SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

චෙස් කියන්නෙ එකිනෙකා මරා ගන්න ක්‍රීඩාවක්.

හැබැයි ඒ ක්‍රීඩාවෙදි පුලුවන් ලෑල්ලෙ ඉන්න නෝන්ජල්ම ඉත්තට ලෑල්ලෙ ඉන්න බලවත්ම ඉත්තව පරාද කරන්න. හැබැයි, සැබෑ ජීවිතේදී අපිට ඒක බෑ.

දවසක් ගඳ ගහණ කුණුගොඩවල්, දුගියන්ගෙන් මුඩුක්කු අස්සෙන් උගැන්ඩාවෙ කැත්වේ කියන පුංචි ටවුමට එනව ක්‍රීඩා පුහුණුකරුවෙක්. මිනිහ ඉංජිනේරු අංශයෙන් හොඳම ලකුණු ගත්තු ශිෂ්‍යයා වුනාට, එයාට උගැන්ඩාවෙ ක්‍රීඩා අමාත්‍යංශය ඉංජිනේරු පත්වීමක් නොදී ක්‍රීඩා පුහුණුකාර කියන තනතුරක් දීල මේ ටවුමට එවනව. ක්‍රීඩා පුහුණුකරු කැත්වේ මාර්කට් එකේ ජීවිතේට ඉස්කෝලෙකට අඩිය නොගහපු කොල්ලො ටිකක් එකතු කරන් ෆුට්බෝල් ගහන්න උගන්නන්නයි මේ ලෑස්තිය.

“සර් ෆුට්බෝල් නම් මතක් කරන්න එපා අම්මල කියල තියෙන්නෙ ඇට කටු කඩාගෙන ගෙදර ආවට දොස්තරලට දෙන්න සල්ලි නෑ, ඒක නිසා උඹලව ගෙදරින් එලෝනව කියල”

චෙස් 00

මිනිහට ඒකටත් තිබුන උත්තරයක්.

“ඒකත් එහෙමද? එහෙනන් මම ඔයාලට උගන්නනවා රත්තරන් ඔරලෝසු දාපු එවුන් කරන සෙල්ලමක්. ඒකෙදි ඇට කටු කුඩුවෙන්නෙ නෑ, දුවිලි නෑ මඩ නෑ, ඒකට කියන්නෙ “ චෙස්”

විශිෂ්ඨ ඉංදියානු සිනමාවේදිනිය මීරා නායර්ගේ - QUEEN of KATWE

මේ ක්‍රීඩා උපදේශකවරයා පොඩි ලෑලි ගහපු කාමරයක පටන් ගන්නව මිනිහගෙ චෙස් පංතිය. දුප්පත් දරුවො නිසා මිනිහ පංතිය පටන් ගන්න ඉස්සෙල්ල හැමදාම කරන්නෙ මේ රස්තියාදු කාර දුප්පත් පැටවුන්ට තමන්ගෙ අතින් වියදම් කරල සව් කොප්පයක් දෙන එක. එදා මේ උපදේශකය දකිනව පංතියට ඇතුලු නොවී දොර ගාව ඉඳන් පංතියට ඔලුව දාගෙන බලන් ඉන්න වයස 14 ක විතර කෙල්ලක්.

chess 1

“ඒයි කෙල්ලේ වරෙන් ඇතුලට”

කෙල්ල ඇතුලට ආව විතරයි මුලු කාමරේම ගඳ ගහන්න පටන් ගන්නව. නහය වහගෙන එහාට මෙහාට දුවන කොල්ලො කෙල්ලො අතරින් ඉස්සරහට ආපු මදාවිම කොල්ල අල්ලනව කෙල්ලගෙ බෙල්ලෙන් “ගඳ ගහන එකී දුවපිය එලියට”කොල්ලට හිතන්නවත් හම්බවෙන්න නෑ, අකුනක් ගැහුව වගේ ඒකී දෙනව කොල්ලගෙ කම්මුලට අත පුරෝල.

“තව ඉන්නවද මට ගඳයි කියන එවුන්”

අපේ වගේ තමයි නොහිතපු දෙයක් වුනහම පංතියම නිශ්ෂබ්ධයි. උපදේශකය විස්මයෙන් ගල් ගැහිල.

“ නියමයි කෙල්ලෙ ඔයා නම් ! මම මේක හැදුවෙම සටන් කරන එවුන්ට ! මොකක්ද ඔයාගෙ නම?”

“ෆියෝලා !”

''මම කටෙන්ඩා! බොන්න ෆියෝලා මගේ ගානෙ ඉස් ඉස්සෙල්ලම සව් කෝප්පයක් ! ''

එයා සව් කෝප්පෙ දෝතින්ම අරන් බොන්න පටන් ගත්ත. කෝප්පෙ වටේ ඉහිරිලා තිබුණු සවි ඇට ඇය ආසාවෙන් ලෙව කෑව . ෆියෝලගෙ ඇස් දිළිසුනා අප්‍රමාණවු තෘප්තියෙන්. ඒ තමයි එයාගෙ ජීවිතේටම බීපු රසම සවි එක.

ඔන්න ඔය විදිහට කටෙන්ඩා හැදුවා නියම චෙස් ටීම් එකක්. ජීවිතේට ඉස්කොලෙ නොගිය මදාවි පැල්පත් කොල්ලනගෙන් සහ කෙල්ලන්ගෙන්.

චෙස් 1

ටික කාලයක් ගිහිල්ල කටෙන්ඩට හිතුන දැන් ටීමි එක දක්ෂයි කියල. එයා ඔවුන්ව ඉදිරිපත් කරා උගැන්ඩාවෙ තියෙන සුපිරිම පාසැල් එකතුවක චෙස් තරගයකට. තරගයට ඉදිරිපත් කරන්‍න බෑ මේ දරුවන්ට පාසැලක් නැතුව. එයා ඔවුන්ව ඉදිරිපත් කරා ආරාධිත කණ්ඩායමක් විදිහට.

එක හරියට තොට ළග ඉසකෝලෙකට ජීවිතේට ගිය නැති මුඩුක්කුවක කෙල්ලො කොල්ලො ටිකක් රෝයල් තෝමියන් කොල්ලො එක්ක ක්‍රිකට් මැච් එකක් ගහනව වගේ. හැබැයි මේ  මුඩුක්කුවෙ එවුවන්ට ජීවිතේ කියන්නෙම සටනක්. ඒක නිසා උන් හරිම ආක්‍රමණශීලියි. ඒනිසා චෙස්වලට ඔිනම කරන දේ උන්ගෙ ඇගේ තිබුණ.

ටයි කෝට් දාගත්තු සුපිරි පංතිය එක පසෙකත් චීත්ත වලින් ගවුම් කමිස මහගත්තු පහළ පංතිය තව පසෙකත් මුහුණට මුහුණලා ඉදගත්ත. පහළ පංතියෙ අයට නායකත්වය ෆියෝලා.

චෙස් 4

“ ඒයි මුඩුක්කු කෙල්ල උඹේ උප්පරවැට්ටි වලට අහුවෙන්න මේක මුඩුක්කුවක් නෙවෙයි, මම කපනව දැන් තමුසෙගෙ බිෂොප්ව !”

“හොඳයි සර් මම මගෙ බිෂොප්ව බිල්ලට දුන්නෙ සර්ගෙ රැජිණි කොටු කරගන්න. දැන් මම කපනව ඔයාගෙ රැජිණිව !”

චෙස් බෝඩ් උඩින් විසිවෙද්දී, පුටු පෙරලෙද්දි ,අකුරු නූගත් ෆියානෝලා නටමින් ගයමින් රන් කුසලානයක් දෝතින් බදාගෙන ඇදුන එයාලගෙ ගඳ ගහන මුඩුක්කුව දිහෑවට. ඒක තමයි ලෝකයේ එක් රටක සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවම සමග ක්‍රීඩාවක් තුළ සටන් වැදී ජයගත් පළමු අකුරු නුගත් තරුණ කණඩායම. එයද චෙස් සටනකි, බුදධිමතුන්ගේ ක්‍රීඩාවකි .

ටික දවසකට පස්සෙ අර පුහුණුකරුගෙ නිදන කාමරයෙන් අපිට ඇහෙනව මෙහෙම වචන ටිකක්.

''රත්තරනේ මට ඔයාට කියන්න දෙයක් තියෙනව! ඔයා මට බණින්න එපා '' ඒක අපේ පුහුණුකරුගෙ කටහඩ.

''ඉස්සෙල්ලම කියන්න කටෙන්ඩා ''

''මට ඊයෙ ඉංජිනේරු පත්වීම ලැබුනා! නියම පඩියක්, හොද නිල නිවාසයක් ප්‍රවාහන පහසුකම් එක්ක ! අපිට මෙහෙම දුක් විදින්න ඔිනත් නෑ ! එත් මම එපා කිව්වා !''

“ ඒ ඇයි කියල මම දන්නවා කටෙන්ඩා. ඔයාට  මේ දරුවො දාල යන්න බෑ, ඒක තමයි ඔයාගෙ සතුට ! ඔයාගෙ සතුට මගේ සතුටනෙ ඉතිං, ඇයි මම බනින්නෙ හෙට ඉඳන් මම ඒ දරුවන්ට අකුරු උගන්නන්න පටන් ගන්නම්කො !

චෙස් 3

''හොදයි වස්තුවේ මේකත් ඔයා අහගන්න මේ ළගදි ෆියෝනා මට කියනව 'සර් මගේ තාත්ත මැරුනෙ ඒඩ්ස් හැදිල. මාව ගඳ ගැහුවෙ උදේ ඉදන් හවස් වෙනකන් මාර්කට් එකේ අම්මත් එක්ක බඩ ඉරිගු තම්බල විකුණන නිසා. මගෙ ‍අක්කට මේ ජීවිතේ දුක වැඩි නිසා එයා ගනිකාවක් වුනා. මටවත් මගේ අම්මටවත් වේසකමේ යන්න බෑ සර් ! අපිට ගොඩයන්න තියෙන එකම සිහිනය තමයි මේ  ''චෙස් ''.  අනේ සර් ! සර් අපිව අතරමං කරල දාල නම් යන්න එපා සර් ''

ෆියෝනා අද උපාධිධාරිනියකි. 2010 දී රුසියාවේ පැවැති 39th Chess Olympiad තරගයේ රැසියාවේ Khanty- Mansiysk , හා තරග වැදී පරාජය වුවද 2012 දී උගන්ඩාවේ ජාතික චෙස් ශුරතාවය දිනා ගත්තාය. 2016 වනවිට ඇය ලොව ප්‍රථම පංතියේ චෙස් ක්‍රීඩිකාවකි .

ක‍ටෙන්ඩා ඒ ජීවමාන දුයිෂෙයින් 2017 දී උගැන්ඩා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක වරයාය.

 

උපාලි ජයසිංහ

https://m.youtube.com/watch?v=8wHfIwUToAk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි