SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පහලොස් හැවිරිදි ශ්‍රී ලාංකික ඊලාම් දෙමළ ගායිකාවක් වන ජෙසිකා ජූඩ්

ඊලාම් දෙමළ ජනතාව වෙනුවෙන් කැප වූ ගීතයක් ගායනය කරමින් 2014 වර්ශයේ පැවැත්වූ "සුපර් සිංගර් ජූනියර්" නම් ජනප්‍රිය තමිල්නාඩු ගායන තරඟයේ ප්‍රේක්‍ෂකයින් මවිතයට පත් කළේය.

ඊළාම් දෙමළ අරගලය හා බැඳුණු ගීත දෙකක් වූ "තෝල්වි නිලයේන" සහ "විඩෛයි කොඩු එංගල් නාඩේ" යන ගීත ද්විත්වය තරඟ සමයේදී ගායනා කිරීම සහ ඇගේ හද කම්පා කරවන සුසංයෝගය නැරඹීම සඳහා විනිසුරුවරුන්, සජීවී ප්‍රසංගය නැරඹූ ලොව පුරා නරඹන්නන් සහ බොහෝ දෙනෙකුට කඳුළු උනන්නට විය.

ඉන්දීය රූපවාහිනී නාළිකාව වන විජයි ටීවී ඔස්සේ විකාශය වන "සුපර් සිංගර් ජූනියර්" නරඹන්නන්ට දුරකථනයෙන්, පරිඝනකයෙන්, අන්තර්ජාලය හරහා සජීවීව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සලස්වා දී තුබුනි. එහිද නරඹන්නන්ගෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් දිනා ගත් ජෙසිකා අවසන් මහා තරඟයේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය.

 

jesika 1

 

තමා තුල තිබූ නිහතමානීභාවය ජෙසිකා ඇගේ ත්‍යාගය වූ රන් කැට කිලෝග්‍රෑම් 1 ක් (දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 40,000 ක්), යුද්ධයෙන් පීඩා විඳින ඊළාම් දමිළ දරුවන්ට සහ ඇය වාසය කරමින් නිතර සංචාරය කළ තමිල්නාඩුවේ අනාථ නිවාසයකට පරිත්‍යාග කළාය.

තම ලාංකික දෙමාපියන් සහ අනෙකුත් පිරිස් යුධ සමයේ විඳිමට ලක්වූ අනේකවිධ දුක් කම්කටොලු, ඇය ඇසූ පිරූ කතාන්දර ඇයගේ ගායනය නිර්ව්‍යාජ වන්නට හේතු විය.

අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ ප්‍රථම ඊළාම් දෙමළ ජාතිකයා ලෙස පිළිගැන්නුන ජෙසිකා මෙසේ පැවසුවාය.

"මම අද මේ වේදීකාවේ ගායනා කිරීමට සූදානම් වන ගීතය සහෘද ඊළාම් දෙමළ ජනතාවට පූජා කරමි."

ලෙසයි.

jesika 3

ගීතය ශ්‍රවණයෙන් පසුව විනිසුරුවරුවරයෙක්, ප්‍රවීන සංගීත අධ්‍යක්‍ෂකවරයෙකු සහ ගායකයෙක් වන ශංකර් මහාදේවන්, ගායක මනෝ (නාගූර් බාබු), ප්‍රබල ගායිකා කේ.එස් චිත්‍රා මෙන්ම ගායිකා මල්ගුඩි සුභා සහ නිළි දිව්‍යදර්ශිනී ද, කොලිවුඩ් නළු ධනුෂ් ද, පැමිණි සිටි සියලු සංගීතඥයින් සහ අනෙකුත් පිරිස් සිය අසුන් වලින් නැගිට ජෙසිකා හට අත්පොළසන් දෙන ලදී.

විනිසුරුවරුන්ට අදහස විමසීමට පෙර වැඩසටහන මෙහෙයවන්නා විසින් මෙසේ පැවසිය.

"ඉඩකඩ, නිවාස අහිමි වූ සහ සුව නොකළ තුවාලයන් සහිත දස දහස් ගණන් ඊළාම් දෙමළ ජනතාවට ඔබ සුවපත් කිරීමේ ඔසුවක් ලබා දුන් බවයි."

මයික්‍රෆෝනය ශංකර් වෙත ගෙනගියද ඔහු පැවසුවේ තමාට කතා කිරීමට නොහැකි (නිරුත්තරයි) වූ බවයි. පසුව මනෝ විසින් මෙසේ පැවසිය,

"නිසැකවම, ඔබ මෙතැනදී පමණක් නොව ලොව පුරා රූපවාහිනී සහ සමාජ මාධ්‍යජාලා හරහා නරඹන බොහෝ හදවතුන්ගේ ආශීර්වාද සැබවින්ම ලබාගෙන ඇත. දෙවියන් වහන්සේ ඔබට ආශීර්වාද කරයි! මනෝ පැවසනවාත් සමඟ ශංකර් හිස නමයි..

 

jesika 2

 

මයික්‍රෆෝනය අවසන් වරට ලබා දුන් ධනුෂ් පැවසුවේ,

"අද ඔබ ගැන සිතමින් දෙමළ ජනතාව ආඩම්බර වන බව නියතයි"

අද මගේ අදහසේ හැටියට සිටින්නේ එක් වර්ගයක දෙමළ ජාතියක්. එක් දෙමළ ජාතිකයෙක් පමණයි. ජාතියකට කොටු නොවී සෑම කෙනෙකුම "දෙමළ" යැයි ඔහු පැවසීය.

සජීවි ප්‍රේක්ෂකයන්ගේ ප්‍රීති ඝෝෂා හා මහත් අත්පොළසන් මැද ඔහු තවදුරටත් පැවසීය.

"ඔබ සංගීතයේ බලය භාවිතා කර ඇත්තේ ශෝකය, වේදනාව, පීඩිත හැඟීම ප්‍රකාශ කිරීමට ය. ඔබ කෙතරම් වැදගත් ක්‍රියාවක් කර ඇත්දැයි ඔබට නොතේරෙයි. ඔබට දෙවි පිහිටයි." ධනුෂ් එලෙස තම කතාව නිමා කරයි.

විනිසුරුවරුන් පිටුපස සිටි "විඩෛයි කෝඩු එංගල් නාඩේ" ගීත ගායනා කළ එක් ගායකයෙකු වන මාණික්ක විනායගම් මහතාගෙන්ද ජෙසිකා පැසසුමට ලක් වූ අතර එහිදි ඔහු

"මෙම ගීතය මම කොපමණ වාරයක් ඇසුවත්, ලෝකයේ කවර කෙලවරක සිට හෝ එය අසන්නෙකු වුවත්, මෙම ගීතය සියල්ලන්ගෙ හදවත උණු කළ හැකි ලස්සන ගීතයක්" බව විනයාගම් මහතා පැවසීය. තවද

 

jesika 4

"ජෙසිකාගේ හඬ ප්‍රකාශයට සවන් දුන් මට සුළු වරදක්වත් දක්නට නොලැබුනි., මට අඬන්නට විතරයි අවශ්‍ය වූයේ, මට වෙන කිසිවක් කියන්න අවශ්‍ය නැහැ. වචන එන්නේ නැහැ," ඔහු එසේ සදහන් කලහ. කීර්තිමත් ගායක එම්.එස් විශ්වනාදන් සමඟ ‘විදායි කොඩු’ ගායනා කිරීමට ඔහු ජීවත් වූ තාක් අමතක නොවන බවටත්,

"ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර, ඔබ තවත් බොහෝ දේ සාක්ෂාත් කර ගැනීමට හැකිවේවා. ඊළාම් දෙමළ, ඩයස්පෝරාව දෙමළ සහ ලොව පුරා වෙසෙන සියලුම දෙමළ ජනතාව වෙනුවෙන් ඔබට ප්‍රශංසා කිරීමේ වගකීම මට ඇත. " බවට ඉතා සංයමයෙන් යුතුව පවසනවා.

එකිනෙකාගේ අරගලය ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තුව සහ ධෛර්යය ඇතිව දුක් විඳීමේ වේදනාව අතර විකල්ප සංකලනයක් ගීත දෙකේ විලයනය මඟින් ලැබුණි.

ඊළාම් දෙමළ ජනතාවගේ දුක් වේදනා පිළිබඳ 2002 වසරේ තිරගත වූ චිත්‍රපටය සඳහා ලෝක ප්‍රකට සංගීත අධ්‍යක්‍ෂ ඒ.ආර්.රහ්මාන් විසින් සංගීත අධ්‍යක්ෂණය කරන ලද "කන්නතිල් මුත්තමිට්ටාල් " චිත්‍රපටයේ එන විඩෛකොඩු එංගල් නාඩේ ගීතය ඊලම් දෙමළ ජනතාව තම මව්බිමෙන් වෙන්වීම විස්තර කරන්නේ ඔවුන් නිදහස දකින්නේ කවදා දැයි යන වචන විරහිත ප්‍රශ්නාර්ථයක් මතු කරමිනි.

ප්‍රසිද්ධ පැරණී ගායක පී.බී. ස්‍රීනිවාස් විසින් ගායනා කරන ලද "තෝල්වි නිලයේන" ගීතය ඔහුගේ වෘත්තීය දිවියේ දිගු විරාමයකින් පසු 1986 දී තිරගත වූ "ඌමයි විළිගල්" චිත්‍රපටය සඳහා ගායනය කළේය. එම චිත්‍රපටය ඊලාම් දෙමළ සටන්කාමී කණ්ඩායමක අරගලය ගැන නොවුණත්, බොහෝ අය විශ්වාස කරන්නේ මෙම ගීතය දෙමළ ඊළාම් නිදහස් සටන්කරුවන්, පීඩිත ජනතාව සහ අරගලය මනසේ තබාගෙන ලියවුන බවත්, එය ආශ්වාදයක් හා අභිප්‍රේරණයක් ලබා දුන් බවත් ය.

ජෙසිකා ඇගේ ගීයේ ආරම්භය ලෙස "තෝල්වි නිලයෙන" ගීතයේ මුල් කොටසද පසුව "විඩෛකොඩු එංගල් නාඩේ" ගීතයද අතරින් පතර පලමු ගීයේ කොටස් උපයෝගි කොටගෙන තිබේ.

 

ඈ ගැයූ ගීතයේ මා හදවතට දැනුන පද කොටස් වල අර්ථය මෙසේය.,

"පරාජය ස්ථිර යැයි යමෙකු විශ්වාස කරන්නේ නම්,

ඔබට ජීවිතයට මුහුණ දිය හැක්කේ කෙසේද?

ජීවිතය බරක් ලෙස සිතමින් ඔබ ඔබේ මුතුන් මිත්තන්ගේ සිහින විනාශ කර දමනවාද?

අපට අපේ අයිතිවාසිකම් සහ දේපල අහිමි වූ නමුත්

අපට අපගේ ආත්මය නැති කර ගත හැකිද?"

"නව ආරම්භයක් වැඩි ඈතක නොවේ,

එසේනම් ඔබේ හදවත තවමත් ශෝකයෙන් බර වන්නේ ඇයි?

ඔබ නිර්භීත පුද්ගලයෙක් වූවත් ඔබේ දෑස් කඳුළින් පිරී ඇත.."

"මැරුණත් මව් ඇකය මෙන් සුවයක් ගෙන දෙයිද?

ස්වර්ගයට ගියත් නිදහසේ සැරිසැරූ අපේ ගම මෙන් තිබේවිද?

දෙනෙත් විවර වූ දේශය මෙහෙ මුත්

ඇස් පියවෙන දේශය කොයි වේවිදෝ...."

"කාලයක් අපි සතුටින්, නිදහසින් සිටියෙමු..

නමුත් දැන් කටුකම්බි වලට සිරවී සිටින්නෙමු..

මුහුදු ලිහිණියනි අප ජීවත් වී සිටියොත් අප හමුවෙමු..

දුවපැන සිටි කැලෑ සහ කඳු වෙත, අප ජීවත් වී සිටියොත් හමුවෙමු...

හිසෙහි කිසිවක් නොමැත,

හදවතෙහි බොහො බර දරාගෙන අප සමුගන්නෙමු..."

"ගංඟාවනි වෙන් වෙමු, අප දිවි ගැලවුනොත් නැවතත් පැමිනෙන්නෙමු

නැවතත් මව්බිම කැඳවුවොත් පැමිනෙන්නෙමු

කඳුලු තීරයේ ඉපදුණු පස

අවසාන් වරට දකින්නෙමු..."

"දෙතොලේ සිනහව වැලලුවෙමි

ජීවය දේහයේ වැලලුවෙමි

හුදෙක් සැකිල්ල පමණක් ඇවිද යනු ඇත."

කැනඩාවේ ජීවත් වන හෙයින් කැනේඩියානු දෙමළ ජාතික ජෙසිකා හට විශ්ව විද්‍යාල දෙමළ සංගම් ජාලයක් වන කැනේඩියානු දෙමළ තරුණ සන්ධානය (CTYA) විසින් ඇඟේ ගායනය සහ ඇගේ ත්‍යාගය දුගී ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීම පිළිබඳව උණුසුම් සුභ පැතුම් සහ ගෞරවය පහත අයුරින් ප්‍රකාශ සිටියහ.

 

"කැනේඩියානු දෙමළ තරුණ සන්ධානය ජෙසිකා ජූඩ්ස්ට සුපර් සිංගර් ජූනියර් ෆයිනැලේ තරගයේ දී සියළුම සුභ පැතුම්. ඇයගේ රංගනය තුළින් ඊලාම් දෙමළ ජනතාව වෙනුවෙන් ඇය කළ කැපවීම සැබවින්ම ආත්මීය ය."

යම් කිසි කෙනෙකුගේ හිත් තුල සංගීතය නම් බීජ ඉස අස්වනු ලබන්නට නම් ප්‍රාණය නම් පස සරුසාරවත් විය යුතුමය.. ජෙසිකා මා දන්නා තරමට ඇගේ කර්තව්‍යය එදා දවසේ සම්පූර්ණව සිදු කලාය. ඇය එහිදි දෙවන ස්ථානය ලබා ගත්තද ඇය ඇගේ ඉදිරිපත් කිරීමෙන් සියල්ලන්ගේ හිත් තුල අංක එකේ ස්ථානය ඩැහැගෙන අවසන් ය. අද වන විට සංගීත ක්ශ්‍රේස්ත්‍රයේ ඈ බොහෝ දුර ප්‍රයායන කර ඇත..

 

අරුල් කීර්තානන්

@ Arul Keerthanan