SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමලු මලිත්ත පියදිගමගේ 'ප්‍රාග්ධනය' කෘතිය විශාල ලෙස ජනප්‍රිය වී තිබේ.

වාමාංශිකයින් මෙන්ම දක්ෂිනාංශිකයින් ද ඒ දෙස එක සේ උනන්දුවක් දක්වයි. දක්ෂිනාංශික උනන්දුව කෙසේ ද යත් රනිල් වික්‍රමසිංහ ද වහාම කෘතියක් ඔහු වෙත ගෙන්වාගෙන ඇති බවට ආරංචියක් ඇත.

සියල්ලටම වඩා විශාල/ප්‍රධාන පිරිස වන්නේ තමලුට congratulations! දමනා ඔහුගේ හිත මිතුරු මිතුරියන්ය. ඉන් පෙන්නුම්කරනුයේ මේ යුගයේ සියලු දෙනාගේ ආශාවේ දිශානතියයි (ඔවුනට අදාළ දේශපාලනයක් නොමැත). එසේම ඔහුගේ වෛරකාරීන් වන සිංහල බෞද්ධ විරෝධීන් පවා කෘතියට සුභපතමින් සිටී. එම අර්ථය තුල තමළු යනු "අනෙකාගේ ආශාව රඟ දක්වනා" උගත්-බුද්ධිමත්-දක්ෂ ඉන්ජිනේරුවාය.

 

කෙසේ වෙතත් මාක්ස්ගේ ලිවීමේ දිශානතිය වූයේ විමුක්තිය පිලිබඳ සාමුහික දේශපාලන ප්‍රයත්නයක් දෙසටය. ඔහුගේ කෘතීන් හෝ ලේඛන ඔහු ජීවත්ව සිටි සමයේ කිසි දිනක ඔහුට අදාලව "personal achievements" (මෙම යෙදුමට අදාළ සිංහල පරිවර්තන තුලින් නිසි අර්ථය නොපැමිණේ) එකක් වූයේ නැත. නමුත් අද වන විට අර්ථ වෙනස් වී ඇත. කෘතිය "best seller" මට්ටමට ගොස් ඇත්තේ ද එම අර්ථ තුල මිස මාක්ස්ගේ අර්ථය තුල නම් නොවේ.

 

 

das 2

 

 

|මාක්ස් විසින් "ධනවාදී නිෂ්පාදන මාදිලිය පිළිබඳව විවේචනාත්මක විශ්ලේෂණයක්" වූ "ප්‍රාග්ධනය" කෘතිය බදාගෙන සිටින මෝඩ වම්මුන්ට මෙන්ම දක්ෂිනාංශිකයින්ට අනුව ද එය ආර්ථික මොඩලයක් යෝජනා කොට ඇති කෘතියකි. එසේ නොමැති නම් ආර්ථික විද්‍යා කෘතියකි (සුමනසිරි ලියනගේ පවා හඳුන්වන්නේ එලෙසිනි).

 

ප්‍රාග්ධනය ගැන ඉතා කෙටියෙන් (ස්පාර්ටකස් ලිපි)

 

සූරාකෑම පිළිබඳව කාරණය මේ යුගයේ අදාළ කාරණයක් නොවේ. අතිරික්ත වටිනා කම උපදිනුයේ ශ්‍රම සූරාකෑම මගින්ය යන්න අද දවසේ කිසිවෙකුට පෙන්විය නොහැකිය. නමුත් අතිරික්ත වටිනා කම විසින් ප්‍රාග්ධන සමුච්චනය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳවත්, ප්‍රාග්ධනය සමස්ත සමාජය සහ පරිසරය මත සිදු කරන බලපෑම පිළිබඳවත්, එකල මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් නොවැදගත් බව මින් අදහස් නොවේ. එබැවින් අතිරික්ත වටිනා කම නිෂ්පාදනය වන්නේ කෙසේද යන්න කතා කිරීමම අද අනවශ්‍ය දෙයකි. නමුත් මාක්ස් සිටි යුගයේට වඩා තීර්වතාවයකින් අද දවසේ අතිරික්ත වටිනාකම නිෂ්පාදනය් වේ.

 

 

|පෞද්ගලීකරණයේ නව ආකාරයන් ග්‍රහණය කර ගැනීමට නම්, අප මාක්ස්ගේ සංකල්පීය උපකරණ විවේචනාත්මකව පරිවර්තනය කළ යුතුය. ඔහු “සාමාන්‍ය බුද්ධියේ” (“general intellect”) සමාජ මානය නොසලකා හැර ඇති නිසා, “සාමාන්‍ය බුද්ධිය” ම පුද්ගලීකරනය කිරීමේ හැකියාව අපේක්ෂා කිරීමට මාක්ස් අසමත් විය. “බුද්ධිමය දේපල” පිලිබඳ අරගලයේ හරය වන්නේ මෙයයි. එබැවින් මෙම රාමුව තුළ, සම්භාව්‍ය මාක්ස්වාදී අර්ථයෙන් සූරාකෑම තවදුරටත් නොපවතී. සෘජු නීතිමය පියවරයන් මගින්, එනම් ආර්ථික නොවන ක්‍රම මගින් එය වඩ වඩාත් බලාත්මක කිරීමට සිදු වන්නේ එබැවිනි. අද, සූරාකෑම වැඩි වැඩියෙන් “බදු” (මෙහිදී “බදු” යනු රජයේ ඍජු සහ වක්‍ර බදු නොවේ. උදාහරනයකට, බුද්ධිමය ශ්‍රමිකයෙකු ලෙස වෛද්‍යවරයාගේ ගාස්තුව යනු බද්දකි) වල ස්වරූපය ගන්නේ මේ නිසාය.

 

මාක්ස්ගේ සීමාව වූයේ, මාක්ස් හට ඓතිහාසිකව බලපෑම් සහගත වූයේ, ඔහු මධ්‍යගත හා ධුරාවලිගත අකාරයෙන් සංවිධිත-යාන්ත්‍රික ස්වයංක්‍රීය කාර්මික ශ්‍රමයට සීමා වී තිබීමය. ඒ අනුව, “අභෞතික ශ්‍රමයේ” නැගීම සහ එහි අධිපතිවාදී භූමිකාව සම්භාව්‍ය මාක්ස්වාදීන්ට කෙසේවත් අදාළ නොවේ.

 

මෙම “අභෞතික ශ්‍රමය”, බුද්ධිමය (සංකේතාත්මක) ශ්‍රමය (අදහස්, කේත, පෙළ, වැඩසටහන්, සංඛ්‍යා නිෂ්පාදනය: ලේඛකයින්, ක්‍රමලේඛකයින්…) සහ “අවේදනික ශ්‍රමය” (“affective labor”-අපගේ ශාරීරික බලපෑම් සමඟ කටයුතු කරන අය: වෛද්‍යවරුන්ගේ සිට ළදරුවන්, කුඩා ළමුන් රැක බලා ගන්නා පුහුණු සේවකයින් දක්වා, සහ ගුවන් සේවිකාවන් වැනි…). යන ධ්‍රැව දෙක අතර විහිදේ.

 

වර්තමානයේ අභෞතික ශ්‍රමය ආධිපත්‍යධාරි වන අතර, 19 වැනි සියවසේ ධනවාදයේ දී, මහා කාර්මික නිෂ්පාදනය ආධිපත්‍යධාරි විය. එසේම එය සමස්තයට එහි ස්වරය ලබා දෙන නිශ්චිත වර්ණය ලෙස මාක්ස් ප්‍රකාශ කළ, නිශ්චිත අර්ථයෙන් අද දවසේ ප්‍රමාණාත්මකව පෙන්විය නොහැකි මුත් ප්‍රධාන කාර්යභාරය එය විසින් ඉටු කරන ලදී. එනම් ධනවාදයෙහි ගුණාත්මකභාවය අර්ථවත් කරන දෘෂ්ටාන්ත ව්‍යුහාත්මක භූමිකාව ඉටු කරන ලදී. ඒ අනුව ධනවාදයේ ආරම්භයේ භෞතික ශ්‍රමයට අදාළ එම ගුණාංගය අමතක කරමින් සරලව මාක්ස් වෙත උසුළු විසුළු කල නොහැකිය. කාර්මික ධනවාදය තුල භෞතික ශ්‍රම සූරා කෑම ඉතාමත්ම බිහිසුණු විය. එය අතීතයේ කිසි කලෙක නොපැවතුන තරම් බිහිසුණු විය. ඒ අනුව ලිබරල් ආර්ථිකවේදීන් අමතක කරන, මගහරින, ලාභය උපද්දනවන, නිෂ්පාදනයේ අනීවාර්ය කොන්දේසිය ශ්‍රමය බව මාක්ස් විසින් පෙන්වා දීම කිසි සේත්ම වැරදි නොවනවා සේම “දුක් වින්දා වූ, බර ඉසිලුවා වූ”, දැඩි ශාරීරික සහ මානසික පීඩාවන්ට ලක්වෙමින්, ආක්‍රමණයන්ට ගොදුරු වෙමින්, යටහත්භාවයට පත්කෙරෙමින්, සුවහසක් කම්කටලු විඳිමින්, මර්ධනයට ලක් වෙමින්, ශ්‍රමය වැගිරූ මිනිසුන් ධනවාදයෙහි “ප්‍රධාන දෙය” (capital) සමුච්ඡනයේ අනීවාර්ය කොන්දේසිය බව පෙන්වා දීමද වැරදි නොවේ.

 

|අද දවසේ, ධනවාදය තුල බහු විධ ශ්‍රම නියුක්තීන් විසින් නිෂ්පාදනය කරනු ලබන්නේ භාණ්ඩ හෝ සේවා පමණක් නොවන අතර විවිධාකාර ජන සමූහයන් මෙන්ම වඩාත් වැදගත් ලෙස සහයෝගීතාව, සන්නිවේදනය, ජීවන ආකාර සහ සමාජ සම්බන්ධතා නිෂ්පාදනය කරයි. එමගින් මතුවන්නේ “පොදුවේ බුක්ති විඳින දේවල්” (“commons”) වලට අදාළ විශාල නව සමාජ තත්වයකි. ඒ අනුව, දැනුම, සහයෝගීතාවයේ සහ සන්නිවේදනයේ ආකාර යනාදිය, කලින් පැවති තත්වයේ පුද්ගලික දේපල ස්වරූපයෙන් තවදුරටත් අඩංගු විය නොහැක.

 

 

අභෞතික නිෂ්පාදනයේ දී නිෂ්පාදන යනු තවදුරටත් ද්‍රව්‍යමය වස්තූන් නොවන මුත් ඒවාම නව සමාජ (අන්තර් පුද්ගල) සම්බන්ධතා වේ. කෙටියෙන් කිවහොත්, අභෞතික නිෂ්පාදනය යනු සෘජුවම ජෛව දේශපාලන, සමාජ ජීවිතයේ නිෂ්පාදනය වේ. ද්‍රව්‍යමය නිෂ්පාදනය සෑම විටම එය සිදුවන සමාජ සම්බන්ධතාවන්ගේ (ප්‍රති)නිෂ්පාදනය වන්නේ කෙසේදැයි මාක්ස් විසින් කලින්ම අවධාරණය කළේය (ප්‍රාග්ධනය කෘතියේ සැබෑ අදාලත්වය). කෙසේ වෙතත්, වර්තමාන ධනවාදය සමගින් සමාජ සම්බන්ධතා නිෂ්පාදනය යනු ධනවාදී නිෂ්පාදනයේ ක්ෂනික සහ අවසානය ඉලක්කය වේ. “එවැනි නව ශ්‍රමය විසින් ආර්ථික ස්වයං කළමනාකාරීත්වය සඳහා නව ශක්‍යතාවන්, විය හැකියාවන්, ප්‍රධානය කරනුයේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය සහයෝගීතාවයේ යාන්ත්‍රණයන් ශ්‍රමයම තුළ අන්තර්ගත වන බැවිනි.

 

 

|සමාජවාදය  පිළිගන්නා අයට අනුව සලකනෙන් නම්, අතිශයින් සංවිධිත, සංගත, ධනවාදය යනු දැනටමත් “ධනවාදය තුළ සමාජවාදය” වැනිය. (එක්තරා විධියක ධනවාදයේ සමාකරණයකි. හිමිකරුවන් නොමැති වඩ වඩාත් හිමිකරුවන් අනවශ්‍ය වෙමින් පවතින), එවිට අවශ්‍ය වන්නේ හිමිකාරීත්වයේ නාමික හිස කපා දමා සමාජවාදය ලබා ගැනීම පමණි (වාමාංශිකන් සහ පශ්චාත් මාක්ස්වාදීන් ප්‍රජාතන්ත්‍රවාදයට ආවඩනුයේ එබැවිනි).

 

අවධාරණයෙන් පැවසිය යුතු කාරණය වන්නේ මාක්ස්ගේ ප්‍රාග්ධනය යනු ආර්ථික විද්‍යා ග්‍රන්ථයක් නොවන බවය. ඒ තුල මාක්ස් විසින් කිසිඳු ආර්ථික මොඩලයක් යෝජනා නොකරයි.

 

 

@spartacus.lk