SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකා ගල් අඟුරු සමාගම උඩුයටිකුරු කරමින් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ

දැවැන්ත සූදානමක් පවතින බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ අමාත්‍ය කුමාර ජයකොඩි ට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය වී පැය කිහිපයක් ගතවෙද්දී වීම විශේෂත්වයකි.

 

 

ඇමති දිනද්දී නිලධාරීන් කොටු වෙයිද?

අමාත්‍ය කුමාර ජයකොඩි ට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජය කිරීමට ආණ්ඩුව සමත් විය. කෙසේ වෙතත්, ඇමතිවරයා පාර්ලිමේන්තුව තුළ සිය බලය තහවුරු කරගනිද්දී, ඔහු යටතේ ඇති ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් තිදෙනෙකුව "හිරකරන" ලකුණු පහළ වී තිබේ.

 

පොලිස් ආරංචි මාර්ග පවසන පරිදි අත්අඩංගුවට ගැනීමට නියමිත නිලධාරීන් වන්නේ:

 

  • නාමල් හේවගේ (කළමනාකාර අධ්‍යක්ෂ)
  • මූල්‍ය කළමනාකාරවරයා
  • ප්‍රසම්පාදන කළමනාකාරවරයා

 

"ඇමතිව බේරලා නිලධාරීන්ව බිල්ලට දෙනවා" - චාමර සම්පත්ගෙන් දැඩි ප්‍රහාරයක්!

 

මෙම අත්අඩංගුවට ගැනීමේ සූදානම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකසෘජු චෝදනාවක් එල්ල කළේය. ඇමතිවරයා විශ්වාසභංගයෙන් ජයග්‍රහණය කළ ද, නිලධාරීන් දඩයම් කිරීමේ උත්සාහයක් පවතින බව ඔහු කියා සිටියේය.

 

''ඔයාල දැන් ජී. එම්. නාමල් හේවගේව අත්අඩංගුවට ගන්න හදනවා. ඇමතිගේ වැරදි නිලධාරීන් පිට පටවන්න හදනවා. නිකන් බොරුවට නිලධාරීන් අමාරුවේ දාන්න එපා. ගන්නවනං ඇතුළට ඇමතිත් එක්ක ගන්න..''

යනුවෙන් මන්ත්‍රීවරයා සභා ගර්භයේදී පැවසුවේය.

 

 

සභාපති කෝප් (COPE) මගහරී - ඇඟ බේරාගැනීමේ මෙහෙයුමක්ද?

මෙම ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ ගල් අඟුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක ගේ හැසිරීම දැඩි සැකයට තුඩු දී තිබේ. පෙරේදා පැවති පාර්ලිමේන්තු කෝප් කමිටු රැස්වීමට කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස සහභාගී වුවද, සභාපතිවරයා එය මගහැර තිබුණි.

 

සජබ මන්ත්‍රී සජීව සේනසිංහ  මේ පිළිබඳව කෝප් කමිටුවේදී ප්‍රශ්න කළේ මෙසේය.

 

''ගල් අඟුරු සමාගමේ සභාපතිතුමා කෝප් එකට ආවෙම නෑ. මං ඇහුවා ඇයි ආවේ නැත්තේ? ඇයි ගෙන්නුවේ නැත්තේ? සභාපති නැතුව කෝල් ගැන කවුද අපිට උත්තර දෙන්නේ? කාගෙන්ද අපි ප්‍රශ්න අහන්නේ?''

 

විමර්ශන තීව්‍ර වෙයි!

 

 

ඇමතිවරයා විශ්වාසභංගයෙන් බේරී සිටියදී, නිලධාරීන් තිදෙනෙකු CID දැලේ පැටලීම පිටුපස ඇති සැබෑ කුමන්ත්‍රණය කුමක්ද? සභාපතිවරයා කෝප් කමිටුව මගහැරියේ අත්අඩංගුවට පත්වීමේ බියෙන්ද? නැතහොත් ඔහු "ඇඟ බේරාගැනීමේ" උපායමාර්ගයක නිරතව සිටින්නේද?

ගල් අඟුරු සමාගමේ මෙම අර්බුදය ඉදිරි පැය කිහිපය තුළ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට එළඹෙනු ඇත. සියලු උණුසුම් තොරතුරු සඳහා රැඳී සිටින්න!

 

 

# නිරෝමී සුබ්‍රමනියම්

නවතම ලිපි