SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ලොව ප්‍රථම සහ එකම පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ (Pali and Sanskrit Cultural Exchange Centre - PSCEC)

අභිනවයෙන් ඉදිකෙරුණු ශ්‍රී සර්වඥ ධාතු මන්දිරයෙහි පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීමේ ඓතිහාසික පූජෝත්සවය, එළැඹෙන නොවැම්බර් මස 01 වැනි සෙනසුරාදා දින උදෑසන 7.00ට යෙදෙන සුපින්බර මොහොතින් සිදු කිරීමට නියමිත ය.

 

 

මෙම උත්කර්ෂවත් පුණ්‍යෝත්සවය ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක, අතිගෞරවාර්හ ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ නාහිමිපාණන් වහන්සේගේ සහ ටිබෙට් බෞද්ධ සම්ප්‍රදායේ ප්‍රධාන නායකයෙකු වන අති උතුම් 102 වන 'ලින්ග් රින් පොවේ' නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

 

images 2

images 3

 

මෙම හෙයියන්තුඩුවේ පිහිටි මධ්‍යස්ථානය තුළින් ථේරවාද සහ මහායාන/වජ්‍රයාන බෞද්ධ සම්ප්‍රදායන් දෙකේම පූජනීය වස්තුවක් වන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම, ලෝක බෞද්ධ එකමුතුව ශක්තිමත් කරන සංකේතාත්මක අවස්ථාවක් ලෙස සැලකේ.

 ෙසන්ටර්

 

මෙම මධ්‍යස්ථානය ආරම්භ කර තිබෙන්නේ, බෞද්ධ දර්ශනයේ ප්‍රධාන ධාරාවන් දෙකක් වන පාලි (ථේරවාද) සහ සංස්කෘත (මහායාන/වජ්‍රයාන) සම්ප්‍රදායන් අතර පවතින දැනුමේ සහ අත්දැකීම්වල පරතරය අවම කිරීමේ උදාර අරමුණ ඇතිව යි. මධ්‍යස්ථානය පිහිටුවීමේ මුල් අදහස සහ මඟපෙන්වීම ලැබී ඇත්තේ ශුද්ධෝත්තම 14 වන දලයි ලාමා වහන්සේගෙන් වන අතර, එහි නිර්මාතෘවරයා වන්නේ බෞද්ධ සහෝදරත්ව පදනමේ සභාපති සහ අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම් ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා යි.

 

IMG 20231112 WA0009 2 750x430

ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා

 

ජාත්‍යන්තර භික්ෂු හුවමාරු වැඩසටහන්, සමුළු සහ අධ්‍යාපනික වැඩසටහන් හරහා මෙම මධ්‍යස්ථානය ලෝක බෞද්ධ ප්‍රජාව අතර සංහිඳියාව සහ සහයෝගීතාව වර්ධනය කිරීමෙහිලා අතිශය වැදගත් මෙහෙවරක් ඉටු කරයි. මෙම මධ්‍යස්ථානය ලොව ප්‍රථම සහ එකම පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය වීම, ශ්‍රී ලංකාවට බෞද්ධ ලෝකයේ හිමිවන ඓතිහාසික ස්ථානය තවදුරටත් තහවුරු කරන්නකි.

 

482213503 625230673810721 8414946744840967030 n

 

ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කිරීමේ පූජෝත්සවය අවසන් වීමෙන් පසු, අති උතුම් ලින්ග් රින් පොවේ නාහිමිපාණන් වහන්සේගේ සුරතින් ප්‍රදේශවාසී දූ දරුවන්ට අධ්‍යාපන උපකරණ බෙදාදීමක් සිදු කිරීමට ද නියමිත ය. එමෙන් ම, ලෞකික මෙන් ම ලෝකෝත්තර සතුට වැඩීමට අත්‍යවශ්‍ය වන සතිපට්ඨාන භාවනාව ඇතුළු බෞද්ධ භාවනා ක්‍රමවේදයන් පුරුදු පුහුණු කරනු ලබන 'Kundun Happiness Retreat' භාවනා මධ්‍යස්ථානය උදෙසා ශෛල ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පුණ්‍යෝත්සවය ද මෙම උතුම් දිනයේ දී පැවැත්වීමට නියමිත ය. මෙම සමස්ත වැඩසටහන් මාලාව නොවැම්බර් 01 සෙනසුරාදා පෙ.ව. 10.00 ට අවසන් වීමට නියමිත අතර, මෙම ඓතිහාසික අවස්ථාව සඳහා දේශීය හා විදේශීය ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වීමට අපේක්ෂා කෙරේ.

 

 cen

 

වැඩසටහන් න්‍යාය පත්‍රය

දිනය

වේලාව

වැඩසටහන

ඔක්තෝබර් 30

රාත්‍රී 10.00

ශ්‍රී ලංකාවට පැමිණෙන අති උතුම් ලින්ග් රින් පොවේ නාහිමි ඇතුළු පිරිස කටුනායක ගුවන් තොටු පොළේ දී පිළිගැනීම.

නොවැම්බර් 01

පෙ.ව. 06.00

හෙයියන්තුඩුව, දේවමිත්ත පෙදෙස, ජයන්ති මාවතේ පිහිටි 'Asiri Villa' පරිශ්‍රය අසලින්, ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ රැගත් පෙරහැර ගමන් ඇරඹීම.

 

පෙ.ව. 06.30

ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක, අතිගෞරවාර්හ ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ නාහිමිපාණන් වහන්සේ විසින් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ, පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය වෙත නිල වශයෙන් භාරදීම.

 

පෙ.ව. 07.00

අති උතුම් 'ලින්ග් රින් පොවේ' නාහිමිපාණන් වහන්සේ විසින් සධාතුක රන් කරඬු වහන්සේ, අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී සර්වඥ ධාතු මන්දිරයෙහි නමස්කාර පූර්වකව තැන්පත් කිරීම.

 

පෙ.ව. 07.00 න් පසු

බැතිමතුන්ට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ දැක බලා වැඳ පුදා ගැනීමට අවස්ථාව.

 

පූජෝත්සවයෙන් පසු

අති උතුම් ලින්ග් රින් පොවේ නාහිමියන්ගේ සුරතින් අධ්‍යාපන උපකරණ බෙදාදීම සහ 'Kundun Happiness Retreat' භාවනා මධ්‍යස්ථානය සඳහා ශෛල ප්‍රතිෂ්ඨාපනය කිරීම.

 

පෙ.ව. 10.00

වැඩසටහන් නිමාව.

නවතම ලිපි