SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය සැපයීම සඳහා කොන්දේසි 100ක් පනවා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට කොන්දේසි 100ක් මූල්‍ය අරමුදල විසින් පනවා ඇති බව හෙළිදරව් වුණේ පළමු වරටයි. බී.බී.සී. ආයතනය (බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළ කළ වාර්තාවක සඳහන් වන්නේ මෙම කොන්දේසි 100න් කොන්දේසි 62ක් තවමත් සපුරා නැති බවයි.

එහෙත් කොන්දේසි 38ක් සම්පූර්ණ කර තිබෙන බව බී.බී.සිය සඳහන් කරන්නේ මෙරට ප්‍රකට ආර්ථික පර්ෙය්ෂණ ආයතනයක් වන 'වෙරිටේ රිසර්ච්' හි සමීක්ෂණ වාර්තාවක් උපුටා දක්වමිනි.

 

එම වාර්තාවේ සඳහන් වන ආකාරයට යට කී කොන්දේසි 100න් අර්ධ වශයෙන් ඉටුකර ඇති කොන්දේසි ගණන 43 කි. කිසිසේත්ම ඉටුකර නොමැති කොන්දේසි ගණන 8 කි. රජය විසින් ඉටුකර තිබේද නැද්ද යන්න නොදන්නා (රහසිගත) කොන්දේසි 11 ද වන බව එම වාර්තාව වැඩිදුරටත් කියයි. ඉතිරි කොන්දේසි 38 රජය විසින් දැනටමත් ඉටුකර තිබේ.

 

රජය විසින් ඉටුකර නොමැති ප්‍රධාන කොන්දේසි වන්නේ 2023 මාර්තු මාසය වනවිට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.1% ක් හෙවත් රුපියල් බිලියන 650ක් දක්වා ඉහළ නැංවීම, මූල්‍ය විනිවිදභාවය සඳහා මාර්ගගත වේදිකාවක් ඉදිකිරීම, තෝරාගත් බැංකුවල ගුණාත්මක සමාලෝචනය සම්පූර්ණ කිරීම, 2023 ජූනි මාසය වනවිට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.3ක් හෙවත් රුපියල් බිලියන 1300ක් ලෙස පවත්වාගෙන යාම, ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52 ම 2022 වසරට අදාළ වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත්කර ඇති බව සහතික කර ගැනීම, මෙම වැඩසටහන් කාලය තුළ ආනයන සීමාවන් ඉවත් කිරීමට සැලසුමක් පිළියෙළ කිරීම සහ 2024 සඳහා වන ආදායම් විධිවිධාන සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීම යන කොන්දේසිය.

ඒ අතර බී.බී.සිය වෙත මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති පේරාදෙණිය සරසවියේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පෙන්වා දී ඇත්තේ මෙම වසරේ ගතවූ මාස 6 දී රාජ්‍ය ආදායම වැඩිකර වියදම් අඩු කරගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට දන්වා තිබුණද ගතවූ මාස 6ක කාලයේ රාජ්‍ය ආදායම 43% කින් ඉහළ යන විට රජයේ වර්තන වියදම 48% කින් ඉහළ ගොස් ඇති බවයි. මෙම තත්ත්වය යටතේ පවත්නා ආර්ථික අර්බුදයට විසඳුම් ලැබී නොමැති බවද මහාචාර්යවරයා බී.බී.සියට පවසා ඇත.

 

@ Deshaya දේශපාලන වාර්තාකරු

නවතම ලිපි