SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙය වෙනත් ජනවර්ගයක දරුවෙකුට අසීමිතව ආදරය කල වෙනත් ජනවර්ගයක ගැහැණියක් පිළිබඳවය.

කොල්ලා කලු ජාතික මයිකල් ඔහාර්ය. ගැහැණිය ලේන් ඇනී තෝගිය. ජෝන් ලී හැන්කොක්ගේ The Blind Side ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුවූ සත්‍ය සිදුවීම් පෙළක් ඇසුරෙන් නිර්මාණය වූ සිනමා පටයකි.

මයිකල් ඔහාර්ට තිබුණෙ පළල් පස්ස පැත්තක් වගේම අති විශාල කලවා දෙකක්. ඒවට යෝධ අත් දෙකකුත් එකතුවුනාම අපිට පේනව ඇවිදින මස්ගොඩක්. හැබැයි එයා මත්ද්‍රව්‍ය භාවිතා කරන මවගෙන් ආණ්ඩුව විසින් වෙන් කරනු ලැබූ තවම අවුරුදු 14 ක් වෙන පොඩි කොල්ලෙක්. ඒ වගේම තාත්තා දාලා ගිය, හැම ළමා නිවාසෙකින්ම පැනල ඇවිත් අම්මව බලල යන ගුප්ත කලු ජාතික දරුවෙක්. ඒත් එයාගෙ මාමා කෙනෙක් එයා දන්න අඳුනන ක්‍රීඩා ගුරුවරයෙක්ගේ පිහිටෙන් මේ දරුවව දානව නගරෙ තියෙන ඉහළම පාසැල වෙච්ච වින්ගේටි විද්‍යාලයට.

 

jhon 4

පාසැලට ඇතුල් කරපු දවසෙ ඉදන් මයිකල් ඔහාර්ට සුදු ජාතික කොල්ලන් කෙල්ලන් අතර අපහාස සහ ගැරහුම් වලට පාත්‍ර වෙන්න සිදු වෙනවා. දවසක් එයාට දෙන ප්‍රශ්න පත්තරේට එයා අකුරක්වත් ලියල තිබුණෙ නැහැ. නමුත් ඔහු ප්‍රශ්න පත්තරේ අනිත් පැත්තෙ ඇදල තිබුන රුවල් ඔරුවක තනි වෙච්ච මිනිහෙක්. ඒකට යටින් ලියල තිබුනෙ මෙහෙම.

 “මගේ වටේට තියෙන හැම දේම සුදු පාටයි. ඩෙස් බන්කු, බිත්ති, පොළොව ඒ වගේම ළමයි, ගුරුවරු. එයාල මට ප්‍රශ්න දීල කියනව තනියම විසඳන්න කියල. මම බාත්රූම් එකට ගිහිල්ලා කණ්ණාඩිය දිහා බලාගෙන කියනව ‘මේ නම් මයිකල් උඹ වෙන්න බැහැ කියලා” මයිකල් ඔහාර් බුද්ධිමත් ළමයෙක් විත්තිය පන්තිභාර ගුරුතුමිය තේරුම් ගත්තු තැන වෙන්නේ එතැනයි.

 

jhon 5

එක් ධාරානිපාත වරුසාවක කෝටිපති ගැහැණියක් තමන්ගෙ පුතාව වින්ගේටි පාසැලේ ඉදල ගෙදර එක්කන් යන්න යනකොට දකිනව ෂොපින් බෑග් එකට යමක් දමා ගත්තු දැවැන්ත ශිෂ්‍යයෙක් මහ වරුසාවෙම තෙමි තෙමී කාර් එක අනිත් පැත්තෙන් පාර පනිනවා.

“පුතේ අර යන ළමය ඔයාගෙ ඉස්කෝලෙ නේද? බලන්නකො අර ගල් ගැහෙන සීතලේ එයා ඇදන් ඉන්න කඩමාල්ල!”
“ඒ තමයි අම්මේ බිග් මයික්” “
“ලෝරන්ස් නවත්තන්න කාර් එක”
“බිග් මයික් කොහෙද යන්නෙ මේ සීතලේ?”
“ජිම් එකට නෝනා!”
“හරි අපි යමු ලෝරන්ස්” කී ඇය කාර් එකේ මද දුරක් ගිය විට හදිසියේ යමක් සිහිවුනාක් මෙන් “කාර් එක හරවන්න ලොරන්ස්” යැයි කීවාය. කාරයෙන් බැස බිග් මයික් ළගට ගිය ඇය,
“හායි බිග් මයික් මම ලේන් ඈනී තෝගි! ඔයා යන ඉස්කෝලෙටමයි මගේ පුතත් යන්නෙ. ඔයා කිව්ව ඔයා ජිම් එකට යනව කියල. ඒත් අද ජිම් එක වහලනේ?”
“එතන හරිම උණුසුම් නෝනා!”
“ඒ කියන්නෙ ඔයාට අද රෑ නවතින්න තැනක් නැහැ! බිග් මයික් ඔයා ඇත්තමද කියන්නේ?”
“ඔවු නෝනා”
“නගින්න කාර් එකට” ඔන්න ඔහොමයි ආදරණීය මවකගෙ ඇසුර අනාථ දරුවෙකුට ලැබුනේ. එදා තෝගිගෙ නිවෙස තුල කතාව ගියේ මෙහෙමයි.

 

jhon 6

“මයික් මේ තමයි ඔයාගෙ කාමරේ”
“මේ ඇඳත් මටද නෝනා? “ඔවු මයික්” “මම කවදාවත් ඇදක නිදාගෙන නෑ නෝනා!”
රැයවල් ගණනාවකට පස්සෙ මේ සංවාදය ඇහෙන්නේ ඇනී තෝගිගෙ නිදන කාමරේනුයි.


“ඇනී ගුඞ් නයිට් වස්තුවේ, මම හිතනවා ඔයා දැන් සතුටෙන් කියලා, මොකද දැන් ඔයාගෙ හදවතේ පොඩි කොටසක බිග් මයික් ඉන්නවනේ”
“නැහැ ලෝරන්ස් පොඩි කොටසක නෙවෙයි සම්පූර්ණ කොටසම එයා”

තවත් අවුරුදු දෙකක් ගිය තැන මිල අධිකම ස්කොට්ලන්ත වයින් තොල ගාමින් ඉන්න ප්‍රභූ පැලැන්තියේ කාන්තාවන්ගෙ සතුටු සාජ්ජයක් වෙතට චිත්‍රපටි අධ්‍යක්ෂවරයා කැමරාව මෙහෙයවනවා.

“දැන් මේක තමයි ටවුන් එකේ අලුත්ම ස්ටෝරි එක. ‘තඩි කාපිරි මයික් සහ සුරූපී ඈන් තෝගී’. හරියට කින්කොනුයි ජෙසිකයි වගේ. ඔයාට ලැජ්ජ නැද්ද ඈන් කලු කාපිරි තඩියෙක්ව ගෙදර තියාගෙන ඌට කන්න බොන්න දිදී ඉස්කෝලෙකට එක්කන් යන්න.                           

ගෙදර ඔයාට අවුරුදු 16 ක ලස්සන කෙල්ලක් ඉන්නවයි කියලවත් ගානක් නැතුව.”

jhon 3

 


“මම නෙවෙයි මාග්‍රට් ලැජ්ජ වෙන්න ඕන ඔයාලයි, ඔය වගේ පහත් සිතුවිලි කටින් පිටකරන එකට. ඒ වගේම මම ඉල්ලා සිටිනව කතාකරනකොට මිනිස්සුන්ට ගරු කරන්න කියලා”
“අහා ඔයා ශ්‍රේෂ්ඨ කාන්තාවක්. එහෙමනේ. ඒ කියන්නෙ ඔයා බිග් මයික්ව වෙනස් මිනිහෙක් කරමින් ඉන්නවා කියන එකනෙ”
“නැහැ ඒකෙන් තේරෙන්නෙ බිග් මයික් මාව වෙනස් කරමින් ඉන්නවයි කියන එක, ඔහු මගේ ලෝකය විශාල කරමින් ඉන්නවයි කියන එක”

මේ සත්‍ය කතාවේ අපිට හමුවන ලේන් ඈන් තෝගී නැමති විශිෂ්ට ගැහැණිය පාරේ අහම්බෙන් දුටු මේ කලු අසරණයාව එක්සත් ජනපද විශ්ව විද්‍යාල 10 ක් තම නිවසට විත් බැගෑපත්ව ඉල්ලා සිටීමට තරම් විශිෂ්ටයෙක් බවට පත් කළේය. 2006 වසරේ ඔහු එක්සත් ජනපද ලීග් පාපන්දු තරගාවලියේදී විශිෂ්ටතම ක්‍රීඩකයා විය. ලේන් ඇනී තෝගිගේ චරිතය රග දැක්වූ අති දක්ෂ නිළිය Sandra Bullock ට 2009 වසරේ හොදම නිළියට හිමි ඔස්කාර් සම්මානයද ගෝල්ඩන් ග්ලෝබි සම්මානයද හිමි විය.

 

jhon 7

අවශ්‍ය වන්නේ මෙවන් මානව දයාවෙන් උතුරායන හදවත් ඇත්තවුන්ය. අපද ඒ ගැහැණියගේ පියවර පසුපස උතුරායන සතුටකින් හා මහා අධ්‍යාත්මික සැනසීමකින් පා තැබිය යුතුමය. මක් නිසාදයත් මේ ජාතිවාදයෙන් ආගම්වාදයෙන් වර්ගවාදයෙන් අවලස්සන වී ඇති ලෝකය ලස්සන තැනක් කරන්නේ ඔවුන් යැයි අප විශ්වාසය තබනා නිසාවෙනි.

 

@ උපාලි ජයසිංහ විසින් සමබිම කලාපයට ලියන ලද ලිපියකි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි