SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"මා දකින මව්බිම"  කතුවරිය ගැන...

 

1975 වසරේදී අනුරාධපුරයේදී උපත ලද ටිකිරි සුභාෂිනී බණ්ඩාර අනුරාධපුර නිවත්තක චේතිය ජාතික පාසලේ පාසැල් අධ්‍යාපනය ලබා 2003 වසරේදී  කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ලබා ඇත. 

2002-2003  කාලය තුළ  ජාතික අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ සේවය කරමින් තම වෘත්තීමය ජීවිතය අරඹන ඇය  එම  කෙටි කාලය තුළ පළාත් පාලන ආයතන වලට ආවේණික මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තියක් බිහි කිරීම වෙනුවෙන් කටයුතු කර ඇත. එම ව්‍යාපෘතිය යටතේ දෙහිවල-ගල්කිස්ස නගර සභාව විසින් මත්ද්‍රව්‍ය වැළක්වීමේ ප්‍රතිපත්තියක් බිහි කල පළමු පළාත් පාලන ආයතනය ලෙස සැලකෙන අතර ටිකිරි සුභාෂිනී විසින් එහි සුවිශේෂී කාර්යභාරයක් සිදු කර ඇත.

 2007 වසර වනතුරු උතුරු මැද පළාතේ පළාත්  සභාව, ජාතික ඒකාබද්ධතා හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශය, නිපුණතා කටයුතු අමාත්‍යාංශය හා වරාය අමාත්‍යංශයන්හි  රාජකාරී කිරීමෙන් තම වෘත්තීමය අත්දැකීම් උකහා ගෙන ඇති ඇය 2003 වසර සිට 2006 වසර දක්වා උතුරුමැද පළාත් උපාධිධාරී සංගමයේ සභාපති තනතුර හොබවමින් රැකියා විරහිත උපාධිධාරීන් සඳහා කැපවී කටයුතු කර ඇත.

2005 වර්ෂයේ සිට Public service international ආයතනයේ ශ්‍රී ලංකාවේ  කාන්තා හා තරුණ වෘත්තිකයන් නියෝජනය සිදු කරමින් ම වකවානුවේදීම කාන්තා හා වෘත්තීය අයිතීන් මෙන්ම ළමා අයිතීන් වෙනුවෙන් ක්‍රියාත්මක වී ඇත.

2007 වර්ෂයේ දී ජර්මනියේ පදිංචියට පැමිණෙන සුභාෂිනී පරිටෙටිෂ විශ්විද්‍යාලයේ සමාජ ආරක්ෂණය, නීති පද්දතිය, අන්තර් ග්‍රහණය මෙන්ම පශ්චාත් යුධ භීතිය යන කරුණු සම්බන්ධව වැඩි දුර අධ්‍යාපනය ලබමින්  ඩියකොනි අධ්‍යාපන ආයතනයේ යුරෝපා හා ජර්මනියේ විදේශිකයන් සම්බන්ධ නීති, මානව හිමිකම් නීතීන් හදාරමින් එක්සත් ජාතීන් මෙන්ම සරණාගත අයිතීන් වෙනුවෙන්  සක්‍රීයව සහභාගී වීම ආරම්භ කර ඇත.

 

WhatsApp Image 2024 02 18 at 11.38.43

 

2014 වර්‍ෂයේ සිට 2021 දක්වා ජර්මනියෙ චාන්සලර් ව සිටි ඇන්ජෙලා මර්කල් ගේ පක්ෂය වන CDU පක්ෂයට සම්බන්ධ වූ ඇය මේ දක්වා එරට  ප්‍රාදේශීය දේශපාලනයේ සක්‍රියව කටයුතු කරයි. ජරමනියේ පිලිප්ස්බුර්ග් නගරයට පැමිණෙන හා ජිවත්වන විදේශිකයන් නීති පද්ධතියට, දේශපාලන හා සමාජීය, සංස්කෘතික පද්ධතියට අන්තර් ග්‍රහණය කිරීමේ කළමනාකාර වරිය ලෙස වසර 10 කාලයක් සේවය කරමින් සිටින ටිකිරි සුභාෂිනී එරටදී විවාහ දිවියට ඇතුල් වෙමින් විෆ්ලර් පවුලට සම්බන්ධ වී ඇත. 

 

ටිකිරි සුභාෂිනී විෆ්ලර්  ජර්මනියේ ශ්‍රී ලාංකික  හා දේශීය ප්‍රජාව සම්මුඛ වන මදර් ආයතනය ගොඩනගමින් 2014 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලට සමාජීය හා අධ්‍යාපනික සේවා රාශියක් ඉටු  කරමින් සිටින්නීය.  මදර්  ආයතනය විසින් මෑතකදී ඇයගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ පාසල් 500 ක් වෙනුවෙන් සිංහල-දෙමල--ඉංග්‍රීසි යන ත්‍රෛ භාෂා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලද අතර ඉදිරි වසර 5 ඇතුලත ශ්‍රී ලංකාවේ පාසල් 11000 ම ආවරණය කරමින් ළදරු වියේ සිටම භාෂා තුනෙන්ම ගොඩ නැගෙන අනාගත ශ්‍රී ලාංකේය පුරවැසියා බිහි කිරීමට අවශ්‍ය පදනම සකස් කෙරෙමින් ඇත.

 

WhatsApp Image 2024 02 18 at 11.38.18

 

එසේම ඇයගේ පෞද්ගලික ධනය වැය කරමින් ලංකාවේ ආරම්භ කර ඇති  waste  to  taste ව්‍යාපෘතිය ගෘහ ආර්ථිකය නැංවීමට, කසල කළමනාකරණයට හා රටේ ආහාර නිෂ්පාදනය වෙනුවෙන් දැනට ගොඩ නැගෙමින් ඇති වැදගත් ව්‍යාපෘතියකි.  ඒ සඳහා මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලද සහභාගීවී කුටුම්භ ආර්ථිකයන් ඉලක්ක කරගත් වැඩසටහන් ආරම්භ කර ඇත.

ඇය විසින් යුරෝපයේ ජිවත්වන විද්වතුන් හා එක්ව ජර්මනියේ පිහිටුවා ඇති තවත්  වැදගත් ව්‍යාපෘතියක්  වන්නේ ශ්‍රී  “ලංකාවේ ආර්ථික හා දේශපාලන අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්තානය” යි. එම ආයතනය පසුගිය කාලය තුළ  ශ්‍රී ලංකාව යහපත් ගමන් මාර්‍ගයක් වෙත ප්‍රවිෂ්ට කිරීමට ,මානව අයිතීන්,ආර්ථික අයිතීන් සුරැකීමට හා නීතියේ ආධිපත්‍ය සුරැකීම සඳහා වන කැපී පෙනෙන කාර්යභාරයකට දායක වී ඇත.

අනුරාධපුරයට ආවේණික වැව් පද්ධතිය හා ඒ හා බැඳුණු කෘෂිකර්මය සමග බැඳුනු ගොවි පවුලකින් පැවත එන ටිකිරි සුභාෂිනී විෆ්ලර් දියණියන් දෙදෙනෙකු සහ පුතෙකුගේ දයාබර මවකි.

 

මේ, ඇය විසින් රචිතව, අප වෙබ් අඩවියේ කොටස් වශයෙන් පළ කෙරෙන "මා දකින මව්බිම" ලිපි පෙළේ සවැන්නය.

 

මා 5

 

අප 04 වෙනි කොටසින් සාකච්ඡා  කළේ දියුණු සිරි ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් සැකසිය යුතු පදනමේ සිව් කොණ ගැනය.

එම සිව්කොණ නැවත සිහිපත් කරන්නේ නම්,

01 වාර්ගික අර්බුධය අවසන් කර එවන් අර්බුධ නැවත ඇති නොවන ලෙස කටයුතු කිරීම.

02 රටේ දේශපාලනයට ආගමික සංස්ථාවේ මැදිහත් වීම අවසන් කිරීම හා එය පවත්වාගෙන යාම.

03 සාමූහික ප්‍රචණ්ඩත්වය අවම කිරීම හා පවත්වාගෙන යාම.

04 ඥාති සංග්‍රහයෙන් හා පවුල් පෙළපතින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය ක්‍රියාත්මක කිරීම

යන කරුණු ය.

 

මේ කරුණු හතර නිවසේ සිව් කොණේ ශක්තිමත් පාදමකට සහය දක්වන අතර වහල දක්වාම නිවසේ ආකෘතිය රඳවාගෙන සිටින කරුණු හතරය. එලෙසම වැදගත් ඊලඟ කරුණ වන්නේ ජාතික ආහාර ප්‍රතිපත්තියක් හා බැඳුනු ,ආහාර රටාව,කෘෂිකර්මය හා පරිභෝජනය ප්‍රතිපත්තියය.මා මේ කරුණ රටේ වඩාත් වැදගත්ම කරුණ ලෙස දකින්නේ ලෝකයේ බොහෝ දුප්පත් රටවල් පවා කුසගින්න ජයගෙන තිබියදී ඉතා විශාල වගාබිම් ප්‍රමාණයක් පැවතියදී සිරි ලංකාවේ මන්දපෝෂණය හා අහාර හිඟය,කුසගින්න තවමත් ප්‍රධාන සාධකයක් ව පවතින නිසාය. තවමත් මැතිවරණ පොරොන්දු ලෙස ආහාර ,ආහාර මිල හා ආහාර සම්බන්ධ කෘෂි ව්‍යපාරය සම්බන්ධ තීන්දු තීරණ රටේ දේශපාලනය තීරණය කරයි. අප්‍රිකාව පවා කුසගින්න ජය ගනිමින් සිටිති.

 

රටක ජනතාව නිතර වෙහෙස විය යුත්තේ කුසගින්න ජයගැනීමට නම් හා තවමත් මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන්,පාසලේදී ක්ලාන්ත වෙන දරුවන්,මෙන්ම ආහාර උද්ධමනය නිසා සිඟමන් යදින්නන් සිටී නම් ඒ රටේ ආහාර ප්‍රතිපත්තිය විශාල අර් බුධයක  පවතී.අපේ රට එවැනි රටකි.ආහාර මත බදු පැනවීම නිසා හා කෘෂිකර්මාන්තය යාවත්කාලීන නොවීම,පුහුණු කෘෂිකර්මය හා කෘෂි කාර් මික  නිෂ්පාදන සුරක්ෂිත කිරීම හෙවත් අහාර සුරක්ෂිත කිරීමේ අඩුපාඩු වල සිට අහාර ඉවීම පිසීම දක්වා ම  ගැටළු පවතී. වගා කිරීම දිරිමත් කල යුතු වෘත්තියක් ලෙස නොසැලකීම් හා සමාජ ආකල්ප ද ලංකාවේ මන්ද පෝෂණයට තදින් බලපෑ හේතුවකි.

 

ඉහත කරුණු අනුව පළමුව අපට ආහාර සංස්කෘතියක් ඇතයි මම නොසිතමි.ආහාර නිෂ්පාදනයේදී හා බාවිතයේදී ඇති ආකල්ප හා හුරු පුරුදු ආහාර සංස්කෘතිය ලෙස සලකයි.අප කෙතරම් මන්ද පෝෂණයෙන් පෙළුනත් දේශීය ආහාර ඉවත නොදමා රටේ අහාර හිඟ ජනතාව වෙත ප්‍රවාහනය කිරීම,අඩු මුදලට බෙදා දීමේ ජාලයක් අප සතුව නැත.සමුපකාර,සතොස වැනි ආයතන වලින් අපේක්ෂිත ඒ කාර්  යය  නිවැරදිව සිදුවන්නේ නැත.සමහර පළාත් වල ඇති ආහාර, උදා කොස් ,දෙල් හෝ වෙනත් පලතුරු වර් ග වල  පුරණ  භාවිතයක් වෙනුවෙන් ජාතික වැඩ පිළිවෙලක් නැත.ආහාර කල්  තබාගෙන භාවිතයට ගැනීමේ ක්‍රමවේදයන් ඉගැන්වීමට අවශ්‍යව තිබෙන බව වැටහේ. ඒවා ශීතකරණයෙන් එහා ගිය අඩු වියදම්කාරී ඒවා වියයුතුය.

 

මා 4

 

රටේ වගා කල හැකි භුමිය සම්පූර්ණයෙන් වගා නොකරන බව වැටහේ.ඉඩම් බොහොමයක් කට්ටි කැඩීමේ සිට උරුමයන් අතර බෙදී යාම නිසා කුඩා වී ඇත.එම ඉඩම් වලින් 80% පමණ ප්‍රමාණයක් වගා නොකරන බව හෝ මුඩු බිම් ලෙස හඳුනා ගත හැකිය.වගාවට අවශ්‍ය බිජ,හා යන්ත්‍ර සුත්‍ර මෙන්ම නව උපක්‍රම ගැන ඇත්තේ පසුගාමී තීන්දු තීරණය. මුඩු  බිම් වලින් රටේ ආහාර නිෂ්පාදනයට දායකත්වයක් නොලැබේ.

 

කෘෂිකර්මය වෙනුවෙන් ජලය මෝසම් වැසි දෙකකට මුහුණ දෙන වැව් 33000 ක් සහිත රටක කළමනාකරණය වීමේ දැඩි ගැටළු පවතී.වැව සහ ආර්ථිකය අතර ස්වයං පෝෂිත බව බිඳී ගොස්  ඇත.ආහාර උද්ධමනයට මන්ද පෝෂණයට දිගු කාලීනව මාර්‍ගය සැකසුණේ ඒ අනුවය.

 

මේ කරුණු වලින් ඔප්පු වන්නේ,

1 ජාතික කෘෂි ආර්ථික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයය.

එම ප්‍රතිපත්තිය රටේ ජාතික ඉඩම් ප්‍රතිපත්තිය සමග බද්ධ විය යුතුය.සියළුම මුඩු ඉඩම් ආහාර නිෂ්පාදනයට බල කෙරෙන ප්‍රතිපත්තියක් පැවතිය යුතුය,රුසියාව,චීනය පුරුද්දක් ලෙස කල ගෙවතු වගා කරණය මෙලෙස ක්‍රියාත්මක වේ.යුරෝපයේ රටවල ඉඩම් බදු ප්‍රතිපත්තිය ගොවියන් දිරි ගන්වයි.වගා නොකරන ඉඩම් ආපසු පවරා ගැනීමේ සිට සංවර් ධනය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය දැක්වෙන වැඩ පිළිවෙලවල් ආහාර නිෂ්පාදනය වෙනුවෙන් එම රටවල ක්‍රියාත්මක කරති.ඉඩම් අයිතිය ඉතා වැදගත් කරණක් ලෙස අප වටහා ගත යුතුය.එසේම අයිති ඉඩම් පුරණ ලෙස බාවිතා කරමින් ආහාර නිෂ්පාදනයට බල කිරීමෙන් තොරව රටක පෝෂණ අවශ්‍යතා සම්පුරණ කල නොහැකිය. ඒ සඳහා නෛතික උපක්‍රම හා මුල්‍යමය උපක්‍රම ගොඩ නැගිය යුතුය.

 

 2  ජාතික පෝෂණ ප්‍රති පත්තියක් බිහි කල යුතුය.

එය අධික සීනි බහුල,තෙල් බහුල ආහාර රටාව වෙනස් කරමින්,දේශීය ද්‍රව්‍ය වල පෝෂණය ආරක්ෂා කරමින් ආහාර විවිධාංගි කරණය වෙන ක්‍රමවේදයක් විය යුතුය.ආහාර සුරක්ෂිත තාව හා ඒ ඒ වයස් වලදී වෙනස් විය යුතු ආහාර රටාවන් හඳුන්වා දෙන ආහාර සංස්කෘතියක් ඇති කල යුතුය. ජාතික පෝෂණ ප්‍රතිපත්තිය සෘජුවම කෘෂි හා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යා යුතුය. දරුවන් ගේ පෝෂණ අවශ්‍යතා හා වැඩිහිටියන් ගේ පෝෂණ අවශ්‍යතා සම්බන්ධව උනන්ඳු වෙන රටක ළමා හා වැඩිහිටි මන්දපෝෂණය වලකා ගත යුතුය.ළමයින් මන්දපෝෂණයෙන් පෙලෙන රටක අනාගතය ඉතා බියකරුය.ශක්තිමත් ජාතියක් බිහි කරගැනීමට පෝෂණය වැදගත් වන අතරම යහපත් කායික මානසික තත්ත්වයක් රට තුල පවත්වාගෙන යාමට එම පෝෂණය ඉතා වැදගත් ය. සිරි  ලංකාවේ පුරවැසියා දිගින් දිගටම අවම කැලරි ප්‍රමාණයක් ආහාර වෙලේදී ලබාගන්න පුරවැසියෙකි.එය බද්ධ වන්නේ පෝෂණය සමග වුවත් ගණිතමය හැකියාවන්  හා බුද්ධිමත් භාවය වෙනුවෙන් මේ පෝෂණ තත්ත්වයන් විශාල බලපෑමක් කරයි.

