SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දියාව විසින් සිදු කොට ඇති චන්ද්‍රතරණයක් පිළිබඳව වඩාත්ම කුලප්පු වී ඇත්තේ වාමාංශිකයින්ය.

ඒ අනුව සමහරුන් එය මහත් අභිමානයෙන් පිළිගනිමින් සිටින විට තවත් සමහරුන් පවසන්නේ හඳට යාම දෙවෙනුවට තබා මුලින් ජනතා ප්‍රශ්න විසඳිය යුතු බවය. නමුත් චන්ද්‍රතරණය නොකළ යුතු බවක් එම වම්මුන්ගෙන් ද ප්‍රකාශ නොවේ.

 

සඳ තරණය 1

 

ටී අන්ද්‍රාදි නොහොත් තුල්සිරි අන්ද්‍රාදි යනු ට්‍රොස්කිවාදියෙකි. ඔහු ට්‍රොස්කිගේ පොත් පත් රැසක් පරිවර්තනය කොට ඇති අතර තමා විසින්ම ලියන ලද පොත් කිහිපයක් ද ඇත. මීට අවුරුදු 13කට පමණ පෙර දිනක ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියට ගිය විට ඔහුගේ පොත් සහිත කුටියක් එහි තිබුණි. එතන සිටගෙන සිටි පියෙකු සමග පැමිණි කුඩා දියණියක් තම පියාගෙන් මෙසේ විමසීය.

 

"තාත්තේ අර පොත් වල ඉන්න කෙනාම (ලියොන් ට්‍රොස්කි) නේද මේ වාඩිවෙලා ඉන්නෙත්" (අන්ද්‍රාදි)...

අන්ද්‍රාදිගේ මුහුණේ ස්වරූපය ට්‍රොස්කිගේ මෙන් නොවුන ද ඔහු කොණ්ඩය, රැවුල සහ කන්නාඩි කුට්ටම මගින් එය සකාසාගෙන තිබුනේ ට්‍රොස්කි මෙන් පෙනෙන පරිදිය. ඒ ඔහු වචනයේ පරිසමාප්තියෙන්ම ට්‍රොස්කිවාදියෙකු බැවිනි.

 

සඳ තරණය 2

 

විද්‍යාවේ ජයග්‍රහණ පසුපස යා යුතුය යන්න ප්ලේකනොව්ගෙන් ආරම්භ වන රුසියානු මාක්ස්වාදයේ ස්ථාවරයයි. එනම් සියල්ල තීරණය විය යුත්තේ විද්‍යාව මගින්ය යන්නයි. මෙය මාක්ස් තුලම ද යම් වශයෙන් පැවතුන තත්වයකි. විශේෂයෙන්ම මාක්ස් තුල පැවති ඉතිහාසය පිළිබඳව ග්‍රස්තිය පිළිබඳව සැලකීමේදී එය තහවුරු වේ.

අපට කිසිදාක යථ (REAL) වෙත සම්පූර්ණයෙන් ප්‍රවේශ විය නොහැකිය. මන්ද එය සැමවිටම අපගේ ග්‍රහණයෙන් ඔබ්බට පවතින බැවිනි. කෙසේ වෙතත්, අපට සංකේත සහ ආඛ්‍යාන හරහා යථ නිරූපණය කිරීමට උත්සාහ කළ හැකිය. ඉතිහාසය ලියන විට ද කරන්නේ හෝ සිදුවන්නේ මෙයයි (විද්‍යාව තුල මෙන්ම).

අනෙක් අතට, අතීතය සෑම විටම, දැනටමත් පරිකල්පනය විසින් මැදිහත් වේ. මෙයින් අදහස් කරන්නේ අපගේ අතීත මතකයන් සැමවිටම අපගේ ෆැන්ටසීන් හා ආශාවන් මගින් වර්ණවත් වන බවයි. අපට කිසිදා අතීතය සැබෑ ලෙසම ඒ තිබූ පරිදි සම්පූර්ණයෙන් දැනගත නොහැක. නමුත් අතීතය අප හට අසන්තතිකව මුණගැසේ.

 

ඉතිහාසය සහ අතීතය අතර මේ වෙනස ඓතිහාසික දැනුමේ සීමාවන් තේරුම් ගැනීමේ මාර්ගයක් ලෙස සැලකිය හැකිය. ඉතිහාසයට කිසිදාක අප වෙත අතීතය පිළිබඳ සම්පූර්ණ හා "වාස්තවික" වාර්තාවක් ලබා දිය නොහැකිය. කෙසේ වෙතත්, එය තවමත් අප සහ අප අවට ලෝකය අවබෝධ කර ගැනීම සඳහා වටිනා මෙවලමක් විය හැක්කේ අතීතය අසන්තතික ලෙස ඉතිහාසය තුලින් මුණගැසිය හැකි බැවිනි. නමුත් එවිට ඉතිහාසය සහ අතීතය අතර වෙනස පැහැදිලිව තෝරා බේරා ගත යුතුව ඇත. ඒ ලකාන් පවසන පරිදි "ඉතිහාසය යනු සිදුවූ දෙය නොව, සිදු වූ දේ ගැන කියන දෙය." වන බැවිනි.

 

ලකාන්ගේ එම ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ ඉතිහාසය යනු "වාස්තවික" දේවල් (ද්‍රව්‍ය, සිද්ධි, මිනිසුන්, සතුන් ආදී...) පිළිබඳ කාරණයක් නොවන මුත් එය අර්ථ නිරූපණය කිරීම පිළිබඳ කාරණයක් බවයි. අසන්තතිකව මුණ ගැසෙන අතීත "දේවල්" තුලින් අතීත කතාව (ගොඩනගන ආඛ්‍යානය) පවසන ආකාරය සෑම විටම ඒවායේ කතෘන්ගේ පක්ෂග්‍රාහීත්වය සහ ආශාවන් මගින් ආනුභාව ලබයි.

 

ඒ අනුව, ඉතිහාසය පිළිබඳ ලැකාන්ගේ දැක්ම අතීතය අවබෝධ කර ගැනීම සඳහා නව ශක්‍යතාවන් විවෘත කිරීමේ මාර්ගයකි. ඉතිහාසය ස්ථීර හා වෙනස් කළ නොහැකි දෙයක් නොව, දියාරු සහ තරඟකාරී (කතෘන්ගේ) ක්‍රියාවලියක් බව දැකීමට එය අපට උපකාර කරයි.

 

විද්‍යාව සත්‍ය අප වෙත ගෙනහැර දක්වයි හෝ විද්‍යාව සැම විටම සත්‍යය කරා ගමන් කරමින් ඇත යනුවෙන් පිළිගන්නා අන්ද්‍රාදිලා වැනි පැරණි වාමාංශිකයින් හට සහ එම වාමාංශික සම්ප්‍රදායෙන් පැවත එන නූතන වාමාංශිකයින් කිසිදා තේරුම් නොගන්නේ පැරණි පන්ති ස්වභාවය තවදුරටත් නොපවතින බවත්, පැරණි පන්ති ආධිපත්‍යයේ ස්වරූපයට වඩා වෙනස්ව සහ වඩා ආධිපත්‍යධාරි ලෙස දැනුම පිළිබඳව පන්ති දූරවලිය සංස්ථාපනය වී ඇති බවත්, අපගේ ජීවිත වල සියලු දේ සහ සමස්ථ ලෝකයේ ඉරණම තීන්දු වෙමින් පවතිනුයේ ඒ තුලින් බවත්ය.

 

http://www.spartacus.lk/08-19/2023/...

http://www.spartacus.lk/23-8/2023/

 

@ spartacus.lk