SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) සිදුව ඇතැයි කියන රුපියල් මිලියන 1000 කට ආසන්න

දැවැන්ත මූල්‍ය වංචාවක් යට ගැසීම සඳහා එහි නීති නිලධාරිනියක් සේවයෙන් පහකර ඇතැයි වාර්තා වේ.



අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත 2025 අප්‍රේල් 23 වන දින යොමු කරන ලද ලිපියක් මගින් මෙම  මුල්‍ය වංචාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.



අනාවරණය වී ඇති කරුණු අනුව, මෙම මුල්‍ය වංචාව මෙරට රාජ්‍ය අංශයේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකේ.



මෙම චෝදනා වල මූලික අවධානය යොමු වන්නේ, නාගරික සංවර්ධන අධිකාරිය සතු සර් ජේම්ස් පීරිස් මාවතේ ඉඩමක් 'ෂැන් ප්‍රොපටිස්' ආයතනයට බදු දීම සහ කළමනාකරණ මණ්ඩලයේ අනුමැතියකින් තොරව 'ක්‍රිෂ් ගොඩනැගිල්ලේ' බදු කාලසීමාව දීර්ඝ කිරීම වැනි ව්‍යාජ ගිවිසුම් සකස් කර සහතික කළ බවට චෝදනා ලත් නාගරික සංවර්ධන අධිකාරියේ නීති සේවා අධ්‍යක්ෂවරිය වෙතය.



අභ්‍යන්තර විමර්ශනවලදී මෙම වංචා තහවුරු වීම හේතුවෙන් ඇය මේ වන විට නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙත තාවකාලිකව මාරු කර යවා ඇතැයි වාර්තාවේ.

 

මෙම සිදුවීම නැවත කරළියට පැමිණෙන්නේ, නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධානියකු විසින් කොළඹ තුම්මුල්ලේ ඉදිකිරීමට නියමිත හෝම්ලෑන්ඩ්ස් 'පෙන්ටාරා රෙසිඩන්සීස්' (Pentara Homeland) සුපිරි නිවාස සංකීර්ණයට නීති විරෝධී ලෙස සැලසුම් අනුමත කිරීම පිළිබඳ මතභේදයත් සමගය.



අදාළ නීති නිලධාරිණියට එරෙහිව පසුගිය පෙබරවාරි මාසයේදී අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණද, ඇයව පසුගිය සතියේ 16 වන දින තනතුරින් ඉවත් කර ඇත්තේ, වෙනත් විරෝධතා හේතුවෙන් මිස, CIABOC විමර්ශනයක් නොමැතිවය.



රජයට බිලියනයකට ආසන්න පාඩුවක් සිදුකළේ යැයි කියන මෙවැනි දැවැන්ත වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ප්‍රධාන නිලධාරිනියක් සම්බන්ධයෙන් CIABOC විමර්ශන නොකිරීම මහජන කතිකාවට විවෘත වන ප්‍රශ්නයකි.



විශාල විමර්ශන කාර්යභාරයක් පැවතීම (CIABOC මේ වන විටත් නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ හිටපු ඉඩම් අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත) හෝ දේශපාලනමය හා නිලධාරිවාදී බලපෑම් මත කටයුතු ප්‍රමුඛතා අනුව පාලනය වීම මෙහි ප්‍රධාන හේතුව විය හැකි බවට මත පළ වේ.



එහෙත්, ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම (NACAP) ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, මෙම "විශාලතම වංචාව" සම්බන්ධයෙන් කඩිනම් සහ විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් සිදු කිරීම අතිශයින් ම වැදගත් වේ.

 

@උපුටාගැනීම - NewsTube

නවතම ලිපි