සෑම අතින්ම ලොව "දියුණුතම" රාජ්‍යය ඇමරිකා එක්සත් ජනපදය බවට සැලකේ (විශේෂයෙන්ම උගතුන්ට අනුව එය එසේය).
නූතන විද්‍යාව, කලා-සංස්කෘතික කතිකාව, මුදල් ඒකක තීන්දු කිරීම, යුධ ශක්තිය, ඇතුළු සෑම තීරණාත්මක ක්ෂේස්ත්රයකම හෙජමනික බලය හිමි රාජ්‍යය එයයි.
අතිශය බහුතර මතයට අනුව එම තත්වය ධනාත්මකය. එබැවින් ලොව දියුණුම, බුද්ධිමත්ම සහ විචාරශිලීම මිනිසුන් වෙසෙනුයේ එහි බව අවිඥානික වී ඇත. වයස 78ක් වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය යනු ඇමරිකානු "ජනතාවගේ" ඉතා බුද්ධිමත් තීරණයක් බව කියා පෑමටත්, ඉදිරි මැතිවරණයේදී ලංකාවේ ඡන්දය දීමේ ක්‍රියාවට (උදාහරණයක් ලෙස) උව ද ඉන් යම් බලපෑම් එල්ලවීමටත් එම අවිඥානය ක්‍රියාත්මක විය හැකිය.
ඇමරිකාව යනු ද්වි-පක්ෂ ක්රමයේ යාන්ත්‍රනය එහි ශුද්ධ වූ අර්ථයෙන් (ප්රජාතන්ත්රවාදී) ක්‍රියාත්මක රාජ්‍යයයි. අනෙක් කිසිම රටක නොමැති ආකාරයේ ඡන්ද ද්‍රැවීකරණය වීමක් එහි නිරන්තරෙන් සිදුවේ. ඒ අනෙකුත් කිසිඳු පක්ෂයකට හෝ අපේක්ෂකයෙකු හට අඩු තරමින් 1%ක් හෝ ඡන්ද ලබා ගත නොහැකි මට්ටමිනි. ඇමෙරිකාව තුල දේශපාලන කතිකාව සීමා වී, පවතින තත්ත්වය දිගටම පවත්වා ගෙන යාම සහ වැඩ වඩාත් චිරස්ථායිකරණය සඳහා දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ඒ තුලින් හොඳින් පෙන්නුම් කෙරේ. එනම් සමාගම්-ආයතනික අවශ්‍යතා මගින් පාලනය වන රාජ්‍යයන්හි උපරිමය වන්නේ ඇමෙරිකාවයි. එහි ඡන්දදායකයින් හට පුද්ගලයාගේ වයස හෝ ඔහුගේ ප්රතිපත්තීන් එතරම් අදාළ නොවේ. ඇත්තටම එහි සිදුවන්නේ ද්වි-පක්ෂ යාන්ත්‍රනය තුලින් සහ දේශපාලනය කෙරෙහි සමාගම්-ආයතනික අවශ්‍යතාවල බලපෑම විසින් පවතින ක්‍රමය සහ පවතින තත්ත්වය පවත්වා ගැනීමට සහ පවතින බල ව්‍යුහයන් අඛණ්ඩව පවත්වාගෙන යාම සිදු කිරීමයි.
සමාගම් සහ පුද්ගලයින් විසින් මේ සඳහා ප්‍රධාන ආකාර කිහිපයකින් බලපෑම් එල්ල කරයි. සමස්ත පද්ධතිය සමාගම්-ආයතනික අවශ්‍යතා මගින් පාලනය වන අතර දේශපාලන තීරණ සහ රාජ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි සමාගම් විසින් සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.
මෙම බලපෑම විවිධ ආකාරවලින් විදහා දැක්විය හැක:
* නීති සම්පාදකයින්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට සමාගම් වල අවසාන මට්ටමට බලපාන ගැටළු සම්බන්ධයෙන් බලපෑම් කිරීමට සමාගම් විසින් තම නියෝජිතයින් ලෙස මන්ත්‍රීවරුන් පත්කර යවයි.
* සමාගම් සහ ධනවත් පුද්ගලයන් බොහෝ විට දේශපාලන ව්‍යාපාර සඳහා විශාල මුදල් පරිත්‍යාග කරන අතර එමඟින් දේශපාලනඥයන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය.
* සමාගම්-ආයතනික අවශ්‍යතාවලට අනුග්‍රහය දක්වන ප්‍රතිපත්තිවලට තුඩු දෙන ප්‍රධාන තනතුරුවලට එම කර්මාන්ත වලට අදාළ අභ්‍යන්තරිකයින් පත් කිරීමෙන් සමාගම් නියාමන ආයතන අල්ලා ගැනීම සිදු කරයි.
* මහජන මතය හැඩගැස්වීමට සහ ප්‍රතිපත්ති වලට අදාළ විවාදවලට බලපෑම් කිරීම සඳහා මහජන සම්බන්ධතා ව්‍යාපාර භාවිතා කරයි.
* සමාගම් සතු මාධ්‍ය ආයතනවල හිමිකාරිත්වය විසින් දේශපාලන-සමාජීය දෘෂ්ටිකෝණවල විවිධත්වය සීමා කිරීමට සහ සමාගම් හිතකාමී ආඛ්‍යාන ප්‍රවර්ධනය කිරීම සිදු කරයි.
ඊට අමතරව ඇමරිකාව තුල ප්‍රභල ස්වාධීන රාජ්‍ය ආයතන පිහිටුවා ඇත. උදාහරණයක් ලෙස CIA සංවිධානය පෙන්වා දිය හැකිය. එම සංවිධානය වෙත මෙහෙයුම් භාරදෙනු ලබන්නේ දේශපාලන තීරණ විසින් වුව ද අදාළ මෙහෙයුම සාක්ෂාත් කර ගැනීම සඳහා දේශපාලනය හෝ වෙනත් බලපෑමක් අදාළ නොවේ. ඔවුනට අවශ්‍ය වන්නේ අදාළ මෙහෙයුම සාර්ථකව නිම කිරීම පමණි.
ඒ අනුව, ද්වි-පක්ෂ යාන්ත්‍රනය සැම විටම ඡන්දදායකයින්ට මූලික වශයෙන් සමාන විකල්ප දෙකක් අතර ව්‍යාජ තේරීමක් ඉදිරිපත් කරයි. පක්ෂ දෙකම, බොහෝ දුරට සංගත අවශ්‍යතා මගින් පාලනය වන අතර එකම නව ලිබරල් න්‍යාය පත්‍රයට සේවය කරන බවට එක් පක්ෂයක් අනෙක් පක්ෂය පරයා තර්ක කිරීමට උත්සාහ දරයි.
එබැවින් "ජනතාවගේ" දේශපාලන විශ්වාසයන් සහ හැසිරීම් හැඩගැස්වීමේදී දෘෂ්ටිවාදය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. අධිපති දෘෂ්ටිවාදය බොහෝ විට පවතින බල ව්‍යුහයන් ශක්තිමත් කරන අතර යටින් පවතින ගැටලු සියල්ල අඳුරු කරයි. ලිබරල් ප්රජාතන්ත්රවාදයට අදාළ මූලධර්ම වන සමානාත්මතාවය සහ යුක්තිය පිළිබඳ පොරොන්දු ඉටු කිරීමට එය අපොහොසත් වීම එහි ස්වභාවයයි.
එබැවින් ඒවා සැම විටම පවතිනුයේ අනාගතයට අදාලවය. නමුත් ඊට අදාළ වර්තමානයක් සැම විටම ඇත. එම වර්තමානය අදාළ වන්නේ ධනවතුන්ට සහ බලවතුන්ටය. ඒ තම ආධිපත්‍යය පවත්වා ගැනීමේ මෙවලමක් ලෙස ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වන බැවිනි. එනම්, පවතින නව ලිබරල් ධනවාදය චිරස්ථායිව පවත්වා ගැනීමේ යාන්ත්‍රනය ඇමරිකාව තුල හොඳින් ගොඩනැගී ඇත. ඒ තුල ඡන්ද දායකයා (පුරවැසියා) යනු හුදු ද්විපක්ෂ යාන්ත්‍රනය දුවවන්නෙකු පමණි.
2022 වසරේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත් වූ වහාම ඔහු කඩිමුඩියේ දිගින් දිගටම පනත් සම්මත කර ගැනීම, මහා බැංකුව ස්වාධීන කිරීම, ගිවිසුම් අත්සන් කිරීම වැනි ප්‍රතිපත්තිමය තීරණයන් වෙත ගමන් කරන ලදී. ඔහු එමගින් සිදු කරන ලද්දේ පවතින ධනවාදී යාන්ත්‍රනය චිරස්ථායි කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා පටිපාටිය ගොඩනගා ගැනීමට උත්සාහ දැරීමයි.
ලංකාවේ බලයට පත්ව ඇති ජවිපෙ තේරුම්ගත යුතුව ඇති ප්‍රධාන කාරණය වන්නේ "ජනතාව" විශ්වාස නොකළ යුතු බවය.
ප්රජාතන්ත්රවාදය පිළිබඳව අපගේ ලිපි සරණිය සඳහා http://www.spartacus.lk වෙත පිවිසෙන්න...