SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පහත ප්‍රස්තාර වලින් පෙන්නුම් කරනුයේ පසුගිය මාස 12ක කාලය තුල තෙල් සහ ගෑස් මිල උච්ඡාවචනය වී ඇති අයුරුය.

ඊට අනුව මේ වන විට ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහල යමින් තිබේ. නමුත් පෙසපේ මෝඩ වම්මුන් ප්‍රකාශ කරමින් සිටිනුයේ තෙල් මිල ඉහල යනුයේ තරඟකාරී සමාගම් හේතුවෙන් බවය.

 

ඔවුනට අනුව රනිල් මෝඩ වැඩක් සිදුකිරීම නිසා තෙල් මිල ඉහල යයි. ධනවාදයට පහරදීම සිදු කල යුත්තේ මෙවැනි ස්ථාන වලින් බව සිතන මෙම මෝඩ තකතීරුවන් ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වන විට කට වසා ගනු ඇත.

මෙම ප්‍රස්තාර පිළිබඳව අවධානය යොමු කරන්නේ නම් රටේ තෙල් සහ ගෑස් මිල අඩු වූ මාස වල එසේ වූයේ රනිල්ගේ වික්‍රමයක් නිසා නොවන බව ද මෙම ප්‍රස්තාර තුලින් පැහැදිලි වනු ඇත.

පාරිභෝජනවාදයේ කොන්දේසීන් තුල සිරව ඇති මෝඩ පෙසප ලංකාව වඩ වඩාත් ධනවාදය දෙසට තල්ලු කරමින් සිටී.

 

light crude oil 2

 

ඊට අදාළ සම්පූර්ණ ලිපිය:

 

මෝඩ පෙ.ස.ප. සහ එහි උපදේශක වාමාංශිකයෝ

මාක්ස් ජීවත්ව සිටි සමයේ නොගෙනිය හැකි තරම් වටිනාකමකින් යුතු වූ පොසිල ඉන්ධන අධ්‍යතන සමාජයේ සියල්ල තීරණය කරන ප්‍රධානතම සාධකය බවට පත්ව ඇත.

 

1927දී ප්‍රකාශයට පත්කරන ලද "Oil" නමැති නවකතාව පදනම්ව ඇත්තේ Edward L. Dohenyගේ ජීවිතය (සහ ඔහු සමාරම්භ කළ සමාගම, Pan American Petroleum & Transport Company, Pan American Western Petroleum Company බවට පත් වූ කැලිෆෝනියා වත්කම්) සහ උපායමාර්ගික සන්ධානය වන Union-Independent මතය. එම නවකතාව තුලින් 2007 වසරේ There Will Be Blood නමින් චිත්‍රපටයක් ද නිෂ්පාදනය කෙරුණි. කාර්මික ධනවාදයේ පදනම බවට පත් වූ තෙල් නිෂ්පාදනයේ සැබෑව එම නවකතාව තුලින් හෙළි වේ.

 

නවකතාව 19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ, කාර්මික ධනවාදයට පදනම දැමූ ශීඝ්‍ර තාක්ෂණික වෙනස්වීම් සහ ආර්ථික වර්ධනයක් සිදු වූ කාලය අලලා ලියවී තිබේ. එකල තෙල් කර්මාන්තය ධනවාදී ආර්ථිකයේ වඩාත්ම ගතික අංශයක් බවට පත්වෙමින් තිබූ අතර, එය ව්‍යවසායකයින්, මූල්‍යකරුවන් සහ කම්කරුවන් ආකර්ෂණය කර ගත්තේය. සින්ක්ලෙයාර්ගේ නවකතාව යනු තෙල් කර්මාන්තයට එල්ල කෙරෙන ඉතාමත්ම දරුණු චෝදනාවකි. එම නව කතාව තුල තෙල් කර්මාන්තය යනු සැබෑවටම තණ්හාව, දූෂණය සහ ප්‍රචණ්ඩත්වය පමණක් බව හෙළි කරයි. තෙල් කර්මාන්තය විසින් ආරම්භයේ සිටම පරිසරය සහ එහි වැඩ කළ මිනිසුන් සූරාකෑම කළ ආකාරය ද ඔහු පෙන්වා දෙයි.

