සේරෙස්ගෙ දියණිය ප්‍රොසෙර්පිනා තරම් රූමත් සුකොමල තරුණියක් තවත් නැහැ.
ප්‍රෙසෙර්ෆිනාගෙ හිත දිනාගන්න සුර අසුර හැම තරුණයෙක්ම.. හැම පුරුශයෙක්ම උත්සාහ ගත්තත් ඒකෙ වගක් නෑ ප්‍රොසෙෆිනාට.
සිසිලි දූපතේ තියන පර්ගුසා කියන කුඩා ගමේ ප්‍රොසෙෆිනා ජීවත්වෙන්නෙ බොහොම සැහැල්ලුවෙන්.
දවසක් එන්නා විල්තෙරේ කුඩා නිම්ෆ් අසුරයන් එක්ක සෙල්ලම් කරමින්.. මල් නෙලමින් ඉන්න ප්‍රොසෙෆිනා දකින්නෙ අශ්ව කරත්තයක එන හැඩි දැඩි පුද්ගලයෙක්. ප්‍රොසෙර්ෆිනාව පැහැරගෙන අඳුරු ලෝකයට අරන් යන්න එට්නා ගිනිකන්ද පැත්තෙන් මේ එන්නෙ ප්ලූටෝ.
ප්ලූටෝ ග්‍රීක භාශාවෙන් හේඩ්ස් විදිහටත් හැඳින්වෙනවා. කවුද මේ හේඩ්ස්.? පාතාලය එහෙමත් නැත්තං මලවුන්ගේ ලෝකය පාලනයකරන හේඩ්ස් පොසෙයිදොන්ගේත් සියුස්ගේත් සොහොයුරා. ඊට අමතරව හේරා ..දිමෙතියා.. හෙස්ටියා කියන සහෝදරියන් තුන්දෙනාටත් හේඩ්ස් සහෝදරයෙක් වෙනවා.
ඇයි හේඩ්ස්ට අවශ්‍යවෙන්නෙ ප්‍රොසෙර්ෆිනා පැහැරගන්න. ඊට වගකියන්න ඕනෙ වීනස් සහ කුපිඩ්.
වීනස් තමන්ගෙ පුත්‍රයා කුපිඩ්ව යවනවා අඳුරු ලෝකයේ ඉන්න හේඩ්ස්ට ඊතලයක් විදින්න.
කුපිඩ් හින්දු සාහිත්‍යයේදී කාමදේව වෙද්දි සිංහල භාශාවෙ හඳුන්වන්නෙ අනංගයා විදිහට.
කුපිඩ් ප්‍රේමයට වගේම කාමයට හා ආශාවන්ටත් අධිපති දෙවියා.
ප්‍රොසෙෆිනා හේඩ්ස්ව ප්‍රථික්ශේප කරත් හැඩිදැඩි හේඩ්ස් ප්‍රොසෙෆිනා දූශණය කරනවා විතරක් නෙවේ ඇයව අඳුරු ලෝකයට පැහැරගෙන යනවා.
මේ සිද්ධිය ශතවර්ශ ගණනාවක් පුරා සාහිත්‍ය හා කලාව තුල දැඩිව භාවිතයට ගන්නවා. නමුත් මෙහිදී පැනනගින මූලික ප්‍රශ්ණය .. ප්‍රේමයේ ඊතලය වැදුනු සැනින් ප්‍රොසෙර්ෆිනා දූශණය කරන්න හේඩ්ස් පෙලඹෙන්නේ ඇයි. ආදරය හා බලහත්කාරකම අතර සම්භන්ධය මොකක්ද.? කලාකරුවා කෙසේවෙතත් විචාරකයා මේ ප්‍රශ්ණය පහසුවෙන්ම අමතක කරන බවක් දකින්න පුළුවන්.
දෙවඟනක් දූශණයකිරීම කලාවට ඇතුලත්කිරීමට අවශ්‍යවෙනවා ලොකු සංයමයක්. ප්‍රොසෙෆිනා දුශණයකිරීම මූර්තියකින් ප්‍රකාශ කිරීම ඊටත් වඩා අසීරු කාර්‍ය්යක්.
ලොරෙන්සෝ බෙර්නිනි ගැන අපි මීට පෙර කතා කලා මහා ගංගා හතරේ දිය උල්පත එක්ක.
හැඩිදැඩි හේඩ්ස් සමග පොරබදන ප්‍රොසෙෆිනාගෙ මාබල් මූර්තිය නිර්මාණය කරද්දි බර්නිනිට වයස අවුරුදු 23ක් වුනා විතරයි. 16121 - 1623 අතර කාලයේදී නිර්මාණය කෙරුනු මෙම මූර්තිය මීටර් 2 සෙන්ටිමීටර් 20 ක් උසින් යුක්ත විශාල නිර්මාණයක්. ( පාදම රහිතව)
අද මේ මූර්තිය දකින්න පුළුවන් රෝමයේ බෝර්ගීස් ගැලරියේදී.
(Gian Lorenzo Bernini 1598 - 1680 )
එතකොට ප්‍රොසෙර්ෆිනාට මොකද වෙන්නෙ.?
ප්‍රොසෙෆිනාට සිද්ධවෙනවා හේඩ්ස්ගෙ බිරිඳ බවට පත්වෙලා අඳුරු ලෝකයේ හෙවත් මළවුන්ගේ ලෝකයේ ජීවත්වෙන්න.
ප්‍රොසෙෆිනාගෙ මවට ඒ කියන්නෙ සෙරෙස්ට දැනගන්න ලැබෙනවා තමන්ගෙ දියණිය හේඩ්ස් පැහැරගෙන ගියබව.
තමන්ගෙ දියණිය බේරාගන්න කරපු හැම උත්සාහයක්ම අසාර්ථකවෙද්දි සෙරේස්ගේ ශෝකය නිසා පලතුරු එලවළු වැවෙන එක නවතිනවා.
සෙරේස් කියන්නෙ එසේ මෙසේ දෙවඟනක් නෙවෙයි කෘශිකර්මාන්තයට.. එලවළු පලතුරු වැඩීමට අධිපති දෙවඟන. ජුපිටර් එහෙමත් නැත්තං සියුස් තමන්ට ඉන්න දක්ශතම පණිවිඩකරු වූ හර්මේස් එහෙමත් නැත්තං මර්කරිව යවනවා හේඩ්ස්ගේ ලෝකයට ප්‍රිසෙෆිනාව නිදහස් කරන ලෙස ඉල්ලමින්.
සියුස්ගේ ඉලීමට ප්‍රොසෙෆිනා නිදහස් කරන්න හේඩ්ස් කැමතිවෙනවා. නමුත් එයා ප්‍රොසෙෆිනාගෙන් ඉල්ලනවා සමුගන්න කලින් අඳුරු ලෝකයේ වැවෙන ප්‍රනීතම දෙළුම් අහාරයට ගන්නා ලෙස.
ප්‍රොසෙෆිනා එකඟ වෙනවා. නමුත් මළවුන්ගේ ලෝකයේ දෙළුම් ආහාරයට ගත්තොත් මාස හයකට වඩා වැඩි කාලයක් අඳුරු ලෝකයෙන් පිට ජීවත්වෙන්න බෑ.
මේ අනුව පොසෙෆිනාට සිද්ධවෙනවා මාස හයක කාලයක් අඳුරු ලෝකයෙත් මාස හයක කාලයක් ආලෝකය තියන සැබෑ ලෝකයේත් ජීවත්වෙන්න.
අඳුරු ලෝකයෙන් පිටවෙලා ප්‍රොසෙෆිනා පෘථිවියට එද්දි ගස්වැල් දළු දාන්නත් මල් පිපෙන්නත් පටන් ගන්නවා. ඒ තමයි වසන්තය.
පොසෙර්ෆිනා පෘථිවියෙන් පිටවෙලා මළවුන්ගේ ලෝකයට යද්දි ගස්වැල් කොල හැලිලා නිදාගන්න සූදානම් වෙනවා. මෙන්න මේ විදිහටයි ප්‍රොසෙර්ෆිනා වසන්තයේ දෙවඟන බවට පත්වෙන්නෙ.
ඒත් එක්කම ඇය මළවුන්ගේ ලෝකයේත් දෙවඟන.
දෙවි දේවතාවුන් සුන්දරයි ඔවුන් වෙනුවෙන් මහා මාලිගා ගොඩැනැගෙන්නෙ නැත්තං.. ඔවුන් දුප්පත් මිනිසුන්ගෙන් පුද පූජා බිලි බලාපොරොත්තු වෙන්නෙ නැත්තං.
ඒ මොනවා වුනත් තරුණ බෙර්නිනිගේ ප්‍රොසෙෆිනා දූශණය කිරීමේ මූර්තිය සැබෑම සුන්දරයි.
මේ වගේ මූර්ති බොහොම සුන්දරයි කලා නිර්මාණ විදිහට. ඒ මූර්ති වටින්නේ කලාගාර හා ප්‍රදර්ශණ කුටිවලට මිස තිරයෙන් වහල වන්දනාකරන කුටිවලට නෙවෙයි කියලා හිතෙන්නෙ මට විතරද.