'මරණයේ වේදනාව මියගිය අයට නොවේ , ජීවත්ව සිටිනා අයටය
''Josh Boone ගේ THE FAULT IN OUR STARS (2014)
මට තියෙන්නෙ තයිරෝයිඩ් පිලිකාවක්. දැන් එයාලට කරන්න පුලුවන් හැම දෙයක්ම මගේ මේ වයස 18 ට කරල ඉවරයි සැත්කම්, රසායනික ප්‍රතිකාර, විකිරණ, තව තවත් විකිරණ. මම හැම තිස්සෙම ඉන්නෙ නහයට ඔක්සිජන් බටයක් දාල ඔක්සිජන් යන්ත්‍රය මම යන හැම තැනකම බෑග් එකක දාල එල්ලගෙන යනව මගේ හැරමිටියත් එක්කම. සමහර දවස්වලට මගේ පපුව පිචිචීගෙන ගිහිල්ල හුස්ම නැවතෙනව. මට යාන්තමට ඇහෙනව අම්ම කෑ ගහනව ' අනේ',අනේ යන්න එපා වස්තුවේ !''
මට දැන් මේක එපාවෙලා එයාල දැන ගන්න ඔින පිළිකාවක් විසින් හානිකරනවට වඩා නරකම දේ තමයි පිළිකාව හේතුවෙන් ඒ ළමයගෙ ආදරණියයන් හැසිරෙන විදියෙන් ඒ ළමය ඊට වඩා හානියට පත්වෙනව කියන එක.
මට ජීවිතේ කලකිරිල කියල හිතල මගේ වෛද්‍ය උපදේශකවරු මාව සම්බන්ධ කලා ඒ වගේ පිලිකා රෝගයෙන් පෙලෙන තරුණ කණ්ඩායමකට මට ධනාත්මකව හිතන්න පුරුදු කරන්න . එතනදි මට හම්බවුනා ඔගස්ටස් කියන කොල්ලව, පිලිකාව නිසා කකුල දන හිස ගාවින් කපල බොරු කකුලක් දාගෙන හිටපු. හැබැයි මිනිහට තව දුරටත් පිලිකාවක අවධානම නෑ. එයා ඇවිල්ල හිටියෙ අපිව සතුටු කරන්න. ටික දවසක් යද්දි මට තේරුනා මිනිහ මට ආදරේ කරන්න උත්සාහ කරන බව.
මේ ඒවගේ දවසක්,
''ඔගස්ටස් මට ළංවෙන්න උත්සාහ කරන්න එපා! මම අත් බෝම්බයක් . මේ විදිහට ගියොත් අපේ උත්කර්ෂවත් අවස්ථාවකදි මාව පුපුරල යයි .මම මේ උත්සාහ කරන්නෙ මගෙන් වෙන හානිය මගේ ආදරණියයන්ට අවම කරගන්න . එක යුගයක මිනිස්සු මැරුනම අනිත් යුගයෙ මිනිස්සු එයාලව අමතක කරනව ඉස්සර ක්ලියෝපැට්රාව මතක තියාගත්තු මිනස්සු දැන් මතක තියා ගන්නෙ මොසාට්ව. ඒක ඔයාට තේරෙනවද ?
එක් යුගයක මිනිස්සු අනිත් යුගයෙ මිනිස්සුනව අමතක කිරීම ඒ යුගයේ අවශ්‍යතාවයක් ! ඒ වගේ මට ආදරය කරන එක අමතක කරන්න. මොකද ඔිනම කෙනෙකුට තමන්ගෙ වාරය ආවම යන්න වෙනව "
'' නෑ මිනිහෙක් ගෑනියෙක් එකතුවුනාම ඒ දෙන්න ආදරය ගැනම කතා කරන්න ඔින නෑ. ඊට එහා ඊට වෙනස් දේවල්වලටත් මිනිස්සු ආදරේ කරනවනෙ හේසල් ග්‍රෙස් . මං කිව්වෙ සංගීතය චිත්‍රපටි නවකතා, සමහරවිට මත්පැන් , ඔන්න ඔය වගේ ''
'' ඔව්.. මම කැමතියි පීටර් වෑන් හවුටන්ට මිනිහ තමයි මට ප්‍රශ්න ඇති කරපු එකම කෙනා එයා ලියන්නෙ මිය යාම යනු මොනවගේ දෙයක්ද? මිනිස්සු නිකරුනේ ජීවිතය විසිකරන්නේ ඇයි ? එයා දැන් ඉන්නෙ ඔිලන්දෙ. මගේ එකම ආසාව තමයි එයාත් එක්ක ටිකක් කතා කරන එක ! ඒත් අපිට එච්චර දෙයක් කරන්න සල්ලි නෑ !
ඔන්න ඔය විදිහට එයාල ටික ටික ලංකරනව පොත්, චිත්‍රපටි, සංගීතය. ටික දවසක් ගිහිල්ල ඔගස්ටස් හේසල්ගෙ සිහිනය වෙච්චි අර නව කතාකාරයව මුණගැහෙන්න හේසල්වත් හේසල්ගෙ අම්මවත් ඔිලන්දයට එක්කන් යනව තමන්ගෙ වියදමෙන්.
නවකතාකරු ඔහුගෙ ගෙදරදි හෙසල් ග්‍රේස්ට මෙහෙමයි කතාකරන්නෙ,
'' ඔබට තියෙන්නෙ සිගිති සිතිවිලි ග්‍රෙස්. ඔබ හැදිල තියෙන්නෙ සානුකම්පිතව බලන වටපිටාවක. ඉතිං හේසල් ග්‍රෙස්ට අනුකම්පාව ඔින කරනව. හැම අසනීප ළමයෙක් වගේම ඔහේගෙ පැවැත්ම තියෙන්නෙ අනුන් මත. ඒක නිසා තමයි ඔයා ඔච්චර දුර ගෙවාගෙන එන්නෙ මගේ පොතක චරිතයක් ජීවත් වෙනවද, වුනාද කියල අහන්න ! ඒවා ප්‍රබන්ධ සත්‍ය ජීවිත නෙවෙයි. නවකතාව ඉවර වෙනවත් එක්කම චරිතත් ඉවර වෙනව.''
එයාල දුකෙන් එතැනින් පිටවෙනව ඇමස්ටඩෑම් ආපු එකේ එයාලව එක්කන් යනව ඔගස්ටස් ලෝකෙ මිනිස්සුන්ට කොච්චර දුෂ්කර තත්වයක් යටතේ වුනත් බලාපොරොත්තුව නැති කරගන්න එපා කියල තමන්ගෙ දිනපොතේ ලියපු , හිට්ලර්ගෙ වධකාගාරයක දුක්විදිල මැරුණු අර වයස 13 නේ පුංචි කෙල්ල ඈන් ෆෑන්ක් හැංගිලා හිටපු තට්ටු පහේ පරණ ගොඩැනැගිල්ල බලන්න. බොහොම අසීරුවෙන් අර ඔක්සිජන් යන්ත්‍රයත් ඇදගෙන හැරමිටි වාරුවෙන් ඉහලට ඇදුනු හේසල් අවසන් පඩි පෙල නැගල කාමරේට ඇතුල් වෙච්ච ගමන් ඇදගෙන වැටෙනව එයාගෙ මහන්සියට. ඒ එක්කම පසුබිමෙන් අපිට ඇහෙනව හඩ පටියක් වයස 12 හක 13 ක පමණ දැරියක් ඈන් ෆෑන්ක් ගෙ දිනපොත කාමරේ ඉන්න නරඹන්නන්ට ඇහෙන්න කියවනව.
''ඔබ බලාපොරොත්තුවක් හදා ගන්න ඒක ඔබව ජීවත් කරවාවි. දන්නවද බලාපොරොත්තුව තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නෙ ''
හිමීට නැගිටපු හේසල් ප්‍රථම වරට ඔගස්ටස්ගෙ මුව සිපගන්නව අපිරිමිත වූ දයාවෙන් ''ඒක දැකපු ඈන් ෆෑන්ක් ගෙ කුටිය බලන්න ආපු අය වටේ ඉඳන් ඔවුන් දෙදෙනාට අත් පොලසන් වලින් තම ප්‍රීතිය ප්‍රකාශ කරනව . මොකද ඔවුන් දැන ගන්නවා නහයට බට දාගත්තු හැර මිටියකින් ඇවිදින ඔක්සිජන් යන්ත්‍රයක් එල්ලගෙන ඉන්න මේ පුංචි කෙල්ල දැන් තමයි ජීවත්වෙන්න පටන් ගත්තෙ කියල.
එදා හරි ලස්සන සැන්දෑවක්. ඉතිං ඔගස්ටස් රමණිය ගංතෙරක හේසල්ව තම උකුලෙ තියාගෙන කියනව කතාන්දරයක් ! මොකද ඔගස්ටස් දන්නව මේ පැහිචච කෙල්ල දැන් තමන්ට ආදරය කරන්න පටන් අරන් බව.
‘‘ග්‍රේස් මගේ වස්තුවේ මම ඔයාට බොරු කිව්ව මගේ කකුල කැපුවට මගේ පිලිකාව හොඳ නෑ ! ඒක එදා ඉදන් දවස ගානෙ මගෙ මුලු ශරීරයම ගිලගනිමින් යනව. ඒක නවත්තන්න දොස්තරලට බෑ ! මට තවත් ඔයත් එක්ක ජීවත් වෙන්න පුලුවන් වෙන්නෙ සමහරවිට දවසක්.. දෙකක්.. පැය ගානක් වෙන්න පුලුවන්. ඒකට කමක් නෑ ඔයා අඩන්න එපා ! මම කැමතියි කවුරුවත් නැතිව වුනත් ඔයාට ජීවත් වෙන්න පුලුවන් කියල ඔයාට තේරෙනවනම් !
ඊට දවස් දෙකකට පස්සෙ ලස්සන හදවතක් තිබුණු ඔගස්ටස් මිය යනව.
ඔහුගේ මරණය දවසෙ හේසල් කියනව මෙහෙම,
''මළ ගෙවල් තියන්නේ මිය ගියවුන් වෙනුවෙන් නොවේ. ජීවත්ව සිටින එවුන් වෙනුවෙනි. මරණයේ වේදනාව මියගිය අයට නොවේ. ජීවත්ව සිටින අයටය''
උපාලි ජයසිංහ