සියවසේ විශාලතම පාරිසරික හානිය (නැවත සංස්කරණය කල නොහැකි) සිදුවූයේ මෙක්සිකෝ බෝක්කේය (Deepwater Horizon oil spill). තෙල් සොයා ගැනීමට පෙර පාරිසරික හානීන් යනුවෙන් දෙයක් නොපැවතුනි.

 

"Oil!" නවකතාවේ එක්තරා අවස්ථාවකදී ධනවත් තෙල් ව්‍යාපාරික ආනල්ඩ් විසින් මෙසේ පවසයි. "පවුල යනු දරුවන්ය. දරුවන් යනු අධ්‍යාපනයයි." විවාහයේ පරමාර්ථය අධ්‍යාපනය ලබා සාර්ථකත්වයට පත් කළ හැකි දරුවන් බිහි කිරීම බව ආනල්ඩ්ගේ විශ්වාසයයි. ජීවිතයේ සාර්ථකත්වය සඳහා අධ්‍යාපනය අත්‍යවශ්‍ය බව ඔහු විශ්වාස කරන අතර, ඔහුට අවශ්‍ය වන්නේ තම දියණියට හැකි උපරිම අධ්‍යාපනය ලබා දීම සහතික කිරීමයි. අධ්‍යාපනය පිළිබඳ ආනල්ඩ්ගේ අදහස් එකල ඔහුට පමණක් ආවේනික නොවේ. Oil නවකතාව ලියවුන 20 වැනි ශත වර්ෂයේ මුල් භාගයේදී, අධ්‍යාපනය සමාජ සංචලතාවයේ සහ සාර්ථකත්වයේ යතුර ලෙස සැලකීම ආරම්බ වී තිබුණි. කෙසේ වෙතත්, විවාහය පිළිබඳ ආනල්ඩ්ගේ විශ්වාස වන්නේ, විවාහය යනු අධ්‍යාපනය ලබා සාර්ථකත්වයට පත් කළ හැකි දරුවන් බිහිකිරීමේ අරමුණින් ගනු ලබන උපායමාර්ගික තීරණයක් විය යුතු බවයි. නමුත් එම මතය එකල සෑම කෙනෙකුම බෙදා නොගන්නා ලද අතර විවාහය ආදරය සහ මිත්‍රත්වය මත පදනම් විය යුතු යැයි විශ්වාස කරන බහුතරයක් සිටි කාලයකි.

 

රටේ තෙල් මිල ඉහල යාම නිසා මෙවර ජවිපෙට කලින් පෙසප කුලප්පු වී ඇත. පෙසපට අනුව මේ වන විට "ජනතා සිහින මරමින්" තෙල් මිල ඉහල නංවා ඇත.

 

ලෝකයේ බොහෝ රටවල් මේ වන විට තරගකාරී වෙළඳපොල ක්‍රමය තුල ඉන්ධන අලෙවිය පවත්වාගෙන යයි. ලෝක බැංකුවේ 2022 වාර්තාවකට අනුව, ලොව රටවල් වලින් 80% ක් පමණ තම ඉන්ධන වෙළෙඳපොළ යම් ප්‍රමාණයකට හෝ නිදහස් කර ඇත. මින් අදහස් කරනුයේ ඔවුන් විසින් ඉන්ධන අලවි කිරීම සඳහා පුද්ගලික සමාගම්වලට තරඟ කිරීමට ඉඩ දී ඇති බවයි. ඒ තරඟකාරීත්වය තුල, එනම් නිදහස් තරඟය අතරතුර මිල තීරණය කිරීමේදී රජය මැදිහත් වන මාත්‍රාවන් සහිත රටවල් ද පවතී (ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වැනි ලෙස). රජය කිසිසේත්ම මැදිහත් නොවී සම්පූර්ණ වශයෙන් තරඟ කාරීත්වයට නිදහස් කොට ඇති රටවල් විශාල සංඛ්‍යාවක් ද එම 80% අතර තිබේ. ඇමරිකාව, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව, නව ස්රිලන්තය, කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, බ්රසීලය, ඉන්දියාව, චීනය, රුසියාව ඇතුළු තවත් රටවල් සමාගම් වල තරඟකාරීත්වය මත මිල නිදහසේ තීරණය වීමට ඉඩ දී ඇත.

 

රනිල් වික්‍රමසිංහ ලංකාවේ අනුගමනය කරමින් සිටිනුයේ ද ඉහත නම් කල රටවල ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිපත්තියයි. එසේ කරමින් රනිල් සිතනුයේ, එවිට තරඟකාරී වෙළඳපොල තුලින් ඉහත නම් කල රටවල් වල ආර්ථික මට්ටමට ලංකාවට ද ලඟා විය හැකි බවය. නමුත් එසේ වූ රටක් ලොව කොතනකවත් නොමැත. තිබේ නම් අඩු තරමින් එක් උදාහරණයක් හෝ පෙන්වීමට ලිබරල් ආර්ථිකවේදීන් සහ රනිල්වාදීන් සමත්විය යුතුය. සිදුවන්නේ එම රටවල් වඩ වඩාත් නිෂ්පාදන සහ පාරිභෝජන වෙත ගමන් කරනවිට අප වැනි රටවල්ද ඊට අනුලෝම වශයෙන් එම නිෂ්පාදන සහ පාරිභෝජන මට්ටම් අත්පත් කරගන්න බවයි. එනම් පරතර පෙර තිබූ පරිදිමය. වෙනත් අකාරයකින් ප්‍රකාශ කරන්නේ නම් දැනට කලකට පෙර බයිසිකල් වල ගමත් ගත් පහල මධ්‍යම පන්තිකයින්, පසුව මෝටර් සයිකලය ට ද, ඉන් පසුව මරුටිය, වැගන් ආර්, වෙත යනවිට ඊට ඉහල පන්තීන් ඊට එහා විශාල පාරෝභෝජන මට්ටම් සහ සේවා අත්කොට ගෙන ඇති අයුරිනි.

 

ඒ කෙසේ වෙතත් භාණ්ඩ සහ සේවා මිල මෙන්ම තෙල් මිල ද යම් ඉතා සුළු මට්ටමකින් යම් පමණකට අඩුවනු ඇත. තරඟකාරී ඇලවිය තුල ලොව බහුතර රටවල සිදු වී ඇත්තේ එයයි. නමුත් තෙල් මිල සැලකිය යුතු ලෙස අඩුවීමක් මින් කිසිසේත්ම සිදු නොවේ. එසේ වීමට කිසිසේත්ම ඉඩක් නොමැත. එසේ වන්නේ ලෝකයේ තෙල් මිල තීරණය කරනුයේ ඒකාධිකාරී මහා පරිමාන සමාගම් කිහිපයක් බැවිනි. නමුත් බොරතෙල් පිරිපහදු කිරීම් වලදී, ශ්‍රම-කාලය, පාරිසරික බදු, ප්‍රවාහන පිරිවැය වැනි දේ තුලින් වියදම අඩු කරගත හැකි සමාගම් තරඟයට එළඹීම තුල සුළු ප්‍රමාන වලින් මිල තීරණය වනු ඇත. ලොව පුරා සිදු වන්නේ එයයි.

 

කෙසේ වෙතත් ඉහත සඳහන් කල පරාමිතීන් තුලින් ඉන්ධන මිලෙහි ඉතා විශාල මිල වෙනසක් සිදු වීමට නියමිත නොවූව ද ලංකාව ගැන ඇමරිකානු අවධානය මෙන්ම චීන අවධානය ද දැඩි ලෙස යොමු වී ඇති තත්වය තුල චීන තෙල් සමාගමක් සහ ඇමරිකානු තෙල් සමාගමක් තරඟකාරී ලෙස ආයෝජන සිදු කොට ඇත. ඒ ආයෝජන හුදු ලාභය ඉක්මවා ගිය කල් බලන දේශපාලන ව්‍යපෘතිවලට අදාළ බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඒ අනුව සමාගම් එකතුව තෙල් මිල ඉහල දැමීමේ තත්වයක් මෑත කාලයේ ඇති නොවනු ඇත. නමුත් ලෝක වෙළඳපොලේ උච්ඡාවචන අනුව මිල තීරණය වනු ඇත. ඊට අමතරව බලපාන සාධකය වන්නේ රුපියල අවපාත වීම පිළිබඳව කාරණයයි. එබැවින් තරඟකාරී තෙල් අලවිය නිසා ඉදිරියේදී විශේෂ මිල අඩු වීමක් හෝ වැඩි වීමක් සිදු නොවනු ඇත. ඇමරිකානු සහ චීන තෙල් සමාගම් ලංකාවට පැමිණ ඇත්තේ ලංකාව යනු 8,352,213ක් වාහන ධාවනය වන තත්වයක් තුල එය දැනටමත් හොඳ අලවි මධ්‍යස්ථානයක් වන බැවිනි. ඒ ඇමරිකානු සහ යුරෝපා රටවල් ක්‍රමයෙන් විදුලි වාහන වෙත මාරුවන තත්වයක් තුලය.

 

නිදහස් වෙළඳපොල ආර්ථිකය ක්‍රියාත්මක නොවන්නේ ඉතා සුළුතර රටවල් ප්‍රමානයකය. ඒ සියල්ල නොදියුණු අසංවර්ධිත ඝනයට අයත් රටවල්ය. භාණ්ඩ සහ සේවා වල මිල නිදහස් තරඟය තුල නිදහසේ තීරණය වීම තුල ඒවා සුලභ වීම සහ මිල පහල යාම පිළිබඳව සලකා බැලිය යුත්තේ මිල පිළිබඳව කාරණය තුල හෝ ඒවා සුලභ වීම පිළිබඳව කරණය තුල හෝ තරඟය තුලින් වඩ වඩාත් දියුණු, නව නිෂ්පාදන වසංගතයක් ලෙස පැමිණීම පිළිබඳව සංසිද්ධිය තුල (උදාහරණයකට රනිල් වික්‍රමසිංහට අදාළ එම කාරණය පමණි) නොව එම තත්වය විසින් මිනිසුන්ට සහ සමස්ත ලෝකයට සිදු කොට ඇති බලපෑම තුලය.

 

මෝඩ පෙ.ස.පට ගැලපෙන ආර්ථික විද්යාඥයින් දෙදෙනෙකු සහ පශ්චාත් මාක්ස්වාදීන් තිදෙනෙකු මුණගැසී ඇත. සුමනසිරි ලියනගේ සහ ඔහුගේ ගෝල කල්ප රාජපක්ෂගේ "මාක්ස්වාදී ආර්ථික විද්‍යාවට" අනුව රටකට දියුණුව ලගා කරගනිමින් සංවර්ධනය විය හැක්කේ සමාජවාදී ආර්ථික මොඩලය තුලය. ඔවුනට අනුව ධනවාදී නිදහස් වෙළඳපොල තුලින් මේ වන විට සියලු රටවල් අර්බුධයට ගොස් ඇත.

 

ධනවාදයේ ආර්ථික අර්බුධ යනු සැමදා පවතින තත්වයක් වන අතර සියලු දෙනා නොසලකා හරින ධනවාදයේ සැබෑ අර්බුධයන් උත්සන්න වෙමින් ඇත. ධනවාදය ඉදිරියට ගමන් කරනුයේ (ලෝකය දියුණු වනුයේ) අර්බුධ තුලිනි. නිර්මාණය කරගන්නා අර්බුධයට පැමිණෙන විසඳුම දියුණුව ලෙස සලකයි.

 

පෙසප යනු ජනතාව ගැන දුක් වන, සන්තාප වන, ජනතා දුක නිවීමට කටයුතු කරනා, මගමානවක පක්ෂයකි (ජවිපෙ යම්තාක් දුරට දැන් ඉන් මිදී ඇත). පෙසපේ අරගලීය නායකයා වන දුමින්ද නාගමුවට අනුව තරඟය තුලින් තෙල් මිල ඉහල යයි. ඇත්තටම එවිට ඔවුන් මාක්ස්වාදීන් ද? මාක්ස් ධනවාදය අර්බුධයට යන්නේ ආර්ථිකමය ස්ථානයකින් බව සලකුණු කරනු ලැබූයේ, සරල ලෙස පවසන්නේ නම්, තරඟකාරී නිෂ්පාදනය සහ තරඟකාරී අලවිය හේතුවෙන් භාණ්ඩ සුලභ වීම (අධි නිෂ්පාදනය) තුල මිල පහල යාම පිළිබඳව හේතුව තුලයි.

 

දුමින්ද නාගමුවට අනුව පෙරෙයිදා ඉන්ධන මිල ඉහල යාමට හේතුව වෙළඳපොල ආර්ථික ක්‍රමයයි. ඒ අනුව ඔහු පවසා සිටිනුයේ අධ්‍යාපනය, සෞඛ්‍ය, පෞද්ගලීකරණයෙන් පසු එම වියදම් ද ඉහල යනු ඇති බවය.

 

අධ්‍යාපනය සහ සෞඛ්‍ය යනු එකිනෙකට පරස්පර ලෙස මනුෂ්‍යයා වෙත බලපාන තත්වයන් දෙකකි. අධ්‍යාපනය තුලින් සිදු වන්නේ ප්‍රතිභාපූර්ණ සුවිශේෂී පුද්ගලයින් තෝරා පත්කොට ගැනීමයි. සමාජයේ බලය හා සම්පත් අසමාන ලෙස බෙදී යාම සාධාරණීකරණය කිරීමට භාවිතා කරන දක්ෂයා (ප්‍රතිභාව) පිළිබඳ සංකල්පය මිථ්‍යාවක් වීමට ඉඩ ලබා නොදෙන්නේ අධ්‍යාපනය ඇතුළු සමාජයේ පන්ති ස්වභාවයයි. සෑම කෙනෙකුටම නිර්මාණශීලීත්වය සහ බුද්ධිය සඳහා විභවයන් ඇති නමුත් මෙම විභවය පන්ති සමාජයේ ක්‍රියාකාරීත්වය (පන්තිය යනු පැරණි අර්ථයෙන් ආර්ථිකමය පන්තිය පමණක් නොව දැනුමට අදාළ පන්ති ස්වභාවය ද ඊට ඇතුලත්ය) සහ බහුල වශයෙන් සමාජ ආයතන වල ක්‍රියාකීරීත්වය විසින් යටපත් කර ඇත.

 

ප්‍රතිභාපූර්ණ සුවිශේෂී පුද්ගලයින් තෝරණ අධ්‍යාපන ක්‍රමය පදනම් වී ඇත්තේ ස්වභාවිකවම (naturally) දක්ෂතා ඇති සහ ශ්‍රේෂ්ඨත්වයට පත්වන, භාග්‍ය ලද, සමර්ථය ඇති, සහජ දක්ෂතාවය සහිත යම් පුද්ගල අනුක්‍රමික සුළුතරයක් සිටින බවට වන අදහස මතය. මෙම ක්‍රමය දක්ෂයා (ප්‍රතිභාව) පිළිබඳ මිථ්‍යාව ශක්තිමත් කරන අතර අසමානතාවය පවත්වාගෙන යාමට සහ තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වේ.

