SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපතිවරයාගේ සමීපතමයා වන සාගල රත්නායක තම ගජමිතුරු ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා දෙමින් සිටින බව

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානයක අද (05) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

 

ඔහු මේ බව අනාවරණය කළේ ශ්‍රී ලංකා විදුලි වාහන එකලස් කිරීමෙ හා දිරිගැන්වීමේ මුවාවෙන් ජාවාරම්කාර සමාගමකට වංචනික ලෙස බදු සහන ලබා දීමේ තීරණයක් හේතුවෙන් රාජ්‍ය බදු ආදායම් අහිමි වීම ගැන ව්‍යාපාරික ප‍්‍රජාව අතර ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්වය පිළිබඳව 27/2 යටතේ නගනු ලබන ප්‍රශ්නයක් විසමසමිනි.

 

එම සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ,

“ශ්‍රී ලංකා විදුලි වාහන එකලස් කිරීමෙ හා දිරිගැන්වීමේ මුවාවෙන් ජාවාරම්කාර සමාගමකට වංචනික ලෙස බදු සහන ලබා දීමේ තීරණයක් හේතුවෙන් රාජ්‍ය බදු ආදායම් අහිමි වීම ගැන ව්‍යාපාරික ප‍්‍රජාව අතර ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

මේක රාජ්‍ය ආදායම් අහිමිවීම පිළිබඳ ප‍්‍රශ්නයක් විතරක් නොවෙයි, අපේ රටේ මේ වන විටත් වාහන ආනයනකරුවන්ගේ ව්‍යාපාරවලටත් විශාල බලපෑමක් ඇතිකරනු ලබන තීන්දුවක්. සාම්ප‍්‍රදායික පෙට්රල් හා ඩීසල් අභ්‍යන්තර දහන එන්ජින් සහිත වාහනවලින් ඉවත් වී පරිසර හිතකාමී විදුලි හා දෙමුහුන් වාහන වෙතට මාරු විය යුතු බවට ලෝක පරිමාණයෙන් ප‍්‍රවණතාවක් තිබෙන බවටද අප රටක් ලෙස ඊට අනුගත විය බවද විවාදයක් නැහැ. අපි කවුරුත් දන්නවා පරිසර හානිවලින් අඩු වාහනවලට අපි එකඟයි. එහෙත් අනෙකුත් බොහෝ අවස්ථාවලදී මෙන්ම මෙවැනි සුවිශේෂී තත්වයක් පවා පටු ජාවාරම්කාරී වුවමනාකම් වෙනුවෙන් පාවිච්චි කිරීමේ කණගාටුදායක උත්සාහයක් පිළිබඳව මම මේ හෙළිදරව් කිරීමට උත්සාහ දරන්නේ.

2023.09.08 දාතමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවක් අලූත් විදුලි වාහන හා දෙමුහුන් වාහන එකලස් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට අදාළ ‘එකතු කරන ලද වාහන කට්ටල’ (ීණෘ ණසඑි* ආනයනයේදී ශුන්‍ය තීරු බදු ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තීරණය කර තිබෙනවා. මා මේ ප‍්‍රශ්නය ජනාධිපතිවරයා ලෙෂ සඳහන් කරන්නේ ඔහු විෂය භාර අමාත්‍යවරයා. පවතින හා නව සමාගම් මේ සඳහා සුදුසුකම් ලැබීමට නම් 2023 සැප්තැම්බර් 01වැනි දින සිට වසර දෙකක සහන කාලය තුළ ඩොලර් මිලියන 50කට අවම ආයෝජනයක් රට තුළ සිදු කළ යුතු බවට කොන්දේසියක්ද ඉන් පැනවුණා.

මා ළඟ තිබෙනවා එම කැබිනට් පත‍්‍රිකාව. මුදල් අමාත්‍යවරයා ලෙෂ ජනාධිපතිවරයා අත්සන් කොට ඉදිරිපත් කර තිබෙන කැබිනට් පති‍්‍රකාවක්. ඒ කැබිනට් පති‍්‍රකාවේ පැහැදිලිව තිබෙනවා, තවද විදුලි වාහන එකලස් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක අවම ආයෝජන සීමාව සපුරා ඇත්නම්, ජාත්‍යන්තර නිෂ්පාදකයින්ට ශ්‍රී ලංකාවේ වෙළඳපොළ ගවේෂණය කිරීම සඳහා උත්පේරකයක් ලෙස මේ ප‍්‍රතිපත්තිය සාකච්ඡා කළ හැකිය, කියා. ඒක තමයි කැබිනට් පත්‍රිකාවේ තිබෙන්නේ.

