SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන වාරිකය අප රටට ලබාදීමට ඔවුන් තීරණය කර නොමැති බවට ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිවේදනය කර ඇති බවත්

ඒ සඳහා ඔවුන් වැදගත් කරුණු 3ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කර ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

 

ඔහු මේ  බව පවසා ඇත්තේ  මීට පෙර රැස්වීමකදී සැප්තැම්බර් 27 වනදා අප රටට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් තීරණාත්මක තීන්දුවක් ලැබෙන බවට තමන් පවසා සිටි බවත් එය එලෙසම සිදුවී ඇති බවට වත්තල ප්‍රදේශයේ පවත්වන ලද ආසන ජනහමුවකදී සිහිපත් කරමිනි.

 

“අපේ රට ගැන මම කිව්වා මීට කලින් රැස්වීමක මේ සැප්තැම්බර් 27 වනදා ඉතා තීරණාත්මකයි කියලා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපට යම් සිතියමක් දීලා තියෙනවා මේ පාරේ යන්න කියලා. අපි ඒ පාරේ යමින් ඉන්නවා.අපිට ඒ පළවෙනි මාණ්ඩලික ගිවිසුම මේ මාසෙන් අවසන් වෙනවා. ඊළඟට එහි ප්‍රගතිය මත අපි තව ගිවිසුමකට එළඹිය යුතුයි. එතකොට තමයි ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඊළඟ වාරිකයත් හම්බුවෙන්නේ. නමුත් ඊයේ පවත්වපු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අපිට තේරුණේ නෑ එහෙම ගිවිසුමක් ළඟක තියෙන බවක් හා ඒ ඇපය අපට දිග් ගැහෙයිද කියලා තේරුනේ නෑ. අපි දන්නෑ ඉදිරි කාලයේදී කොහොම වෙයිද කියලා. අපේ ඇපය ලැබෙයිද කියන එක ගැන අපට පැහැදිලි නෑ. හැබැයි ඔවුන් වැදගත් කරුණු 3ක් අපේ ගමන් මග පිළිබඳව සඳහන් කළා.

 

අපි විදේශ ණය ගෙවීම ගිය අවුරුද්දේ අප්‍රේල් 12 වෙනිදා පැහැර හැරීම කලා. ඒ පැහැර හැරියම අපි බංකොලොත් කියලා ප්‍රකාශ කළා. ඒක හරියට මම වත්තල ලංකා බැංකුවෙන් ණයක් අරගන්නවා. මගේ ගේ උගසට තියලා, එහෙම නැත්නම් වත්ත උගසට තියලා දේපලකුත් ලියලා මං ඊට පස්සේ ව්‍යාපාරයක් කරනවා. මගේ ව්‍යාපාරය මං හරියට කළමනාකරණය කරන්නෑ. එහෙම නැත්නම් ඒකේ ඉන්න සේවකයෝ හොරකම් කරනවා. ඔය වගේ කාරණා නිසා මට මේ වාරිකය ගෙවා ගන්න බැරි වෙනවා. බැරි වුණාම බැංකුව මට දවසක කියෙනවා ඔබට මේක ගෙවන්න අපි අහවල් කාලේ දෙනවා කියලා. ඒ කාලෙත් මට ගෙවන්න බැහැ කියලා මම ප්‍රකාශ කළාම මම බංකොලොත් වෙනවා. මගේ ගේයි ඉඩමයි බැංකුවට අයිති වෙනවා. ඕක තමයි පසුගිය අප්‍රේල් 12 වෙනිදා වුණේ. තාම අපිට කවුරුවත් අපේ ණය හිමියෝ නඩු නම් දාලා නෑ. ඒගොල්ලෝ කොහෙද බලන් ඉන්නේ? ඒගොල්ලෝ බලන් ඉන්නවා මේ මුල්‍ය අරමුදලත් එක්ක එක්කහු වෙලා අපි කවදද කියන්නේ කියලා මේ ණය ගෙවන ක්‍රමය ගැන.

 

ඒ අනුව පළමුවෙන්ම මුල්‍ය අරමුදල කියපු එක තමයි ඒ විදේශ ණය ගෙවන ක්‍රමය අපිට තාම පැහැදිලිව කියන්න බැරිවුණා කියලා. ඒක ලොකු ප්‍රශ්නයක්.

 

දෙවන එක ඒ අය අපේ ආදායම් වැඩිකරගන්න කියලා උපදෙස් දුන්නා. ඒක ඉතින් මුල්‍ය අරමුදලට උපදෙස් දෙන්න යන්නේ නැහැ. අපි හැමෝම දැනගන්න ඕන දෙයක්. අපේ ආණ්ඩුවේ ආදායම් අපි වැඩිකර ගත්තේ නැත්නම්, රජයේ සේවකයාට වැටුප් ගෙවන්න, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, සුබසාධනය, සමෘද්ධිය, අස්වැසුම් වගේ දේවල් කරන්න බැරිවෙනවා. සංවර්ධනය කරන්න ධනය නෑ. ඒ නිසා අපේ ධනය, ආදායම වැඩි කරගන්න කියලා අපට යෝජනා කළා ඒ අය. නමුත් අපි බලාපොරොත්තු වෙච්ච ඒ ආදායමෙන් 15% පමණ ලැබිලා නෑ මේ වනවිට කියලා අපිට වාර්තා කළා. ඒ අනුව ඒ ආදායම් ඉලක්ක අපි ළඟා කරගෙන නෑ කියන අනතුරු ඇඟවීමත්, ඔවුන් ඒකට තෘප්තිමත් නෑ කියන එකත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපට කිව්වා.

 

තුන්වෙනි කාරණය ටිකක් පළල් කාරණයක්. මොකක්ද ඒ කිව්වේ? අපි හැමෝටම හිතෙනවා දැන් පෝලිම් නෑ. තෙල් තියෙනවා. විදුලිය තියෙනවා 24 පැයම, ගෑස්, පොහොර තියෙනවා කියලා. මේ තාවකාලිකව සහනයක් අපට තියෙනවා. නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියනවා ඒ සහනය ස්ථාවර නෑ කියලා, තිරසාර නෑ කියලා, දිගු කාලීන නෑ කියලා. මොකද රට යටින් නාය යනවා. රටේ ආර්ථිකය ටික ටික පුංචි වෙනවා. ඒ කියන්නේ හොඳ අනාවැකියක් නෙවෙයි, රතු එළියක්.

 

මේ මූලික කරුණු තුන ඔවුන් කියලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ලෝකයේ අපිට ණය දීපු ණය හිමියෝ, රටවල්, මුල්‍ය ආයතන, පුද්ගලයෝ බලාගෙන ඉන්නවා අපි දිහා. එක ආයතනයයි දැනට නඩු මගට බැහැලා තියෙන්නේ. අනිත් කට්ටිය නඩු කියන්න බලාගෙන ඉන්නවා. මේ මුල්‍ය අරමුදල මොනවද අපිට කියන්නේ? අපි ණය හිමියොත් එක්ක කතා කරගන එය කරගන්නකන් මේ මුල්‍ය අරමුදලේ දෙවෙනි වාරිකයත් ලැබෙන්නේ නැති බව දැන් පැහැදිලියි.

 

@මාධ්‍ය ඒකකය

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි