SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ වන විට සියලු දේශපාලන පක්ෂ එකතුව මුළු මහත් ලාංකීය සමාජයම ධනවාදී කතිකාව තුලට ඇතුල් කොට අවසන්ය. එහි මුඛ්‍ය කාර්යභාරයක් ඉටුකරන ලද්දේ ජවිපෙ සහ පෙසප විසිනි.

පහතින් දක්වා ඇත්තේපාටලී චම්පික රණවකගේ ප්‍රකාශයකි. ඔහුගේ සමස්ත ප්‍රකාශයට (සමස්ත ප්‍රකාශයට අදාළ සබැඳිය: https://slleader.lk/life-style/8436-imf...) අනුව ඔහු IMF වාදියෙකි. ඔහු විසින් ප්‍රකාශ කරනා මුඛ්‍ය කාරණය වන්නේ IMF මගපෙන්වීම අනුගමනය කරමින් අදාළ කොන්දේසීන් සපුරා ආර්ථිකය නිසි මගට ගැනීමට රනිල් ප්‍රමුඛ ආණ්ඩුව අසමත් වී ඇති බවය.

 

චම්පිකගේ ප්‍රකාශයේ අන්තර්ගතයට අනුව නියමාකාරයෙන් ක්‍රියා කරනා නිසි ආණ්ඩුවක් තිබේ නම් IMF මග අනුගමනය කොට ආර්ථික අර්බුධයෙන් ගොඩවිත් රට සිංගප්පූරුවක් බවට පත්කොට ගත හැකිය.

 

ආණ්ඩු බලය වෙනුවෙන් සටන් කරනා පක්ෂ කිසිවක් චම්පිකගේ ස්ථාවරයෙන් වෙනස් නැත. එසේම රටේ බහුතර ජනයා ද පසු වන්නේ එම ස්ථාවරයේය.

චම්පිකගේ ප්‍රකාශයයේ පහතින් දක්වා ඇති කොටසින් කියවෙන කතාව මෙසේය:

 

cha

 

එම උදාහරණයට අනුව චම්පික වත්තල බැංකුවකින් ණයක් ගෙන ව්‍යාපාරයක් අරඹයි. නමුත් සේවකයින් සොරකම් කිරීම නිසා හෝ අදක්ෂ කළමනාකරණය හේතුවෙන් හෝ ඒ දෙකම නිසා ව්‍යාපාරය බංකොලොත් වේ. එබැවින් අදාළ බැංකුව වෙත ණය වාරික ගෙවීමට ඔහුට නොහැකි වන අතර බැංකුව විසින් දෙන ලද කාලය තුල ද එය ගෙවා දැමීමට නොහැකි බව ප්‍රකාශ කල විට තමන් බංකොලොත් වී ඇති බව බැංකුව පිළිගන්නා අතර ණය මුදල සඳහා උගසට තැබූ සියල්ල බැංකුවට අයිති වේ.

චම්පික පවසන ආකාරයට නිවැරදි කළමනාකරණය තිබේ නම් සහ වංචා දූෂණ සහමුලින්ම පිටුදැකිය හැකි නම් ව්‍යාපාර බංකොලොත් වීමට හේතුවක් නොමැත. ව්‍යාපාරයකට එහා ගොස් ඔහු මේ සාදෘශ්‍යයක් ලෙස පවසන්නේ රට ගැනය. එනම් ඔහුට අනුව නිවැරදි කළමනාකාරීත්වය සහ වංචා දූෂණ නොමැති නම් රටක් බංකොලොත් විය නොහැකිය.