 

එනම්, ඒ තුලින් සිදුවන ප්‍රධාන දෙය නම් තමන් අන් අයට වඩා උසස් යැයි විශ්වාස කළ හැකි දක්ෂතා ඇති ස්වල්ප දෙනෙක් අතර හිමිකම් පිළිබඳ හැඟීමක් ඇති කිරීමයි. එසේම ඔවුන් අන් අයට වඩා උසස් බව විශ්වාස කිරීමට පත් වූ තත්වයක් තුල සහජ දක්ෂතා ඇති ස්වල්ප කිහිප දෙනෙකු අතරෙහි පවා හිමිකම් පිළිබඳව හැඟීමක් නිර්මාණය කරයි. එබැවින් ඒ ඒ අයගේ දක්ෂතාවය අනුව අන් අය මත ආධිපත්‍ය පැනවිය හැකි දූරවලියක් නිර්මාණය වීම සිදු වන අතර එහි අනුක්‍රමික හිමිකම් කියාපෑමට දක්ෂයින් හට හැකි වේ.

 

නමුත් සෞඛ්‍ය යන්න මනුෂ්‍යයා වෙත බලපෑම් සහගත වන්නේ ඒ අකාරයෙන් නොවේ. නිදහස් සෞඛ්‍ය සේවාව රැකගැනීම වැදගත් වන්නේ එය විමුක්තියට අදාළව ගතහොත්, සංකේත රටාවේ බාධාවන්ගෙන් මිනිසුන් මුදා ගැනීමට උපකාරී වන බැවිනි. එනම්, මනුෂ්‍ය පරිමාණය පිළිබඳව විනිශ්චයට හෝ වෙනස් කොට සැලකීමට බිය නොවී ඔවුන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය අවශ්‍යතා සඳහා මිනිසුන්ට උපකාර ලබා ගැනීමට නිදහස් සෞඛ්‍ය සේවාව ඉඩ ලබා දෙන බැවිනි.

 

ඒ අනුව නිදහස් සෞඛ්‍ය සේවාව යනු සංකේත රටාවට දේශපාලනිකව අභියෝග කරමින් විමුක්ති දේශපාලනයේ මාවත නිර්මාණය කරගත හැකි එක් ස්ථානයකි. එය මිනිසුන්ගේ පන්ති පසුබිම, තරාතිරම හෝ තත්වයන් නොසලකා සෑම කෙනෙකුටම යහපත් සෞඛ්‍යයක් සහතික කිරීමේ ක්‍රමයකි.

 

ඒ අනුව ප්‍රතිභාපූර්ණ සුවිශේෂී පුද්ගලයින් තෝරණ අධ්‍යාපන ක්‍රමය සහ නිදහස් සෞඛ්‍ය යනු එකිනෙකට පරස්පර ක්ෂේස්ත්‍ර දෙකකි. දැන් පෙසපේ අනුගාමිකයෙකු සිනාසෙමින් අපගෙන් අසන ප්‍රශ්නයක් ඇත. එනම්, නිදහස් අධ්‍යාපනය නොමැති නම් වෛද්‍ය, හෙද, තාක්ෂණ වැනි වෘත්තිකයින් තනා ගන්නේ කෙසේද යන්නත් බටහිර වෛද්‍ය විද්‍යාවේ තාක්ෂණික උපකරණ නිපදවන, නඩත්තු කරන වෘත්තිකයින් කොයින්ද යන ප්‍රශ්නයයි. එවැනි ප්‍රශ්න අසන්නන් හට දීර්ග පිළිතුරක් දිය හැකි වුවද මෙසේ කෙටියෙන් සඳහන් කල හැක්කේ, වර්තමාන ධනවාදය තුල රෝග සහ ඒවාට ප්‍රතිකාර මෙන්ම වෛද්‍ය විද්‍යාව යනුම අර්බුධයක් බවය. අප මෙහි සඳහන් කරන්නේ එහි එල්ලීම පිළිබඳව නොව විමුක්ති දේශපාලන දිශානතිය සලකුණු කල හැකි ප්‍රතීඝතාවයේ ස්ථානයක් පිලිබඳවය. ලකාන් ප්‍රකාශ කල ලෙසම අධ්‍යාපනය යනු අවශ්‍ය වී ඇති යක්ෂයෙකි.

 

ප්‍රාග්ධනයේ තරඟකාරී නිෂ්පාදනය සහ නිෂ්පාදනවල වෙළඳපල මිල පහත වැටීම සහ අධික නිෂ්පාදනය ධනවාදයේ අර්බුදයට තුඩු දිය හැකිය. මාක්ස් ඔහුගේ ප්‍රාග්ධනය කෘතියේ තර්ක කර සිටිනුයේ ධනවාදය යනු ලාභ චේතනාවෙන් පමණක් මෙහෙයවෙන පද්ධතියක් බවයි. මින් අදහස් කරනුයේ හැකි අඩුම මිලට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර, හැකි උපරිම මිලට විකිණීම සඳහා ව්‍යාපාර නිරන්තරයෙන් එකිනෙකා සමඟ තරඟ කරන බවයි. මෙම තරඟය අධි නිෂ්පාදනයට තුඩු දෙයි. එනම් නිෂ්පාදනයක් සඳහා ඉල්ලුමට වඩා වැඩි සැපයුමක් ඇති විටය. මෙය සිදු විය හැක්කේ ව්‍යාපාර නිරන්තරයෙන් තම වෙළඳපල කොටස පුළුල් කිරීමට උත්සාහ කරන නිසා හෝ ඔවුන්ගේ ඵලදායිතාවය වැඩි කරන නව තාක්ෂණයන් සඳහා ආයෝජනය කරන බැවිනි. මෙය මෙසේ සිදු නොකොට, එනම් විද්‍යාව සහ තාක්ෂනය තුලින් ඉදිරියට නොගොස් ධනවාදයට පැවතිය නොහැකිය (රනිල් වික්‍රමසිංහ නිරන්තරයෙන් අවධාරණය කරනා කාරණය එයයි).

 

මාක්ස්ට අනුව ව්‍යාපාරවලට තම නිෂ්පාදන විකිණීම සඳහා එකිනෙකා සමඟ තරඟ කිරීමට බල කෙරෙන බැවින්, අධික නිෂ්පාදනය මිල පහත වැටීමට හේතු වනු ඇත. එබැවින් ව්‍යාපාරවලට ලාභ ඉපැයීමට නොහැකි වන අතර බංකොලොත් වීමට බල කෙරෙන බැවින් මෙය අර්බුදයකට තුඩු දිය හැකිය. ධනේශ්වර ක්‍රමය නෛසර්ගිකවම අස්ථායී බවත්, අවසානයේ එය එහිම ප්‍රතිවිරෝධතා නිසා බිඳ වැටෙන බවත් මාක්ස් තර්ක කළේ එලසය. අධික නිෂ්පාදනයේ අර්බුදය ධනවාදයේ ප්‍රධාන ප්‍රතිවිරෝධතාවලින් එකක් බවත්, එය අවසානයේ පද්ධතියේ බිඳ වැටීමට තුඩු දෙන බවත් ඔහු විශ්වාස කළේය.

 

එකල පැවති සන්ධර්භය තුල මාක්ස් විසින් යම් නිවැරදිභාවයකින් ධනවාදය කියවා ගත්ත ද (ධනේශ්වර ක්‍රමය නෛසර්ගිකවම අස්ථායී බවත්, අවසානයේ එය එහිම ප්‍රතිවිරෝධතා නිසා බිඳ වැටෙන බවත්, අධික නිෂ්පාදනයේ අර්බුදය ධනවාදයේ ප්‍රධාන ප්‍රතිවිරෝධතා වලින් එකක් බවත්) ධනවාදයේ ප්‍රධාන ප්‍රතිවිරෝධතාවලින් එකක් ලෙස ඔහු විසින් ආර්ථික අර්බුධය සැලකුව ද ඔහුගේ විශ්ලේෂණය තුල ආර්ථික අර්බුධයට සුවිශේෂී ස්ථානයක් හිමිකොට දී තිබේ. ඒ අනුව ඔහු පවසා සිටියේ ධනවාදය අර්බුධයට ගමන් කරනු ඇත්තේ එම කාරණය තුල බවයි. නමුත් මාක්ස් ප්‍රාග්ධනය ලියා වසර 156ක් ගත වී ඇතත් ධනවාදය අවසන් වන බවට සලකුණක් හෝ නොමැත. මාක්ස් විසින් විශ්ලේෂණය කල ආකාරයට ආර්ථිකමය ස්ථානයෙන් ධනවාදය අර්බුධයට ගමන් නොකරන්නේ ඇයි ද යන්න පැහැදිලි කල හැක්කේ මනොවිශ්ලේෂණයට පමණි.

 

 

පෙසප ක්‍රියාකාරීත්වය සරලව මෙසේය: මිනිසුන් ඉල්ලා සිටිනුයේ ඇමරිකානු පන්නයේ ජීවිතයකි. රනිල් පොරොන්දු වන්නේ 2048 වන විට එය ලබා දෙන බවයි. පෙසප පවසා සිටිනුයේ රනිල්ගේ නිදහස් වෙළඳපොල ආර්ථිකය තුලින් එය නොලැබෙන බවයි. ඔවුන්ට අනුව එය ලඟා කොටගත හැක්කේ සමාජවාදී ආර්ථික මොඩලය තුලය.

 

 

නමුත් විමුක්ති දේශපාලනය යනු එය නොවේ.

 

පෙසප යනු මේ වන විට වෘත්තිමය තත්වය ලබා ඇති සාමාජිකයින් සිටිනා පක්ෂයකි. ඔවුන් නඩත්තු වන්නේ එකල මෙන් කැට හොල්ලා හෝ හිතවතුන්ගෙන් ලැබෙන මුදල් ආදර වලින් පමණක් නොවේ. ඇත්තටම දැන් එසේ ලැබෙන මුදල් නැති තරම්ය. ඔවුන් දැන් මුදල් සොයා ගන්නා ප්‍රධානතම මාර්ගයක් වී ඇත්තේ ජවිපෙට පහර දීම සඳහා කොන්ත්‍රාත් ලබා ගැනීම, එකලට පවතින ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින් වෙත පහර දීම සඳහා විපක්ෂ දේශපාලනඥයින් වෙතින් කොන්ත්‍රාක් ලබා ගැනීම, වැනි කටයුතු වලිනි (පසුගිය දින වල පෙසප වෙතින් කෙහෙලියට එල්ල වූ ප්‍රහාරය සුවපති වෙතින් භාර ගැනුන එවැනි කොන්ත්‍රාතුවක් බවට ආරංචි ලැබෙමින් පවතී). ජවිපෙන් පෙසප වෙන්වීමට පෙර ද යම් ආකාර වල කොන්ත්‍රාත් ලබා ගැනුන ද ඒවා මේ අකාරයේ ඒවා නොවේ. ඒවා සමාගම් වල පෝස්ටර් ඇලවීම්, ප්‍රාදේශීය වශයෙන් නම් ටියුෂන් කරුවන්ගේ පෝස්ටර් ඇලවීම්, පෝස්ටර් මුද්‍රණය කිරීම්, වැනි කටයුතු වලට සීමා වී තිබුණි. එදා මෙන්ම අද ද ඒවා සිදු කරනුයේ, පක්ෂය පවත්වාගෙන යාම, පක්ෂය ආරක්ෂා කොට ගැනීම, පක්ෂය ගොඩනැගීම, යන උදාර අරමුණු වෙනුවෙනි. නමුත් සිදුවන්නේ වෙනත් දෙයකි. එබැවින් එවන් තත්වයකට පෙසප පත්වීම තුල ඔවුන් නොදැනුවත්වම පවතින ධනවාදයේ මුක්කුවක් බවට හොඳින්ම පත්ව ඇත.

 

@ස්පාර්ටකස් ලිපි

spartacus.lk

 

නවතම ලිපි