SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලබන ජනවාරියේ සිට සිට පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් හාරසිය 20 ඉක්මුණු ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ගෙන් විමසන ලද ප්‍රශ්නයකට ඔහු දැක්වූ ප‍්‍රතිචාරය අනුවයි.

 

 

‘ෂෙහාන් සේමසිංහ මැතිතුමනි මේ සභාවට ඉදිරිපත් වුණා ඩීසල් සහ පෙට‍්‍රල් සඳහා ලබන වසරේ මුල සිට වැට් බද්ද පැනවෙනවා කියලා. ඒක එහෙමද කියලා මං ඔබතුමාගෙන් දැනගන්න කැමතියි’

යයි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ විමසූ පැනයට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිනාසෙමින් සිටියේය.

 

‘ඒක එහෙමනම් වෙන්නෙ මං උපකල්පනය කරනවා ඒක එහෙම වෙන්න ඇති කියලා. ඒ අනුව ජනවාරියේ සිට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් රුපියල් 420 පමණ සීමාවක් දක්වා ඉහළ යයි කියලා අපට අපේක්ෂා කරන්න පුළුවන්’

යයි ජයසුමන මන්ත්‍රීවරයා පැවසීය.

 

ලංකාවේ ඩොලර් බහුලවම වැය වන්නේ ඉන්ධන ධහනය වෙනුවෙනි.  මේ නිසා ඉන්ධන පරිභෝජනය අඩු කරගැනීමට නම් ලීටරය 500 ඉක්මවා ඉහළ නැංවීම මගින් හෝ සීමා කරගත හැකි වන්නේ නම්, එය යම් පිළියමක්  වනු ඇත. 

 

ඒ එක්කම පොදු ප්‍රවාහනය ශක්තිමත් නොකළ රටක යළිත් ප්‍රවාහන අර්බූධයද මතුවිය හැකිය. එමෙන්ම අනෙකුත් නිෂ්පාදන අවශ්‍යතා ද එමගින් අර්බූධයට යනු ඇත. අරගලයෙන් බිහිව අරගලයට බිය නිසා වික්‍රමසිංහ ආණ්ඩුවට ඇති එකම විකල්පය බදු අයකරගැනීමය. මේ හුදෙක් බදු ආධායමෙන් රටක් දුවන්නට අයවැයක් ඉදිරිපත් කර ඇති මොහොතකි.

 

ලබන වසරේ සිට අනිවාර්යයෙන්ම ණය ගෙවීම් ආරම්භ විය හැක. නැතහොත් කල් දමනවා යනු ණය කැපී යනවා නොවේය. එවන් තත්වයක් යටතේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙවර ඉදිරිපත් කළේ යථාර්තවාදී අයවැයක් නොව  සිහින අයවැයක් යැයි චෝදනා කරති.

 

රටේ ආර්ථිකයේ කඩා වැටීම ගැන තවමත් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන්නේ මට ලැබුනෙ බංකොලොත් ආර්ථිකයක් සහිත රටක් කියාය. ඔහු කියන්නේ මෙය ඔහුගේ ප්‍රශ්නයක් නොවන බවකි. රට බංකොලොත් වූ හැටි දේශපාලන විචාරකයින් දක්වන්නේ මෙවන් අදහසකි.

"ආර්ථිකය කඩා වැටීම ආරම්භ වන්නේ රනිල්ගේ පාලනයේ අවසන් කාර්තුවේ සිටය.

රනිල් විසින් ලබා දුන් ප්‍රධාන සහන පහතින් දක්වා ඇත.

* අත්‍යවශ්‍ය භාණ්ඩ වල බදු අඩු කොට ඒවා ලාභ කළේය. එබැවින් ජීවන වියදම සැලකිය යුතු ලෙස අඩු විය.

* ඉන්ධන මිල අඩු කළේය.

* රජයේ සේවකයින්ට රුපියල් 10000ක් පඩි වැඩි කළේය.

* මහින්ද පාලන සමයේ ලබාගත් ණය ප්‍රමාණයට වඩා තවත් ණය ලබාගත්තේය (එසේ ලබාගෙන අධිවේගී මාර්ග ඉදි කරන ලදී. මාර්ග සංවර්ධනය ඇතුළු අනෙකුත් සංවර්ධන කටයුතුද නොනවත්වා සිදු කෙරුණි. රාජපක්ෂ යුගයේ වර්ධනය කරන ලද ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය තව තවත් පුළුල් විය. එසේම ආයනයන ඉහල ගියේය).

“වැගන් ආර් වසන්තය” පැමිණියේ රනිල්ගේ සමයේය. එසේම අනෙකුත් වාහන ද සෑහෙන ප්‍රමාණයක් අලවි විය. වැඩිම වාහන සංඛ්‍යාවක් රටට ආනයනය කොට ඇත්තේ රනිල්ගේ කාලෙයේදීය. ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු වීම හේතුවෙන් එතෙක් තිබූ වියදමද ඉතිරි වී මසකට තවත් 10000ක් අමතරව ලැබෙන තත්වයක් යටතේ රෝද හතරේ වාහන සිහිනය වෙත බොහෝ රජයේ සේවකයින් ගමන් කරන ලදී. එසේම ඉන්ධන මිල අඩු වීම හේතුවෙන් සහ රැල්ලට වාහන ගැනීම සඳහා තවත් බොහෝ දෙනෙක් පෙළඹුණි. රටේ ඉන්ධන පාරිභෝජනය අතිශය ඉහල ගියේද 2015-2020 අතර තුරය". මේ සියල්ල සිදු කරන ලද්දේ ණය ලබා ගැනීමෙනි. (උද්ඝෝෂකයින් විසින් ඉල්ලා සිටින්නේ කුමක්ද? - ස්පාර්ටකස් ලිපියෙනි.)

 

නවතම ලිපි