SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මොළ-මොළ අතර සන්නිවේදනය ආරම්භ වීමට නියමිතය.

එය විසින් ඇති කරනු ලබන තත්වය තුල නලින් ද සිල්වා දිවිහිමියෙන් ආරක්ෂා කිරීමට සටන් වදින "සිංහල බෞද්ධ ජාත්කත්වයේ" අවසානය සලකුණු වීමට ද නියමිතය.

 

ඊලන් මස්ක් විසින් Neuralink වැඩසටහන ආරම්භ කරනුයේ 2017 වසරේය. එසේ ආරම්භ කොට වැඩිකල් නොගොස් ඔහු විසින් ප්‍රකාශ කලේ, “මම ඔබට සංකල්පයක් සන්නිවේදනය කරන්නේ නම්, ඔබ ප්‍රධාන වශයෙන්ම සම්මුතික telepathyහි (පරචිත්ත විජානනයේ- දුරවේදනයේ) යෙදෙනු ඇත. ඔබට සංවාදයට හෝ වෙනත් දෙයකට යම් විචක්ෂණභාවයක් එක් කිරීමට අවශ්‍ය නම් මිස ඔබට වාචිකකරණය අවශ්‍ය නොවනු ඇත. නමුත් සංවාදය දැනට තේරුම් ගැනීමට අපහසු (අද දවසේ තේරම් ගැනීමට අපහසු) මට්ටමේ මනොභාවාත්මක මට්ටමක අන්තර්ක්‍රියා කරනු ඇත."

 

 

 

 

පසුගිය ජනවාරි 29 වන දින, ඊලන් මස්ක් විසින් ප්‍රකාශ කොට සිටියේ, මිනිස් මොළය තුලට චිපයක් රෝපණය කිරීමේ වැඩසටහන 'Neuralink' වෙතින් ආරම්භ කල බවයි. පළමු 'Neuralink' චිපය රෝපිත මනුෂ්‍යයා වන්නේ බිලියනපති රෝගියෙකි. නමුත් මෙම ව්‍යාපෘතිය රෝගීන් සඳහා ප්‍රතිකාර කරන්නක් පමණක් නොවේ. එහි පැහැදිලි ඉදිරි විකාශනය පිළිබඳව මස්ක් විසින් අදහස් දක්වා ඇත

(ඒ පිළිබඳව ලිපි කිහිපයක් අපගේ වෙබ් අඩවියේ ඇත: සබැඳීන්:

  1. http://www.spartacus.lk/792-2/2021/
  2. http://www.spartacus.lk/democracy/2022/
  3. http://www.spartacus.lk/%e0%b6%8b%e0%b6%ad%e0%b7%8a.../2022/).

 

කෙටියෙන් පවසන්නේ නම් ධනවාදය තුල වර්ධනය වන ඉතාම සංකීර්ණ, ප්‍රධාන වශයෙන්ම, දැනුම-නිෂ්පාදන ක්‍රියාවලිය-දත්ත සහ ඒවා පවත්වාගන්නා ආකාරය-ප්‍රමෝදය සහ ඊට අදාළ හිස්ටීරිකත්වය-පේටන්ට් අයිතිය-නීතිය සහ නෛතික අධිකරීත්වයන්ගේ ව්‍යුහාත්මක පද්ධතියට අදාළ ක්‍රියාකාරීත්වය ඉදිරියේදී දැඩි ලෙස අර්බුධයට යාමට නියමිතය. එම අර්බුධයට විසඳුම් ඇත්තේ ඊලන් මස්ක්ගේ Neuralink, Starlink , SpaceX යන තුන් ඈඳුණු ව්‍යාපෘතියේය. ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි සුසමාදර්ශය නිර්මාණය වන්නේ ඒ තුලිනි.

 

 

අප සිතනුයේ වචන වලිනි. එනම්, අප දේවල්, සිදුවීම් සහ ක්‍රියාවලීන් දකින විට සහ අත්විඳින විට පවා, ඒවායේ සංජානනය ඒ වනවිටත් අපගේ සංකේතීය ජාලය හරහා ව්‍යුහගත වී ඇත. එනම් මා පොල් ගස දකින විට, ඒ හා සම්බන්ධ සියලු අර්ථයන් සංකේතීයව අධිනිශ්චය වී ඇත. මම පොල් ගසක් දකින නමුත් මෙම සංජානනයට එහි නිශ්චිත භ්‍රමණය ලබා දෙන්නේ එහි අනුනාද වන “පොල් ගස” යන වචනයෙනි. වචන සෑම විටම විශ්වීය සංකල්පවලට අදාලව පවතී. සංකේතීය අධිනිශ්චය කිරීමේ විරුද්ධාබාසය එහි වැතිර පවතී. එනම්, මා ඉදිරියෙහි පොල් ගසක් මා දකින විට, "පොල් ගස" යන වචනය විසින් පොල් ගස සමග බැඳුනු අරුතෙහි පුළුල් වියමන අවදි කරයි. නමුත්, මේ සටහනට ප්‍රස්තුත කාරණය වන Neuralink ව්‍යාපෘතිය පිළිබඳව පමණක් පවසන්නේ නම්, ඒ තුල ඉදිරියේදී භාෂාව අහෝසි වී යාමට නියමිතය.

 

 

"අප බටහිර විද්‍යාවට එරෙහි නොවේ. එය නරක යැයි අපි නොපවසන්නෙමු. අප එරෙහි වන්නේ එහි ආධිපත්‍යට පමණි." යනුවෙන් නලින් ද සිල්වා සහ ඔහුගේ ගෝල පිරිස පවසයි. එපමනක් ද නොවේ. නලින් ද සිල්වාගේ "විද්‍යා කතන්දර" පොතේ පෙරවදනෙහි ඔහු විසින් පවසන්නේ එම පොත ලිවීමට හේතුවම වන්නේ බටහිර විද්‍යාව සිංහල බෞද්ධ ජාතිකත්වය වෙත "අවශෝෂණය" කරගන්නේ කෙසේ ද යන්න විමසා බැලීම සඳහා බවය.

 

 

ඒ කෙසේ වෙතත් නලින් ද සිල්වාගේ සමස්ත ඉදිරිපත් කිරීම තුලින්ම ගම්‍ය වන්නේම බටහිර විද්‍යාව ඔහු අදහස් කරන පරිදි, එනම් සංස්කෘතික අවශෝෂණයන් සිදුවන පරිදි, එසේ අවශෝෂණය කරගත නොහැකි බවයි. නලින් ද සිල්වා තම පූර්ව ස්ථාවරයන් අත්හැර බටහිර විද්‍යාව සමග යම් සමගිවීමකට ගමන්කිරීම සඳහා ඔහුට බලපාන ප්‍රධාන කාරණය වන්නේ බටහිර විද්‍යාවේ, එසේ නොමැති නම් නූතන විද්‍යාවේ, එසේත් නොමැති නම් ගැලීලියානු විද්‍යාවේ ඇස් නිලංකාර කරවන කීර්තියයි. එසේම ඔහුගේ දරුවන් විද්යාඥයින් වීම සහ ඔහුගේ ජීවිතයට ද විද්‍යාත්මක ඵල ප්රෙයෝජන තිබීම මේ සඳහා බලපා ඇති අවශේෂ කාරනා විය හැකිය.

 

නමුත් ඊලන් මස්ක්ගේ ව්‍යපෘති හේතුවෙන් ඉදිරියේදී නලින් ද සිල්වා පවසන "සිංහල බෞද්ධ ජාතිකත්වය" සහමුලින්ම අහෝසි වීමට නියමිතය. "brain-computer interfaces" හි මූලික අදහස වන්නේ සෘජු සන්නිවේදන මාර්ගයක්, එනම්, පළමුව රැහැන්ගත මොළයක් සහ පරිගණකයක් වැනි බාහිර උපකරණයක් අතර, පසුව මොළය අතර, හෝ මොළයේ සිට මොළය දක්වා අන්තර් සම්බන්ධකයකි.

 

 

කතා කරන වචන වෙතින් වන සන්නිවේදනයේ වර්ධනයන්, සහ ඒ තුල සංවාද භාෂකයන්ගේ මැදිහත්වීමේ විචලනීය ස්තරයන්, එනම්, ලිඛිත ආකාරයෙන්, ටෙලිග්‍රාෆ්, දුරකථනය, අන්තර්ජාලය තුලින් වන මැදිහත්වීම් මගහැරී වියැකී යනු ඇත. මෙම අතිරේක ස්තර මග හරිමින් සෘජු සම්බන්ධකයක අපේක්ෂාව හුදෙක් අධික වේගයක් මත පදනම් වීම පමණක් නොව නිරවද්‍යතාවය මත ද පදනම් වීම සඳහා ද වේ. එනම් එවිට හිතුවකාරීත්වයට (arbitrariness) ඉඩක් නොමැත. තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, මම යමක් ගැන සිතන විට, මගේ අදහස කෲර ලෙස සරල කරන භාෂාමය සංඥා බවට පරිවර්තනය කිරීමට මට අවශ්‍ය නැත...මා සමග සන්නිවේදනය කරන තැනැත්තා සිතන දේ කෙලින්ම තේරුම් ගනී හෝ අල්ලාගනී.

 

 

@ස්පාර්ටකස් ලිපි

spartacus.lk

නවතම ලිපි