SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ විදුලිය අර්බූධයට පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීමේ ක්‍රමවේදයන්

සකස් නොකළහොත්  2028 වන විට අනීවාර්ය විදුලි අර්බූධයක් ඇති වීම නොවැලැක්විය හැකිය.

 

මේ අර්බූධයේ දිග පළල පිළිබඳ දැනුවත් නිසාම අරගලයෙන් පසු සිදුවූ ක්‍රියාදාමයන් සමග සෑම දේශපාලන නායකයෙක්ම ඒ පිළිබඳ විශේෂ අවදානයක් යොමු කළ යුතුව ඇත.

 

 

සෝලා පවර් ව්‍යාපෘතියක දී ලංකාව වැනි වසරේ සෑම සෘතුවකම හිරු එළිය නොඅඩුව ලැබීමේ භාග්‍යය හිමිවීම නිසා  බාධාවකින් තොරව පුනර්ජනනීය බලශක්තිය නිපදවීමට එය මහඟු අවස්ථාවකි.

 

 

ලෝකයේ බොහෝ රාජ්‍යයන් පාරිසරික ගැටළු වලට අවම තත්වයක් ගෙන දෙන නිසාම පුනර්ජනනීය බලශක්තිය විසඳුමක් ලෙස ආදේශ කර ඇත.

 

 

කෙසේ වුවත් ලංකාවේ පැවති රජයන් සියල්ල මෙම හැකියාව ප්‍රයෝජනයට ගෙන තිබුණේත් අවදානයට ලක්කර තිබුණේත් අතිශය අඩු අගයකිනි.

 

 

2011 වසරේදී එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍යව සිටි පාඨලී චම්පික රණවක විසින්  2007 අංක 35 දරණ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනත ප්‍රකාරව හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි බලශක්ති සංවර්ධන ප්‍රදේශයන් ප්‍රකාශයට පත්කර තිබුණි.

 

 WhatsApp Image 2025 01 29 at 00.17.10

 

ඒ අනුව හම්බන්තොට සෝලා පවර් ව්‍යාපෘති මේ වනවිටත් ආරම්භ කර ඇති අතර  ඊට යොදාගෙන තිබෙන ඉඩම් අලි රක්ෂිතයට හසු නොවන අතර කෘෂි කර්මාන්තයට අදාළව ජල පහසුකම් සැපයිය නොහැකි කලාපයේ පිහිටි භූමියක් ද  වේ.

 

එසේම මෙම භූමිය සම්බන්ධව ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර අදාළ ශක්‍යතා වාර්තා, පරිසර වාර්තා, කැබිනට් අනුමැතිය මෙන්ම  2023 අනුමත ජනන සැලසුමට අයත් ව්‍යාපෘති ලෙසත් පාර්ලිමේන්තුවේ සභාගත කර අනුමැතිය ලැබී ඇත.

 

එසේම මේ වනවිට මිලියන 800කට වැඩි මුදලක් මෙම ව්‍යාපෘතීන්හි මූලික කටයුතු සඳහා දේශීය ආයෝජකයින් විසින් වැය කර ඇත.  

 

 WhatsApp Image 2025 01 28 at 15.01.02

 

එවැනි තත්වයක් තුළ අක්කර 6000ක් වුනු අලි රක්ෂිතයෙන් පිටත පිහිටි මෙම ඉඩමට පහුගිය දිනවල රක්ෂිතයේ සිටි  අලින්ව  පන්නා ඇතැයි පැවසෙන අතර එමගින් බලාපොරොත්තු වී ඇත්තේ මේ ව්‍යාපෘති සිදුකරමින් ඇති භූමිය අලින්ගෙ වාසභූමියක් බව පෙන්වා අදාළ ව්‍යාපෘතීන්හි වැඩකටයුතු නවතාලීමට බව සඳහන් වේ.

(එසේ නම් මත්තල ගුවන් තොටුපලද එම ස්ථානයෙන් ඉවත් කළයුතුව ඇත)

 

 

අලින්ව මේ ආකාරයට පැන්නීම සිදුකළ හැක්කේ වනජීවී දෙපාර්ත‌මේන්තුවේ නිළධාරීන්ට පමණක් වන අතර  එය සිදු කර ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුවේ හම්බන්තොට ආරක්ෂිත ප්‍රදේශ කළමණාකරණය විසින් බව මේ වනවිට වීඩියෝ හරහා හෙළිදරව් වෙමින් ති‌බේ.

 

 

ජාතික ජන බලවේගයේ  නිහාල් ගලප්පත්ති මන්ත්‍රීවරයා විසින් මේ ආකාරයට අලි පැන්නීම සිදු කරවා ඇත්තේ  වනජීවී දෙපාර්තමේන්තුවේ හම්බන්තොට ආරක්ෂිත ප්‍රදේශ කළමණාකරණ ආයතනයේ නිළධාරියෙක් වූ  මංජුක අමරරත්න හරහා බවත් එම නිළධාරියා මගින්ම මෙම  ඉඩම අලින්ට ගැවසීමට ඇති භූමියක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දැන්වීමට අවස්ථාව සලස්වා ඇති බවත් මේ වනවිට අප වෙත දැනගන්නට ලැබී තිබේ.

 

 

හම්බන්තොට අලි රක්ෂිතයේ අලින්ව  ගම්මානවලට කඩාපනින තත්වයට පත්කරමින්  මොවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

 

හෙට(29) හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුව පැවැත්වෙන අතර එහිදී  දැනට කරගෙන යන සෝලා ව්‍යාපෘති නතරකරන්නට  පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති කටයුතු මේ වනවිට සූදානම් වෙමින් සිටියි. ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් ලබාගත් ආරංචිමාර්ග අනුව වනජීවී නිළධාරීන් හරහා ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට කතාව නිර්මාණය කර ඇති බවද එකී ආරංචිමාර්ග අනුව කියැවේ.

 

කෙසේ වුවද දේශීය ආයෝජකයින්ගේ ව්‍යාපෘතියක් ලෙසමේ වනවිට මිලියන 800කට අධික මුදලක්  වැයකර ඇති මෙම සෝලා ව්‍යාපෘතිය අතරමග නැවැත්වීමේ උවමනාව සහ උපාය කුමක්ද?

 

  • නිහාල් ගලප්පත්ති මන්ත්‍රීවරයගේ ඥාති සහෝදරයා වූ හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට අවශ්‍යව ඇති මෙම ඉඩමේ  ගස් කපාගැනීමේ  උවමනාව ද?
  • පසුගිය රජයන් කිහිපයක් යටතේ ක්‍රියාත්මක වී ඇති මෙම ව්‍යාපෘතියෙන් අදාළ කොමිස් ලබාගැනීමට නොහැකි වීම නිසා නව ආයෝජනයක් හරහා එවැන්නකට පාර කපා ගැනීමකටද?

 

මෙවැනි ව්‍යාපෘතීන් නතර වීම පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය වැනි රාජ්‍ය ආයතනයන්හීද ඇත්තේ  කැමැත්තකි. ඊට හේතුව විදුලිය අර්බූධයක් වන තරමට විදුලිබල මණ්ඩලයට හදිසි මිලදී ගැනීම් කළහැකිය. ඔිනෑම ආණ්ඩුවක් තම රජය අර්බූධයට යා හැකි විදුලිය වැනි පරිභෝජන සේවාවක් වෙනුවෙන් හදිසි මිලට ගැනීම්වලට වුව එකඟ වෙති.

 

ලැබෙන තොරතුරුවලට අනුව මේ හරහා මේ වනවිට ජනාධිපතිවරයාද රැවටීමට කටයුතු කර ඇත.

 

 

ක්ලීන් ශ්‍රී ලංකාවක් හදන්නට ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ පිළිබඳව දිවා රෑ නොබලා වෙහෙසෙද්දී ඔහුගේම මන්ත්‍රීවරුන් ක්‍රියා කරන්නේ මේ ආකාරයට ද?

 

 

මෙම ව්‍යාපෘතියේ ආයෝජකයින්ගේ පාර්ශ්වයෙන් ඔවුන් ගිවිසුම් ප්‍රකාරව නඩු මගට බසිනු නොඅනුමානය.

එවිට ආයෝජකයින් රජයෙන් වන්දි ඉල්ලා සිටිනු ඇත.

වන්දි ලබාදීමට නැවත රජයේ බදු මුදල් යෙදවෙනු ඇත.

එයද නැවත වරක් සාමාන්‍ය ජනයාගෙන් අයකෙරෙන බදු මුදලින් සාමාන්‍ය ජනයා මතම පැටවෙනු ඇත.

 

@සමාරා පරණවිතාන

 

නවතම ලිපි