ලංකාවේ පක්ෂ දේශපාලනය මුහුණ දෙන්නේ ව්‍යවස්ථාමය වශයෙන් 1982 කලගෙඩි ලාම්පු සෙල්ලමට ආසන්න යේ පැවති තත්ත්වයට ඉතා සමාන අත්දැකීමකට.
ඒ මැතිවරණ කලට වේලාවට පැවැත්වීම සිදු වේද නොවේද යන අවිශ්වාසයෙනි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති මැතිවරණය තමන් ට දිනන්න ට බැරි නම් නොපවත්වන තත්ත්වයකට අර අඳියි. ඔහුගේ ප්‍රකාශ බොහොමයක් ප්‍රජාතන්ත්‍ර විරෝධීය. රට හදන වැඩපිළිවෙලක් පක්ෂ වලට තිබුනොත් පමණක් මැතිවරණ පවත්වන අදහසක් ඔහු කිවේය.ඔහු කියන්නට හදන්නේ රට හදන්නට හැක්කේ ඔහුට පමණක් බවය.
අවුරුදු 24 සිට පාර්ලිමේන්තුවේ සිටි වික්‍රමසිංහ ලෝකයේ රාජ්‍ය නායකයන් හැඳිනීම හෝ ජාත්‍යනතර සම්බන්ධතා ඇතිව සිටීම ගැන කාට අරුම පුදුම අදහස් ඇති වුණත් ඔහු වසර 50 කට වඩා ජනතාවගේ බලය පැවරීම යන සාධකය මත මිස ස්වයංව විදේශ හෝ දේශීය බලයක් හෝ පිළිගැනීමක් ගොඩ නගා ගත් අයෙක් නොවේ.ඒ නිසා ඔහුව පිම්බීමට ඒ භාවිතා කරන වාචක වලට ශ්‍රී ලංකාවේ ජනතාව,මේ සටහන ලියන මමද ඇතුළුව ඔහුට මිලක් ගෙවා තිබේ. එය වසර 50 ක් තිස්සෙම ජනතාව දිගින් දිගටම ගෙවූ මිලකි. ඒ නිසා ඔහු ගොඩ නගා ගත් සෑම දේශපාලන දැනුමකට, සම්බන්ධතාවයකට මෙන්ම පිළිගැනීමකට ම අයිති කාරයෙන් සිටි. ඒ සිරි ලංකාවේ ජනතාවය. ඒ නිසාම ඔහුට ජනතාවට ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශ නිකුත් කිරීමට බැරිය. එසේ කරන විට කව්රුන් හෝ උදම් අනන්නේ නම්, ඒ පිරිස මා හඳුනා ගන්නේ වැඩිහිටි සීයා කෙනෙකු තම මුණුපුරන්ට පෙනෙන්නට කරන අහිංසක සංදර්ශන ලෙසිනි. ඒවායින් මුණුපුරන් සතුටු වී සියා ගැන අභිමානයෙන් කතා කිරීම නොදරුවන්ගේ ගතියකි.
|රනිල් වික්‍රමසිංහ අපට දායාද කරන්නේ අරගලය නිසා බිහි වූ හිඩැසයි. ඒ හිඩැස අවශ්‍යයෙන්ම පිරිවිය යුතුව තිබුනේ එවකට හා දැනට විපක්ෂ නායක සජිත් ගෙනි. සජිත් ප්‍රේමදාස තම විපක්ෂ නායක ධුරය උවමනාවෙන් පහලට දමා ගනිමින් මහා පාරේ කඳුළු ගෑස් කන තත්ත්වයකට පහලට දමාගෙන ඇත. ඔහුට තිබුණේ ආණ්ඩුව භාරගෙන වැඩ පෙන්වීමය. ලුලා නැති වලට කණයෙක් පණ්ඩිතයෙක් වීම ආරම්භ වී සජිත්ට ම පාරේදී ලෙලි යන්නට කඳුළු ගෑස් ගස්සවාගැනීම කරගන්නට තරම් සජිත් දුර් වල තීන්දු ගන්නකු බවට පත් වී තිබේ.