කෙසේ වුවද ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද තවත් කැබිනට් පත‍්‍රිකාවක් මගින්, පෙරදී විශාල ආන්දෝලනයට තුඩු දී තිබෙන ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාව. ජනප්‍රිය ලෙස කිව්වොත් පෙරදී සෙනොක් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප‍්‍රයිවෙට් ලිමිටඩ් ලෙස හැඳින්වූවා වූද දැන් වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප‍්‍රයිවෙට් ලිමිටඩ් ලෙස හඳුන්වන්නා වූද සමාගමට මෙම ශුන්‍ය බදු ප‍්‍රතිපත්තිය අනුගමනය කිරීමට අවසර ඉල්ලා තිබෙනවා. මේ තිබෙන්නේ එතුමා දාපු කැබිනට් පත්‍රිකාව. මුදල් අමාත්‍යවරයා. පළමුව කැබිනට් පත්‍රිකාවක් දාලා ඩොලර් මිලියන 50කට වඩා වැඩි ආයෝජනයක් කර තිබෙනවා නම්, ඔවුන්ට තීරු බදු ශූන්‍ය අවස්තාවක් ලබාදිය යුතු යැයි කැබිනට් පත්‍රිකාවෙ යෝජනා කර තිබෙනවා. ඒ විතතරක් නොවෙයි ඒ සමාගමට අදාළ කැබිනට් පත්‍රිකාවක වෙනම සම්මත කළ යුතු යැයි යෝජනා කරනවා. දෙවනුව ජනාධිපතිවරයා මේ කැබිනට් පත්‍රිකාවේ මූලික ප‍්‍රතිපත්තිය හදලා දෙවන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනවා, මා කලින් කියන ලද සමාගමට ශූන්‍ය බදු ප‍්‍රතිපත්තිය අනුගමනය කිරීමට ඉඩ දෙන්න කියලා. ඒ අනුව මෙම සමාගමට වසර අටක හැබැයි මේ සමාගම ආයෝජන මණ්ඩලයත් එක්ක ගිවිසුමක් අත්සන් කොට තිබෙනවා. මේ පළමුවැනි එක නොවෙයි. විශේෂයෙන්ම ඔටෝ මොබයිල් ඇසැම්බ්ලි ප‍්‍රයිවට් ලිමිටඩ් ලෙස හඳුන්වන සමාගමට මේ ශූන්‍ය බදු ප‍්‍රතිපත්තිය අනුගමනය කිරීමට අවසර ඉල්ලා තිබෙනවා. මෙම සමාගම 2015.08.13 වැනි දින ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමක් අත්සන් කර තිබුණේ කුලියාපිටිය ප‍්‍රදේශයේ ෆොක්ස්වැගන් වාහන එකලස් කිරීමේ කර්මාන්තයක් පවත්වා ගැනීම වෙනුවෙනුයි. ඒ අනුව මෙම සමාගමට වසර 08ක බදු සහනයක් ලබා දී තිබූ අතර ඉන්පසුව 15%ක බදු අනුපාතයක් හෝ පවත්නා ආදායම් බදු අනුපාතය යන දෙකෙන් අඩු අනුපාතයකට බදු සහන ලැබීමට හිමිකම් ලබා දී තිබුණා. මේ කර්මාන්ත ශාලාව ආරම්භ කරන කොට ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් කියලා අවුරුදු 08ක්ම මුළුමනින්ම බදුවලින් ඉවත් කරන්නත්, තව අවුරුදු හයක් සහන බදු කාලයකුත් ලබාදී තිබුණා. දැන් තමුන්නාන්සේලාගේ කැබිනට් මණ්ඩලයට නැවතත් කැබිනට් පත්‍රිකාවක් එනවා එම සමාගමට නැවත බදු සහනයක් ලබාදෙන්න කියලා. ඒ අනුව,

එම සමාගමට 2017.01.02 වැනි දින ‘එකතු කරන ලද වාහන කට්ටල’ ආනයනය කර විදුලි වාහන එකලස් කිරීමටත් 2017.11.17 වැනි දින කැබිනට් තීරණයක් මගින් සීසී 3000 දක්වා පෙට‍්‍රල් හා ඩීසල් දෙමුහුන් වාහන එකලස් කිරීමටත් අවසර ලබා දී තිබුණා. ඒ, ආනයනය කරනු ලබන ‘එකතු කරන ලද වාහන කට්ටල’ මත සියලු බදු 30%ක අයකිරීමක් යටතේයි. මේ කැබිනට් පති‍්‍රකාව අනුමත කර තිබෙනවා. ආයෝජන මණ්ඩලයත් සමග ගිවිසුමක් අත්සන කර තිබෙනවා. දැන් නැවත ඒකටද ශූන්‍ය බදු අනුපාතයක් සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

නමුත් නව කැබිනට් පත‍්‍රිකාව මගින් ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යවරයා මෙම සමාගමේ විදුලි වාහන හා දෙමුහුන් වාහන එකලස් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට අදාළ ‘එකතු කරන ලද වාහන කට්ටල’ ආනයනයේදී 30%ක බදු අයකිරීම වෙනුවට බදු ශුන්‍ය කිරීමට යෝජනා කර තිබෙනවා. මම දැනගැනීමට කැමතියි මේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමතිවරුන්ගෙන් ආයෝජන මණ්ඩලයත් එක්ක ගිවිසුමක අත්සන් කරලා, අවුරුදු අටක බදු සහනයක් ලබාදීලා, තව අවුරුදු හයක සහන බදු කාලයක් ලබාදී, ඊට අමතරව එන්ජින් ධාරිතාව සීසී 300 වන ධාරිතාවෙන් යුතු වාහනයකට 30%ක බදු අනුපාතයක් ලබාදී තිබියදී, මේ කැබිනට් අනුමැතිය වෙනස් කරන්නේ ඇයි? මේ ආයෝජන මණ්ඩලයේ ගිවිසුම වෙනස් කරන්නේ ඇයි? මම දැනගැනීමට කැමතියි. පූර්ව කැබිනට් පත්‍රිකාව ගෙනාවේ මේකට. වෙන කාටවත් දෙන්න නොවෙයි. සාගලගේ යාළුවන්ට දෙන්න. කැබිනට් පත්‍රිකා වෙනස් කරනවා. ගිවිසුම වෙනස් කර, අලුත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා ශූන්‍ය බදු අනුපාතයකට යන්න කියා.

මෙම සමාගම 2015 සිට මේ වන තෙක් ආයෝජනය කර ඇත්තේ (සමාගමේ විගණකවරුන් ප‍්‍රකාශ කරන පරිදි) රු. බිලියන 08ක් (ඩො.මි. 24.7ක්) බව ප‍්‍රකාශ වනවා. ඒ අනුව ශුන්‍ය බදු අනුපාතයකට හිමිකම් කීම සඳහා ඩො.මි. 50ක ආයෝජනයක් මෙරට තුළ සිදු කළ යුතු බවට කැබිනට් මණ්ඩලය විසින්ම පැනවූ කොන්දේසිය පවා නොසලකා හැර තිබෙනවා. ඩොලර් මිලියන 50ක් ආයෝජනය කර නැහැ. මේ සමහර ඒවා ඉඩමෙ වටිනාකම. සමහර ඒවා ලංකාවේ බැංකුවලින් ගන්නා ලද මුදල්, මේ ආයෝජනය කර තිබෙන්නේ. පූර්ව කැබිනට් පත්‍රිකාව කියන්නේ මොකක්ද? ඩොලර් මිලියන 50ක අයෝජනයක් කැඳවන්න ඕන කියා. දැනට තිබෙන ආයෝජනය ගණනය කළත් ඩොලර් මිලියන 50ක නැහැ.

වාහන සහ ‘එකතු කරන ලද වාහන කට්ටල’ ආනයනයේදී රජයට ලැබිය යුතු අති විශාල බදු මුදල් අහිමි කර ගනිමින් සිටින බවටද ගජමිතුරු සමාගම්වලට විශේෂ වරප‍්‍රසාද ලබා දෙමින් සිටින බවද ආණ්ඩුවට බරපතළ චෝදනාවක් එල්ල වන්නේ මේ තත්වය තුළයි. මම මීට කලින් මෙය පෙන්වා දී තිබෙනවා. ප්‍රීමා ආයතනයට, සෙරන්ඩිබ් ආයතනයට අතිරේක ලාභ ලබාගැනීම සඳහා අවස්ථාව ලබාදුන්නේ කොහොමද? කියන එක. ආණ්ඩු පක්ෂයේ රැස්වීමෙදි, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඒ ප‍්‍රශ්නය ඇසුවා. පාරිභෝගිකයන්ට රුපියල් 165ට පිටි ලබාදෙන්න හැකියාව තිබියදී, රුපියල් 210ට ලබාදුන්නේ ඇයි? සමාගම් දෙකකට ලාභ ලබාගන්න. සාගලගේ යාළුවෝ. සිංගප්පූරුවට යන්න කලින් කරන ලද එකඟතාවයන් මේවා. පොසපේට් යවන්න ට්රේඩින් බලපත‍්‍ර දුන්නේ කොහොමද කියලා හෙට මම කියන්නම්.

