ජුනි 21 වන දින කොළඹ තුම්මුල්ලේ දී, හෝම්ලෑන්ඩ්ස් සමූහය සිය දිදුලන පෙන්ටාරා රෙසිඩන්සීස් ව්‍යාපෘතිය එළිදැක්වූ විට,
එය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ තීරණාත්මක අවස්ථාවක් ලෙස ප්‍රශංසාවට ලක් වූ අතර, එය දේශීය ව්‍යවසායකයෙකු විසින් මහල් 40 කින් යුත් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක සිදු කරන ලද රටේ විශාලතම තනි ආයෝජනය විය.
එහෙත්, දිලිසෙන මුහුණත සහ ඉහළ පෙළේ අනුමත කිරීම් පිටුපස කලාපකරණ උල්ලංඝනය කිරීම්, අක්‍රමවත් අනුමත කිරීම් සහ වර්ධනය වන මහජන කෝපය පිළිබඳ පැටලිලි සහිත ජාලයක් පවතී.
2025 දී, රුපියල් බිලියන 4.5 කට අක්කරයක ඉඩමක් මිලදීගත් හෝම්ලෑන්ඩ්ස් සමූහය දැන් කුණාටුවක කේන්ද්‍රය බවට පත්ව ඇත. ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වයේ ජයග්‍රහණයක් ලෙස ප්‍රචාරණය කරන ලද මෙම ව්‍යාපෘතිය, අනුමත කිරීමේ ක්‍රියාවලියේ අවංකත්වය සහ නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) කාර්යභාරය පිළිබඳව ප්‍රශ්න මතු කර තිබේ.
කොළඹ නගර සංවර්ධන සැලැස්ම සහ නිවාස හා නගර වැඩිදියුණු කිරීමේ ආඥා පනත යටතේ කොළඹ උස් ගොඩනැගිලි ඉදිකිරීම් දැඩි රෙගුලාසි මඟින් පාලනය වේ. මෙම නීති මඟින් කලාපකරණ වර්ගීකරණයන්, බිම් ප්‍රදේශ අනුපාත, උස සීමාවන් සහ පාරිසරික නිෂ්කාශන නියම කෙරේ. විශේෂ නේවාසික හෝ හරිත කලාපයක් ලෙස වර්ගීකරණය කර ඇති තුම්මුල්ලෙහි, අවසර ලත් උපරිම උස මහල් පහේ සිට හය දක්වා වේ යැයි විශ්වාස කෙරෙන අතර, එය එය දැනට ඉදිවෙමින් පවතින මහල් 40 කින් යුත් දැවැන්ත ගොඩනැගිල්ලට වඩා බොහෝ සෙයින් වෙනස් ය.
මෙම දැවැන්ත ගොඩනැගිලි ව්‍යාපෘතිය නගරයේ කලාපකරණය සහ පාරිසරික ආරක්ෂණ නීති උල්ලංඝනය කරන බවට ප්‍රදේශවාසීහූ තර්ක කරති. නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජනාධිපති සහ අගමැති කාර්යාලවලට පවා ඉදිරිපත් කර ඇති පැමිණිලිවලින් කියැවෙන්නේ, මෙම ඉඩම මිශ්‍ර සංවර්ධන කලාපයක් ලෙස වැරදියට වර්ගීකරණය කිරීමෙන් නීති විරෝධී ලෙස අනුමැතිය ලබා දී ඇති බවය.
(නාගරික සංවර්ධන අධිකාරිය මේ සඳහා භාවිත කළ නිර්ණායකයන් පාර්ලිමේන්තුවේදී විපක්ෂය ප්‍රශ්නකරයි)
ප්‍රාදේශීය ක්‍රියාකාරිකයෙකු වන ජිනාත් ප්‍රේමරත්න මහතා මහජන හැඟීම් සෘජුවම පළකරමින් කියා සිටියේ, මෙය සෞන්දර්යය හෝ පුද්ගලික අපහසුතාවයන් පිළිබඳව පමණක් නොව, නීතිය පිළිබඳව ගැටලුවක් ද, වන බවය.
“එක් ව්‍යවසායකයෙකුට පමණක් ගැලපෙන පරිදි කලාපකරණ සිතියම් වෙනස් කළ නොහැක. කොළඹ නගරයේ අවසාන හරිත පැල්ලම් ද, අතුරුදහන් වෙමින් පවතී.”
මෑත මාසවල දී, ක්ලැසන්ස් සහ ටිකෙල් ප්‍රදේශවල පදිංචිකරුවෝ විරෝධතා පැවැත්වූ අතර, නාගරික සංවර්ධන අධිකාරිය සාමාන්‍ය පුරවැසියන්ට මහල් තුනකට වඩා ඉදිකිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කරමින් දෙබිඩි ප්‍රමිතියක් ක්‍රියාත්මක කරන බවටත්, මහල් 40 කින් යුත් සුඛෝපභෝගී සංකීර්ණයකට අවසර ලබා දෙන බවටත් චෝදනා කළහ.
ඒ සමඟම, සිවිල් ක්‍රියාකාරී සංවිධානයක් වන මාතෘභූමි සංවිධානය, මෙම ව්‍යාපෘතියට අනුමැතිය දීම අක්‍රමවත් හා දූෂිත බව පවසමින්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නිවේදනය කළේය.
මාතෘභූමි සංවිධානයට අනුව, නාගරික සංවර්ධන අධිකාරියේ අභ්‍යන්තර ලේඛන සහ සැලසුම් මාර්ගෝපදේශවලට අනුව මෙහි පවතින පැහැදිලි අක්‍රමිකතා තුනක් දක්වා ඇත:
කලාපකරණ උල්ලංඝනය: නේවාසික ලෙස නම් කරන ලද ඉඩම මිශ්‍ර සංවර්ධන ඉඩමක් ලෙස සලකනු ලැබීම.
උස සීමාව ඉක්මවා යාම: නීතිමය සීමාව මීටර් 50 ක් වුවද, මීටර් 120 ක් සඳහා අනුමැතිය ලබා දී තිබීම.
ව්‍යාජ ඉදිරිපස වාර්තා: නාගරික සංවර්ධන අධිකාරියේ අවශ්‍යතා සපුරාලීම සඳහා මීටර් 30 ට අඩු වීදි ඉදිරිපස, මීටර් 40 ක් ලෙස සටහන් කර තිබීම.
කෙසේ වෙතත්, හෝම්ලෑන්ඩ්ස් ආයතනය පවසන්නේ, තමන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) සහ පාරිසරික උපදේශක කමිටුවේ (ECC) අවසරයන් ද, ඇතුළුව, සියලුම ව්‍යවස්ථාපිත සහ පාරිසරික අනුමැතීන් නිසි ලෙස ලබාගෙන ඇති බවය. නිවේදනයක් නිකුත් කරමින් සමාගම තහවුරු කළේ, පෙන්ටාරා රෙසිඩන්සීස් සමාගමට මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා UDA හි පූර්ණ අවසරය ඇති බවත්, ව්‍යාපෘතිය සියලූම නීතිමය සහ පාරිසරික ප්‍රමිතීන් සපුරාලන බවත්ය.
සභාපති නලින් හේරත් මහතා ව්‍යාපෘතිය ආරක්ෂා කරමින්:
“පෙන්ටාරා සැලසුම් කළ පරිදිම ඉදිරියට යමින් තිබේ. අපි මුළුමනින්ම නීතියට අනුකූලව සිටින අතර, විනිවිදභාවය සඳහා කැපවී සිටිමු.” යනුවෙන් ප්‍රකාශ කළේය.