දෙමල ජාතික සන්ධාන,මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂ හැරුණු කොට ඊලඟට බලය ගැනීමට හැකිව තිබු පක්ෂය ජවිපයයි. කෙසේ නමුත් සජිත් රනිල් නැවත පත් වී ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස හැසිරීමට වැඩි වගකීමක් දැරිය යුතු දේශපාලන කඳවුර ට නායකත්වය දෙයි. අනෙක් අතින් සජිත් සහ එක්සත් ජාතික පක්ෂ ගැටුම කඳුළු ගෑස් ගසා සතුටු වන තරමට පහත් මට්ටමට පත් වී ඇත. ඔවුන් එකම කණ්ඩායම වන අතර ඇත්තේ නායකත්ව ගැටුමකි.එම ගැටුම ජනතාවගේ ගැටුමක් බවට පත් කරගෙන සිටිති.
රනිල් රාජපක්ෂකරණය උත්කර්ෂයට නැංවුයේ දේශබන්ධු පත් කිරීමෙන් පමණක් නොවේ. බොහෝ අවස්ථා වල ඔහු තෝරා ගත්තේ, ගන්නේ රාජපක්ෂ කාරණයය. මේ සියළු තෝරා ගැනීම් වලට ඔහුගේ මුණුපුරු මානසිකත්වයේ ඉන්නා පිරිස සතුටින් ඉපිල යති. එහෙත් සිරි ලංකාවට හා එහි ජනතාවට ඔවුන්ට මෙන් සතුටින් ඉපිල යාමට නොහැකිය.රට පවතින්නේ ගලවා ගැනීමක් අභියස මිස ගොඩයාමක් ආසන්නයේ නොවේ.
රාජපක්ෂ වාදය අරගලයෙන් පසු නැවත උච්ච මට්ටමට පත්ව ඇත. ගෝටාබය ශක්තිමත් වෙමින් නැගී සිටි. සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන් නැවත වැඩ ආරම්භ කර ඇත. එවිට ඔවුනගේ මිලිටරි විශ්‍රාමිකයන්ගේ සමාගම ආදායම් උපයයි. නැවත මැතිවරණ වලට මුදල් ගලාගෙන එන්නේ එලෙසය. මියගිය සනත් නිශාන්තගේ දේහය තබාගෙන දේශපාලනය කිරීමට පවා ඔවුන් පැකිලුනේ නැත. එය හැමදාම ඇද දෙන ග්‍රාම්‍ය ෆේස්බුක් ප්‍රජාව නොමිලේම රාජපක්ෂලාට කවි ගී ලියා දේවත්වයෙන් පිදීමට අවශ්‍ය නිව්ටන් ගේ නියමයේ ප්‍රතිරෝධය මැනවින් ලබා දී ඇත.
|කෙසේ නමුත් දැන් රාජපක්ෂවාදය සජබය අත් පත් කරගෙන සිටි.එසේ සිදුව ඇත්තේ සජබය පොහොට්ටුවේ ඉන්න චරිත විසින් අල්වා ගැනීමේ මෙහෙයුමක් දියත් වීමයි. කොටින්ම කියනවානම් මහින්ද රාජපක්ෂ පුස්තකාල සහයක තනතුරක සිටින කාලේ රියදුරකු ලෙසත් වැඩ කරපු කාලයක් තිබුනි. දකුණේ එම රාජපක්ෂ කඳවුරේ ප්‍රභලයකු වුයේ එම රියදුරු සේවය දුන්න කෙනාගේ පුතාය.බොහොම සමීප බැඳීමක් තිබුණු ඔහුත් සජබයට එක්වී ඇත.ඒ ඇත්තටම පාර්ලිමේන්තු මට්ටමේ චරිතය.සජබයට පොහොට්ටු බලවේගය යැයි නමක් ලැබෙන්නට පමණක් ඉතිරිව ඇත.
තත්ත්වය එසේ තිබියදී ජවිපය තුල රාජපක්ෂ වාදය මධ්‍යම මට්ටමේ දේශපාලන චරිත හා චන්දදායකයා හරහා ශක්තිමත් වෙමින් පවතී.අවසානයේ රනිල් වික්‍රමසිංහ පමණක් නොව සියළුම දේශපාලන ප්‍රවාහ පිරි ගොස් ඇත්තේ රාජපක්ෂ වාදීන් ගෙනි.ඊළඟට බිහිවන ආණ්ඩු පක්ෂ,විපක්ෂ වල දැනට පවතින තත්ත්වයට වඩා සියයට එකක වත් වෙනසක් අපේක්ෂා කරන මට්ටමක දැනට නැත.
|ලංකාව ට 2024 වසරේ පවතින ප්‍රභලම දේශපාලන අභියෝගය රනිල් වික්‍රමසිංහ පාලනය තුල ප්‍රජාතන්ත්‍ර වාදය අභියෝගයට ලක්වීමය. මැතිවරණ පැවැත්වීම හා ඒවා සාධාරණ ලෙස පැවැත්වීම ගැන අපි දැකිය යුත්තේ සිහිනය. ඊලඟ අභියෝගය නම් නව දේශපාලන ප්‍රවාහයක් බිහි කරගෙන රට නිවැරදි කර ගැනීමය. එයට හොඳ අවස්ථාවක් දැන් දැන් උදාවී ඇත. පොහොට්ටුව,සජබය ,ජවිපය යන පක්ෂ වල සංයුතිය හා රනිල් වික්‍රමසිංහගේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය දැන් හෙළි වී ඇත. මැතිවරණයකට දින නියම කරන විට තවත් හෙළි වන්නට ඇත්නම් යමක් හෙළි වනු ඇත. එහෙත් ඒ හෙළි වීම් වටහා ගන්නා ජනතාවක් නැත.
රටට පවතින ආරථික අභියෝගය ජයගැනීමක් ගැන අදහසක් වත් රට තුල ක්‍රියාත්මක නැත.සංචාරක කර් මාන්තය උදම් අනන තරම් සාර්ථක නොවේ. පැකේජ සඳහා සංචාරකයන් පැමිණේ. ඔවුන්ගේ ධාරිතාව දිනකට ඩොලර් 20-30 අතර රට තුල වියදම් කිරීමයි.පැකේජයට ගෙවන මුදල් ලංකාවට එන්නේ නැත.ඒවා රාජපක්ෂ පවුලේ වීරතුංග කරණය වී රුපියල් ලෙස ලංකාවේ සංසරණය වෙයි. ආර්ථිකය 63% හැකිලී ඇත. ඒවා විස්ථාපනය කර 100% කට ගෙන ඒමට සැලසුම් නැතිව මැතිවරණ වෙනුවෙන් වියදම් කිරීම අරමුණ වී ඇත.එනම් සංදර්ශන වෙනුවෙන් වැය කිරීමය.
සිරි ලංකාව මේ මොහෙතේ මුහුණ දෙන විශාලතම අභියෝගය මෙම තත්ත්වයෙන් රට ගොඩ ගත හැකි කන්ඩායමක් සොයා ගැනීමේ අභියෝගයය. ජවිපය මැතිවරණ සටනේ ඉදිරියෙන්ම සිටියත් ජයග්‍රහණයෙන් පසුව ගොඩ ගන්නා විදිය ගැන පැහැදිලි සැලසුමක් ඇසෙන්නේ දැනෙන්නේ නැත. ඔවුන් කියන්නේ මේ පාර මලිමාවට කියාය.ඔවුනට විරුද්ධ අදහස් ඇති අය බියවී සිටින බවට කාඩර් වරු පාරම් බාති.ඇතැමෙක් අසන්නේ ජවිපයට නිවැරදි විය නොහැකිද යන්නය.ජවිපයට නිවැරදි විය හැකිය.ජවිපය නිවැරදි නොවී ලාල් කාන්තා මොඩලයෙන් ම බලය ලබා ගැනීම අනතුරු දායකය.එය රටට මෙන්ම ඔවුන්ට ද අනතුරු දායකය.ජවිපය නිවැරදි වන්නේ නැතැයි වැටහෙන්නේ, එනම් ජනතාව ඔවුනට ඇති බිය අවසන් නොවීමට තරම් හේතු වන්නේ ඔවුන්ගේ ප්‍රචාරණයේ ඇති හිංසනය ය. ජවිපය ඔසවා තබන සෑම ප්‍රචාරක යාන්ත්‍රණයක් තුලම භාෂාව බාවිතය ජන පීඩකය.සුදත්ත තිලකසිරි,සේපාල අමරසිංහ වැනි පොහොට්ටු ජවිපෙ මාධ්‍ය කරුවන් ගේ ප්‍රචාරණ විදිය ජනතාවට ජවිපය කෙරෙහි පැරණි බිය දනවයි.ජවිපයේ කාඩර් වරුන්ගේ හැසිරීම ඊට දෙවෙනි නැත. ජවිපය බලයට පැමිණීමෙන් පසු ලේ වැගිරීම් වලින් තොර බලය අභ්‍යාස කිරීමක් මේ මොඩලයෙන් අපේක්ෂා කල නොහැකිය. ඒ නිසා ජවිපයට බලය දෙන්නට පෙළ ගැසෙන්නා සේම ජවිපයේ අධ්‍යාත්මය වෛරයෙන් තොර සමාන්‍ය මානසික මට්ටමකින් ඉල්ලා සිටීමට ඔවුන් වටා පෙළ ගැසෙන චන්ද දායකයා කටයුතු කිරීම වටී.
අනෙක් අතින් එසේ නිවැරදි කිරීමකට යා හැකි ඡන්ද දායකයන් ඔවුන් වටා ගොඩ නැගෙන බවට වඩා මහින්ද රාජපක්ෂලාගේ ගුටි කෑමට සුදානම් වූ පිරිස ඔවුන් වටා එකතු වීමෙන් ජවිපයෙන් අප අපේක්ෂා කරන වෙනස ලැබිය නොහැකිය.දැන් දැන් ජවිපයට ඉතිරිව ඇත්තේ තමන්ගේ මොඩලය වෙනස් කර ගැනීමකි.ඔවුන් එසේ වෙනස් වීමට සුදානම් නම් ලාල් කාන්තා මොඩලය අභිබවා සමාජගත විය යුතුය.
කෙසේ නමුත් අවසන් විග්‍රහයේදී ඊලඟ මැතිවරණ වලදී රටේ තීරණාත්මක වෙනසක් කිරීම වෙනුවෙන් බිහි විය යුතු දේශපාලන ප්‍රවාහය තවමත් බිහි වී නැත. තැන තැන ඇති කුඩා කණ්ඩායම් විකල්පය ලෙස සැලකිය නොහැකිය.ඒ කිසිම කණ්ඩායමකට ජවිපය හා එහි කාඩර් වරු මෙන් දිගු කාලීන කැපකිරීම් කිරීමේ හැකියාව නැත.මුල්‍යමය විනය හෝ මුදල් අපේක්ෂාවලින් තොරව වැඩ කිරීමේ කැපවීම නැත. ඒ කිසිම කණ්ඩායමක් බස්නාහිර පළාතෙන් තොරව සංවිධානය වී ද නැත. බිහි විය හැකි විකල්පය මෙතෙක් ප්‍රමාද වීමට බලපෑ ඇත්තේ ජවිපය සතු එම කරුණු තැන තැන විසිරුණු කණ්ඩායම් වලට නොමැති වීමය.
අසමත් රාජ්‍යයක කිසිවකු සමත් විය හැකිද? යන්න ඔබ මගෙන් අසනු ඇත. ඒ ප්‍රශ්නයම මම ඔබෙන් අසමි...එසේ නම්...මේ දේශපාලන ප්‍රවාහයේ සිටින කිසිවකු රට ගොඩ ගැනීමට සමත් ද? ඔබට විකල්ප තිබුණද ..මගේ පිළිතුර ඒ කිසිවකු එසේ කිරීමට සමත් නොවන බවයි.
@Subhashini Wipfler
Institute of Global Center for Monitoring Political and Economic Crimes in Sri Lanka Kraichtal