SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක,

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ඊයේ සිරස ඉලක්කය වැඩසටහන සමග එක්වෙමින් රජය විසින් ජනතාවට ලබාදුන්  අලුත් අව්රුදු බදු පැක් එක පිළිබඳව අදහස් දක්වා ඇත.

 

|ඔහු කියන්නේ භාණ්ඩ හා සේවා  මිළ අහස උසට වැඩිකරමින් බදු ආධායම තවත් වැඩිකර ගැනීමට බදු බර පැටවීමේදී මිනිසුන්ගේ ගෙවීමේ හැකියාව බැලිය යුතු බවයි. ඔහු පවසන්නේ මේකෙ මහලොකු රොකට් සයන්ස් එකක් නැති බවත් සාමාන්‍ය මනුස්සයෙකු බැංකුවකට ගොස් ණය මුදලක් ගැනීමේදී බැංකුව විසින් ඔහුගේ ගෙවීමේ හැකියාව බලන බවත් ය.

 

 

ඉලක්කය

අලුත් අව්රුදු උදාවත් එක්ක ආණ්ඩුව ජනතාවට ලබාදුන් බදු පැක් එකත් එක්ක නැත්නම් බදු සංශෝධනයත් එක්ක ජනතාව පීඩාවට පත්වෙලා ඉන්නව කියල විපක්ෂයේ ඔබතුමන්ලට දැනුනද?

 

Elakkaya mari 2

 

 

රොෂාන්. මේ ආණ්ඩුව ගහල නැත්තෙ මළ බද්දයි..ජන බද්ධයි විතරයි. ඉතුරු සියලු බදු හෙණ ගහනව වගේ ගහල තියෙනවා. ජනතාව ගැන අබමල් රේණුවක් හිතුවානම්... බදු ගහන එක තමයි රජයට උපයන්න තියෙන එකම මාර්ගය කියල කල්පනා කරන්න විදිහක් නැහැ. මොකද ආදායම් මාර්ග උපයන ක්‍රම ඔින තරම් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට කියනව මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ අවශ්‍යතාවන් මත මෙහෙම බදු ගහනව කියල. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ බද්ධ ගහන්න අර බද්ද ගහන්න තව බද්දක් ගේන්න කියන්නෙ නැහැ..

 

|ගෙවීමේ හැකියාව බලන්න..ඒකෙ මහලොකු රොකට් සයන්ස් එකක් නැහැ.. ඇත්ත කතාව සාමාන්‍ය පුද්ගලයෙකු බැංකුවකට ගිහිල්ල ණයක් ගත්තහම ඒ ණය වාරික ගෙවන්න ඔහුගේ තියෙන ආධායම් හැකියාව තමයි බලන්නෙ. එතකොට අපිට ආදායම් එන ප්‍රධාන ක්‍රම කිහිපයෙන් එක ක්‍රමයක් විතරයි බදු කියල කියන්නෙ. එතකොට අපි සම්පූර්ණ ක්‍රමය බවට බදු පත්කළාම තමයි මේ ගහන විදිහට බදු ගහන්න සිද්ධවෙලා තියෙන්නෙ.

 

ඒනිසා අපිට.. අපනයනය වෙන්න පුළුවන්, අලුත් වෙළඳ පොලවල් වෙන්න පුළුවන් සෘජු විදේශ ආයෝජන වෙන්න පුළුවන්..ඒ සඳහා ගෙවිච්ච කාලය තුළ යම්කිසි මූලාරම්භයක්වත් නොගැනීම නිසා බදු මත පමණක් රාජ්‍ය ආදායම යැපෙන තත්වයට තමයි ගෙනල්ල තියෙන්නෙ..

 

|එනිසා අර ඔබ කිව්ව වගේ අපි විවේචන එල්ල කරන්න ඔින, දැඩිලෙස ජනතාව වෙනුවෙන් ඒ විවේචන එල්ල කරල පෙනී හිටිනවා වාගේම අපිට පුළුවන් වෙන්න ඔින ඒ විවේචන යථාර්තවාදී  විවේචන බවට අනාගතයේදී ඔප්පු කරන්න. බදු බර අඩු කරන්න පුළුවන් වෙන්න ඔින,..බිල් බර අඩුකරන්න පුළුවන් වෙන්න ඔින.. බඩු මිළ අඩු කරන්න පුළුවන් වෙන්න ඔින.. කොටින්ම ජනතාවට ලැබෙන ආධායමෙන් ණය නොවී තුන්වේල කාල ළමයින්ට උගන්නල සැනසීමෙන් ජීවත් වෙන්න පරිසරයක් නිර්මාණය වෙන්න ඔින.

 

ජනවාරි පළවෙනිදට පෙර සිටම විදුලි බිල වැඩිවෙලා තියෙනවා, වතුර බිල වැඩිවෙලා තියෙනවා, තෙල් මිල වැඩිවෙලා තියෙවා, ගෑස් මිල වැඩිවෙලා තියෙනවා, බඩු මිළ වැඩිවෙලා තියෙනවා, පාසැල් උපකරණ, බස්ගාස්තු මේ හැමදේම වැඩිවෙලා තියෙනවා.

 

|එතකොට මිනිස්සු වලපල්ලට වැටිල හිටිය නම්...

 මම දකින්නෙ ජනවාරි පළමුවෙනිද ඉඳල වතුරවලට 3%ක් වැඩිකිරීම, ගෑස් සිලින්ඩරයක් රුපියල් 675කින් වැඩිවීම, පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් වැඩිවීම, භාණ්ඩ ඛාණ්ඩ 97ක බඩු මිළ වැඩිවීමත් එක්ක වලපල්ලටම දාල වහල තියෙනව කියලයි මට තේරෙන්නෙ.

 

දැන් පාසැල් නිවාඩු සමය. පෙබරවාරි පළමුවෙනිද ස්කෝලෙ පටන් ගන්නව. එතකොට මේ පාසැල් උපකරණ ඛාණ්ඩ වලටත් බදු වැඩිවෙලා තියෙනවා. දෙමව්පියො දරුවන්ට පොඩ්ඩක් කන්න දීල තමන් බඩගින්නෙ ඉඳිමින් දරාගෙන තියෙනව මෙච්චර කල්. දැන් තාත්ත කෙනෙක්ට තමන්ගෙ ළමයට සපත්තු කුට්ටමක් අලුත් පාසැල් වසරට අරන් දෙන්න බැරි උනහම ස්කූල් බෑග් එකක් අරන් දෙන්න බැරි උනහම, ඇතිවන හැඟීම කල්පනා කරල බලන්න. දරුවන්ගෙ අධ්‍යාපනයෙ ඉඳල පුද්ගලයන් ජීවත්වීමේ ඉඳල, ජ්‍යෙෂ්ට පුරවැසියන්ගෙ බේත් හේත්වල ඉඳල, ශෛල්‍යකර්මවල ඉඳල..මේ හැම පැත්තකින්ම හිරකරල හකුලල තියෙන්නෙ.

 

|ඒනිසා මම හිතන්නෙ කව්රු ආවත් නාවත් - මම කියන්නෙ නැහැ මේක ලේසි වැඩක් කියල- ඒ කැපවීම තියෙන්න ඔින, ඒ දැක්ම තියෙන්න ඔින, ඒ වැඩපිළිවෙල තියෙන්න ඔින..

 

 

අපි ඉස්සෙල්ල හරි වැඩපිළිවෙල මොකක්ද කියල හඳුනගන්න ඔින. මම විශ්වාස කරනවා අපි බදු බර යම් ප්‍රමාණයකට අඩුකරල ජනතාවට සහන ලබාදිය යුතුයි, එය කළ හැක්කේ අපනයනය වැඩිකිරීමෙන්, ඒවගේම සෘජු විදේශ ආයෝජන ගෙන්වාගැනීම, ඒ වගේම අළුත් වෙළඳපොලවල් තුළට විශේෂයෙන්ම වයිල්ඩ් ලයිෆ් ටුවරිස්ම්, මෙඩිකල් ටුවරිස්ම්, තොරතුරු තාක්ෂන වෙළඳපොල, අධ්‍යාපන වෙළඳපොල මෙකී නොකී අලුත් වෙළඳපොලවල් තුළට ඇතුලත් වෙලා ආධායම් මාර්ග වැඩිකිරීමෙන් පමණයි.

 

මම එක උදාහරණයක් කියන්නම්..

ප්‍රෙමදාස ජනාධිපතිතුමා 1988 ජනාධිපතිවරයා වෙනකොට රට දෙකොණ පත්තු වෙච්ච විලක්කුවක් වගේ තිබුණෙ. යුද්ධ..රජයට යුද්ධය සඳහාම විශාල වියදමක් කරන්න තිබ්බ.. ඒ වෙලාවෙ ලයිට් බිල් වැඩි කළේ නැහැ, වතුර බිල් වැඩි කළේ නැහැ, බඩු මිළ වැඩිකලේ නැහැ.

 

|නමුත් එතුමා ආත්ම ශක්තියෙන් එක දෙයක් කෙරුව. මම ඒකට හරි සතුටුයි. ඒ තමයි සුද්දන්ට යට ඇඳුම් මහනව කියල කාඩ් ගහද්දිත්, භීෂණ සමයක් තියෙද්දිත්, ඇඟළුම් කර්මාන්තශාලා 200ක් ආරම්භ කරල ඇඟළුම් අපනයන වෙළඳපොල ලංකාවට හඳුන්වල දුන්න. මේ මොහොතෙත් ඩොලර් බිලියන 13ක අපනයන ආධායමක් එනවා. මම ඒගැන ඊට වැඩිය කියන්නෙ නැහැ.

 

අන්න ඒවාගේ අළුත් නිම්නයන් කෙරෙහි අපි යායුතුයි. එහෙම නොකර නම් බැන බැන ඉඳල විතරක් මේක ගොඩදාන්න බැහැ.

 

 

නවතම ලිපි