බිලි වයිල්ඩර් යනු සම්භාව්‍ය හොලිවුඩ් සිනමාවේ පශ්චාත් යුගයේ බිහි වු විශිෂ්ට සේම සුවිශේෂි සිනමා අධ්‍යක්ෂවරයෙකි.
1955 වසරේ ඔහු විසින් අධ්‍යක්ෂණය කරන "The Seven Year Itch" චිත්‍රපටය ඔහු තැනු චිත්‍රපට අතර සුවිශේෂ වේ. මන්ද 20 වන ශතවර්ෂයේ වඩාත් ම කැපී පෙනෙන දර්ශන අඩංගු වන්නේ මේ චිත්‍රපටය නිසාවෙනි. සුප්‍රකට හොලිවුඩ් සරාගී නිළි මර්ලින් මොන්රෝ උමං මාර්ගයක සිටගෙන සිටින අතර ඈ පසුකර යන දුම්රියේ සුළං පහරින් ඇඟලා සිටින සුදු පැහැති ගවුම ඉහළට එසවෙන සරාගී දර්ශනය එතෙක් පැවති සදාචාරයට පිටුපා ගියේය. මේ අපුරු දර්ශනය නිසාවෙන් එය හොලිවුඩ් චිත්‍රපට තුළ දුටු සරාගී දර්ශනයක් ලෙස ද හැඳින්වේ. මෙම රූප ඛණ්ඩය හොලිවුඩය කැළඹීමකට ලක් කළෝය.
මානව මනසේ ගොඩ නැඟෙන ස්ත්‍රිය සම්බන්ධ හඹායෑම (Pursue), අත්පත් කර ගැනීම (Achievement), යටත්කරණය (Submission), වසඟකරණය (Seduction) යන සතර කතාව "The Seven Year Itch" චිත්‍රපටය අපුරුවට ඉස්මතු වෙයි. හාස්‍ය පිරි ආදර කතාවක් වුව ද මනෝවිද්‍යාත්මක ගණයේ චිත්‍රපටයක් ලෙස ද "The Seven Year Itch" හඳුන්වන්නට පිලිවන. "The Seven Year Itch" චිත්‍රපටය ඉතා තදින් බැඳුණු කතාවලින් සහ අමතක නොවන දෙබස්වලින් සමන්විතයි. මුළු චිත්‍රපටය පුරාවටම මධ්‍ය රූප(Mid Shots)අති විශාල ප්‍රමාණයකි. දුර රූප(long shots)ද එසේම ය. අතරමැද විස්තරාත්මක රූප ඛණ්ඩ(Detail Shots) නොමැත. සමීප රූප(Clos - ups) නොමැති තරම් ය.
නාට්‍යමසාර ගුණයෙන් ඉහළයි. වයිල්ඩර් චිත්‍රපටය අප හමුවේ තබන්නේ නාට්‍යායෝචිත අවස්ථා බහුල කරමිනි. වයිල්ඩර්ගේ චිත්‍රපට බොහෝ විට පැහැදිලි දේශපාලනික ස්වරූපයකින් හෝ අනුවේදනාවලින් තොර වුණා. එය අහම්බෙන් සිදු වුවක් නොව ඔහු සිතාමතාම කළ දෙයක්. ඔහු කාලීන දේශපාලන ෆැෂන් ගැන උනන්දුවක් දැක් වූයේ නැහැ. ඊට වඩා ඔහු මනුෂ්‍ය ස්වභාවය සහ සාමාන්‍ය මිනිසුන්ට මුහුණ පාන්නට සිදුවන ප්‍රශ්න පිළිබඳව උනන්දුවක් දැක්වුවා. "The Seven Year Itch" හි කතාන්දරය ද එවැන්නක් පිළිබඳවයි.
මලින්ත විතානගේ