SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ වන විට වෙන කවරදාකටත් වඩා ධනවාදය වඩාත් හොඳින් සංස්ථාපනය කිරීම වෙනුවන් අවශ්‍ය කතිකාව ලංකාව තුල ගොඩනැගී ඇත.

1977 වසරේ හයෙන් පහක බහුතරය ලබා ගත් ජේ.ආර්.ගේ UNP ආණ්ඩුවට තිබූ එම ජනප්‍රසාදය සීග්‍රයෙන් පිරිහීමට ලක්වීමට හේතු වන්නේ ඒ දක්වා පැවති සිංහල සංස්කෘතියට වේගයෙන් වෙනස් වීමට ලක්වීම තුල සිදු වූ බලපෑමයි.

 

338859002 641988924432150 5004522687311576718 n

 

ජේ.ආර්. විසින් රූපවාහිනිය රටට හඳුන්වා දෙන්නේ ධනවාදයට අවශ්‍ය සංස්කෘතික වෙනස සිදු කිරීමට අවශ්‍ය ප්‍රධාන මෙවලම එය බව තේරුම් ගැනීමෙනි. ආවුරුදු 6 සම්පූර්ණ වීමට පෙර හයෙන් පහේ UNP ආණ්ඩුව පිරිහීමට ලක්වන්නේ (ලාම්පු - කලගෙඩි සෙල්ලමට යාමට සිදු වූයේ එබැවිනි) එම සංස්කෘතික ආක්‍රමණයට පැමිණි විරෝධයක් ලෙස මිස ආර්ථිකමය බලපෑම නිසා නොවේ. නමුත් ජේ.ආර්.ගේ ආණ්ඩුව රැකුණේ ඔහු විසින් සිදු කල ආර්ථික විප්ලවය භාරගත් සහ ඉන් ප්‍රතිලාභ ලැබූ ජන කොට්ඨාශය නිසාය.

 

90s television memories Thumb

 

ජේ.ආර්.ගේ නියමම අනුප්‍රාප්තිකයා වූ රනිල් අගමැති බවට පත්වන්නේ 2001 වසරේදීය. ජේ.ආර්. පැතූ, නමුත් ඔහුට සපුරාගත නොහැකි වූ, ලිබරල් පොරොන්දු දේශය ගොඩනැගීම සඳහා "යලි පුබුදමු ශ්‍රී ලංකා" (Regaining Sri Lanka) ව්‍යාපෘතිය ආරම්භ කරනුයේ රනිල් විසිනි. නමුත් එය සාර්ථක කොට ගැනීමට නොහැකි වන්නේ ද ඊට එරෙහිව නැගී ආ ජාතිකවාදී රැල්ල හේතුවෙනි. ඒ අනුව එය අර්බුධයට යන්නේ ද ආර්ථිකමය ස්ථානයකින් නොවේ

(සබැඳියාව: http://www.spartacus.lk/%e0%b7%80%e0%b6%b8-%e0%b6.../2019/).

 

"යලි පුබුදමු ශ්‍රී ලංකා" (Regaining Sri Lanka) වැඩපිළිවෙලට උතුරෙන් ද විරෝධය පැමිණි අතර ප්‍රභාකරන් විසින් ප්‍රකාශයක් ද කරනු ලැබීය.

 

LTTE Prabhakaran

 

එසේ අසාර්ථක වූ රනිල් හට නැවතත් බලය ලැබෙනුයේ 2015 "යහපාලනයෙනි". 2001 කාලයේ මෙන් නොව 2015 වන විට යුද්ධය අවසන් කල රාජපක්ෂ ආණ්ඩුකරණය තුල රනිල් හට අවශ්‍ය තත්වය යම් මට්ටමකට ගොඩනැගී තිබුන ද රනිල් හට අවශ්‍ය රංගන වින්‍යාසය එම ආණ්ඩුව තුල සාක්ශාත්කොට ගත නොහැකි වූයේ මෛත්‍රීපාල සිරිසේන හේතුවෙනි (අද වන විට මෛත්‍රීපාලගෙන් එලව එළවා පළිගන්නේ සහ ඔහු දිගින් දිගටම හිර කරනු ලබන්නේ මෛත්‍රී ප්‍රමුඛ බලවේගයක් ගොඩනැගුනහොත් රනිල්ගේ ව්‍යාපෘතිය නැවතත් අසාර්ථක වේය යන බියෙනි).

