වංගීස සුමනසේකර 90 දශකයේ චිත්‍ර කලාව ගැන කතා කරද්දි
අනෝලි පෙරේරා කෙනෙක් ඇදලා ගන්නෙ ඇයිද කියන්න මට තේරෙන්නෙ නැහැ. අනෝලි කියන්නේ 90 දශකය තුළ අපි ඔය කතා කරන සමකාලීන කලාවේ සමකාලීන තේමාවන්, සංසිද්ධි, ආකෘතීන් විෂද කරපු කෙනෙක් නෙවෙයි.
එයා සමකාලීන කලා ෂානරයට ඇතුලු වෙන්නෙ 2000 න් පස්සෙ. එයා අනූ ගණන්වල ජෝර්ජ් කීට් පදනම සංවිධානය කරපු youg contemporaries වාර්ෂික ප්‍රදර්ශනයට අපිත් එක්ක චිත්‍ර ඉදිරිපත් කරපු කෙනෙක්.
ඒ වගේම අනෝලි අනූ ගණන්වල ලයනල් වෙන්ඩ්ට් ගැලරියේ " අදිති " නමින් සෝලෝ ප්‍රදර්ශනයක් කරනවා. අදිති කියන්නේ ආදිත්‍යයන්ගේ මව බවයි කියවෙන්නෙ. මේ අදිති යන දේව සංකල්පය අනෝලි චිත්‍රයට නගා තිබුණේ illustrations සහ මොඩර්න් ආකෘතියෙන් මිසක් සමකාලීන ආකෘතියෙන් නෙවෙයි. ඒ කියන්නේ චිත්‍රය පෙන්නලා කතාන්දරය කට වචනයෙන් සසංක පෙරේරා දේශනයක් කරනවා වගේ ප්‍රේක්ෂකයාට කියන සාම්ප්‍රදායික චිත්‍ර කලා ආකෘතියක ඒක තිබුණෙ. අනෝලි එයාගෙ මේ කලා වැඩ, ප්‍රදර්ශන සිය පෝර්ට්ෆෝලියෝ එකට ඇතුලත් කරන්නෙ නැහැ.
ජගත් වීරසිංහ ගත්තත් එහෙමයි. ජගත් ඇතුලු ඔය 90 වේ ප්‍රවණතාවයේ ය කියන පාල, බන්ධු, සරත්, ප්‍රසන්න....මේ හැමෝම තමන්ගේ early works පෝර්ට්ෆෝලියෝවෙන් පෙන්නන්නෙ නැහැ. එක පැත්තකින් අනෝලි ඇරුණම ඔය පිරිස චිත්‍ර කලා උපාධි පාඨමාලාවක් කරපු අය. ඒ අය කිසිම තැනක එයාලගෙ කිසිම ඇකඩමික් වර්ක් එකක් පෙන්නන්නෙත් නැහැ. යම් කිසි ආර්ටිස්ට් කෙනෙක් unique approach එකක් විෂද කරානම් ඒ ගැන යුක්ති යුක්තතාව, ආශක්තවීම සමාජය ගන්නේ ඒ කෙනාගේ early works පරීක්ෂා කිරීමෙන්. Unique approach විෂද කරපු ආර්ටිස්ට්ලා early works සමග සංයුක්ත ව විෂයගත කිරීමයි ලෝක සම්ප්‍රදාය.
(IMPETUS | JAGATH WEERASINGHE)
ඔය ජගත්ගෙ early works මම පෞද්ගලිකව දැකලා තියෙනවා. ඒවා විනී හෙට්ටිගොඩ, ශාන්ත කේ. හේරත් විදියට ඒගොල්ලන්ව අනුකරණය කරලා ඇදපුවා. මේ අය කරේ 43 කණ්ඩායම වගේ ලංකාවේ අලුතින් සමකාලීන කලා ප්‍රවණතාවයක් ඇති උන බවට කලා ප්‍රවණතා ව්‍යාපෘතියක නියලීම.
ජගත් කියන්නේ ජගත් සිය ශෛලිය උකහා ගත්ත ඇමරිකානු පිලිප් ගස්ටන් වගේ කෙනෙක් නෙවෙයි. ගස්ටන්ගෙ කලා ක්‍රියාවලිය ගලා යාමේ ඉතිහාසය සිය චරිතාපදානයේ තියෙනවා.
1939 දී WPA ෆෙඩරල් කලා ව්‍යාපෘතිය සඳහා ගස්ටන් ඇඳපු බිතුසිතුවමත් ගස්ටන්ගෙ ඉතිහාසයේ ම කොටසක්. හොරණ සරා ( සරත් කුමාරසිරි ) චන්ද්‍රිකා ආණ්ඩුවෙන් මුදලට කොන්ත්‍රාත්තු හැටියට ගත්ත ප්‍රදර්ශන රථ සැරසීම සඳහා ජගත් ඇඳපු චිත්‍රත් ජගත් සිය ඉතිහාසයෙන් මකනවා. ඒ වගේම ගස්ටන්ගෙ කලාව විෂයගත කරන්නෙ කලා ඉතිහාඤයන්, කලාගාර කියුරේටර්ලා. ජගත් ජගත්ලාගේ කලාව ඉතිහාසගත කරන්නේ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය, හීවෝස් ෆන්ඩ් සහ රාජ්‍ය බලය මගින්. ගස්ටන් වගේ නෙමි ජගත් ආර්ටිස්ට් කෙනෙක් විතරක් ම නෙමි. ජගත් පුරා විද්‍යාඤයෙක්, කථිකාචාර්යවරයෙක්, කලා ඉතිහාසඤයෙක්, කියුරේටර් කෙනෙක්, එන්.ජී.ඕ. ව්‍යාපෘති සම්පාදකයෙක් ඔන්න ඔහොම පරාසයක වැඩ කරන කෙනෙක්.
ජගත් පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්යවරයෙක් , අධ්‍යක්ෂවරයෙක් වීම කොහොමද උනේ කියලා දන්නේ මහාචාර්ය සේනක බණ්ඩාරනායක තමයි. බණ්ඩාරනායක නම් කරපු පුරා විද්‍යාත්මක ගවේෂණ තියෙනවා. " Rock and wall paintings of Sri Lanka " කෘතිය හොදම උදාහරණය. අනුරාධ සෙනෙවිරත්න, නන්දදේව විජේසේකර, සිරිනිමල් ලක්දුසිංහ, රෝලන්ඩ් සිල්වා, ශිරාල් දැරණියගල ආදීන්ට වෙනස් නිශේදනාත්මක නව ප්‍රවාදයක් තමයි ඛණ්ඩාරනායක ඒ කෘතියෙන් ගෙනාවේ.
ජගත් මොකක්ද කරේ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්‍ෂ උනාට පස්සෙ චිත්‍ර කලාව ගැන ප්‍රථම උපාධිය කරපු ප්‍රසන්න රණබාහුට PGIAR එකෙන් ම පුරා විද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් අරගෙන දීලා ප්‍රසන්න PGIAR එකේ කථිකාචාර්යවරයෙක් හැටියට බඳවාගෙන ප්‍රසන්නගෙ නමින් ජගත් ගුරුකොට ඇති වුණ බහුත්ව බහු ශෛලීය ප්‍රවණතාවයක් හැටියට "90 ප්‍රවණතාව " කියලා පොතක් පල කර ගන්නවා. මේ සබුද්ධික ඉතිහාස ව්යාපෘතිය තුල සැබෑවට 90 දශකය නියෝජනය කරපු බන්ධුල පීරිස්, සස්කියා පින්ටලොන්, විජයානන්ද, ඩෘවින්කා, .....ඔන්න ඔහොම තොගයක් හලලා කිසිම අදාලත්වයක් නැති අනෝලි, බන්ධු, පාල, අනුර බැරගම ඇතුලු පිරිසක් ක්‍රියේට් කරලා අනූවේ ප්‍රවණතාවට ඇතුලත් කරනවා.
ඇත්තටම 90 දශකයේ කලාවේ මුදුන් මල්කඩ සස්කියා පින්ටලොන්. එයා 80 දශකයේ ලයනල් වෙන්ඩ්ට් ගැලරියේ ප්‍රදර්ශනයක් කරන්නේ. සස්කියාගෙන් තමයි එතෙක් පැවතුණ 43 කණ්ඩායම සහ එච්.ඒ. කරුණාරත්න ගුරුකුලය නිශේදනය වෙන්නෙ. සස්කියාගෙන් තමයි චිත්‍රණයට අදාල චිත්‍ර ඇදීමේ හැකියාව වෙනුවට "දුර්වලබව" සෞන්දර්යයාත්මක unique approach එකක් බවට පත් වෙන්නෙ. ඔය කෘත්‍රිම 90 වේ ප්‍රවණතාකරණය ජාතිවාදී වගේම පුරුෂ ජෙන්ඩාවාදී අගතියක්. ලංකාවේ පුරවැසියෙකු වන සස්කියා බෙල්ජියම් ජාතික සම්භවයක් තියෙන කාන්තාවක්.
Drafting Desire An exhibition by Sujith Rathnayake
ඒ වගේම ඔය 43 කණ්ඩායමේ ගොඩ දෙනෙක් ලන්සි. ඒ අයගේ පුරෝගාමීත්වය එහෙම ජාතිවාදයෙන් කාටවත් යටපත් කරන්න බැරි උනා. මේ සස්කියා යටපත් කරන්නේ ජාතිවාදයෙන් විතරක් නෙමි ඇයව කාන්තාවක්ද වන තැනින්. ලොකු ම හාස්‍යය තමයි මැදින් පැනපු ස්ත්‍රීවාදී අනෝලි පෙරේරා විසින් පුරෝගාමී සස්කියාගේ පුපට පයින් ගැසීම සහ ලංකාවේ පිරිමි දාර්ශනිකයින්ට අනෝලි පෙනිලා සස්කියා නොපෙනී යාම. ඔය තියෙන්නේ සස්කියාගේ චිත්‍රයක්.
(සස්කියාගේ චිත්‍රයක්)
@ සුජිත් රත්නායක fb පිටුවෙන්...