උදාහරණයකට ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රය සැලකුවහොත් Philips සමාගම යනු ධනවාදයේ ආරම්භක රට වන නෙදර්ලන්තයට අයත් සමාගමකි. එය ආරම්භ කරනුයේ 1891 වසරේදීය. සමාගම අද දක්වා පැවත එනුයේ කාලයෙන් කාලයට එම කාල වකවානුවට අදාළ නිෂ්පාදන වෙත මාරුවීමෙන් සහ වෙනත් සමාගම් යටපත් කරමින්, බංකොලොත් කරමින් හෝ ඒවා අත්පත් කොට ගැනීමෙනි. ඔවුනට එම අකාරයෙන් ක්‍රියා කිරීමට හැකි වීමේ ප්‍රධාන සාධකය වූයේ ඔවුන් සතු ප්‍රාග්ධනයයි (ප්‍රාග්ධනය යනු මෘත ශ්‍රමයේ ආධිපත්‍ය ලෙස සැලකෙන මූල්‍ය සාධකය පමණක් නොවේ). එසේ නමුත් යුරෝපීය දැවැන්ත සමාගමක් වූ Philips සමාගමට අද එම දැවන්තභාවය නොමැත. ඔවුන් දැඩි ලෙස කඩා වැටෙන තත්වයට පත්වූයේ 2023 වසරේය. 2022 මූල්‍ය වර්ෂය තුළ යුරෝ බිලියන 1.6 ක පාඩුවක් වාර්තා කිරීමෙන් පසු ඉදිරි වසර දෙක තුළ ලොව පුරා සමාගමෙන් රැකියා 6,000 ක් කපා හරින බව 2023 දී සමාගම නිවේදනය කළේය. 2022 ඔක්තෝම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද කාර්ය මණ්ඩල 4,000 අඩු කිරීමට අමතරව මෙම කප්පාදු කිරීම් සිදු විය. මේ වන විට Philips සමාගම ඉලෙක්ට්‍රොනික උපකරණ නිපදවීම අතහැර දමා ඇත. සමාගම මෙසේ කඩා වැටීම වලකා ගැනීම සඳහා ඔවුන් 1980 දශකයේ සිට දැඩි පරිශ්‍රමයක් දරමින් ක්‍රියා කල අතර තවත් යුරෝපීය දැවැන්ත සමාගමක් වූ Grundig සමාගම පවා ඔවුන් විසින් අත්පත්කොට ගන්නා ලදී. එසේම එවකට දැවැන්ත සමාගමක් වූ Sony සමාගම සමග පවා ගිවිසුම් ගත විය.

1980 දශකය වන විට යුරෝපා සමාගම් සහ ඇමරිකානු සමාගම් සතුව තිබූ ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රිකල් වෙළඳපොලේ දැවැන්තම කොටස ජපානය සතු කොට ගැනීමට සමත් වීම තුල යුරෝපා ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රිකල් සමාගම් වල කඩා වැටීම ආරම්භ විය. නමුත් මේ වන විට එම තත්වය වෙනස් වී දැවැන්තම වෙළඳපොල කොටස කොරියාව සහ චීනය විසින් අත්පත්කොට ගැනීමට සමත්ව ඇත. නමුත් වෙළඳපොල තුල විශාල කොටසක් නියෝජනය කිරීමට තවමත් ඇමෙරිකාවට හැකිව ඇත (එහෙත් ඇපල්, ඩෙල්, ඉන්ටෙල්, වැනි ඇමරිකානු සමාගම් වල නිෂ්පාදන ප්‍රධාන වශයෙන් පවතින්නේ චීනය, තායිවානය, ඉන්දියාව වැනි රටවලය).

 

ප්‍රධාන වශයෙන්ම ඉලෙක්ට්‍රොනික වෙළඳපොල සහ වාහන වෙළඳපොල චීනය, කොරියාව, සහ ඉන්දියාව විසින් ආක්‍රමණය කිරීම තුල දැඩි ව්‍යාකූලභාවයට පත්ව ඇත්තේ ජපානයයි.

නමුත් චම්පික රණවකට අනුව නිවැරදි කළමනාකරණය සහ වංචා දූෂණ සොරකම් නොමැති නම් රටක තත්වය එසේ පිරිහීමට ලක්විය නොහැකිය. එසේම ආර්ථික විද්‍යාව තුලින් චම්පිකලා යෝජනාකොට සිටින්නේ ද කෙසේ හෝ ලෝක වෙළඳපොළට ඇතුළු වී ජාතික රාජ්‍යයක් ලෙස ප්‍රාග්ධන කුට්ටියක් ඩැහැ ගැනීමට වෙහෙසවිය යුතුය යන්නයි. නමුත් මෙය කිරීමට සිදුව ඇත්තේද විවිධාකාර දැඩි අසමානතා මධ්‍යයේය (ලෝකයේ බලවත් රාජ්‍යයන් සතු වන දැනුම ප්‍රධාන කොටසක් හොබවන ප්‍රාග්ධන ශක්තිය සහ එහි ආධිපත්‍ය, යුධ ශක්තිය සහ එහි ආධිපත්‍ය, ධනවාදයට අදාල සමාජ සහ රාජ්‍ය ව්‍යුහාත්මක ගොඩනැංවීම, යටිතල පහසු කම් ආදී...). නමුත් ආර්ථික විද්‍යාවට අදාලව ගතහොත් චම්පිකලා ද පිළිගන්නා පරිදි ඕනෑම රටකට ඇමරිකාව බවට පත්විය හැකි බව හඟවයි.