 

Wrong capitalism 4

 

2005 සිට 2015 වසර 10ය යනු ලාංකීය දේශපාලනයේ සුවිශේෂී වසර 10යකි. එනම්, විශාල වශයෙන් ණය ලබා ගනිමින්, ඉඩම් චීනයට ලබා දෙමින්, ලබා ගත් මුදල් මාර්ග ඇතුළු මහා පරිමාන ඉදිකිරීම්, සහ අනෙකුත් "සංවර්ධන" ව්‍යාපෘතීන් වලට යොදවා ලාංකීය සමාජය සීග්‍ර වෙනසකට බඳුන් කල වසර 10යි. එම මුදල් ප්‍රවාහයේ ප්‍රථිපල එතෙක් නොපැවති හෝ සුළුවෙන් පැවති ධනවාදයේ විවිධ කෙෂ්ත්‍ර රැසක් දැඩි ලෙස ප්‍රවර්ධනය කිරීමට සමත් විය. ඒ අධ්‍යාපනය, විදේශ අධ්‍යාපනය, විදේශ සංචාර, රූප ලාවන්‍ය, මහා පරිමාන නිවාස ඉදිකිරීම්, මංගලෝත්සව, ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රිකල් උපකරණ භාවිතය, ප්‍රවාහනය... වැනි තවත් බොහෝ කෙෂ්ත්‍ර...

 

එබැවින් "ගෝල්ෆේස් අරගලය" යනු එම තත්වය එකවර කඩා වැටීමට ලක්වීම ක්ෂිතියක් වූ, ජාතිකත්වයේ අක්මුල් සිඳුණු, 'ධනවාදී කතිකාව' ('ධනවාදී කතිකාව' නිර්මාණය වන්නේ 'ස්වාමි කතිකාව' සහ 'විශ්ව විද්‍යාල කතිකාව' අතර විපරීත සම්භෝගයේ ප්‍රතිපලයක් ලෙසය) වැළඳගත් තරුණ තරුණියන්ගේ අරගලයයි (සබැඳියාව:  http://www.spartacus.lk/%e0%b6%8b%e0%b6%af%e0%b7%8a.../2022/).

 

image 7b62e7e3d2

 

එම අරගලය විසින් පෙර නොවූ විරූ ලෙස නව ලිබරල් ධනවාදය හොඳින්ම සංස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය සන්ධර්භය නිර්මාණය කරන ලදී. මැයි 9ය ඇති වූ ගෙවල් ගිනි තැබීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා වලට ආසන්න හේතුව වූයේ ගෝල්ෆේස් අරගලය වුවද මේ දෙක පටලවා නොගත යුතු බව අප ඒ දින වලම කල ප්‍රකාශයන් දැන් සත්‍ය බව නොපෙනේද? (සබැඳියාව: http://www.spartacus.lk/%e0%b6%b8%e0%b7%99%e0%b6%ad.../2022/)

 

අද වන විට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හෝ සාර්ථක කොට ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි?

 

2001-2004 රනිල්ගේ ආණ්ඩුවට නොහැකි වූ, 2015-2020 කාලයේ අවශ්‍ය වූ, රනිල්ගේ අරමුණු දැන් පහසු වී ඇත්තේ ඇයි ?

 

වර්තමාන ලාංකීය ධනවාදය නඩත්තු කිරීමට අවශ්‍ය සේවා (සේවා රාජ්‍ය ව්‍යාපාර ලෙස ද පවතී) රාජ්‍ය අයිතියේ පවතිද්දී ලාභ නොලබන බවත්, තරඟකාරී පෞද්ගලික ව්‍යවසායකයින් හට ඒවා විකුණා දැමුවහොත් ලාභ ලබන ව්‍යාපාර බවට පත්කොට තරඟකාරීත්වය තුලින් ජනතාවට ප්‍රතිලාභ ලබා දිය හැකි බවටත් වන කතිකාව දැන් රට තුල සංස්ථාපනය වී අවසන්ය.

 

ජනතාවට ප්‍රතිලාභ ලැබීමට නම් ජනතාව එම සමාගම් වලට ලාභ ලබා දීම සඳහා වෙහෙස මහන්සි වී වැඩකළ යුතුව ඇත. එවිට ප්‍රතිලාභ යනු නැවතත් පාරිභෝජනවාදය මිස අන් යමක් නොවේ. එනම් ලංකාවේ නම් පැය 16ක වත් වැඩ මුරයක් අත්‍යවශ්‍ය වීම නොඅනුමානය. එසේ නොමැතිව එම සමාගම් ලාභ ලබා එම ලාභ තුලින් වැඩි වැටුප් පරිමාන සේවකයින් හට හිමි කොට දෙන තත්වයක් ඇතිකොට ගත නොහැකි වනු ඇත. එසේම පුද්ගලීකරණය තුල එම භාණ්ඩ සහ සේවා වල මිල ඉහල යාම සිදු වනු ඇත. එබැවින් එම භාණ්ඩ සහ සේවා ලබා ගැනීම සඳහා වැඩි ක්‍රය ශක්තියක් අවශ්‍ය වන අතර ඒ සඳහා සියලු දෙනා හට වැඩි පුර වැඩ කිරීමට සිදු වනු ඇත. රනිල් විසින් ගොඩනගනු ලබන්නේ නොනිදා වැඩ කරන සමාජයකි.

 

Wrong capitalism

 

ලිබරල්වාදයේ උපරිම අර්ථයෙන් දැන් කෙනෙකුට පැවසිය හැක්කේ, 'කෘතීම බුද්ධිය' කරලියට පැමිණ ඇති තත්වයක් තුල ඉදිරියේදී බොහෝ වැඩ කටයුතු සඳහා රොබෝවරුන් යොදා ගැනෙන තත්වයක් පැමිණෙන බවත් (දැනට පූර්ණ ස්වයංක්‍රීය සහ දීර්ග කාලීන ස්වයං ධාවක රොබෝ වරුන් නිපදවීමට ඇති ප්‍රධාන බාධාව වී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය බලශක්තිය ලබා ගත හැකි කුඩා පරිමාන බලශක්ති ප්‍රභවයක අඩුවයි. එයද ඉදිරියේදී ජය ගනු ඇත), ඒ අනුව මිනිස් ශ්‍රම-කාලය ඉතාමත්ම අවම වීමට නියමිත බවත්, රාජ්‍ය ව්‍යවසායකත්වය යටතේ එම දියණුව ලඟා කොට ගත නොහැකි බවත්, මේ සියලු රාජ්‍ය ව්‍යවසායන් සහ සේවා පුද්ගලික සමාගම් වෙත භාරදීම තුල නව තාක්ෂනය පැමිණ, විද්‍යාත්මක විප්ලවයක් සිදු වී රට සීග්‍ර ලෙස සංවර්ධනය වී දියුණුවෙන් දියුණුවට පත්වීමට නියමිත බවත්, මෙය රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් ගත හැකි හොඳම තීරණය බවත්, ඒ අර්ථයෙන් රනිල් වික්‍රමසිංහ යනු ලාංකීය ඉතිහාසයේ ජේ. ආර්.ගෙන් පසුව බිහි වූ මහා නවීකරකයා බවත් පැවසිය ඔවුනට හැකිය. එය ප්‍රතික්ෂේප කල නොහැකි සැබෑවකි.

එසේම ඉදිරියේදී ඇති වන තත්වය ගැන සරල සුගම ලෙස පහසුවෙන් පුරෝකථන කරන අය නොදකින මානය වන්නේ එම තත්වය සාර්ථක වුවහොත් ඒ තුල නිර්මාණය වන අර්බුධ කන්දරාවයි. ඒ තත්වය තුල නැවතත් සමාජීය අර්බුධ සහ පාරිසරික අර්බුධ උග්‍ර වන්නේ දැනට පවතින තත්වයෙන් නොවේ.

  

එසේම එම තත්වය උදා කොට ගැනීම (රනිල් බලාපොරොත්තු වන සමාජය) අසාර්ථක වීමේ සම්භාවිතාවය ඉතාමත්ම ඉහලය. ඒ එය තීරණය වන්නේ ලෝක ප්‍රාග්ධන ක්‍රියාවලියේ ස්වභාවය මත බැවිනි. තේරෙන භාෂාවෙන් කිවහොත් රනිල්ගේ ප්‍රධානත්වයෙන් මේ සිදු කරන සූදුව බූරුවා ගැසීමේ සම්භාවිතාවය වන 50ට 50හේ අපේක්ෂාව හෝ නොමැති තත්වයකි. එය වඩා නිවැරදිව සමාන කල හැක්කේ ලංකාවේ විකිනෙන රුපියල් 10යේ ලොතරැයි පතක් මිලදී ගන්නා කෙනෙකුට පවතින ගණිතමය අපේක්ෂාවේ ප්‍රමාණයටය. ලෝක ප්‍රාග්ධන ක්‍රියාවලියෙන් කුට්ටියක් ඩැහැ ගැනීමට ඔට්ටු ඇල්ලීම සහ පොර කෑම තුල ඇත්තේ එතරම්ම අඩු ප්‍රතිශතයක අපේක්ෂාවකි.

 

leftist pro 14

 

නමුත් මෝඩ වාමාංශික කතිකාව තවමත් පසුවන්නේ 1917 වකවානුවේ අර්ථය තුල සහ ධනවාදී කතිකාව තුලය. එබැවින් වර්තමාන රනිල්වාදී කතිකාව වඩාත් හොඳින් පෝෂණය කරනුයේ ජවිපෙ සහ පෙසප විසිනි (ඒවා ගැන කොතෙකුත් ලියා ඇත). කෙසේ නමුත් මේ මොහොතේ සිදුවිය යුතු හොඳම දේ ජවිපෙ බලයට පැමිණීමයි. නමුත්, දැන් එන්න එන්නම බලය පිළිබඳව ජවිපෙ සිහිනය බොඳ වෙමින් යන අයුරුත්, මධ්‍යම පන්තිය අමනාප කොට ගැනීමට නොහැකි ජවිපෙ සිර වී ඇති අයුරුත් දැකගත හැකිය. එසේම පෙසප ද ජවිපෙට එකතු වීම සිදු වන්නේ නම් එය වඩාත් හොඳ ප්‍රතිඵල ජනිත කරනු ඇත.

 

සබැඳි ලිපි: https://web.facebook.com/permalink.php?story_fbid=pfbid02VrYxiuqZ25VGLm7WYoBXqP44ipXF8RVbfAMjSsf1wxtPufHLqVPtQCwqUxsBYFkLl&id=189404577862002

@ස්පාර්ටකස් ලිපි

spartacus.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි