SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

චම්පිකගේ පක්ෂයේ පංචවිද ප්‍රතිපත්තිය යනු UNPයේ ද ප්‍රතිපත්තීන්ය. මේ සියල්ල සිදු කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්ව සිටියදී ඊට දැන් තවත් තරඟකරුවෙකු ඉදිරිත්ව ඇත්තේ

පවුල් උරුමය වෙනුවට නිදහස් අධ්‍යාපනයේ තරඟකාරීත්වයේ උරුමය වඩා ප්‍රගතිශීලිය යන 'ඩාවින්වාදය' තහවුරු කරමිනි. ඒ අනුව එය හැඳින්විය හැක්කේ UNPය විද්‍යාත්මකකරණයට ලක් කිරීමේ උත්සාහයක් ලෙසය.

'ඩාවින්වාදය' වාමාංශිකන් ද ලිබරල්වාදීන් ද එක ලෙස පිළිගන්නා "සත්‍යයකි". 'ඩාවින්වාදය' හෝ 'ඓතිහාසික භෞතිකවාදය' නොපිළිගන්නේ යයි උඩ පනිනා සමහර වාමාංශික කොටස් නිමග්න වන කතිකාවන් මෙන්ම ක්‍රියාකාරීත්වයන් ද සැබවින්ම පිහිටා තිබෙනුයේ එම දෘෂ්ටිවාදීවාදයේ ග්‍රහණයේය.

champika1

 

දේවධර්මවාදය විතැන් වී පරිනාමවාදය එම ස්ථානයට පැමිණියේ නූතනත්වය තුලය. දෙවධර්මවාදයේ නියෝජිතයා පවුල් උරුමයේ ප්‍රභූවරයා නම් පරිනාමවාදයේ නියෝජිතයා මිනිස් තරඟකාරීත්වය තුල දක්ෂයාය. එනම් දක්ෂතාවය ඕනෑම දිළින්දෙකු තුල වුවද උපතින්ම පිහිටන තත්වයක් (නැවතත් දෙවියන්ගේ තීරණය) ලෙස සැලකෙන අතර සාධාරණත්වය යනු එම දක්ෂතාවය විකසිත විය හැකි සමාජයක් ස්ථාපිත කිරීමයි.

චම්පික ඉහත පස්වැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරනුයේ උගත් මධ්‍යම පන්තියට (ඉහල සහ පහල) ආමන්ත්‍රණය කිරීම සඳහාය. ප්‍රේමදාස පදනම් වන පන්ති ස්වභාවයන් හට ඉහත විකාර සහගත ප්‍රතිපත්තීන් පිලිබදව හැඟීමක් හෝ ඒ පිළිබඳව උනන්දුවක් හෝ නොමැත. ධනවාදී කතිකාව තුලට හොඳින්ම ඇතුළු වී ඇත්තේ පහල සහ ඉහල මධ්‍යම පන්තියයි. ව්‍යාපාරික කොටස් සඳහා ද ඔය විකාර අවශ්‍ය නොවන අතර ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ට අවශ්‍ය ආකාරයට, එම ප්‍රජාවගේ එකඟතා වලට අනුව ක්‍රියාත්මක වන ලිබරල් රෙජීමයකි.

 

champika2

 

චම්පික-ශිරාල් එක් පැත්තකින් මේ උත්සාහ දරමින් සිටිනුයේ රනිල්ට වඩා වැඩේට සුදුසු අය ඔවුන් බවට ව්‍යාපාරික ප්‍රජාව වෙත ඒත්තු ගැන්වීම සඳහාය (මේ මොහොතේ රනිල් වෙත සමස්ත ව්‍යාපාරික ප්‍රජාවගේ අනුග්‍රහය ලැබී ඇති අතර ඉදිරියේදී එය ලිහිල් වීමට නියමිත තත්වය ප්‍රයෝජනයට ගැනීම ඔවුන්ගේ අරමුනයි). ඒ ව්‍යාපාරික ප්‍රජාවගේ අනුමැතියකින් තොරව මැතිවරණ වලින් බලය ලබා ගැනීම උගහට බැවිනි (ව්‍යාපාරික ප්‍රජාව අකමැත්තෙන් සහාය දැක් වූ රෙජීමය වූයේ රාජපක්ෂ පවුලයි. ඒ සිංහල බෞද්ධ ජාතිකවාදී කතිකාව ප්‍රබල ලෙස සංස්ථාපනය වීම හේතුවෙනි. නමුත් ඔවුන්ගේ සැබෑ නියෝජිතයා වන රනිල් ඉතාම ආරක්ෂිතව, එනම් UNPය අන්ත පරාජයක් ලබන තත්වයක් යටතේ වුවද සුරක්ෂිතව තබා ගත්තේ වෙලාව පැමිණෙන තුරුය). ඒ සඳහා සහ උගත් මධ්‍යම පන්තිය මත පදනම් වීම සඳහා වන අනෙක් තරඟකරුවා වන්නේ ජවිපෙය. දැන් මේ චම්පික-ශිරාල් උත්සාහ දරනුයේ ජවිපෙ විස්තාපනය කොට ජවිපෙ යම් සාර්ථකත්වයක් ලබා ඇති ස්ථානයේ තහවරු වීමටය. ඒ සඳහා චම්පිකලා ඉදිරියේදී උගතුන්ගේ බල ඇණියක් ගොඩනගනු ඇත (මෙය ආරම්භ කරන ලද්දේ ජවිපෙ විසිනි පසුව එය වියත්මග එලිය වැනි සංවිධාන තුලින් ගෝටාභය විසින් ඩැහැගන්නා ලදී). එසේම ජවිපෙ වාමාංශික උරුමයට පහර දෙමින් ව්‍යාපාරික ප්‍රජාව තමන් වෙත දිනාගැනීම සඳහා චම්පිකලා ඉදිරියේදී උත්සාහ දරනු ඇත.

 

ඒ අනුව ලංකාව තුල මේ යුගයේ සියලුම දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වන්නේ ධනවාදය සංස්ථාපනය කිරීම සඳහාය. එහෙත් පෙසප සහ ඔවුනට සහාය දක්වන අමනයින් පවසනු ඇත්තේ අප "පෙනී සිටිනුයේ" සමාජවාදය වෙනුවෙන් බවය. නමුත් ධනවාදී කතිකාව සංස්ථාපනය කෙරුම සඳහා අනෙක් සියලු පක්ෂ සහ කණ්ඩායම් වෙත උත්ප්‍රේරකයක් වී ඇත්තේ එම මෝඩ දේශපාලන පක්ෂයයි.

@spartacus lipi

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි