SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජනරජ පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කයෙන්

ඉදිරිපත් කරන කණ්ඩායමේ නාම යෝජනා අත්සන් කිරීම ඊයේ (15) එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී සිදු කෙරිණ.

 

 

එම අවස්ථාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක;

 

 

“අද අපි මේ කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා අත්සන් කිරීම ආරම්භ කළා. බලාපොරොත්තු වෙනවා දහඅට, දහනමය දෙදින තුළ කොළඹ දිස්ත්‍රික්කයේත්, රට පුරාමත් නාම යෝජනා භාර දෙන්න. පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජනපද පෙරමුණේ නමින් හා පැන්සල ලකුණෙන්.”

 

 

එක්සත් ජනරජ පෙරමුණ සමස්ත දිවයිනට ම තරග කරනවාද පළාත් පාලන ආයතන වලට?

 

සමස්ත දිවයිනේ ම දිස්ත්‍රික්කවලට තරඟ කරනවා. තෝරා ගත් පළාත් පාලන ආයතන ගණනාවකට.

 

ඒ කියන්නේ හැම පළාත් පාලන ආයතනයක්ම නියෝජනය වෙන් නැද්ද?

 

ඔව්. සාමාන්‍යයෙන් අපි ප්‍රධාන මහ නගර සභා, මහනුවර මහ නගර සභාව, ගාල්ල මහ නගර සභාව, කොළඹ මහ නගර සභාව වගේ තැන්වලට තරඟ කරනවා. තවත් සමහර තැන්වල තරඟ කරන්නේ නැහැ. ඉතින් අපි අපිට ශක්තිය තියෙන, පළාත් පාලන ආයතන ගණනාවකට මෙවර මැතිවරණයේ දී, ප්‍රථම වතාවට එක්සත් ජනරජ පෙරමුණ නමින් තරඟ කරනවා.

 

මොනවගේ අදහසක්ද තියෙන්නේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සහ මේ කාලීන දේශපාලන තත්වය ගැන?

 

ඇත්තටම දැන් කාලීන ව ගත් කල මේ පළාත් පාලන මැතිවරණය නන්නාඳුනන අපේක්ෂකයින්ට ඡන්දේ දීලා හරියන්නෑ. තමන්ට වගකියන, ගමේ, තමන් දන්න අපේක්ෂකයෙක් තමන්ගේ මන්ත්‍රීවරයා බවට පත් කර ගත යුතුයි. ඒ වගේ ම රජයට, ඔය අයවැයෙන් කොපමණ වෙන් කළත් විශාල ප්‍රාග්ධන වියදම් ප්‍රමාණයක් කරන්න මුදල් නැහැ. ඒ නිසා තමන්ගේ පළාත් පාලන ආයතනයේ මුදල් සම්පාදනය කර ගන්න පුළුවන් වැඩපිළිවෙළක්, වැඩසටහනක් පළාත් පාලන ආයතනයට අවශ්‍ය කරනවා. අපි මෙවර පළාත් ආයතන වලට ඒ වැඩපිළිවෙළ ඉදිරිපත් කරනවා. තමන්ගේ මුදල් තමන් හොයා ගන්න වැඩපිළිවෙළක්. ඒ වගේ ම බස්නාහිර මහ නගර සැලැස්ම යටතේ අපි යෝජනා කරලා තිබුණා, අපි වැඩ කරලා තියෙනවා මේ රටේ, විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ නගර සභා, ප්‍රාදේශීය සභාවලට. අපි බලාපොරොත්තු වෙනවා ඒ නාගරික සැලසුම් නවීකරණය කරලා, මෙවර මැතිවරණයේ දී ඉදිරිපත් කරන්න. මොකද අපි තමයි මේ. කොළඹ තිබිච්ච කසල ප්‍රශ්නය විසඳුවේ. ඒ වගේ ම කොළඹ නගරයේ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ තිබිච්ච ගංවතුර ප්‍රශ්නය විසඳුවේ. ඒ ඒවා විසඳුම් බවට පරිවර්තනය වෙලා නෑ. මොකද ඒ ව්‍යාපෘතිය අවසන් කරලා නෑ.

 

උදාහරණයක් හැටියට කොළඹ පහළොවකින්, හයයි කරලා තියෙන්නේ. ඉතුරු නමය කරන්න මේ ඔය ඉන්න කාටවත් කරන්න හැකියාවක් නැති බව පහුගිය අවුරුදු පහේ දී පෙන්වලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒවා ඉදිරිපත් කරන්න. මහරගමට, කැස්බෑවට, ඒ වගේ ම බොරලැස්ගමුවට, මොරටුවට. ඒ සියලු ම සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා. පහුගිය අවුරුදු පහක් තිස්සේ අහිමි වෙලා තිබිච්ච සංවර්ධනය විශේෂයෙන්ම ප්‍රාදේශීය සභා, නගර සභාවල ආදායම් වලින් ම කරළියට ගේන්න තමයි අපි බලන්නේ.

 

බටලන්ද කොමිෂන් සභා වාර්තාව:

 

මේ දවස්වල කතාබහට ලක් වෙන ප්‍රධාන මාතෘකාවක් තමයි, බටලන්ද කොමිෂන් වාර්තාව. මොකක්ද ඔබතුමාගේ අදහස?

 

බටලන්ද කොමිෂන් සභා වාර්තාව ඉදිරිපත් කරලා මොකක්ද කරන්න යන්නේ කියන එක ආණ්ඩුව කියන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා ද, නැත්නම් එතුමාට නඩු පවරනවා ද කියලා. හැබැයි අපේ ස්ථාවරය නම්, මේක මේ. එක පාර්ශවයක, එක පැත්තක වෙච්ච දෙයක් නෙවෙයි. මේ රටේ 1987 ඉඳන් 90 දක්වා කාලය තුළ දෙපාර්ශවයේ ම මරා ගැනීමේ තරගයක් තමා තිබුණේ. ඉතින් ඒ මරා ගැනීම් වලට ජනතා විමුක්ති පෙරමුණත් දායක වුණා. ඒගොල්ලන්ටත් වගකීමක් තියෙනවා. ඒ වගකීමෙන් ගැලවෙන්න බෑ. ප්‍රතිපාර්ශවයෙනුත් ඒ විදිහට ම කළා. ඉතින් ඒ ප්‍රතිපාර්ශවයන් වැඩියෙන් මරපු හින්දා ජය ගත්තා කියලා කියන්න පුළුවන්. ඒ හින්දා මේක කරනවා නං ඔය දෙතුන් පාර්ශවයේ ම කරපු ඝාතන පිළිබඳ විධිමත් ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරලා කටයුතු කරනවා මිසක් ඒකපාර්ශවීයව එක එක තැන්වල ඒ කටයුතු ඵලදායක වෙන්නේ නෑ.

 

 

කොළඹ විශ්වවිද්‍යාලයේ වධකාගාර සම්බන්ධ සිද්ධිය:

 

දැන් ඇතැම් සමාජ මාධ් යවල සහ තැන් තැන් වල කතාබහට ලක්වෙලා තිබුණා. ඔබතුමාටත් එවැනි අත්දැකීමක් තියෙනවා කියලා. විශේෂයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ එහෙම මොකක් හරි මතකයක් තියෙනවද? එහෙම සක්‍යතාවක් තියෙනවා ද ඒ කතාවල?

 

ඔව් ඉතින් අර ඒ කාලේ කොළඹ විශ්වවිද්‍යාලයේ වධකාගාරයක් හා රැඳවුම් ක්‍රියාවලියක් සිද්ධ වුණා. ඉතින් අපිත් ඒවයේ රැඳවුම් කරලා ඒ වද බන්ධනයට ලක්වුණා. ඉතින් ඒ නිසා අපිටත් ඒ පිළිබඳ  අත්දැකීමක් තියෙනවා. ඒක මම හංගලා නෑ. ඒක මං දිවයින පුවත්පතට ‘අමු සොහොනක විලංගු ලා’ කියලා දීර්ඝ ලිපි මාලාවක් මගින් ඒ වෙච්ච සිද්ධිය විවෘතව ප්‍රකාශ කරලා තියෙනවා.

 

ඒ ගැන මීට පෙර මේ මොනවා හරි ඔය තොරතුරු විමසීම් වල දී ඔබතුමා ලබා දීලා තියනවා ද? නෑ ඒ කියන්නේ කිසිම තොරතුරු විමසීමක් මේ දක්වා කරලා නෑනේ?

 

ඒකනේ මේ රටේ ප්‍රශ්නෙ. ඒකනේ මේක අතීතය සම්බන්ධයෙන් ප්‍රබන්ධ හදන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් කිසිම විවෘත කොමිෂන් සභාවක් පත් කරලා නෑ. මේක තමයි එල්ටීටීඊය සම්බන්ධයෙනුත් වුණේ. විවෘත කොමිෂන් සභාවක් පත් කරලා නෑ. ඒක නිසා ඝාතකයෝ මේ නිදැල්ලේ ඉඳ ගෙන අනිත් මිනිස්සුන්ට ඇඟිල්ල දික් කර කර ඉන්නවා. දෙපැත්තෙන්. ඕක තමයි වෙලා තියෙන්නේ. නමුත් විවෘත කොමිෂන් සභාවක් මැතිනි පත් කළා වගේ තිබුණා නම්, අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව වගේ එකක්, අද ඔය ප්‍රබන්ධ කතා පවත්වන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා, එහෙම විවෘත කොමිෂන් සභාවක් තියෙනවා නම් අපි ලෑස්තියි ඒකට ඉදිරිපත් වෙන්න.

 

ඔබතුමාගේ අත්දැකීම කොහොමද ඒ දවස්වල ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ කාරණාවේ දී?

 

නැහැ ඉතින් ඒවා ඉතා ම කණගාටුදායක දේවල්. රටට ඉතා ම වටින මිනිස්සු. වටින පරපුරක් නැතිවුණා මේ රටට. දෙතුන් පැත්තෙම ඝාතන ක්‍රියාවලිය නිසා.

 

 

අල් ජසීරා සාකච්ඡාව සහ ජාත්‍යන්තර යුද අධිකරණ ක්‍රියාවලිය:

 

 

මේ මොහොතේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක කරළියට එන්නේ මොකක් හරි දේශපාලන අරමුණක් වෙනුවෙන් ආපු කාරණාවක් කියලා ඔබතුමා හිතනවද?

 

මේක එහෙම දේශපාලන අරමුණකින් නෙමෙයි නේ. දේශපාලන අරමුණක් තිබුනා නම් මේ ආණ්ඩුව බලයට පත්වෙච්ච හැටියෙම ඒවා විමසන්න එපැයි. මේක මේ අල් ජසීරා නාලිකාවෙන් මතු කරපු ප්‍රශ්නයක්නේ.

 

අල් ජසීරා සාකච්ඡාවෙහිත් විවිධ කාරණා ගැන ප්‍රශ්න කෙරුණා. ඒවායේ දී ඔබතුමන්ලාගේ අදහස මොකක්ද ඒ කාරණා සහ ඔවුන් ප්‍රශ්න කළ කාරණා සහ රනිල් වික්‍රමසිංහ මහත්තයා ලබා දීපු පිළිතුරුත් එක්ක?

 

රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ ප්‍රශ්න සම්බන්ධයෙන් දැන උගත් කෙනෙක්. ඒ වගේම ඔහුට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ලොකු ප්‍රශ්නෙකුත් නෑ අනිත් අයට වගේ. ඉතින් ඒ නිසා මෙතන දී රාජ්‍යයක් හැටියට මේ අන්තර්ජාතික යුද අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ තියෙනවා යම් යම් සිද්ධාන්ත. උදාහරණයක් හැටියට දැන් ඔය පිලිපීන ජනාධිපති සම්බන්ධයෙනුත් ඒ ප්‍රශ්නෙ තියෙනවා. රට ඇතුළේ යම්කිසි විමර්ශනයක් ඒ වගේ ම ඒ සම්බන්ධයෙන් වෙච්ච නඩු පැවරීමක් ආදිය සිද්ධ කරලා අවසන් වුණාට පස්සේ තමයි විදේශීය වශයෙන් විමර්ශන කරන්න පුළුවන්. ඒවා ද්විතීයිකයි. මූලික එක කරන්න ඕන රට ඇතුළේ. ඉතින් ඒ රට ඇතුළේ කොමිෂන් පහක් විතර පත් කරලා තියෙනවා ඔය පරණ කොමිෂන්. අපි දන්නවනේ. මහින්ද රාජපක්ෂ පත් කළා කියලා සත්‍ය සෙවීමේ කොමිසම කියලා. ඊට පස්සේ පරණගම කොමිසම කියලා පත් කලා. උදලාගම කොමිසම කියලා පත් කලා. ඩෙස්මන් සිල්වා කොමිසම කියලා පත් කළා. ඔහොම ඔහොම. ඒ වගේම මම කියන්න ඕනේ මේ ඝාතන ගැන එක එක සංඛ්‍යාලේඛන කරලා හරි යන්නේ නැහැ. ඇත්ත වශයෙන් ම 1983 ඉඳන්, 1990 අනූව දක්වා කාලය තුළ මියගිය පිරිස්, අතුරුදහන් වෙච්ච පිරිස් පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛනයක් තියෙනවා. ඒක මේ පාර්ලිමේන්තු පුස්තකාලයේ තියෙනවා. ඒක සභා ගත කරන්න. එතකොට ඔය හතළිස් දාහක් මළා ද යුද්ධෙන්, හැටහය දාහක් මළා ද ජේවීපී කැරැල්ලේ. කීය ද මලේ කියන එක දැන ගන්න පුළුවන්. මොකද නිශ්චිත වාර්තාවක් තියෙනවා. ඔය අනිත් ඉලක්කම් වගේ නෙමෙයි. මේ රජය කරලා තියෙන ලොකු ම ප්‍රශ්නෙ තමයි ඔය නිශ්චිත වාර්තාවන් හරියට මහජනයා ඉදිරියේ සහ අන්තර්ජාතික විශේෂයෙන්ම යූ එන් එච් ආර් සී එක ඉදිරියේ මේවා කරුණු පැහැදිලි නො කිරීම. ඒ සාකච්ඡාවේත් වුණේ ඒකයි.

 

 

වනජීවී ගණනය

 

 

උදේ අටට නැගිටලා වනජීවි ගණනයක් කළා ද?

 

වනජීවි ගහනය පිළිබඳ ගණන් බැලීමක් තියෙන එක හොඳයි. වැදගත් ප්‍රශ්නෙ මොකද යන්නේ කියන එක. දැන් අපි ගණන් කරා කියන්නකෝ. ඒ සත්තු කීයක් ඉන්නවද? ලේන්නු, දඬු ලේන්නු කීයද, මොනරු කීයද? රිලව් කීයද, වඳුරෝ කීයද? කියලා අපි ගණන් හැදුවයි කියන්නකො. ඊළඟට මොකක්ද කරන්නේ? ඒක කිව්වේ නෑ. අන්න එතන තමා ප්‍රශ්නෙ තියෙන්නේ. එහෙම කිව්වා නම්, මීට වඩා ගොඩක් මහජනයා අතර විහිළුවට ලක් නොවී, සහයෝගයක් ලබාගන්න පුළුවන් වෙයි. ඇත්තටම මේ සතුන්ගෙන්, වගා බිම් වලට, අනෙකුත් දෑ වලට වෙන හානිය කියා නිම කළ නොහැකියි. ඒ ගැන ලොකු වේදනාවක් රටේ තියෙනවා. අර කරන දේ ගැන පැහැදිලි කළා නම්, වටිනවා.

 

 

සාම්පූර් සූර්ය බලාගාරය

 

 

සාම්පූර් බලාගාරය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන්නත් සැලසුම් කරලා තියෙනවා කියලා මොකක්ද අදහස ඔබතුමා ගේ?

 

 නෑ ඇත්තටම සාම්පූර්වල සූර්ය බලාගාරයක් නෙ මේ නිර්මාණය කරන්න යන්නේ. කනගාටුවට කාරණය මේ අනුර දිසානායක ආණ්ඩුව ආවට පස්සේ සූර්ය බලාගාර සෙනසුරාදා ඉරිදාට සීයට පනහක් කපනවා. ඉතින් ඇත්තටම මේ මෝදි අගමැතිතුමාට කරන අවමානයක් තමයි ඉදිරි කාලෙ දි සීයට පනහක් බලය කපන්න නම් ඇයි ඔය ආයෝජනය ඔතන කරන්නේ කියන එක.

 

ඒ කියන්නේ ඒක හොඳයි, හොඳ නැද්ද ඒක?

