SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෙවීගිය දශක එකහමාරකට ආසන්න කාලයක් පුරා සෑම මැතිවරණ වේදිකාවදීම

යුක්තිය හා සාධාරණය වෙනුවෙන් ලබාදුන් මැතිවරණ පොරොන්දු අතර එක්නැලිගොඩ අතුරුදන්වීම, තාජුඩීන් හා ලසන්ත වික්‍රමතුංග ඝාතනයන් පිළිබඳව කතිකාවක් ගොඩ නැගුනි.

 

 

බලය ලබාගැනීමට මේ නම් යොදා ගැනුනද 2015 යහපාලනයේදී පවා බලය ලබාගත් පසු සියල්ල අමතකව ගියේය.

 

වර්තමාන මැවරණ වේදිකාවන්හිදී මේ ගැන කියැවුනේ ජාතික ජන බලවේගයේ වේදිකාවකදී ය.

 

ඒ ඊයේ පැවති මැතිවරණ ජන රැළියකදී වත්මන් ජනාධීපති අනුර කුමාර දිසානායක ගෙනි.

 

ඔහු පවසා සිටියේ වසීම් තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග වැනි සාමකාමී මිනිසුන් ඝාතනය කිරීම සහ ප්‍රදීප් එක්නැළිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් රජය විමර්ශනය කර අදාළ වරදකරුවන්  නීතියේ රැහැනට හසුකර ගන්නා බව ය.

 

දඹුල්ල පැවති මැතිවරණ ජනහමුවක් අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ දේශපාලන අධිකාරිය විසින් අහිංසක මිනිසුන් ඝාතනය කරන යුගය රජය විසින් අවසන් කරන බවත් සියලු දෙනාගේම ජීවිත වටිනා බවත්ය.

 

 

“දේශපාලන බලය පාවිච්චි කරලා කරපු මිනීමැරුම් යුගය අපි ඉවර කරනවා. හැමෝගෙම ජීවිත වටිනවා. වසිම් තාජුඩීන්,ලසන්ත වික්‍රමතුංග ඝාතනයට හා එක්නැළිගොඩ අතුරුදන්කිරීම්වලට වගඋත්තරකරුවන් තවමත් නැහැ.

 

සියලු සිද්ධීන් ගැන සොයා බලා සාමකාමී මිනිසුන් ඝාතනය කළ අපරාධකරුවන් නීතිය හමුවට ගේනවා”.

 

ඔහු පවසන්නේ සෑම කෙනෙකුටම බියෙන් තොරව ජීවත් විය හැකි වාතාවරණයක් නිර්මාණය කරන බවය.

නවතම ලිපි