ටිරාන් අලස් යනු වත්මන් ආණ්ඩුව බලයට පත්වූ දා සිට වඩාත්ම කතාබහට ලක්වන චරිතයකි.
පෙර ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සිටි ඔහු, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ සමීප දේශපාලන මිත්‍රයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් විය.
NPP ආණ්ඩුව බලයට පත්වූ දා සිටම පැවති ප්‍රධානම කතාබහක් වූයේ, මිත්‍රත්වය නිසා ටිරාන් අලස්ගේ ආරක්ෂාවට හානියක් නොවනු ඇති බවයි.
කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසරක් ඉක්ම යද්දී, ඒ සියලු දේශපාලන සමීකරණ උඩුයටිකුරු කරමින්, ටිරාන් අලස් වෙත ලබාදී තිබූ සියලුම විශේෂ කාර්යය බලකා (STF) ආරක්ෂාව එකවරම ඉවත් කර ඇතැයි ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ සම්බන්ධයෙන් කරුණු දක්වන පොලිස්පතිවරයා නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ, හිටපු අමාත්‍යවරයාට තවදුරටත් ජීවිත තර්ජන නොමැති බවට කළ විමර්ශනවලින් තහවුරු වූ බැවින් මෙම තීරණය ගත් බවය.
ආරක්ෂක සේවය ඉවත් කරන විට, හිටපු ඇමතිවරයාගේ ආරක්ෂාව සඳහා STF නිලධාරීන් 19 දෙනෙකු යොදවා තිබූ බවද වාර්තා වේ. පසුව එය 06 දෙනෙකුට සීමා කර තිබුනි.
කෙසේ වෙතත්, මෙම තීරණය පිළිබඳව ටිරාන් අලස්ගේ හිතවතුන් නොසන්සුන්තාවට පත් ඇතැයි පැවසේ. ඔවුන්ගේ අදහස වන්නේ, හිටපු ඇමතිවරයා පාතාලයේ තර්ජනවලට විවෘත කර ඇති බවත්, මෙය ඔහුගේ ජීවිත ආරක්ෂාවට ඉතා භයානක බවත්ය.
ටිරාන් අලස් හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී "යුක්තිය" මෙහෙයුම වැනි කුඩු සහ පාතාලය මර්ධනයටය කියා මෙහෙයුම් වැඩසටහන් ක්‍රියාත්මක කළේය.
ඔහු විසින්ම මීට පෙර නිල වශයෙන් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබුණේ, එම මෙහෙයුම් හේතුවෙන් ඩුබායිහි සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ගෙන් තමාට මරණ තර්ජන එල්ල වූ බවය. එවැනි පසුබිමක් තිබියදී, එක රැයකින් ඔහුට තර්ජන නැතැයි කියා ආරක්ෂාව ඉවත් කිරීම පිටුපස වෙනත් අඳුරු දේශපාලන න්‍යායපත්‍රයක් තිබේදැයි සැකය මතුව ඇතැයි ටිරාන් පාර්ශ්වයේ අදහසය.
කෙසේ වුවත් ජනාධිපති පාර්ශ්වයෙන් කනින් කොනින් වාර්තා වන තොරතුරු නිසා මේ තත්වය වඩාත් සංකීර්ණ වී ඇතැයි කතාවෙනවාය.
ආරංචිමාර්ග පවසන්නේ, තම මිතුරාට මෙසේ කිරීම ගැන ජනාධිපතිවරයා ද කිසිවක් නොදන්නා බව ය.
ඒ අනුව, මෙම තීරණය සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාට හොරෙන් 'පැලවත්තේ' ආණ්ඩුවෙන් ගත් තීරණයක් විය හැකි බවට සැකයක් මතුව තියෙනවාය.
දේශපාලන බලය යනු ඇතිදා පිම්බෙන, නැතිදා හැකිලෙන බැලුමක් මෙන්ලු ය.
"කර්මය" දේශපාලන ලෝකය තරම් පැහැදිලිව වෙනත් කොතැනකවත් “පැහැදිලි”ව දැක ගත නොහැකිය.
බලය භුක්ති විඳින්නා පසුපස කර්මය ගොනා පසුපස ගැල ඇද යන්නා සේම එනු නියතය.
එය පාතාලය, දේශපාලන විරුද්ධවාදීන් හෝ බල අරගලයක ස්වරූපයෙන් පැමිණිය හැක.
අනේ හා සාදූ සාදූ සාදූ..ය.
#Gossip

