ලබාදිය යුතුයි.  ඒ වගේම මාධ්‍ය පාලනය කරන්නත් බැහැ. මොකද ඔවුන් කියපු දේවල් කරන්නේ නැත්නම්  ඒවා මතක් කරලා දීමේ අයිතිය විපක්ෂයේ දේශපාලන පක්ෂ වලට වගේම, සමාජ මාධ්‍ය ජාලාවලට වගේම සාමාන්‍ය මහජනතාවටත් ඒ අයිතිය තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ අදහස් ප්‍රකාශ කිරීමේ මත ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි කියන්න ඉඩ දෙන්න බැහැ කියන එක අපි පැහැදිලිවම කියන්න කැමතියි”.

 m ri 2

 

නවතම ලිපි