SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා හදිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව සති අග දේශය පත්තරයේ දේශපාලන වාර්තාකරු සඳහන් කර ඇත.

රජය වෙනුවෙන් එම කැබිනට් පත්‍රිකාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසිනි.

 

ඡන්ද ක්‍රමය හදිසියේම වෙනස් කරන්නට යන්නේ ඇයි?

 

ඉදිරි වර්ෂය මැතිවරණ වර්ධයක් ලෙස හැඳින්වුවද පවතින අර්බූධය හමුවේ තට්ටු මාරු ක්‍රමයට බලය ලබාගනිමින් සිටි සම්ප්‍රධායික පක්ෂ සම්බන්ධයෙන් බහුතර රටවැසියා සිටින්නේ කළකිරීමෙන් සහ කෝපයෙනි. මේ මොහොතේ තම ජීවිත්වීම අරභයා ඇති සෑම අවස්ථාවක්ම අහිමිකරමින් පවතින ප්‍රභූ  දේශපාලනය කෙරෙහි තවදුරටත් විශ්වාසයක් ඔවුන් සතුව නැති බව ප්‍රභූ දේශපාලනයේ නියැලෙන්නන් මනාව අවබෝධ කරගෙන සිටිති. ඒ නිසා මීළඟ බලහුවමාරුව  සම්බන්ධයෙන් ඔවුන් තුළ ඇත්තේ වෙනදාට වඩා වෙනස්වූ බියකි.

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ සුළුතර පක්ෂවලට තිබූ අවස්ථාව මෙමගින් ගිලිහේද?

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීන් 225 දෙනාගෙන් 160ක් ඍජු ලෙසට ජනතාව විසින් ඡන්ද කොට්ඨාස මට්ටමින් තෝරාගත යුතුය. ඉතිරි සංඛ්‍යාව වන මන්ත්‍රීන් 65 දෙනා ජාතික හෝ පළාත් මට්ටමින් සමානුපාතික ක්‍රමයට තෝරා ගැනීම පිණිස විධිවිධාන සැලැස්විය යුතු බව සඳහන්ය. ඒ සඳහා නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට රජය අපේක්ෂා කරන බැවින් ඊට අනුමැතිය ලබාදෙන ලෙස අධිකරණ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යොමුකළ කැබිනට් පත්‍රිකාවෙහි සඳහන්ය.

 

දැනට පවත්නා ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225ක් වන අතර ඉන් 196 දෙනෙක් සමානුපාතික ක්‍රමයට දිස්ත්‍රික් මට්ටමින් තෝරා ගැනෙති. සෙසු මන්ත්‍රීන් 29 දෙනා ඒ ඒ පක්ෂ ලබන ඡන්දවල අනුපාතය අනුව අදාළ පක්ෂවලින් තෝරා ගනු ලබති. කෙසේ වෙතත් නව ව්‍යවස්ථා සංශෝධනය සිදුකළහොත් මැතිවරණ සීමා නීර්ණය කොමිසමක් මගින් මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණයක් සිදුකොට ඊට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත යුතුය.

 

@පුවත - Deshaya

නවතම ලිපි