ධනවාදී නිෂ්පාදනය සහ වෙළඳපොලට අදාළ සාමාගම් වල සහ රටවල ක්‍රියාකාරීත්වය ගතහොත් ආර්ථික විද්‍යාවට ගණනය කල නොහැකි, පුරෝකථනය කල නොහැකි සහ කළමනාකරණය කල නොහැකි විවිධාකාර තත්වයන් රැසක් ඇත. ගොඩනගාගත් දැනුම (ආර්ථික විද්‍යාව තුල අඩංගු වන්නේ ද ගොඩ නගාගත දැනුමකි) අසාර්ථක වන්නේ භයානක ස්වරූපයෙන් යථ ඉස්මතුවන බැවිනි. ඊට අදාළ අලුත්ම තත්වය බවට පත්ව ඇත්තේ දේශගුණ විපර්යාස නිසා ඇති වන තත්වයයි.

ධනවාදය තුල රටකට අවශ්‍ය වී ඇත්තේ බංකොලොත් වී නොතිබීම පමණක් නොවීම හේතුවෙන් 1977 ජේ.ආර්. ආණ්ඩුවේ සිට මේ දක්වා ණය ලබා ගනිමින් සිටී. ණය ලබා ගැනීම රාජපක්ෂලා විසින් තීර්ව කරනුයේ ධනවාදයේ මුඛ්‍ය බලාපොරොත්තුව වන සංවර්ධිත රටක් ගොඩනැගීම සඳහාය. අද්විතීය ලෙස රාජපක්ෂලා අභිබවමින් රනිල් විසින් ණය ලබා ගනුයේ 2015 වසරේ සිටය.

(අදාළ ලිපියේ සබැඳිය: https://web.facebook.com/permalink.php?story_fbid=pfbid02KjYLdNQBe54FEM9xWuE7QJxHXVoMVqMdsTZJ13V4grZ2dRwntcngcShHwP7XFmmDl&id=100070974895380).

ණය ලබාගෙන සංවර්ධන කටයුතු සිදු කරනුයේ එම සංවර්ධනය තුලින් ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම, යටිතල පහසුකම් වෙනුවෙන් සහ සංවර්ධනය ජනතාව ඉල්ලා සිටින බැවිනි. එසේ ක්‍රියා කිරීමෙන් ආර්ථික ප්‍රතිලාභ ලැබිය හැකි බවත්, ආයෝජකයින් ලංකාවට අද්දවා ගත හැකි බවත්, ජාත්‍යන්තර වෙළඳපොල සමග තරඟ කොට ලෝක ප්‍රාග්ධන ක්‍රියාවලියෙන් කොටසක් ඩැහැ ගත හැකි බවටත් වන ගණනය කිරීම් සිදු කරන ලද්දේ ද ආර්ථික විද්‍යාව පදනම් කොට ගනිමිනි. ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්වන බව අර්තිකවේදීන් විසින් ප්‍රකාශ කොට සිටියේ රාජපක්ෂ සමයේය. එසේම 2015 වසරේ බලයට පැමිණ 2020 වන විට ණය බරින් තොර රටක් හදන බවත්, සියලු දෙනාට සුද්දන් සේ වාසය කල හැකි බවත් රනිල් විසින් පවසන ලද්දේ ද ආර්ථික විද්‍යා ගණනය කිරීම් තුලය. දැන් ඊට අලුතින්ම එකතුව ඇති පිස්සා වන්නේ චම්පික රණවකය.

 

චම්පික ආඩ්‍ය වී ඇත්තේ කෙසේ හෝ ජනාධිපති වීමේ උන්මාදයෙනි. ඔහුගේ ජනාධිපති ෆැන්ටසිය විසින් ඔහු සතුව මෙතෙක් පැවතී යම් සාධනීය ලක්ෂණ පවා දියකොට හැර දමා අවසන්ය. දැන් ඔහු සජිත් ප්‍රේමදාස තරම්වත් වැඩකට නැති අමු පිස්සෙකු පමණි.

@spartacus lipi