 

අනිවාර්යයෙන් ම හොඳයි සූර්ය බලාගාර. අපි තමයි ආරම්භ කළේ. මම තමයි 2010 ලංකාවේ සූර්ය බලාගාර පටන් ගත්තේ, සූර්ය බලාගාර පටන් ගත්තෙත් අපි හම්බන්තොට. වහල උඩ සූර්ය බලාගාර පටන් ගත්තේ. නමුත් මේ ආණ්ඩුවට ඕන ගල් අඟුරුයි, ඩීසලුයි මාෆියාව රකින්නනේ. ඉතින් ඒක හින්දා සාම්පූර්වල බලාගාරය හැදීම විහිළුවක්. ඇයි? දැන් මේ රජය බලයට පත්වුණාට පස්සේ, මේ අනුර දිසානායක මහත්තයා ජනාධිපති වුණාට පස්සේ, දිවා කාලයේ, සූර්ය බලාගාර අක්‍රිය කරනවා. සූර්ය බලාගාර අක්‍රිය කරන ජනාධිපතිවරයෙක් තව සූර්ය බලාගාරයක් හදන්න විදේශ නායකයෙක්, විශේෂයෙන්ම ඉන්දීය නායකයා ගෙන්වීම තරම් දේශපාලන විහිළුවක් මං නම් දැකලා නෑ. ඒ කියන්නේ සූර්ය බලාගාර අක්‍රිය නොකර මේක පවත්වාගෙන යනවා නම්, පැහැදිලිව ම පුළුවන්. නොහැකියාව තියෙනවා. ආණ්ඩුවේ නොහැකියාව සහ ඩීසල්, ගල් අඟුරු මාෆියාවට තියෙන ලැදිකම. දැන් ඒකෙන් මොකද වෙලා තියෙන්නේ? නොමිලේ ලැබෙන සූර්ය බලය ඒක අපිට අහිමි කරලා, සුළං බලය අපිට අහිමි කරලා, ඒ වෙනුවට මොනවද කරන්නේ? ඩීසල් ගහනවා, ගල් අඟුරු ගහනවා. ඒ හරහා ඒ බලාගාර නඩත්තු කරනවා. ඉතින් මොන රටේ ද මේවා කරන්නේ? ඒක සාහසික මේ ගැන මහජන උපයෝගීතා කොමිසම විතරක් නෙමෙයි රටේ අධිකරණයත් මැදිහත් විය යුතු තරම් අපරාධයක්. මොකද මේ වන්දිය ගෙවන්නේ මේ රටේ විදුලි පාරිභෝගිකයා මිසක් අනුර දිසානායක මහත්තයා නෙමෙයි.

 

 

රටේ අපරාධ රැල්ල:

 

රටේ මේ අපරාධ රැල්ලක් සිදුවෙනවා. මේ ගැන මොකක්ද ඔබතුමන්ලාගේ අදහස?

 

මේක විහිළුවක්නේ. ඇත්ත වශයෙන් ම දැන් ඔය දේශබන්දු මහත්තයා පොලිස්පති හොයන පොලිසියක් ඉන්නවා නම් තව මොන කතාද?

 

 

ආ. මේ ගැන ඇත්තටම එක්තරා මාධ්‍යවේදියෙක්; එතුමා පිටරටක ජීවත් වෙන්නේ. ඔහු මේ ගැන මේ සම්බන්ධ මහත්තයාට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළ වහාම මේ ගැන ප්‍රකාශයක් කළා. ඔහු කිව්වා දේශබන්දු බාර වෙන්නෙත් නෑ. දේශබන්දු අල්ලන්නෙත් නෑ. දේශබන්දු අල්ලන්නේ නැතුව ඉන්න තමයි හදන්නේ. දේශබන්දුට ඉහළ අධිකරණයකින් නියෝගයක් අර ගෙන මේ නඩුවෙන් ඉවත් වෙන තාක් කල් ඔහුව අල්ලන්නෑ කියලා.

 

 

ඉතින් දැන් අපිත් හිතුවා දේශබන්දු මහත්තයා භාර වෙයි කියලා වැදගත් පොලිස් නිලධාරියෙක් හැටියට. ඒ වගේ ම අර වටගල මහත්තයා කිව්වා වගේ දේශබන්දුගේ දේපළ තහනම් කරයි කියලා. ආ. නමුත් ඒ මොකක් වත් වෙලා නෑ. දැන් මේ වෙලා තියෙන්නේ, බොහොම දැනුවත් ව යන ක්‍රියාදාමයක් තමයි වෙන්නේ. ඉතින් අපි බලමු අධිකරණය මොකද දාහත් වෙනිදා කියන්නේ කියලා.

 

 

@මාධ්‍ය ඒකකය

 

නවතම ලිපි