 

3. රටේ වැව් හා ජලාශ කළමනාකරණය කරන වෙනම ජාතික ප්‍රතිපත්තියක් බිහි කල යුතුය.

එම ප්‍රතිපත්තිය රටේ සියළු මුඩු  බිම් වලට ජලය සැපයීමට අවශ්‍ය යටි තල පහසුකම් වලින් යුක්ත ලෙස දැනට පවතින ක්‍රමයට අනුගත විය යුතුය..ලංකාවේ දිස්ත්‍රික්ක 10 ක් ම ජල හිඟකමෙන් හා අධික උණුසුමෙන් පිඩා විඳිති.වැව් සියල්ල පාහේ ගොඩ වී දරාගන්නා ජල ධාරිතාවය අඩු වී ඇත.ඒ නිසා වැව සහ ආර්ථිකය නැවත බද්ධ කිරීමට අවශ්‍ය ආකාරයේ ජල කළමනාකරණ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යව තිබේ.ඒ තුල පානිය ජලය හා එහි පෝෂණය ගැනද ගුණාත්මක ක්‍රමවේදයන් ගොඩ නැගිය යුතුය. ජලය ලෝකයේ මිල අධික වෙමින් පවතී.කිරි ලීටරයකට වඩා ජල ලීටරයක මිල වැඩි වී ඇත.ශ්‍රී ලංකාව අහසින් වැටෙන එකම දිය බිඳකුදු මුහුදට නොයවන අතීත උදෘතයට පැමිණිය යුතුය. එසේ නොවන්නේ නම් සමකයට ආසන්න භුමිය ලෝක දේශගුණ ප්‍රවණතා සමග අසීරු දේශගුණික තත්ත්වයනට මුහුණ දෙනු ඇත.

 

මා 2

 

මේ අනුව ජාතික කෘෂි ප්‍රතිපත්තිය රටේ තවත් ජාතික ප්‍රතිපත්ති හා විෂයයන් සමග බැඳී පවතී. අළුතින් බිහිකරන ප්‍රතිපත්තියක අනෙකුත් ජාතික ප්‍රතිපත්තිවල සුසංයෝගය ඉතා හොඳින් කළමනාකරණය කල යුතුය. එසේ නොවී පැලැස්තර ප්‍රතිපත්ති වලින් සිදුව ඇත්තේ කුසෙන් අඩක් පෝෂණය වන ජාතියක් ගොඩ නැගී තිබීමය,ආහාර  ඉවත දැමීම,බැහැර කිරීම හා නාස්ති කිරීම යන කරුණු ගැන නෛතික විධිවිධාන අවශ්‍ය වන බව වැටහේ. ශ්‍රී ලංකාවේ ආහාර ප්‍රතිපත්තියට බද්ධ වන මද්‍යසාර ප්‍රතිපත්තිය උෂ්ණ රටක බාවිතා කල යුතු හා නොකල යුතු මද්‍යසාර ගැන අධ්‍යනයකින් පසු ස්ථිර කල යුතුය.ශිත රටවල බාවිතා කරන මද්‍යසාර ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ නැත. එය ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය හා ආයු කාලය සමග නැවත සම්බන්ධ වේ.බොහෝ විට සිදුවන්නේ බීම නැවත්වීම ගැන ආගමික උපදේශනයන් මිස, රටට ගැලපෙන මද්‍යසාරයක් නිපදවා ගැනීමට තවමත් අපොහොසත් වී ඇත.රසවිඳීම හා පෝෂණය මිනිස් ජීවිතයක වැදගත්ම අංගයන් ය.ජාතියක් එම මුලික අවශ්‍යතා හා මුලික කරුණු ගැන උවමනාවෙන් කටයුතු නොකරන බවට සිරි  ලංකාව උදාහරණයක් වීම කණගාටුවට කරුණකි.

 

මා 7

 

කයින් මනසින් පිරිපුන් ජාතියක් වෙනුවෙන් ආහාර හා බැඳුනු සියළුම කරුණු ජාතික ප්‍රතිපත්ති ලෙස ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීමට පමා වැඩි වුවත් දැන්ද ආරම්භ කල හැකිය.

 

@සුභාෂිණි විෆ්ලර්