SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින බව පෙන්නුම් කෙරෙන ද ලීඩර් වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ  

යුද්ධය නිමා වීමෙන් පසු පුරා විද්‍යා දෙපාර්තමේන්තුව උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ පෞද්ගලික ඉඩම් කොල්ල කෑම මෑත සිට උත්සන්න වී ඇති බවට දෙමළ දේශපාලකයන් හා බහුජන සංවිධාන දිගින් දිගටම කළ චෝදනාව සත්‍යයක් බව ජනාධිපතිවරයාට ඒත්තු ගොස් තිබෙන බවය.

 

එහෙත් රනිල් වික්‍රමසිංහ යනු බබෙක්වත් මේ තාක්කල් එහෙම දෙයක් පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව සිටියෙක්වත් නොවන බව අපගේ හැඟීමය. මේවා දේශපාලන ඩ්‍රාමා බව ද බොහෝ මාධ්‍ය ව්‍යාපෘතිකයන්ද හොඳින්ම දන්නා කරුණකි. පසුගිය දිනවල නතාශා අත් අඩංගුවට ගැනීම හා සිදුවූ ඊනියා සිංහල බෞද්ධ නාඩගම තුළින්  වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ලිබරල්  ප්‍රතිරූපයට සිදුවූ හානිය වසා ගැනීමේ රනිල් තියරිය මෙසේද විය හැකිය. (එනයින් දැන් චින්තන ධර්මදාසලා වැනි විපරීතකයින්ට නැවත රනිල්ගේ ගුණ වැයිය හැකිවනු ඇත)

 

කුරුන්තුර්මලේ, නීරාවියඩි ඇතුළු ස්ථාන කිහිපයකම දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සමග ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජුනි 8 වැනිදා පැවැත්වු සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉඩම් සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංගට  දැඩි ස්වරයෙන් නියෝග කර තිබුනි. එම ඉඩම් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා පුරාවිද්‍යා ප්‍රධානියාට නියෝග කර සිව් දිනක් ගතවීමට මත්තෙන් මහාචාර්ය අනුර මනතුංග සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුනි.

 

මුලතිව් කුරුන්තුර්මලේ තන්නිමුරිප්පු වැව් දියෙන් ගොවිතැන් කරන ගොවීන්ගේ වගා බිම් ද ඇතුළුව ඉඩම් අක්කර 229 ක් මැනිමේ කටයුතු සිදු කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නියෝග කර තිබෙන බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් ජනාධිපතිවරයාට පසුගියදා පවසා තිබුණි.

එම කුඹුරු ඉඩම් තුළ දෙමළ ජනයා අඩුම තරමින් වසර 100 ක කාලයක් තිස්සේ ගොවිතැන් කටයුතු වල නිරතව සිටින බව එම්. ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා ද තහවුරු කර ඇත.

 



එහිදී අතිශය නාට‌කානුසාරී අධිකාරීත්ව කතාබහක් සිදුව ඇති අතර  තමන් දුන් නියෝගය ඉල්ලා අස් කරගැනීම ‘ප්‍රශ්නයක්’ බව පුරාවිද්‍යා ප්‍රධානියා ජනාධිපතිට පවසයි. එය සාමාන්‍යයෙන් කාලයක් පුරා රාජ්‍ය සේවයේ ඇති ක්‍රියා පිළිවෙත්හි නිත්‍යනුකූල විකාර සහගත බව වන අතර එයට සහමුලින්ම වගකිව යුතු එම නිළධාරියා පමණක් නොවේ.

 

කතාබහ ඇදී ඇත්තේ මෙලෙසිනි (උපුටාගත් කොටස් කිහිපයක්).

පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් -

"සර්, පොඩි ප්‍රශ්නයක් තියනවා සර්, මට ලියුමක් විත්ඩ්‍රෝ කරන්න හරි අමාරුයි"

ජනාධිපති -

“මේ කැබිනට් ප්‍රතිපත්ති. ඒවා ක්‍රියාත්මක කරන්න”

 තවත් කොච්චර ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය ද?

පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්  -

" සර් දැනට 72 ක් තියනවා. අපි තව 270 ගානක් ඉල්ලලා තියනවා සර්. එතනින් මිනිස්සු වගා කරන ඉඩම් තියෙන්නේ අක්කර පහයි. ඒ පහත් තියෙන්නේ වන රක්ෂිතය යටතේ."


ජනාධිපති -

"ඉතින් ඔයගොල්ලෝ අක්කර 275 ක් ගත්තොත් මේ විහාරය මහා විහාරයටත් වඩා ලොකුයි. ඉතින් මම අහන්නේ මහා විහාරයයි, ජේතවනාරාමයයි, අභයගිරිය ඔක්කොම දාලා අක්කර 100 ක් නෑ"

ජනාධිපති -

“දැන් කිව්ව නිසා ගල් ටික ගලවනවද, මං කරන්නදැ,”   

පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්  -

“සර්, මං ඒක කරන්නම්,”

මේ කතාබහ ඉදිරියට යද්දී එය එක්තරා ආකාරයක අපරිණත ප්‍රදර්ශනයක්  සහ  මාධ්‍ය රැල්ලට සුදුසු ස්වභාවයක් පෙන්නුම් කරන ලද අතර එමගින් ඉදිකරගැනීමට අවශ්‍ය ප්‍රතිරූපය සහ ඉලක්කගත දේශපාලන අවශ්‍යතාවය පිළිබඳව විවිධ විචාරකයින්ගේ විමසුමට ලක්ව ඇති බව පැහැදිලිය.


මාධ්‍ය වාර්තාවේ සඳහන්ව ඇත්තේ “ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන පරිදි මුලතිව් කුරුන්තුර්මලේ තන්නිමුරිප්පුහි අතීතයේ තිබී ඇත්තේ දෙමළ  බෞද්ධ විහාරයකි. එය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස සංරක්ෂණය කිරීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිවරයා ‘පන්තියක් දමා’ ඉතිහාසය ඉගැන්වීමටද ඉදිරිපත් ව ඇත” යනුවෙනි.

 

එක්තරා අවස්ථාවට “ගමට වැඩසටහනක්” රැගෙන ගමින් ගමට ගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වරක් පාසැල් ගුරු පත්වීම් ප්‍රමාද කිරීමක් පිළිබඳව එක්තරා තරුණියක් අදහස් පලකරද්දී ඇය බලාපොරොත්තු වන ගුරු පත්වීම කුමක්ද යන්න විමසා ඇත. එහිදී ඇය කියා ඇත්තේ ඉංග්‍රීසි ගුරු පුහුණු පත්වීමක් බවය. එවිට ගෝඨාභය ජනාධිපතිවරයා එම ප්‍රශ්නය ඉංග්‍රීසි භාශවෙන් ඉදිරිපත් කරන්නයැයි අවඥා සහගතව සිනහසෙමින් ඇයට පැවසූ අවස්ථාවද මෙහිදී සිහිකිරීම වැදගත් යැයි සිතමි.

 

මෙම සිදුවීම හා සම්බන්ධව අද තම මුහුණු පොතේ සටහනක් තබන කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය  පිළිබඳ මහාචාර්ය නිර්මාල් දේවසිරි මෙසේ ලියා ඇත.

 

කුරුන්දිමලේ විහාරය සිංහල-බෞද්ධ ද, දෙමළ-බෞද්ධ ද?

 

kurindimale nirmal

 

 “සිංහල-බෞද්ධ“ යන අදහස මෙන්ම “දෙමළ-බෞද්ධ“ යන අදහස ද 19වන ශතවර්ෂයෙන් පසු ඇති වූ නවීන දේශපාලන හා සංස්කෘතික කතිකාවන්ගේ නිර්මාණයකි. ලංකාවේ “දෙමළ-බෞද්ධයා“ යන කතිකාව ඇතිවන්නේ “සිංහල-බෞද්ධ“ කතිකාවේ පවත්නා සීමාවන්ට දේශපාලන ප්‍රතිචාරයක් ලෙසිනි. ඒ නයින් ගත් කළ මතභේදයට ලක් වී ඇති “කුරුන්දිමලේ“ පුරාවිද්‍යා භූමිය සිංහල-බෞද්ධ“ ලෙස හැදින්වීම මෙන්ම “දෙමළ-බෞද්ධ“ ලෙස හැදින්වීම ද ගැටලු සහගත වේ.

මේ ප්‍රදේශය අනුරාධපුර නගර රාජ්‍ය යේ පරිවාරයේ පිහිටි ප්‍රෙද්ශයකි. බෞද්ධ භික්ෂූන්ගේ ක්‍රියාකාරකම් මේ වකවානුවේ දිවයින පුරාම පැතිරී තිබුණි. භික්ෂූන්ට එකල දිවයිනේ විසූ ජනයාගේ ආගමිකත්වය කෙරේ පුළුල් බලපෑමක් තිබූ බව පැහැදිළිය. එකී බෞද්ධත්වයේ බලපෑමට ලක්වූ ජනයාගේ වාර්ගික අනන්‍යතාවය සෙවීම දුෂ්කර කටයුත්තක් පමණක් නොව, සංකල්පීය වශයෙන් ගැටලු සහගත කටයුත්තක් ද වේ. (Nirma devasiri lfb)

 

ශ්‍රී ලංකා විවෘත විශ්විද්‍යාලයේ ජ්‍යෙෂ්ට කතිකාචාර්ය අතුලසිරි සමරකෝන් මෙම සිදුවීම ගැන ලියන්නෙ මෙය ජාතිවාදය සමග ජල්ලි ඇල්ලීමක් ද කියාය.

 

kurindimale athulasiri

ජාතිවාදය සමග ජල්ලි ඇල්ලීම (ද)?

ද්‍රවිඩ ජාතික සංධානයේ මංත්රීතුමන්ල පිරිසක් ඉදිරියෙ පුරාවිද්‍යා අධ්‍යක්ෂක මහාචාර්යතුමාට ඉතිහාසය පිළිබද වැදගත් පාඩමක් ජනාධිපතිතුමාගෙන් ඉගෙන ගන්නට ලැබී තිබේ. ඒ පාඩම බලය පිළිබද මකියාවලිගෙ පාඩමය. නමුත් සම්ප්රදායික ඉතිහාසය හදාරන අය "මහාවංසය" හැර "කුමාරයා" කෘතිය ද අධ්‍යයනය කරනවාදැයි අපි නොදනිමු.

දෙ.ජා.සං මෙම පාඩම ඉගැන්වීම පිළිබදව සතුටු වුනත් නොවුනත් ඒ හරහා නැවතත් අපට ජාතික ගැටලුව ගැන හිතන්නට ඉඩක් ලැබී ඇත. යුද්ධය අවසන්වී වසර ගණනක් ගෙවුණ ද තවම උතුරු නැගෙනහිර පවතින ගැටලුවලට විසදුම් ලැබී නැත. දකුණ සහ රටම ආර්ථික පීඩනයට ලක්වන විට දේශපාලන බලය නැතිකරගත් දකුණේ ජාතිකවාදී කණ්ඩායම්වලට තවදුරටත් උතුර පිළිබද තීරණ ගැනීමට ඉඩ දිය යුතුද යන ප්රශ්නය උතුරේ දේශපාලනය විසින් ඉතාම දැඩිව මෙම සංදර්භය තුළ ඇසෙමින් පවතී. එසේම යුද්ධයට එරෙහි ස්ථාවරයක සිටි රනිල් ද යුදකාමී රාජපක්සලාගේ බලය යටතේ සිටිමින් හෝ ජාතිකවාදීන් සමග ජල්ලියකට සූදානම් වන්නේ තමාගෙ එකම බලය වන හමුදා බලය ද පරදුවට තබමින් බව පෙනීයයි. කෙසේමුත් පීඩිත ජාතීන්ගේ පැත්ත ගැනීමට කැමති වාමාංශික අය තවදුරටත් ඉන්නවා නම් ඔවුන්ට හොද කලක් පැමිණ තිබේ. නමුත් ජාතිකවාදී වාමාංශිකයා වඩාත් යොමු වන්නේ නවලිබරල්වාදය සමග ඔට්ටුවීමට මිස දෙමළ ජනයාගෙ ඉඩම් අයිතිය ලබාදීමට නොවිය හැක...(Athulasiri samarakoon fb)

ආචාර්ය මහේෂ් හපුගොඩ තැබූ සටහනක් මෙම සිද්ධිය පැහැදිලි කරමින් කියන්නේ, "දෙමළ මන්ත්‍රීවරුත් වැඩිය සද්ද නැහැ. සුළුජන චන්දත් ඕනි මේ වෙලාවේ. ඒවා අර ෆැන්ටසි එකේ අමතර කරුණු" බවය.

kurindimale mahesh

තිරියාය සහ මුලතිව් පුරාවිද්‍යා භූමි ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂක සහ ජනාධිපතිවරයා අතර කතාබහේ සම්පුර්ණ වාසිය ගන්නේ ජනාධිපතිවරයා. ගොඩක් අය හිතනවා ඇති ඒකට හේතුව බලය කියල. බලයත් එක්ක එන සංකේතීය අධිපති අවකාශය කියල. ඒකෙ යම් ඇත්තක් පවතින්න පුළුවන් උනත් ලංකාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙක් ජනාධිපතිවරයාට මුහුණ දුන්න හැටි ගැන මට මෙහෙම හිතුණා.

කතාබහේ වාසිය ජනාධිපතිවරයා ගැනීමේ ප්‍රධාන හේතුව පුරාවිද්‍යා අධ්‍යක්ෂකගේ කරුණුමය නොසූදානම (factual unpreparedness). ඒ කියන්නේ කරුණු හොඳට හදාරලා නොපැමිණීම. අනික කරුණු එක්කම එන තර්කනයේ නොසූදානම (lack of articulation). පොදුවේ කිව්වොත් මොන භාෂාවකින් හරි දක්ෂ ලෙස කරුණු ගලපමින් කරුණු සහ භාෂාව සංස්ලේෂණය (synthesize) කරමින් ප්‍රතිඋත්තර දෙන්න බැරිකම. ඒ කුසලතා (skills) නැති නිසා හෝ මෙතැනදී ඒවා පාවිච්චි කරන්න බැරිවීම නිසා පුරාවිද්‍යා අධ්‍යක්ෂ තමන්ගේ ඊගෝ (ego) එක රිදවා ගන්නවා.

තවත් විශේෂ දෙයක් තමයි රනිල් භාෂා දෙක (සිංහල සහ ඉංග්‍රීසි) අතර දක්ෂ ලෙස මාරුවෙමින් (code switching and code mixing) තමන්ගේ සාකච්චාව සිංහල සහ දෙමළ ජනකොට්ටාශ දෙක අතරේ පාලමක් ලෙස භාවිත කිරීම. මේ දක්ෂතාව සමකාලීන කිසිදු දේශපාලන නායකයෙකුට නැහැ.

අනික තමයි ඔය මානවම්ම කතාවේ ඉඳල මම කියපු එක. ඒ තමයි රනිල් දක්ෂයි ඉතිහාසය එක්ක භාෂා සෙල්ලම් කරන්න. අනික එයා ලංකාවේ ඉතිහාසය කියවන්නේ ඉංග්‍රීසියෙන්. අපිට දැනෙනවට වැඩිය ඒක එයාට දැනෙන්නේ එයා රාජ්‍ය පාලනය ඇතුලේ ඉඳල ආපස්සට ඉතිහාසය කියවන නිසා (retroactive).

දැන් අපිට මානවම්ම රජ්ජුරුවෝ එතරම් දැනෙන්නේ නැති උනාට ඒ දවස්වල රට පට්ට අර්බුදයක තියන වෙලාවේ එයා බලය නැතුව ඉඳගෙන මානවම්ම කියවද්දී දැනෙන විදිය ගැන හිතන්න.

මානවම්ම කියන්නේ අරාජක අනුරාධපුරය එක්සේසත් කරලා ආපහු සෞභාග්‍යය ගෙනාපු රජ්ජුරුවෝ කියල තමයි මහාවංසය කියන්නේ. දැන් ඒක අපි වගේ පොරවල්වලට එතරම් දැනෙන්නේ නැති උනාට රටේ රාජ්‍ය පාලනය ඇතුලේ හිටපු, රාජ්‍ය පාලනය වෙනුවෙන් වැඩකරන පවුලක කෙනෙක්ට ඒක දැනෙන්නේ වෙනත් විදියකට. ඔතන තමයි ඔය අතිමූලික වෙනස එන්නේ.

''හරි...මේ අරාජක වෙලාවේ මටත් පුළුවන් නේද මානවම්ම වගේ වෙන්න....'' ඉතින් එහෙම සිතුවිල්ලක් එක්ක ඉතිහාසය කියවන එකෙක් සහ කොහේහරි ගමකින් විශ්ව විද්‍යාලට ඇවිල්ල තවත් ඔය තියන විෂයන් අතරින් පුරාවිද්‍යාව ඉගෙනගෙන ඒකෙන් මහාචාර්යවරයෙක් වෙච්ච එකෙක්ගේ කියවීමයි කියන්නේ පැහැදිළි දෙකක්. පළවෙනි එක තමන්ට සමීප ඓන්ද්‍රීය කියවීමක්. දෙවැන්න ජීවත්වෙන්න ඕනි නිසා වෘත්තියක් ඇතුලේ කියවන කියවීමක්. ඒ අස්සේ දේශපාලන පත්වීම්.

ගිරිහඬු සෑය, තිරියාය, තපස්සු භල්ලුක, ලයිට් හවුස්, මානවම්ම, මහා විහාරය, ජේතවනාරාමය, තන්නි මුරිප්පු, හොරොව්පතාන, මන්නාරම ඔය ඔක්කොම රනිල් කියවන්නේ සහ උච්චාරණය කරන්නේ එයාගේ රාජ්‍ය පාලන ෆැන්ටසි එකක් එක්ක. අපි ඒවා කියවන්නේ දුරස්ථ දැනුම් කරුණු විදියට.

ඒක නිසා තමයි රනිල් ඒ කරුණු සිතියම්ගත කරන විදියට (තිරියායේ සිට හොරව්පතාන සහ අනුරාධපුර සහ මල්වතු ඔය සහ එතන ඉඳල අරාබි මුහුදට) අපිට ඒ ගැන කතාකරන්න බැරි. දෙමළ මන්ත්‍රීවරුත් වැඩිය සද්ද නැහැ. සුළුජන චන්දත් ඕනි මේ වෙලාවේ. ඒවා අර ෆැන්ටසි එකේ අමතර කරුණු.

ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක්. ඔච්චරයි වෙනස...(Mahesh Hapugoda fb)