මේ තත්වය තුළ පැන නගින පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

මේ ආර්ථියකය කඩා වැටී තිබෙන වෙලාවක, රටේ විශාල ප‍්‍රශ්නයක් මතුවී තිබෙන වෙලාවක, රජයට ලැබෙන හැම සතයක්ම වටිනවා. රටට ලැබෙන සෑම ඩොලරයක්ම වටිනවා. නමුත් සිදුකරමින් තිබෙන්නේ මොකකද? තමන් සමග ගජ මිතුරු සේවනයේ යෙදෙන කණ්ඩායම් තෝර තෝර විවිධ බදු සහන දෙනවා. භාණ්ඩාගාරයට එන්න තිබෙන ධනය සමාගම්වලට හරවනවා. ප්‍රීමා එකට, සෙරන්ඩිබ් එකට, පොල්තෙල් එකට, සීනි මෑන්ටත් කළා. තමුන්නාන්සේලා කළෙත් ඒක. දැනුත් කරන්නේ ඒක. ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකා දෙකම මා ළඟ තිබෙනවා.

මේ ප‍්‍රශ්න දෙක පිළිබඳවත් මම පිළිතුරු අපේක්ෂා කරනවා.

මේ පිළිබඳ කර්මාන්ත අමාත්‍යාංශය දාපු නිරීක්ෂණත් ඉදිරිපත් කරන්න කියා මම ඉල්ලා සිටිනවා. මූලික කැබිනට් පත්‍රිකාව පිළිබඳව කර්මාන්ත අමාත්‍යාංශය නිරීක්ෂණ ඉදිරිපත් කළා. කර්මාන්ත අමාත්‍යාංශය පළමු කැබිනට් පත්‍රිකාව පිළිබඳව දරන ස්ථාවරය මොකක්ද කියා දැනගැනීමට අවශ්‍යයි. ඒකේ කෙටුම්පත් නිරීක්ෂණ මා ළඟ තිබෙනවා. මෙ ප‍්‍රශ්න පිළිබඳව සභාවෙ අවධානය යොමු කරනවා.

    • විදුලි වාහන හා දෙමුහුන් වාහන එකලස් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට අදාළ ‘එකතු කරන ලද වාහන කට්ටල’ (SKD Kits) ආනයනයේදී ශුන්‍ය තීරු බදු ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තීරණය කර තිබේද?
    • වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප‍්‍රයිවෙට් ලිමිටඞ් සමාගම විසින් එම සමාගමට ශුන්‍ය බදු ප‍්‍රතිපත්තිය අනුගමනය කරන ලෙස ඉල්ලා තිබේද?
    • වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප‍්‍රයිවෙට් ලිමිටඞ් සමාගමට ‘එකතු කරන ලද වාහන කට්ටල’ (SKD Kits) ආනයනය කිරීමේදී ශුන්‍ය තීරු බදු ගෙවීමේ සහනය ප‍්‍රදානය කරනු ලැබ තිබේද?

 

හතර වෙනුව ආයෝජන මණ්ඩලය සමග මීට පෙර ගිවිසුමක් අත්සන් කර තිබියදී, කැබිනට් මණ්ඩලය යම් බදු ප‍්‍රතිපත්තියක් මේකට තීරණය කර තිබියදී, ඒ ගිවිසුම පැතතකින් තබා, ලබාදී තිබූ 30% බද්දත් අයින් කර, නැවත ශූන්‍ය බදු ප‍්‍රතිපත්තියක් මෙම සමාගමට ලබාදීමට විශේෂ වූ කරුණු කවරේද? කියා මෙම සභාවට කරුණු ඉදිරිපත් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

 

@lankatruth