ක්‍රීඩාව තුළින් ජාතිය එක්සත් කරනවා සේම, ව්‍යසනකාරී අවස්ථාවලදී
රටේ ආර්ථිකය හා සමාජය ගොඩනැංවීම වෙනුවෙන් ද පෙරට ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) වගකීමක් ලෙස බාරගෙන ඇත.
ඒ අනුව දිට්වා සුළි කුණාටුවෙන් පසුව ක්‍රියාත්මක වන සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජය විසින් පිහිටුවා ඇති ‘නැවත ශ්‍රී ලංකාව ගොඩනැඟීමේ අරමුදල’ (‘Rebuilding Sri Lanka’) වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 300 ක මුදලක් පරිත්‍යාග කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ගේ සහ විධායක කමිටුවේ උපදෙස් මත වන අතර, ඔවුන් පවසා ඇත්තේ මෙම දායකත්වය මගින් රට ඉතා අගය කරන ක්‍රීඩාවක පාලක මණ්ඩලය ලෙස ඔවුන්ගේ ජාතික වගකීම පිළිබිඹු වන බවයි.
මෙම අරමුදල් මගින් සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල්වලට හදිසි සහන ලබා දීමට සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවල අත්‍යවශ්‍ය පොදු සේවා යථා තත්ත්වයට පත් කිරීමට රජයට සහාය වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටී.
තවද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, රටට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහයෝගය දැක්වීමට සූදානම්ව සිටින බවත්, ජාතික ප්‍රකෘතිය හා සංවර්ධනය සඳහා දායක වීමට ඔවුන් කැපවී සිටින බවත් අවධාරණය කරමින් නැවත වරක් සිය ස්ථාවරය තහවුරු කර ඇත. ක්‍රීඩාවට අමතරව, ආපදා කළමනාකරණය සහ රටේ සමස්ත සංවර්ධන ක්‍රියාවලියට ශක්තිමත් මූල්‍ය දායකත්වයක් සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දක්වන මෙම පුළුල් දැක්ම හා කැපවීම ඉතා අගය කළ යුතුය.

