SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටක විනය පරීක්ෂා කළ හැක්කේ එරට  ජීවත්වන මිනිසුන් පාරේ ගමන් කරන විදිහ අනුවය කියලයි බොහෝ බුද්ධිමතුන්ගේ අදහස වී ඇත්තේ.

මේ නිසාම ලංකාවේ මිනිසුන් පාරේ ගමන් කරන විදිහ, පාර මාරුවන විදිහ, රථ වාහන හසුරුවන විදිහ, රථ වාහන නතර කරන විදිහ, නළා ශබ්ධ කරන විදිහ මේ ආදී වූ කරුණු සම්බන්ධයෙන් මෙන්ම පාරේ කුණු දැමීම, කෙළ ගැසීම වැනි ක්‍රියාවන් දක්වාම  එළැඹෙන නව වසරේ සිට  දැඩි විනය නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය සූදානම් බවට පොලීසියේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර ඇත.

 

එසේම නව වසරේදී සියළුම ස්ථාන මාරුකිරීම් සංශෝධනයන් කඩුනමින් සිදුකර අවසන් කර ඒ ඒ ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ පොළිස් අධිකාරීවරයාට තම  බලප්‍රදේශයේ මහජන සාමය සහ නීතිය පවත්වාගෙන යෑමේ සම්පූර්ණ වගකීම පැවරීමටත් මෙම වැඩපිළිවෙල යටතේ සාකච්ඡාවට ලක්ව ඇතැයි එකී පොලිස් ආරංචිමාර්ග වාර්තා කර ඇත.

 

පළාත තුළ මත්ද්‍රව්‍ය පැතිරීම වලක්වාලීමට, මිනීමැරුම්, මංකොල්ලකෑම් වැනි අපරාධ සිදු නොවීමට වගබලා ගැනීමටත් ඒ පළාත භාර පොළිස් අධිකාරීවරයා වගකිවයුතු ආකාරයට මෙම නීති රීති ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති බව සඳහන්.

 

මෙම නව වැඩසටහන පිළිබඳ යෝජනාව ගෙන ඒමෙන් පසු එය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ උපදෙස් පරිදි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් තම පොලිස් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව වැඩිදුරටත් පොලිස් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර ඇත.

 

කෙසේ වුවත් මේ පිළිබඳව විචාරක මතය වී ඇත්තේ  POLICE යන නාමය ඉංග්‍රීසි අකුරින් ලිවීමේදී සෑම ඉංග්‍රීසි අකුරකටම තේරුමක් තිබෙන බවත් එම තේරුම් සහිත පොලිස් නිළධාරීන් බිහිවන රටක මිනිසුන්ද විනයගත මිනිසුන් කළ හැකි බවත් ය.

 

එනම්  Politeness, Obedient, Loyalty, Integrity, Courage, Efficiency (ආචාරශීලීබව, කීකරු, පක්ෂපාතිත්වය, අඛණ්ඩතාව, ධෛර්යය, කාර්යක්ෂමතාව) මේ අකුරු වලට අදාළ අර්ථය වී ඇත.