SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බොහෝ දෙනා කියනවා කියනවා රට  නිවැරදි මාර්ගයකට පැමිණ ඇති බව  තවත් කරුවලේ ඉන්න වෙන්නැති යහපත් තත්ත්වයක් තියෙනවලු..නමුත්

"මේ වන විට ලක්ෂ දහයක් නිවාස වලට විදුලිය විසන්ධිකරලා තියෙන්නේ."    

 

පෙට්‍රල් ලීටර් එක මිල 361කින් වැඩි කරලා  තියෙන්නේ..නමුත් රනිල් වික්‍රමසිංහ මහතා තවම ණය ගෙවන්න ආරම්භ කරලා වත් නැහැ. රට බංකොලොත් වීමට බලපෑම මූලිකම සාධකය ඩොලර් බිලියන ගණන්වලින් ගත්තු ණය හින්ඳා.

මේ  ණය ගත්තේ කවුද ?

 

ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා අරගෙන තියෙන ණය ඩොලර් බිලියන 4යි. ප්‍රේමදාස ජනාධිපතිතුමා අරන් තියෙන්නෙ ඩොලර් බිලියන එකයි දසම හතයි.

ඒවගේම ඩී බී විජේතුංග ජනාධිපතිතුමා අරන් තියෙන්නෙ ඩොලර් බිලියනයයි.

 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අරගෙන තියෙනවා ඩොලර් බිලියන 31ක්.

සම්මන්තරශාලා හදන්න.  ගුවන් යානා එන්නැති ගුවන්තොටුපළවල් හදන්න, නැව් එන්නැති වරායවල් හදන්න , අධිවේගී පාරවල් හදන්න.

මම දන්නෑ දියුණු වෙමින් පවතින රටකට ණය අරගෙන මේ වගේ හදන්න පුළුවන්ද කියලා.

 

ඒ නිසා සාමාන්‍යයෙන් නම් කරන්නේ මේවා අත්‍යවශ්‍යයි, හැබැයි ඒවට ආයෝජකයො ගෙනැල්ල ඒ ආයෝජනයෙ ප්‍රමාණය අනුව ඉන්වෙස්ට්මන්ට් එක ගණන් හදලා, අව්රුදු 20ක් හරි 30ක් හරි ආදායම ඔවුන්ට ලබාදෙන එක.

මො‌කෝ ඊට පස්සෙ එයාල ගුවන් තොටුපොළවල් උස්සන් යන්නද? වරායවල් උස්සන් යන්නද? අධිවේගෙ උස්සන් යන්නද? ඔය සිංගප්පූරුවේ එයා පෝර්ට් එක උනත් අයිති උනේ අව්රුදු දෙක තුනකට කලින්.

 

දැන් මහතීර් මොහොමඩ්ලා, ලී ක්වාන් යූලා ගේන්න කතා කරපු කට්ටියට අන්තිමට උනේ ණය අරගෙන, සල්ලිත් අච්චු ගහල, කාටවත් ඇහුන්කන් දෙන්නෙ නැතිව, තකතීරු විදිහට වැඩ කරලා, රට බංකොලොත් කිරීම.

 

කව්රු හරි කියනවනම් මේක අව්රුදු 75ක සාපෙ කියල ඒක පට්ටපල් බොරුවක්..

 

මේ වසර 75 තුළ තමයි සේනානායක මහතා ගොවිජනපද සංකල්පය ගොඩනැගුවේ. ලලිත් ඇතුලත් මුදලි මහතා ශිෂාදාර ලබාදීමට කටයුතු කරේ.. ගාමිනි දිසානායක මහතා මහවැලිය වික්ටෝරියා ජලාශය රන්දෙනිගල ජලාශය හදල නිම කරල  රටටම විදුලිය ලබා දුන්නේ .. රණසිංහ ප්‍රේමදාස මහත්තයා  අදටත් ආයෝජන අවස්ථා ගලා අපනයන ක්ෂේත්‍රය තුළ ආදායම් සරිකරන ඇඟලුම් කර්මාන්තය ස්ථාපනය කළේ, ජනතාව බදු බරින් මිරිකා , එදා වේල කෑ නොහැකි තත්ත්වයට පත්කරල, කිසිදු ආයෝජන අවස්ථා සපයා නොදී , අඩුම තරමේ තාක්ෂණ ලෝකය තුළට පිවිසීමට කිසිදු  මාර්ගයක් විවර කොට නොදී , මෙවර අයවැය තුළින් තාක්ෂණ ක්ෂේත්‍රයට ඉතාමත් සීමිත මුදල් ප්‍රමාණයක් පමණ වෙන් කොට,නවීන ලෝකය තුළ තාක්ෂණික විප්ලවයේ කොටස්කරුවන් වීමට නොහැකි තත්ත්වයකට අපව පත් කරලා තිබෙනවා.මේ වන විට ඉන්දියාව තාක්ෂණික ආයෝජන අවස්ථා පුළුල් කරගනිමින් ඉහළ ආදායම් ලබාගන්නවා.නමුත් අප රටට තිබෙන්නේ බදු වලින් ලැබෙන ආදායම් පමණයි.වෙළඳපළ අවස්ථා ලබා දෙනවා කියල සුරංගනා කතා කියලා වැඩක් නැහැ.ඒ සඳහා අවශ්‍ය නිසි වැඩපිළිවෙලක් මොවුන්ට නැහැ.

 

 

@මාධ්‍ය ඒකකය