SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රජය විසින් ජනවාරි පළමුවෙනිදා සිට VAT බද්ද 18%කින් ඉහළ නැංවීමට පාර්ලිමේන්තුව හරහා අණපනත් සම්මත කොට ගනිමින් ක්‍රියාත්මක වී ඇති මොහොතක,

එකී තත්වය මත සමාජයේ විවිධ සේවා සපයා ජීවත්වන ජනකොටස්වලට එය බලපාන්නේ විශාල වශයෙනි. එවැනි තවත් වෘත්තියකි ත්‍රීරෝධ රථ ප්‍රවාහන සේවය.

 

කොළොන්නාව ප්‍රදේශයේ ත්‍රීරෝධ රථ හිමියන් හමුවූ සජබ නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පළ කළේ මෙවන් අදහසකි.

 

New year Marikkar 1

 

“ජනවාරි මාසෙ පළවෙනිද ඉඳල දළ වශයෙන් රුපියල් 35කින් 40කින් විතර තෙල් ලීටරයකට මිළ වැඩි  වෙනව.

දැන් ආර්ථික අර්බූධය නිසා ජනතාවගේ මිළදීගැනීමේ හැකියාව බිමට බැහැල තියෙන නිසාම ත්‍රීවීල් රථවල ගමන් කරන මගීන්ගේ ප්‍රමාණය 50%කින් අඩුවෙලා තියෙනවා.

 

| එනිසා ත්‍රීරෝද රථ මහත්වරුන්ට එක පැත්තකින්  වාරික ගෙවාගන්න බෑ, ඒ හරහා විවිධ ප්‍රශ්න ඇවිත් තියෙනවා. අනික ඔවුන්ගේ ආධායම් අහිමිවීම නිසා පවුලේ අයගේ කෑම බීම, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිල තියෙනවා.

 

දැන් පළවෙනිදා ඉඳල ගහන වැට්  බද්ද නිසා බඩුමිළ ඉහළ නංවනකොට නිරායාසයෙන්ම තවත් ත්‍රීවීල්වල ගමන් කරන සංඛ්‍යාව අඩුවෙනවා.

 

| ඊළඟට තෙල් මිළ වැඩිඋනාම ත්‍රීවීල් ගාස්තුව වැඩිකරන්න සිද්ධ වෙනවා. ඒ ගාස්තු වැඩිකළාම ජනතාවගේ ආධායම් මට්ටම තවත් හීන වීම නිසා ත්‍රීවීල්වල ගමන් කරන ප්‍රමාණය තවත් 20%කින් විතර අඩුවෙනවා.

 

ඒක නිසා මේ වර්තමාන ආණ්ඩුව මේ විදිහට රාජ්‍ය ආධායම වැඩි කරන්න බදු පිට බදු ගහල මුළු සමාජයම අකර්මන්‍ය කරල... මේ රට බංකොලොත් විදිහට හරි මේ තරම් බදු වැඩි නොකර ජීවත්වෙන්න තිබුන මෙච්චර බදු වැඩි නොකර.

 

| දැන් දරිද්‍රතා රේඛාව මිලියන 4ට තිබුණ එක මිලියන 7ක් වෙලා තියෙනවා. මේ වැට් බදු වැඩිකිරීමත් එක්ක නැවත බඩු මිළයි උද්දමනයයි බිලුයි ඉහල යෑමයි එක්ක අනිවාර්යයෙන්ම දරිද්‍රතා රේඛාව මිලියන 14ක් වෙන්නත් පුළුවන්.

 

New Year Marikkar 2

 

 

ඒ නිසා දැන් මේ සන්දර්ශන දාන්න එපා කියල ආණ්ඩුවට අපි පැහැදිලිව කියනවා.

 

වැට් එක 18කින් වැඩිකරල හතහමාරක් අඩුකරන එක මිනිස්සුන්ට තේරෙනවා දැන්. දැන් මිනිස්සු දන්නවා උද්ධමනය කියන්නෙ මොකක්ද? අයිඑම්එෆ් කියන්නෙ මොකක්ද? ණය කියන්නෙ මොකක්ද? රටට කෙළවුනේ කොහොමද කියල දන්නවා.

 

| දැන් ඊළඟ ජවනිකාව තමයි පහුගිය දවස්ටිකේ වැස්ස හින්ඳ විදුලි බිල අඩු කරනවා කියල. අඩු කරන එක හොඳයි අපි එපා කියන්නෙ නැහැ. හැබැයි අඩුකරල ඉවරවෙලා අපි දන්නවා ජනවාරි පෙබරවාරි මාර්තු කියන්නෙ හොඳට පායන කාලෙ. ඊට පස්සෙ තෙල්වලින් නිෂ්පාදනය කරන විදුලියෙ පිරිවැය වැඩියි කියල අප්‍රේල් මාසෙ කරන්ට් බිල ආයෙ වැඩිකරන්න එපා කියල අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.