SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් දැඩි පියවර ගනිමින් සිටී. සිරස ඇතුළු මහාරාජා මාධ්‍ය ජාලය ගැන තීරණයක් ගැනීම සඳහා තේරීම් කමිටුවක් පත්කිරීමට රනිල් තීරණය කොට ඇත.

ඒ එම මාධ්‍ය ජාලයට ලබා දී ඇති විකාශන බලපත්‍ර අත්හිටුවා දැමීමේ අරමුණෙනි. ඊට සමගාමීව රටපුරා දැඩි ලෙස ආරක්ෂාව තර කිරීමට කටයුතු කොට තිබේ. ඒ අනුව රනිල් සූදානම් වනුයේ නිල රාජ්‍ය භීෂණයක් පතුරවා හැරීමටයි. නමුත් මහබැංකු අධිපති පවසා ඇත්තේ දැන් ආර්ථිකය නියම මාවතට පැමිණ ඇති බවයි.

ආර්ථිකය විශ්වාසදායක නම්

රනිල් මේ ආකාරයෙන් ක්‍රියා කරන්නේ ඇයි?

 

 ranil lee mahatheer

ජූලී චෑන් රට පුරා කරක්ගසමින් සිටිය ද මේ දක්වා සැලකිය යුතු මැදිහත් වීමක් ඇමරිකාව විසින් සිදු කොට නොමැත. එන්නට බලා සිටින ආයෝජකයින් ද නොමැත. ණය නොගෙවා සිටීමෙන් ගෙවීමට ඇති ණය සහ පොලී ගුණාකාර වෙමින් පවතී. ඊට අමතරව තවත් ණය ලබා ගනිමින් සිටී. එබැවින් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රනිල් වෙත උපදෙස් දී ඇත්තේ ලී ක්වාන් යූ විසින් සිදු කරන ලද මර්දනය සහ මහතීර් මොහොමඩ් කටයුතු කල ආකාරයට මර්දනයක් දියත් කරන ලෙසය.

ලී ක්වාන් යූ යනු ඒකාධිපති පාලනයක් ගෙන ගිය අයෙකි. ලීගේ පාලනයේ වඩාත්ම කැපී පෙනෙන අංගයක් වූයේ විසම්මුතිය නිශ්ශබ්ද කිරීමට ඔහු මර්දනය භාවිතා කිරීමයි.

 

lee government

ලීගේ ආන්ඩුව විසම්මුතිය මර්දනය කිරීමට විවිධ ක්‍රම භාවිතා කළේය.

ඒවා අතර,

  • වසර දෙකක් දක්වා නඩු විභාගයකින් තොරව පුද්ගලයන් රඳවා තබා ගැනීම සඳහා රජයට ඉඩ සලසන අභ්‍යන්තර ආරක්ෂක පනත (ISA). එය දින නියමයක් නොමැතිව අලුත් කළ හැකිය.

  • "සිංගප්පූරුවේ ජනගහනයේ විවිධ ජාතීන් හෝ පන්ති අතර අමනාප සහ සතුරු හැඟීම් ප්‍රවර්ධනය කිරීම" නීති විරෝධී කරන දේශද්‍රෝහී පනත.

  • ආනයනික ප්‍රකාශන පාලන පනත (එම පනත විසින් "මහජන අවශ්‍යතාවයට පටහැනි" යැයි සලකන විදේශීය ප්‍රකාශන තහනම් කිරීමට රජයට බලය ලබා දෙයි).

  • පුවත්පත් හා මුද්‍රණාල පනත (පුවත්පත් අයිතිය සහ ක්‍රියාත්මක කිරීම පාලනය කිරීමට රජයට බලය ලබා දෙයි).

දේශපාලන විරුද්ධවාදීන්, කම්කරු ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පුළුල් පරාසයක විවේචකයින් නිහඬ කිරීමට මෙම නීති භාවිතා කරන ලදී.

සමහර අවස්ථාවලදී, ISA යටතේ චෝදනාවකින් තොරව පුද්ගලයන් වසර ගණනාවක් රඳවා තබා ගන්නා ලදී. තවත් සමහරක් රජය විසින් ගොනු කරන ලද අපහාස නඩු වලින් බංකොලොත් විය. තවත් සමහරුන්ට රට හැර යාමට බල කෙරුනි. ලීගේ ක්‍රියාකලාපය ආරක්ෂා කරන අය තර්ක කලේ ආර්ථික වශයෙන් දුර්වල හා බිඳෙනසුලු රටක ස්ථාවරත්වය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ඔහු මර්දනය භාවිතා කළ බවයි. සිංගප්පූරුවේ ආර්ථික සාර්ථකත්වය ඔහුගේ ප්‍රතිපත්ති ඵලදායී බවට සාක්ෂියක් ලෙස ඔවුහු පෙන්වා දෙති. ලීගේ ප්‍රතිපත්ති නිසා විසම්මුතිය සහ නිර්මාණශීලිත්වය යටපත් කරන නිල රාජ්‍ය භීෂණයක් ඇති කිරීම සහ බිය ගැන්වීමේ වාතාවරණයක් නිර්මාණය විය. ලී ක්වාන් යූ ගේ මර්දනයේ උරුමය අදටත් විවාදයට ලක්ව ඇත. එය ස්ථාවර සහ සමෘද්ධිමත් සිංගප්පූරුවක් නිර්මාණය කිරීමට උපකාර වූ අත්‍යවශ්‍ය නපුරක් බව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමහරුන් තර්ක කරති.

කෙසේ වෙතත් සියලු ප්‍රජාතන්ත්‍රවාදීන්ට අනුව මේ වන විට සිංගපූරුව යනු නිසි ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන උසස් ආර්ථිකයක් ඇති රටකි. එහි වසන මනුෂ්‍යයින් ඒ තත්වය පිළිගෙන ඇත. ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි.

 

mahatir government

ලී ක්වාන් යූගේම කොපියක් වන මහතීර් මොහොමඩ් විසින් ද අනුගමනය කරන ලද්දේ ලී ක්වාන් යූගේ මාවතමය. මහතීර්ගේ ආන්ඩුව ද ලීගේ ආණ්ඩුව මෙන්ම විසම්මුතිය මර්දනය කිරීම සඳහා විවිධ ක්‍රම භාවිතා කළේය. ඒවා අතර වසර දෙකක් දක්වා නඩු විභාගයකින් තොරව පුද්ගලයන් රඳවා තබා ගැනීමට රජයට ඉඩ සලසන අභ්‍යන්තර ආරක්ෂක පනත (ISA) සිංගපූරුවේ ලෙසම දින නියමයක් නොමැතිව අලුත් කළ හැකිය. "මැලේසියාවේ ජනගහනයේ විවිධ ජාතීන් හෝ පන්ති අතර අමනාප සහ සතුරු හැඟීම් ප්‍රවර්ධනය කිරීම" නීති විරෝධී බවට පත් කරන දේශද්‍රෝහී පනත. පුවත්පත් අයිතිය සහ ක්‍රියාත්මක කිරීම පාලනය කිරීමට රජයට බලය ලබා දෙන මුද්‍රණාල සහ ප්‍රකාශන පනත. විශ්වවිද්‍යාල සහ විශ්වවිද්‍යාල විද්‍යාල පනත මගින් විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් පත්කිරීමේ සහ විෂයමාලා පාලනය කිරීමේ බලය රජයට පවරා ඇත. දේශපාලන විරුද්ධවාදීන්, කම්කරු ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ විද්වතුන් ඇතුළු පුළුල් පරාසයක විවේචකයින් නිහඬ කිරීමට මෙම නීති භාවිතා කරන ලදී. සමහර අවස්ථාවලදී, ISA යටතේ චෝදනාවකින් තොරව පුද්ගලයන් වසර ගණනාවක් රඳවා තබා ගන්නා ලදී. තවත් සමහරක් රජය විසින් ගොනු කරන ලද අපහාස නඩු වලින් බංකොලොත් විය. තවත් සමහරුන්ට රට හැර යාමට බල කෙරුනි.

මහතීර්ගේ මර්දනය ලොව ක්‍රියාත්මක වූ අධිකතම රාජ්‍ය මර්දන ව්‍යාපෘතියකි. මහතීර්ගේ ප්‍රතිපත්ති මගින් විසම්මුතිය සහ නිර්මාණශීලිත්වය යටපත් කරන භීතියේ සහ බිය ගැන්වීමේ වාතාවරණයක් ඇති කළ බව ඉතා පැහැදිලි කාරණයකි. මහතීර් මොහොමඩ්ගේ මර්දනයේ උරුමය අදටත් විවාදයට ලක්ව ඇත. එය ස්ථාවර සහ සමෘද්ධිමත් මැලේසියාවක් නිර්මාණය කිරීමට උපකාර වූ අත්‍යවශ්‍ය නපුරක් බව ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරයයි. තවත් අය තර්ක කරන්නේ එය මහතීර් විසින් රකිනවා යැයි කියන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මූලිකවම පාවා දීමක් බවයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය යනු එය බව අද වන විට සිංගපූරු සහ මැලේසියානු ජනතාව පිළිගෙන ඇත (මේ රාජ්‍ය දෙකම පිටුපස සිටියේ සහ සිටිනුයේ ඇමරිකාවයි).

 

ඉහත සඳහන් කළ නීතිවලට අමතරව, මහතීර්ගේ රජය විරුද්ධවාදීන් මර්දනය කිරීමට වෙනත් උපක්‍රම ද භාවිතා කළේය. රජය විවේචනය කළ පුවත්පත් සහ සඟරා වසා දැමීම. මාධ්‍යවේදීන්ට සහ විද්වතුන්ට හිරිහැර කිරීම සහ බිය ගැන්වීම. උද්ඝෝෂණ සහ උද්ඝෝෂණ කඩාකප්පල් කිරීමට පොලිසිය යොදා ගැනීම. විපක්ෂ නායකයින්ට රාජද්‍රෝහී හෝ දේශද්‍රෝහී වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීම දිගින් දිගටම සිදු කරන ලදී.

1998 සිට 2003 දක්වා ඔහුගේ දෙවන අගමැති ධුර කාලය තුළ මහතීර්ගේ විසම්මුතිය මර්දනය කිරීම විශේෂයෙන් දරුණු විය. මෙම කාලසීමාව මැලේසියානු ආර්ථිකයේ තියුනු පරිහානියකට තුඩු දුන් ආසියානු මූල්‍ය අර්බුදය සමග සමපාත විය. මහතීර් මෙම අර්බුදයට විදේශීය සමපේක්ෂකයින්ට දොස් පැවරූ අතර ඔහුගේ විවේචකයන් මර්දනය කිරීමට අවස්ථාව භාවිතා කළේය. 1998 දී මහතීර් ජනප්‍රිය හා ආකර්ෂණීය චරිතයක් වූ ඔහුගේ නියෝජ්‍ය අගමැති අන්වර් ඊබ්‍රහිම් නෙරපා හරින ලදී. පසුව අන්වර් අත්අඩංගුවට ගෙන ඔහුට ලිංගික සහ දූෂණ චෝදනා එල්ල කෙරුණි. අන්වර්ට එරෙහි චෝදනා දේශපාලනික චේතනාවක් ලෙස පුළුල් ලෙස සලකනු ලැබූ අතර, ඔහු වරදකරු කර සිරදඬුවම් නියම කරන ලදී.

ගෝල්ෆේස් අරගලකරුවන් ඉල්ලා සිටියේ ලී ක්වාන් යූ සහ මහතීර් මොහොමඩ් පන්නයේ පාලනයකි. එනම් ශ්‍රී ලංකාව සිංගපූරුවක් කරන ලෙසය.

සිංගපූරුවේ 85%ක් මූල්‍ය ආයතන පවතිනුයේ ලී ක්වාන් යූ පවුල සතුවය. රටේ අගමැති කමේ සිට ප්‍රධාන ඇමතිකම් සහ පරිපාලන ව්‍යුහයන් මෙහෙවන්නේ ඒ පවුල විසිනි. තවත් ඕනෑ තරම් එවැනි දේ පැවසිය හැකිය. මැලේසියාවේ තත්වය ද ඊට සමානය.

 

rani government

රනිල්ට පවුලක් නොමැති වුවද ඔහුට මිතුරන් සහ පරපුරක් ඇත.

රනිල් අලුතෙන් සිතා කරනා දෙයක් නොමැත. ඔහු විසින් සිදු කරනුයේ අනුකරණයකි. නමුත් අනුකරණයන් සාර්ථක වීමට නම් එම අනුකරනයන්ට අදාළ පරමාදර්ශ සඳහා පැවති සංධර්භයන් සහ ඒවාට අදාල අනෙකුත් සියලු කාරනා සමපාත විය යුතුය. නමුත් කෙසේ වත් එවැනි තත්වයක් නම් නොමැත.

 

 

රනිල්ගේ කෘෂිකර්මාන්තය පිළිබඳව ස්ථාවරය ප්‍රකට කරන ලද්දේ පසුගිය දා ගොවීන් සඳහා ජලය නිකුත් නොකිරීම මගිනි.

රනිල් වික්‍රමසිංහ පසු වූයේ ගොවීන් හට ජලය ලබා නොදීමේ දැඩි තීරණයකය. එසේ වී ඇත්තේ විදුලි කාප්පාදුවක් සිදු කිරීමට වන නිසාම නොවේ. නමුත් ආණ්ඩුව ඒ බවක් අඟවයි. ඒ ඔහු ගෝල්ෆේස් අරගලකරුවන්ගේ පාර්ශවයේ බව පෙන්වීමටය.

සමනල ජල විදුලි පද්ධතිය ජාතික විදුලි පද්ධතිය වෙත එක්කරන විදුලි ධාරිතාවය ජාතික ධාරිතාවයෙන් 1%කි. ඒ අනුව බලන කල විශාල ගොවි බිම් ප්‍රමාණයක් විනාශ වී යාම සහ එම ගොවීන් පවුල් 30000ක් පමණ ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්වීමට වඩා සමනැල වැවේ ඇති ජලය මුදා හැර ගොවි බිම් විනාශය වලකා ගැනීම මේ මොහොතේ අතිශය ලාභාදායක වන අතර ගොවීන් සඳහා එය විශාල අස්වැසිල්ලක් ද වනු ඇත.

නමුත් මෙසේ ගොවීන් සඳහා ජලය මුදා හැරීම අත්හිටුවා ඇත්තේ සමනල ජලාශයේ පමණක් නොවන අතර කන්තලේ ජලාශයේ ජලය බෙදා දීම ද අත්හිටුවා ඇත. ඊට විදුලි බල සම්බන්ධයක් නොමැත.

එසේ නම් රනිල් දැඩි තීරණයක පසුවන්නේ ඇයි?

රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය සාර්ථක කොට ගැනීමට නම් මෙවැනි ගොවීන් කෘෂිකර්මාන්තයෙන් ක්‍රමක්‍රමයෙන් ඉවත් කල යුතුව ඇත. රනිල් විසින් මේ ලබා දෙන්නේ එම පණිවිඩයයි.

කෙසේ වෙතත් රනිල් පාලනය විසින් මධ්‍යම පන්තියට පහල පන්තීන් ඉදිරියේදී දැඩි ලෙස පීඩාවට පත්කිරීමට නියමිතය. බලය රැක ගැනීමට නම් පහල පන්තීන් පීඩාවට පත්කරමින් මධ්‍යම පන්තිය සහ ඊට ඉහල පන්තීන් සන්තර්පණය කල යුතු බව ඔහු ඉගෙන ගත්තේ ගෝල්ෆේස් අරගලය තුලිනි. පහල පන්තීන්ට ගුටි බැට දී, අත්අඩංගුවට ගෙන මර්දනය කිරීම පහසු වුව ද මධ්‍යම පන්තිය සහ ඊට ඉහල පන්තීන් සමග ඒ සෙල්ලම ඒ අයුරින් කිරීම අපහසු බව ඔහු දනී. "ජාත්‍යන්තරය" කලබල වන්නේ පහල සමාජ කොටස් සම්බන්ධයෙන් නොව උගත්, වැදගත්, ශිෂ්ටාචාරගත මිනිසුන් පීඩාවට ලක්වන විටය (ඒ පිළිබඳව වැඩිදුර අවබෝධය සඳහා "Babel " චිත්‍රපටය නරඹන්න).

 

ලංකාවේ ප්‍රජාතන්තවාදී කල්ලීන් මේ මොහොතේ කොටසක් ක්‍රියාකාරීවත් කොටසක් නිහඬවත් රනිල් වෙත තම පූර්ණ සහාය පළකරමින් සිටිනුයේ සිංගපූරුවේ සහ මැලේසියාවේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී තත්වය රනිල් විසින් සංස්ථාපනය කරනු ඇති බවට වන බලාපොරොත්තුව නිසාය.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අපගේ ලිපි පෙළ කියවන්න.

සබැඳිය: http://www.spartacus.lk/democracy/2022/

@ස්පාර්ටකස් ලිපි

spartacus.lk