SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝක වෙළඳපොලේ ඔිකිඩ්  වලට ප්‍රධාන සැපයුම් කරුවො ඉන්නව 4 ක්.

තායිලන්තය, නෙදර්ලන්තය, තායිවානය සහ නවසීලන්තය. ඒ අතරින් පළවෙනිය තමයි තායිලන්තය. එයා හොයනව ඒව අපනයනය කරල අවුරුද්දකට ඇ.ඩො. මිලියන 520 ක්. මල් විතරක් නෙවෙයි  පැලත් විකුණනව.

 

orkid 5

තායිලන්තයට ඔිකිඩ් වෙළදාම හදුන්වල දුන්නෙ විදේශිකයෙක්. 1913 දී තමයි ඒක වාර්තා වෙන්නෙ. එයා තායිලන්තෙ කැලෑවල ඇවිදින ගමන් මේ මල් ටිකක් ගෙනාව බැංකොක් වලට. මල්වලට ආස හිතුණු තායි ධනවත් ව්‍යාපාරිකයෙක් මේ මල් එයාගෙන් මිලට ගත්ත. පස්සෙ මේ මල් වැවීම තායි ධනවතුන්ගෙ විනෝදාංශයක් වුනා.

 

orkid 1

1966 වෙනකොට මේ මල් පිටරට යවන්න පටන් ගත්ත. 1979 තායිලන්තය තමයි ලෝක වෙළදපොලේ මේ මල්වල අංක එක. තවමත් ඒ වාර්තාව එහෙමමයි. හැබැයි අපි ලෝක වෙළදපොල කියල සාමාන්‍ය විදිහට අදුනගන්නෙ එක්සත් ජනපදය ඇතුලු යුරෝපයනෙ. නමුත් ඒක එහෙම නෙවෙයි, තායිලන්තයේ වැඩිම මල් පංගුව මිලට ගන්නෙ වියට්නාමය චීනය සහ ජපානයයි.

 

orkid 2

අද වෙනකොට බැංකොක්වල විතරක් ඔිකිඩ් වගාව කෙරෙනව හෙක්ටයාර් 4000 ක විතර. නමුත් ලෝකෙ ලස්සනම සහ ප්‍රභේද වලින් වැඩිම ගණනක් ඔිකිඩ් තියෙන්නෙ භූතනායේ. ඒක වර්ග 1200ක් කියලයි කියන්නෙ.

 

orkid 3

ඒ වගේම නව ප්‍රභේද දවස ගානෙ තව හොයාගන්නව. හිමාලය නිජබිම කරගත් ඒ රට පරිසරයට හරිම ආදරෙයි. ඒ නිසා වෙන්න ඇති ඒ මල් කැලෑවලම පිපිල කැලෑවලම පරවෙන්න ඉඩ දීල තියෙන්නෙ. නමුත් නේපාලය තමන්ගෙ ඔිකිඩ් මල් අපනයනයේ වැඩිම පංගුව කරන්නෙ කැලෑවලින් නෙලාගත්තු මල්වලින්. ඒක අපනයනය කරන ඔිකිඩ් වලින් 96% ක්.

 

orkid 4

 

@ උපාලි ජයසිංහ