මේ අතර, තමන්ට දූෂණ චෝදනා එල්ල කරන මෑත කාලීන මාධ්‍ය වාර්තා අසත්‍ය සහ අපහාසාත්මක බව පවසමින්, නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති කුමුදුලාල් පොලිස් පැමිණිල්ලක් ගොනු කළේය. එහෙත්, පොලිස් ආරංචි මාර්ග සනාථ කරන්නේ, නිවැසියන් විසින් ඔහුට එරෙහිව දැනටමත් වෙනම පැමිණිලි 17ක් ගොනු කර ඇති බවය - එයින් ඇඟවෙන්නේ මෙම ආරවුලේ කේන්ද්‍රයේ පවතින්නේ මාධ්‍ය ප්‍රබන්ධ නොව මහජන සැලකිල්ල බවයි.
නාගරික සංවර්ධන අධිකාරියේ ආරංචි මාර්ග පවසන්නේ, නිල වශයෙන් තනතුරින් ඉවත් කිරීමෙන් පසුව පවා, හිටපු සභාපතිවරයා අන්තර්කාලීන "සභාපති" ලෙස කටයුතු කරමින්, කළමනාකරණ මණ්ඩල රැස්වීම් කැඳවමින් සහ ආයතනයට බලපෑම් කරමින් සිටින බවයි. ඔහුගේ අඛණ්ඩ අධිකාරය පිළිබඳ විමතිය දනවමින්, වෝටර්ස් එජ් හෝටලයේ තවත් එවැනි රැස්වීමක් පැවැත්වීමට ඔහු සැලසුම් කර ඇති බව වාර්තාවලින් පෙනී යයි.
මෙම මතභේදය දැන් නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ අවධානයට ලක්ව ඇති අතර, ඔහු අනුමත කිරීමේ ක්‍රියාවලිය, සිදුවිය හැකි අල්ලස් ගනුදෙනු සහ පරිපාලනමය අක්‍රමිකතා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නියෝග කිරීමේ දැඩි පීඩනයකට මුහුණ දී සිටී.
නීතිමය පැටලිල්ල සහ දේශපාලන කුමන්ත්‍රණවලට අමතරව, පෙන්ටාරා රෙසිඩන්සීස් මතභේදය රාජ්‍ය පාලනයේ පවතින ගැඹුරු අර්බුදයක් පිළිබිඹු කරයි. කොළඹ නගරයේ වේගවත් නාගරික පරිවර්තනය බොහෝ විට සිදුව ඇත්තේ විනිවිදභාවය, පාරිසරික සමතුලිතතාවය සහ මහජන විශ්වාසය යන සියල්ලෙහිම එකඟතාවයට අනුවය.
මාතෘභූමි කැඳවුම්කරු සිරිමලී ලියනගම මහත්මිය පැවසූ පරිදි:
“කිසිදු මහල් නිවාස සංකීර්ණයක් නීතියට වඩා ඉහළට විහිදී යා යුතු නැත. දූෂණය නොසලකා හරිනු ලැබුවහොත්, එයින් නගරයේ ක්ෂිතිජ රේඛාව පමණක් නොව, නීතියේ ආධිපත්‍යය ද, වෙනස් කෙරේ.”
නීතිමය අභියෝග එල්ල වෙමින් පවතින අතර, පරීක්ෂණ පැවැත්වීම ද, පොරොන්දු වී ඇති බැවින්, පෙන්ටාරා කතාව තවමත් අවසන් වී නැත. මේ වන විට, කොළඹ නගරයේ මෙම වඩාත්ම අභිලාෂකාමී නිවාස ව්‍යාපෘතිය ප්‍රගතියේ නොව, ශ්‍රී ලංකාවේ නාගරික අනාගතය සම්බන්ධයෙන් බලය, ලාභය සහ මහජන වගවීම ගැටෙන ආකාරය පිළිබඳ සංකේතයක් බවට පත්ව ඇත.
(NewsTube වෙබ් අඩවියේ පළවූ “Luxury Tower or Legal Tangle? The Pentara Residencies Saga Unfolds” ලිපියේ සිංහල පරිවර්තනයයි.
TTV Podcast