SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඩොලර් ට්‍රිලියන ගනණක් ඉතිරි කරන්න ජනපති කියා දෙයි

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ අභියෝගයට මුහුණ දීම සහ නිවර්තන කලාපීය ජාතීන් සඳහා තිරසර සංවර්ධනයක් සහතික කිරීම අරමුණු කරගත් අනාගතවාදී වැඩපිළිවෙළක් වන “නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම” ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් COP28 සමුළුව වෙත ඉදිරිපත් කර ඇත.

 

දේශගුණික අරමුදල්වල ආකෘතිමය වෙනසක් සහ ඵලදායී ප්‍රතිඵල අත්කර ගැනීම අරමුණු කරගත් බහුපාර්ශ්වික ප්‍රවේශයක් පිළිබඳව අවශ්‍යතාව මත මෙම සැලැස්ම කඩිනම් කිරීමට හේතු වූ බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කරයි.

 

ගල් වැලි පස් බොරළු සහ ලී ආර්ථිකයකින් සංවර්ධනය මෙහෙයවූ රාජපක්ෂ ආණ්ඩුවකට දැනට නායකත්වය සපයන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මෙම වැඩපිළිවෙල පිළිබඳව බොහෝ දෙනා සමච්චල් සහගතව බලන අතර රටේ නායකත්වයට වඩා ලෝක නායකත්වය වෙනුවෙන් ඔහු ක්‍රියාකරන්නේ යැයි විවේචකයින්ගේ අදහස වී ඇත.

 

එසේම ලෝක මට්ටමින් ආර්ථික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලය ලබාගෙන  තවමත් වසරක් ඉකුත්වී ඇතත් රටේ බංකොලොත්භිවයට සහ ජන ජීවිතය කඩා වැටීමට නිසි වැඩපිළිවෙලක් නොමැතිව ජනතාව මත අසීමිත බදු බරක් පටවා ඇති බවත් ඔවුන්ගේ අදහස වී ඇත.

මේ නිසා ජනාධිපතිවරයාගේ COP28 සමුළු දේශනය අසා බොහෝ දෙනා පවසා ඇත්තේ අපේ ලොක්කන්ගේ ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ ලෙසය.

 

කෙසේ වුවද ජනාධිපති වික්‍රමසිංහගේ  සමුළු දේශනය ඊට සහභාගී වූ අනෙකුත් රටවල නියෝජිතයින්ගේ විශේෂ අවදානයට ලක්ව ඇත.

 

වසර 2030 වන විට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමේ ඉලක්කය ඉටුකර ගැනීමේ අවිනිශ්චිතතා පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපති ‍රනිල් වික්‍රමසිංහ සිය දේශනය ආරම්භ කර ඇත. මෙම තීරණාත්මක ඉලක්කය සපුරා ගැනීම සඳහා ඇති 50%ක අවස්ථාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අනෙකුත් රටවලින් මූල්‍යධාර ලැබීම අපේක්ෂා කළ නොහැකි බවද කියා සිටියි.

එබැවින් මෙම අරමුදල් සපයා ගැනීමට නිවර්තන සහ නිවර්තන නොවන රටවල් මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි.

 

නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම වනාන්තර, වගුරු බිම් සහ කඩොලාන වැනි අත්‍යවශ්‍ය ස්වභාවික සම්පත් කේන්ද්‍ර කර ගත් ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඉලක්ක කර ඇති බවත්, ගෝලීය උණුසුම ඉහළ යාමට එරෙහිව සටන් කිරීමට මෙම ආයෝජන අත්‍යාවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

දේශගුණික විපර්යාසවලට මහුණදීමේ දී වාර්ෂිකව වැය කරන ඩොලර් ට්‍රිලියන ගනණක මුදල් ඉතිරි කර ගැනීමට මේ තුළින් හැකියාව ලැබෙනු ඇති බවද පැවසූ ජනාධිපතිවරයා පෞද්ගිලක අංශයේ දායක්තවය ද මේ සඳහා ලබා ගැනීමේ හැකියාවද පෙන්වා දුන්නේය.

නීල ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර ඉන්දියානු සාගරයක් නිර්මාණය කිරීම සඳහා ඉන්දියානු සාගර වට අද්දර සංගමය සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම සහ තිරසාර ඉන්දියන් සාගරයක් පිළිබඳ ප්‍රයත්නයන් ලොව විශාලතම කාබන් අවශෝෂකය නිර්මාණය කරනු ඇති බවද සඳහන් කරයි.

 

මාලදිවයින, කෙන්යාව, බ්‍රසීලය යන රටවල ජනාධිපතිවරුන් මෙන්ම එමානුවෙල් සහ ප්‍රංශ ජනපති මැක්‍රොන් ඇතුළු ලෝක නායකයන් සමඟ සිදු කළ සාකච්ඡාවලදී, ඔවුන් මෙම වැඩපිළිවෙළ පිළිබඳ දැඩි උනන්දුවක් දැක් වූ බව ද ඔහු ප්‍රකාශ කළේය .

නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවේ සොයා ගැනීම් බ්‍රසීලයේ COP30 හි ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.

 

ශ්‍රී ලංකාව සහ ‍මාලදිවයින අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට යෝජිත දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය (ICCU) සඳහා වන සැලැස්ම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී එළිදක්වනු ලැබීය. මෙම විශ්වවිද්‍යාලයේ අරමුණ වනුයේ දේශගුණක විපර්යාස මැඩ පැවැත්වීම කෙරෙහි ධාරිතා ගොඩ නැංවීම සහ මධ්‍යගත පර්යේෂණ සඳහා අවකාශ සැළසීමයි.

 

දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අවශ්‍ය අරමුදල් ඒකරාශී කර ගැනීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් මිදීමේ අවශ්‍යතාවය ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මෙම ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය මගපෙන්වනු ඇති බවද සඳහන් කළේය.

 

@ජනාධිපති මාධ්‍ය ඒකකයේ පුවත ඇසුරිනි.

නවතම ලිපි