SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රාජ්‍ය සේවයේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (30) ලංකාව පුරා  උද්ඝෝෂණ සංවිධානය කර ඇත.

රුපියල් 20000 කින් වැටුප් වැඩි කිරීම, 2016 අයවැය අහිමි කළ පුර්ණ විශ්‍රම වැටුප් ක්‍රමය යලි ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල කර ගනිමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව විසින් මෙය සංවිධානය කර ඇත.

 

ඉහල යන භාණ්ඩ හා සේවා මිල හමුවේ ලැබෙන වැටුපෙන්  ජීවත් විය නොහැකි තැනටම අද වන විට වැඩ කරන ජනතාව පත්ව ඇති බවත් සැම භාණ්ඩ හා සේවා මිල සියයට 300-400 ගුණයකින් ඉහල ගොස් ඇති බව උද්ඝෝෂකයින්ගේ අදහසය.

 

රජයට සේවකයින්ගේ වැටුප් වැඩිකර ධනවාදී යාන්ත්‍රණය දුවවන්න අවශ්‍ය නැද්ද?

 

ඇත්ත වශයෙන්ම රජයේ මුඛ්‍ය අරමුණත් එයය. මිනිසුන් අත වැඩිපුර මුදල් ගැවසීම මගින් වෙළඳපොල යාන්ත්‍රණය ශක්තිමත් වීම ඔිනෑම ධනේෂ්වර පාලනයක අවශ්‍යතාවය වේ. එහෙත් පවතින තත්වය තුළ එය ඉටුකරගැනීමට නොහැකිවීමයි රනිල් වික්‍රමසිංහ පාලනයට සිදුව ඇත්තේ.

 

හැකි සෑම අවස්ථාවකදීම මුදල් අච්චු ගසමින් වැටුප් වැඩිකර මිනිසුන්ගේ පරිභෝජන තත්වය වැඩිකරලීම සහ එමගින් වෙළඳපොල වඩාත් හොඳින් පවත්වාගෙන යාම රජයට අවශ්‍යමය.

ලංකාවේ වම ඇතුළු ලිබරල්වාදීන්ගේ එකම අරමුණ ද එයමය.

 

 

මේ පිළිබඳව ස්පාර්ටකස් සාමූහිකය විසින් පසුගියදා වාම-ලිබරල්වාදියෙකු වූ නිර්මාල් දේවසිරිට ලියූ ලිපියක් පහත පළවේ. වැටුප් වැඩිකරගැනීම වෙනුවෙන් පාරට බැස්ස ගුරුවරුන්ට පොලීසිය විසින් පහරදීම සම්බන්ධව ඇතිවූ සංවාදයක් ඊට අරමුණු කර ඇත.  

 ------------------------------

 

නිර්මාල්ගේ ප්‍රශ්නයට පිළිතුරු

 

Bhathiya Priyankara විසින් අසා තිබූ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය කුමක් ද යන්න Nirmal Dewasiri විසින් විමසා තිබුණි. මේ ඊට අපගේ පිළිතුරයි.

 

මුදල් අමාත්‍යංශය විසින් ආනයන සීමා ඉවත් කරන්න තීරණය කලා. නමුත් භාන්ඩාගාරයේ මේ වන විට ඩොලර් සංචිත තියෙන්නේ ඩොලර් බිලියන 3යි. එහෙම වෙලත් ආනයන සීමා ඉවත් කරලා ආනයනික බදු ප්‍රතිශත අඩුකරන්න හේතුව තමයි රාජ්‍ය ආදායම් පහල යාම. ආර්ථික විද්‍යාවට අනුව තමයි ඒ තීරණ අරන් තියෙන්නේ. රාජ්‍ය ආදායම් ඉහල යන්න නම් "ජනතාව" ආනයනික භාණ්ඩ මිලදී ගත යුතුයි. නමුත් ආනයන කරුවෝ කියනවා අපි ආනයනය කලත් මිනිස්සු මිලදී ගන්න එකක් නැති වෙයි කියල.

 

ඇත්තටම මේ ගොඩනැගී ඇති ධනවාදී යාන්ත්‍රනය තුල ආණ්ඩුවට තියන මුඛ්‍ය ප්‍රශ්නය ඕක. ඒ කියන්නේ පුලුවන්නම් ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කරනවා. එහෙම කලොත් පුද්ගලික අංශයටත් පඩි වැඩි කරන්න වෙනවා. නමුත් එහෙම කරන්න බැහැ. රනිල් ජනාධිපති වීමට වසරකට පෙර රාජපක්ෂලා විසින් පඩි වැඩි නොකර අඩු පොලියට රාජ්‍ය සේවකයින්ට ණය දුන්නෙත් ඕක දුවවන්න. ආර්ථික විද්‍යා උපදෙස් මත එහෙම කල නමුත් ඒ වැඩේ අසාර්ථකයි.

 

 

ඇමරිකානු ආණ්ඩු තීරණය කරනවා ඩොලර් අච්චු ගහල නොයෙකුත් ක්‍රම වලින් "ජනතාවගේ" අතට ඒවා යවන්න. එහෙම කරන්නෙත් ඔන්න ඔය වගේ ඒ රටේ ගොඩනැගිච්ච යාන්ත්‍රණය දුවවන්න. ඇමරිකාවට එහෙම කරන්න පුළුවන් හේතුව තමයි ඇමරිකන් ඩොලරය කියන්නේ 'master signifier' එකක් වීම. ඒ කියන්නේ ඒක විසින් තමයි අනෙකුත් මුදල් ඒකක තීරණය කරන්නේ (දැන් ආර්ථික විද්‍යා ලොක්කෝ රෙදි උස්සන් එනවා නම් අපි කැමතියි ඒ ගැන කතා කරන්න) හැබැයි ඇමරිකන් පාරිභෝජනය කොතරම් ද කියනවා නම් සහ යාන්ත්‍රනය කෙතරම් සංකීර්ණ ද යත් එහි සීමාව හමුවෙනවා. අන්න ඒ නිසාම තමයි නැවතත් යුද්ධ අවශ්‍ය වෙන්නේ. නමුත් පුබුදු ජයගොඩ, දුමින්ද නාගමුව වගේ වාමාංශිකයො හිතන්නේ "ධනපති ආණ්ඩු" කියන්නේ සාමාන්‍ය මිනිසුන්ගෙන් හූරගෙන ධනපතියට පුදන ආණ්ඩු කියල. එහෙම හූරගෙන දෙන්න තමයි මේ පඩි නොදී වැඩගන්නේ කියල. ණය ආර්ථිකයෙන් බැසිල් දීපු ආතල් ගන්න දැන් බැහැ. ඒ විතරක් නෙවෙයි ගොඩනැගුන ටියුෂන් අධ්‍යාපනය, වාහන අවශ්‍ය වීම, නිවාස ඉදිකිරීම්/අලංකරණය වැනි දේවල් අර්බුධයට යන කොට නොකා නොබී හරි ඒවා කරන්න වෙනවා. නැත්තම් ඒ අයගේ ජීවිත අර්බුධයට යනවා.

 

 

තමන්ගේ තාත්තට දෙන්න බැරි බව දැන දැන දෙන්න බැරි දේවල් ඉල්ලන ළමයි හෝ තමන්ගේ මිනිහට දෙන්න බැරි බව දැන දැන දෙන්න බැරි දේවල් ඉල්ලන ගෑනිට වෙන්නේ හැමදාම ගුටි කන්න. එතකොට ඒ "ස්වාමියාට" (ස්වාමි පුරුෂයාට) කියන්න දේවල් තියනවා. ඒ වගේම ගුරුවරුන්ට ගහපු එක සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් නිකුත් කරන නිර්දේශ මත ගුරු උද්ඝෝෂණයට පහර දීම සම්බන්ධයෙන් රාජ්‍යයට (පොලීසියට) කීමට දේවල් ඇත. ඒවා නම්: අධිකරණ නියෝග කඩ කිරීම, අයුතු ජන රාශි, මහජන පීඩා වැනි ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති උත්කෘෂ්ට පාර්ලිමේන්තුව (ජනතා පරමාධිපත්‍ය) විසින් සම්පාදනය කොට ඇති නීති ප්‍රතිපාදන අනුවය. ප්‍රජාතන්ත්‍රවාදී ලැදි නිර්මාල්ගේ ප්‍රශ්න කොට සිටීම භාතියගේ ප්‍රශ්න කොට සිටීමට වඩා ධනවාදී කතිකාවට අදාළ වන්නේ එම ස්ථානයෙනි.

භාතියගේ බිරිඳ ගුරුවරියක් වීම තුල, තම ජීවිතය අර්බුධයට යන තත්වයක් තුල, ගුරු උද්ඝෝෂණයට සහභාගී වීම ස්පාටකස් ලෙස අපි ප්‍රතික්ෂේප නොකරන්නෙමු. නමුත් අපට එය දේශපාලනිකව අදාළ කාරණයක් නොවේ. භාතිය විසින් ප්‍රශ්න කොට ඇත්තේ උද්ඝෝෂණයට පහර දුන් නිශ්චිත හේතුව දක්වන ලෙසය. ඒ ඔහු එය නොදන්නා බැවිනි. මේ වන විට එය පැහැදිලි කාරණයකි. පොලීසිය විසින් අදාළ හේතු ප්‍රකාශ කොට ඇත. ඒ අනුව දැන් පහර දුන් නිශ්චිත හේතුව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ලැදි පාර්ශවය පැත්තේය. එනම්, එම පහරදීම නීත්‍යානුකූල මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ද වන බැවිනි. දැන් ඊට පිළිතුරු දිය යුත්තේ නිල්මාල් මිස භාතිය නොවේ.

 

පසු සටහන:

හිස්ටීරිකයාගේ ප්‍රධාන ප්‍රශ්නය තමයි "දැනුම" පිළිබඳව ප්‍රශ්නය. හිස්ටීරිකයා හිතනවා දන්නවා මේ සියලු ප්‍රශ්න "ස්වාමියට" විසඳන්න පුළුවන් කියල (හොරකම් නොකරන, වංචා දූෂණ නොමැත රටක්, ජාතික සම්පත් ප්‍රයෝජනයට ගන්නා ආකාරය වැනි දේ පමණක් නොව සකල විධ ප්‍රශ්න වලට විසඳුම් දෙන විද්‍යාත්මක දැනුම). ඒ කියන්නේ දැනුම ඇති ස්වාමියෙකුට (ස්වාමි පුරුෂයෙකුට) ඒ දේවල් හරියට කරන්න පුළුවන් කියල හිතන එක. මේක උපරිමයෙන් තියෙන්නේ යුදෙව් සංස්කෘතිය තුල. ඒ කියන්නේ ලෝකය මිනිසාට සංජානනය කල හැකිය යන ස්ථාවරය. ඒ නිසා තමයි ඊශ්‍රායල රාජ්‍යය පිහිටුවීමේදී ජනාධිපති තනතුර අයින්ස්ටයින් හට භාරගන්නා ලෙස යුදෙව් ඩයස්පෝරාව කියන්නේ. එනම්, ප්‍රඥාවන්තන්ගේ දූරවලිගත සමාජයක් සඳහා වන අපේක්ෂාව (එකල ලෝකයේ මහා ප්‍රඥාවන්තයා වූයේ අයින්ස්ටයින්ය). ලංකාවේ මේ ස්ථාවරයෙන් ජනාධිපති තනතුර අපේක්ෂා කරන්නේ "දෙවියන්ට එරෙහිව සාපේක්ෂතාවාදය" ලියූ චම්පික රණවක විසිනි. අනුර කුමාරලා එම අර්ථයෙන් ඔහුට යටය.

 

@ස්පාර්ටකස් ලිපි

 

ප්කට්4පිකට්6පිකට් 2පිකට් 5පික්ට්3

(ඡයාරුප: ශාන්ත රත්නායක/Lankadeepa )

නවතම ලිපි