ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන
තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය මෙම මස 23 වැනිදා සිට ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ සියලු තරග රාත්‍රි තරග ලෙස පැවැත්වීමට නියමිත අතර, ප්‍රථම තරග දෙක විශාකපට්නම්හි ජයසේකර රෙඩ්ඩි ක්‍රීඩාංගණයේත්, ඉතිරි තරග තිරුවනන්තපුරම්හි ග්‍රීන්ෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.
21 වැනිදා ආරම්භ වන මෙම තරගාවලියේ අනෙකුත් තරග 23, 26, 28 සහ 30 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතය.

