SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

‘අමෙරිකාවට කිවිසුම් යන විට ලෝකයට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳේ’ යනුවෙන් කියමනක් තිබේ.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය අමරිකානුවන්ට පමණක් නොව ලොව පුරා සිටින ජනතාවට බලපෑමක් කිරීමට සමත් වේ.

 

 

47 වන අමෙරිකාවේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ තරගයේ ප්‍රතිවාදියා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණාත්මක ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමග කමලා හැරිස්ගේ ජනපති සිහිනය ගිලිහි ගියා ය.

 

 

කමලා හැරිස් වොෂින්ටනයේ සිය ආධාරකරුවන් අමතමින් සඳහන් කළේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පිළිගන්නා ලෙස ත් තම පරමාදර්ශයන් සඳහා සටන් කිරීම ‘කිසි විටෙකත් අත් නොහරින’ ලෙස ය.

 

 

මෙම මැතිවරණ ප්‍රතිඵලයේ තිබෙන්නේ, අපට අවශ්‍ය දේ නොවන නමුත් සාමකාමී බල හුවමාරුවක් සිදු විය යුතු බව ඇය සඳහන් කළා ය.

 

 

තව ද, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩපිළිවෙල සඳහා සහාය ලබාදීමට තමන් සූදානම් බව කමලා හැරිස් පැවසුවාය.

 

 

අමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පරාජය කරනු ලැබූ දෙවන කාන්තා ජනාධිපති ධූර අපේක්ෂිකාව ඇය වේ.

 

 

ඒ, 2016 වසරේදී හිලරි ක්ලින්ටන් පරාජයට පත් කරමින් ට්‍රම්ප් ජනාධිපතිවරණයේ ජය තහවුරු කර ගැනීමෙන් පසුව ය.

 

 

විශ්ලේෂකයන් පවසන්නේ, කමලා හැරිස්ගේ මෙම පරාජය සඳහා ‘ජාතිය’ සහ ‘ස්ත්‍රී පුරුෂභාවය’ හේතු වූ බව ය.

 

 

අමෙරිකාව තුළ පවතින ‘සුදු ආධිපත්‍යයේ ගැඹුරුභාවය’ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ජයග්‍රහණය මගින් ගම්‍යමාන වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 

කමලා හැරිස් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ නම්, ඇය එරට ජනාධිපති ධූරයට පත් පළමු කළු ජාතික කාන්තාව වන අතර එම ධූරයට පත් ආසියාතික සම්භවයක් ඇති ජනාධිපතිවරිය ලෙස ඉතිහාසගත වීමට තිබුණි.

 

 

By Anjali Withanage

mawbima

නවතම ලිපි